ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Saturday, April 14, 2018

සිංහල අලුත් අවුරුද්දේ “නිල පානය” අරක්කුද?

නූතන ව්‍යවහාරයට අනුව කිවහොත් සිංහල අලූත් අවුරුද්දේ ‘‘නිල ආහාරය’’ කිරිබත ය. එහෙත් නිල පානයක් පිළිබඳව කිසි තැනක සඳහන්ව නැත. නමුදු ඇත්ත ඇති සැටියෙන් කතා කළහොත් සිංහල අලූත් අවුරුද්දේ ජාතික මට්ටමේ ව්‍යවහාරික නිල පානය තේ, කෝපි, බෙලි මල්, ඉරමුසු හෝ රණවරා නොවේ. එය වූ කලී ඒකාන්ත වශයෙන් අරක්කුම ය.
මෙය සිංහල අලුත් අවුරුද්දේ “ගුණ රුව” අතිශයෝක්තියෙන් වර්ණනා කෙරෙන සමයකි. නමුදු එතුළ ගැබ්වී ඇති දුර්දාන්ත ලක්ෂණ පිළිබඳව නිසි සමාජ කතිකාවක් හට ගෙන නැත. එහෙත් ඒ පිළිබඳව විවෘත සමාජ කතිකාවක් අත්‍යවශ්‍ය වී තිබේ. ඒ සිංහල අලුත් අවුරුද්දේ පරමාදර්ශයක් වන සදාචාර වර්ධනය නූතනයේ නිසි පරිදි ස්ථාපිත වී නොමැති බැවිනි.
සිංහල අලූත් අවුරුද්ද පිළිබඳ මෙම සදාචාර පරිහානිය ක‍්‍රමයෙන් වර්ධනය වූවකි. නමුත් මගේ නිරීක්ෂණ අනුව එය වේගවත් අයුරින් වර්ධනය වීමට පටන් ගන්නට ඇත්තේ අප රටේ පාලනය ඉංග‍්‍රීසීන් හට අයත් වූ දහ නව වන සියවසේ සිට ය. ප‍්‍රසිද්ධියේ නොකළ යුතු බවට යම් සමාජ සම්මතයක්ව පැවැති සුරාපානයට සහ ගව මාංශ අනුභවයට ඉංග‍්‍රීසි යුගයේ යම් සමාජමය වටිනාකමක් ලැබුණු අතර අන්ධානුකරණයෙන් ඔවුන්ගේ එම සංස්කෘතියට නතු වූ සිංහල බෞද්ධයෝ ද ගව මස් කෑම සහ සුරාව නවපන්නයක් සහ විලාසිතාවක් වශයෙන් සලකන්නට පටන් ගත්හ.

මොන්ටිසෝරි දරුවන්ට සමලිංගිකත්වය උගන්වයි..

