ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Friday, March 9, 2018

මුස්ලිමුන් කොයිබටද ?

යලිත් වරක් ජාතීන් අතර සාමය ගිනි අවුලුවමින් ප්‍රචන්ඩත්වය හිස ඔසවා ඇත. අවි හැරවිය  යුත්තේ ගෙන්දගම් පොලොවේ ජීවිත ගැටගසා ගැනීමට වෙර දරන තවත් ජන කොටසක් දෙසට නොව අස්ථාවාදී දේශපාලකයන්  දෙසටය.ලිපිය ලියයන විටත් පොලීසිය විසින් Face book , whatsapp, messenger, blogs   මොනිටර් කිරීම අරඹා ඇත . ඒනමුත් සත්‍ය කිමට කුමට බිය විය යුතුද ....!!!


රනිල් වික්‍රමසිංහ

2001-2004 කාලයේ පැවතියේ එ.ජා.ප ආන්ඩුවකි. රටේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ වූ අතර රටේ ජනාධිපති ධූරය  චන්ද්‍රිකා බන්ඩාරනායක අත විය. 2002 වර්ශය ආරම්භය සනි‍ටුහන් වනවාත් සමගම එක් ඛේදජනක සිදුවීමකින් මුලු ගුවන් හමුදාවම සසල විය. පියාසර නිලධාරී ආක්ෂ් වන්නිආරච්චි , ඉන්ටේක් 36 ( රෙජිමේන්තු )පුත්තලම නගරයේ දෙනෝදාහක් ඉදිරිපිට ඝාතනය විය.ආකාෂ් සේවය කලේ පාලවි ගුවන් හමුදා කදවුරට අනුයුක්තවය. පුත්තලම නගරය අශ්‍රිතව ක්‍රියාත්මක සංවිධානාත්මක මුස්ලිම් අපරාධ කල්ලියක් අතින් ආකාෂ් ඝාතනය විය. ඔහු මියගියේ පපු ප්‍රදේශයට ලද පිහි ඇනුම් ප්‍රහාරයක් හේතුවෙනි. මෙම ඝාතනයේ කෙස් කෙලින් කර වන කොටස නම් ඝාතකයන් මුස්ලිමුන් වීම නොව මිනීමරුවා රිෂාඩ් බදුර්දින්ගේ සහෝදරයෙකු වීමය.  මිනීමැරුමේ ඇසින් දු‍ටු සාක්ෂිකරුවා වූ වින්ග් කමාන්ඩර් නුගේගොඩ තවම ගුවන් හමුදා සේවයේ නියුතුය.  දේශපාලන වාසිතකා පුත්තලමේ  මිනීමරුවන් ආරක්ෂා කලේ රනිල් වික්‍රමසිංහය. රනිල්ගේ එදාවෙල දේශපාලනයට අත් උදව් දුන්නේ එවක පොලිස්පති ලක්දාස කොඩිතුවක්කු සහ ගුවන් හමුදාපති ජයලත්  වීරක්කොඩිය. එදා සක්‍රීය සේවයේ යෙදී සිටි ගුවන් හමුදා නිලධාරියෙකුගේ ලේ පැල්ලම අතින් වසන්කල රනිල්ට මෙදා දිගන රියෙදුරෙකුගේ ලේ පැල්ලමකින් ජාත්‍යන්තර අපකීර්තියක් ලැබීම දෛවයේ සරදමකි. සරදම කොතෙක් කුරිරුදයත් නීතිය හා සාමය භාර ඇමතිවරයාද ඔහුය.

මුස්‌ලිම් සහෝදර ප්‍රජාව අම්පාරේ සිට බස්‌වල නැඟ නුවරට පහරදීම පිණිස එන්නේ ද නැත....!!!

