ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Wednesday, March 28, 2018

කුඩු දුමින්ද නැවත කරළියට....!!!

දුමින්දගේ මරණ දඬුවමට එරෙහි පෙත්සම - ගැටුම සිදුවූ මොහොතේ දුමින්ද අතේ ගිනි අවියක්‌ තිබී නැහැ.....
 බිම ඇදවැටීමට පෙර ඔහු කිසිවකුට වෙඩි තැබූ බවට සාක්‍ෂිත් නැහැ...


 දුමින්ද නඩුවට පැටලවීම රහස්‌ පොලිසියේ අරමුණ වී තිබුණා - ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

 දෙපාර්ශ්වය අතර ගැටුම සිදුවන අවස්‌ථාවේ දුමින්ද සිල්වා අතේ ගිනි අවියක්‌ තිබිලා නැහැ. වෙඩි වැදී සිහිසුන්ව බිම ඇදවැටීමට පෙර ඔහු කිසිවකුට වෙඩි තැබූ බවට නඩු විභාගයේදී සාක්‍ෂියක්‌ ඉදිරිපත් වුණෙත් නැහැ. කෙසේ හෝ ඔහු මෙම නඩුවට පැටලවීම රහස්‌ පොලිසියේ අරමුණ වූ බව පරීක්‍ෂණ පැවැත්වූ ආකාරයෙන් ඉතා පැහැදිලිව පෙනී යනවා යයි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා  ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්‌වමින් කියා සිටියේය.

මුල් ළමාවිය සංවර්ධනය කිරීමේ මුවාවෙන් දරුවන් සමලිංගික සේවනයට යොමු කිරීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කරලා


මෙහි අරමුණ අපගේ සංස්‌කෘතිය හා ජාතිකත්වය විනාශ කිරීමයි  - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි...!!!
  "සමසේ සිතීම" යන තේමාව යටතේ මුල් ළමාවිය සංවර්ධනය කිරීමේ මුවාවෙන් වයස අවුරුදු 3 සිට 7 දක්‌වා වූ වයසේ ළමුන් සමලිංගික සේවනයට යොමු කිරීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පැවැසූහ. උන් වහන්සේ ඒ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (27 දා) "මහජන රාජ්‍ය සභාව" නාවල රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්‌ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ මෙසේද පැවැසූහ.

 මේ රට තුළ ක්‍රියාත්මක ළදරු පාසල් 19,000 ක්‌ සහ තවත් පූර්ව ළමා විය සංවර්ධනය කරන පාසල් 9000 ක්‌ පමණ පදනම් කරගෙන අඳුරු අදහසක්‌ ව්‍යාප්ත කරමින් සිටිනවා. මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට නියාමන ව්‍යාපෘතියක්‌ ලෙස කරනවා. මෙහි අරමුණ වයස අවුරුදු 3 ත් 7 ත් අතර වයසේ ළමුන් සඳහා සමලිංගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තමයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩංගොඩ මහතා (27 වැනිදා) අභාවප්‍රාප්ත විය.
  කලක්‌ රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 66 හැවිරිදි වියෙහි පසුවිය. කෘතහස්‌ත ලේඛකයකු හා කවියකු ලෙස පාඨක ආදරය දිනාගත් දොඩංගොඩ මහතා 'දිවයින ඉරිදා සංග්‍රහයේ'  විශේෂාංග කතුවරයකු ලෙස දිගු කලක්‌ සේවය කළේය.

  දශක තුනකට අධික සිය මාධ්‍ය දිවියේ ලේඛකයකු ලෙස විසල් මෙහෙවරක්‌ කළ චන්ද්‍රසිරි දොඩංගොඩයන් අතින් ලියෑවුණු මගේ සඳ ඔබයි, සඳ කළුවර, ආත්මා, ලෝචනා, කඳුළු දොරකඩ, විසිරුණු මල් පෙති, පිටුවහල් කළ මිනිසා, ඇත්කඳ ලිහිණි, දැල බිඳුම සහ භෂ්මාවශේෂ යන නවකතා පාඨකයන් අතර මහත් ප්‍රචලිත විය.

රාජපක්ෂලාගේ කුප්‍රකට ජ්‍යොතිෂය කාරයෝ කුමන්ත්‍රණයක

සමාන්‍යයෙන් ඉරිදා දිනවලදි සඳ බැලීම සඳහා නැකැත් ලබා නොදීම සම්ප්‍රදාය වේ. මේ හේතුව නිසාම සතුරු කරදර, රජයට එරෙහිව ඇති වන කුමන්ත්‍රණ, පවුල් අතර ඇති වන කුමන්ත්‍රණ ආදි විශාල ප්‍රමාණයක් ඇති වෙනවා.
 2018 සිංහල හා හින්දු අවුරුද්ද වෙනුවෙන් අවුරුදු නැකැත් කමිටුව විසින් සකස් කර ඇති නැකැත් වල බරපතළ අවුලක් තිබේන බවත් අදාළ සියළුම නැකත් දෝෂ සහගත වන අතරම ඒවා කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. මුළු නැතැක් මණ්ඩලයේම සාමාජිකයින් මේවන විට මහින්ද රාජපක්ෂ සිය ග්‍රහණයට නතු කර ගෙන ඇති අතරම මෙම වැරදි නැකැත් හැදීම සඳහා එක් අයෙකුට ලක්ෂ 25 ක මුදල් ත්‍යාග ද ලබා දී ඇති බවයි අනාවරණය වි ඇති අතර ඊට හොදම උදාහරණය වන්නේ පසුගිය කාලසිමාව තුල බත්තරමුල්ලේ මහින්දගේ කාර්‍යාලයේ වෙනම කාමර දෙකක් කුප්‍රකට ජ්‍යොතිෂය කාරයන්ට ලබාදි තිබිමයි. ඔහුන් විසින් පසුගිය කාලසිමාව තුල බත්තරමුල්ලේ සිට ව්‍යාජ ජ්‍යොතිෂ පුවත් පත් රැසක්ද පවත්වාගෙන ගිය අතර ඒ හරහා ආණ්ඩුව සහ රට සම්බන්ධයෙන් වැරදි ජ්‍යොතිෂය මත පැතීර විමටද කටයුතු කර තිබේ.

සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම බාරගෙන ඉදිරි නඩු කටයුතු සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණයට නියෝග කරයි…!

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් විභාග කරනු ලබන නඩුවක් සාධාරණව සහ අපක්ෂාතීව විභාග නොකරන හෙයින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ විධිවිධාන යටතේ වෙනත් මහාධිකරණයකට නඩුව මාරුකර ගැනීම සදහා පෙත්සමක් 2018.03.05 දින අභියාචනාධිකරණයට ගොනුකර තිබුණි. එකී පෙත්සමේ කරුණු අභියාචනාධිකරණයේ දී 2018.03.08 දින කරුණු තහවුරු කිරීමට සූදානම් වූ අවස්ථාවේ සිංහල භාෂාවෙන් එකී පෙත්සම ඉදිරිපත් කර තිබූ හෙයින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවන ප්‍රීති පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න විනිසුරුවරු ඒ සදහා අවසර නොදී නඩුව 2018 ජූලි මාසයට කල් දමා ඇත.
සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර තිබූ හෙයින් පෙත්සමේ කරුණු තහවුරු කිරීමට අවස්ථාව නොලැබීම සම්බන්ධව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන  මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් 2018.03.12 දින සළකා බැලූ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාර සහ ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු විසින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් විභාග කරනු ලබන එකී නඩුව 2018.03.26 දින දක්වා අත්හිටුවන ලදී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.