මීට වසර 2 කට පමණ පෙර පිහිටවූ “සමාන බව සිතන්න” (Think Equal) නම් වූ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක්‌ 2017 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ වැඩ පටන්ගනු ලැබීය. එම සංවිධානයට සමගාමීව සම බිම (Equal Ground) නමින් තවත් එවැනිම කණ්‌ඩායමක්‌ ලංකාවේ වැඩ ආරම්භ කොට ඇත. පළමු සංවිධානයේ පිටතින් පෙන්වන අරමුණ දරුවන් අතර මෛත්‍රිය කරුණාව සහ සමානාත්මතාවය ඉගැන්වීම මගින් අසමානකම් සහිත මිනිසුන්ට සමානව සැලකීමට දරුවන් පුහුණු කිරීම ය. අභ්‍යන්තරිකව ගැබ්වෙන අරමුණ ලිංගික හැසිරීම් මත පුද්ගලයන්ට වෙනස්‌ ආකාරයකට සැලකීම වැළැක්‌වීමය. කෙසේ වෙතත් ඔවුන් ඒ සියල්ල කරන්නේ එල්.ජී.බී.ටී (LGBT) නමින් හඳුන්වන වෙනස්‌ ලිංගික හැසිරීම් සහිත කණ්‌ඩායම් වෙනුවෙන් බව සඟවන්නේ නැත. දෙවැනි සංවිධානය සෘජුව එම සමාජ කණ්‌ඩායම් වල අයිතිය වෙනුවෙන් පෙනී සිටින අතර ඊට අදාළ විවිධ ක්‍රියාකාරකම්වල යෙදී සිටියි. ඔවුහු අති උතුම් මැල්කම් රංජිත් පියතුමා විසින් සමරිසියන් හෙවත් සමලිංගිකත්වය පිළිබඳව කරන ලද ප්‍රකාශයකට පිළිතුරු ලෙස තර්ජනාත්මක ස්‌වරයෙන් ලිපියක්‌ උන්වහන්සේ වෙත යෑවීමට පවා දිරිමත් වූහ. (2015.01.25 දිනැති එම ලිපියේ පිටපතක්‌ අප සතුව ඇත. )
එල්.ජී.බී.ටී යන කෙටි නාමයෙන් හැඳින්වෙන පුද්ගල සමූහයන්ට ස්‌ත්‍රී, පුරුෂ සමලිංගිකයන්, ද්විත්ව ලිංගික හැසිරීම් හෙවත් සම සහ අසමාන යන දෙයාකාරයටම හැසිරෙන පිරිස්‌ හා ලිංග බේදය වෙනස්‌ කළ පුද්ගලයන් යන ප්‍රභේද හතරම අයත් වේ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉතා අතිශයෝක්‌තියෙන් හුවා දක්‌වන ආකාරයට යම් සමාජයක එම සමූහයට අයත් පුද්ගලයන් 10% පමණ ජීවත් වේ. නමුත් ඇමරිකාවේ කරන ලද සමීක්‌ෂණ අනුව එම ප්‍රතිශතය 3% වේ.

උතුරේ සිංහලයන්ට අවුරුදු කන්න දෙනු…

ඊයේ සහ පෙරේදා දින දෙකේ උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු කිහිප දෙනෙක් උතුරේ සිංහල ගම්මාන කිහිපයකට සහ බෞද්ධ වෙහෙර විහාර කිහිපයකට පැමිණියහ.
උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම්, එම්.කේ.සිවාජිලංගම්, පී.සත්‍යලිංගම්, ටී.රවීකරන්, ජී.ටී.ලිංගනාදන් ඇතුළු පිරිසක් මේ සදහා සහභාගී වූහ. ඔවුන් මෙසේ පැමිණියේ උතුරේ සිංහලයන්ට අවුරුදු සැමරීමට අග හිඟ කමක් තිබේදැයි සොයා බලා උදවු උපකාරයක් කිරීමට නොවේ; බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ ආවාස ගෙයි අඩුපාඩු සොයා බලා ඒවා සැපිරීමට ද නොවේ.
උතුරු පළාතේ සිංහලයන් පදිංචි වී සිටීම පිලිබඳ සති කිහිපයක සිට එක්වරම දෙමළ ජාතිවාදී උගතුන් කිහිප දෙනකු සහ රාජ්‍ය නොවන සංවිධාන කප්පිතන් කිහිප දෙනකු හඬ නැගී ය. දෙමළ ජාතිවාදී දේශපාලඥයන් (නො) නෑ ගම් පැමිණ ඇත්තේ ඊට පසුවයි. උතුරේ සිංහලයන් පදිංචි වූයේ අන්තිම සති කිහිපයේ නොවේ. සිංහල නමින් ජාතියක් බිහි වූ දා සිට ඔවුහු එහි පදිංචි ව සිටියහ (“දෙමළ ජනතාවගේ සංක්‍ෂිප්ත ඉතිහාසය” නමින් මා විසින් ලියන ලදුව විසිදුනු ප්‍රකාශකයන් අතින් 2009 මැයි මාසයේ පළවූ කෘතියේ ද තවත් පොත් පත්, ලිපි ලේඛන ගණනාවක ද මේ ගැන විස්තර සදහන්ය). එසේනම් මේ හදිසියේ දෙමළ ජාතිවාදීන් කලබල වී ඇත්තේ ඇයි? මේ සදහා ආසන්නම හේතු කාරණාව උතුරු පළාතේ ප්‍රාදේශීය සභා සදහා පැවති ජන්දයේ ප්‍රතිඵල සහ එම සභා පිහිටුවීමේ දී උද්ගත වූ තත්වයයි. මුළු රටේම ජන්ද ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින්නේ කවුද යන්න කිසිවකුට අමුතුවෙන් කිව යුතු යුතු නොවේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.