ජාතිවාදය බෝ වෙයි. ජාතිකවාදය බෝ නොවෙයි. ජාතිවාදය යනු රෝගයකි. ජාතිකවාදය යනු නිදහසේ ජීවත්වනු පිණිස නිවහල් මනුෂ්‍යයන් විසින් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය සම්පන්න න්‍යායකි. ජාතිවාදියා සෙසු ජාතීන්ගේ අයිතිවාසිකම් නොතකයි. ජාතිකවාදියා එයට හාත්පසින් ම වෙනස්‌ව තම ජාතියට ඇති අයිතිවාසිකම් සියල්ල සෙසු ජාතීන්ටත් ඇති බව කල්පනා කරයි' ඒ බව පිළිගනී.
  මෙයට දින කිහිපයකට පෙර කඳුකරයෙන් නැගුණ ජාතිවාදී ගිනිදැල් තව තවත් අවුලවනු පිණිස මිස නිවනු පිණිස ඉදිරිපත් වන කිසිවෙක්‌ නැත, ගින්න ඇවිලුනේ රටක්‌ ජාතියක්‌ හෝ ආගමක්‌ වෙනුවෙන් නොව ත්‍රිරෝද රියක සයිඩ් කන්නාඩියක්‌ වෙනුවෙනි. මුස්‌ලිම් තරුණ පිරිසක්‌ ගමන් කළ ත්‍රිරෝද රථයක සිංහල තරුණයකු පැදවූ ලොරියක්‌ ගැටිණ. ත්‍රිරෝද රියේ සයිඩ් කන්නාඩිය කැඩිණ. එයට දඬුවම් පිණිස සිංහල තරුණයාට ඉස්‌ලාමීය තරුණයන් වෙතින් මාරක ප්‍රහාරයක්‌ එල්ල විය. රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන ලද සිංහල තරුණයා ඒ තුවාලවලින් ම මළේය.

සැකය තහවුරු වීම ....!!!

ජිනීවා මානව හිමිකම් සැසිය නුදුරේදීම ආරම්භ වන නිසා රජය වහ වහා සංහිඳියා වැඩපිළිවෙල දියත් කරන බව පෙනී යයි. තුන් දෙනෙක්‌ චිත්‍රපටය පෙන්වූයේද එම නිසා විය හැකිය. තුන් දෙනා චිත්‍රපටයේ සාර්ථක අසාර්ථකභාවය ගැන අපට කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැක්‌කේ එම චිත්‍රපටය දැක නැති නිසාය. ජාතියක්‌ උඩ දැමීමට හෝ ජාතියක්‌ යටකිරීමට කිසිවකුට අවශ්‍ය නැත. එහෙත් කිසිවකුට නිග්‍රහයට ලක්‌වීමට අවශ්‍ය නැත. බොහෝ සංහිsඳියා ක්‍රියාකාරකම්වලින් සිදුවන්නේ බහුතරය අවමානයට ලක්‌වීමද....?
  ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලය සතුටු කිරීම වෙනුවෙන් අතුරුදන් වූවන්ගේ කාර්යාලය සඳහා කොමසාරිස්‌වරු පත්කර ඇත. මේ කාර්යාලය සඳහා අයවැයෙන් රුපියල් කෝටි 1200 ක්‌ වෙන්කර ඇති බව සඳහන්ය. ඒ අතුරුදන් වූවන්ට වන්දි ගෙවීමටද නැතිනම් වෙනත් ක්‍රියාමාර්ගයකටද යන්න විස්‌තර කර නැත. එහෙත් මේ සඳහා පත් කළ කොමසාරිස්‌වරු දෙදෙනෙක්‌ම ප්‍රකට රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයන්ය.

ලංකාවේ අබ්රහස් ස්ථාන....!!!

අළුගල් ලෙන රාවණාගේ සේනාව පිළිස්සූ තැනද ? නිවී ගිය ගිනි කන්දක්ද ?

දුමෙන් බර මිටියාවත නොහොත් දුම්බර මිටියාවත ලෙස නම් කළ හෙක්ටයාර 22,000 ක පමණ භූමි වපසරියකින් යුත් නකල්ස් වනපෙත ලංකාවේ අතිශය වැදගත් රක්ෂිත වන පියසකි. යුනෙස්කෝ සංවිධානය විසින් නම් කරන ලද ලෝක උරුමයක කඳු, හෙල්, උමං, ගුහා, දිය ඇලි, තැනිතලා වැනි ස්වභාවධර්මයේ නිර්මාණයන් සේම උරඟයින්, පක්ෂීන්, මාළුන් හා තවත් සතුන්ගේ උරුමකම් කියන මෙම වනපෙත මධ්‍යම පළාතේ උතුරු ප්‍රදේශයට ආසන්නව මාතලේ හා මහනුවර දිස්ත්‍රික්ක වලට යටත්ව පැතිර ඇත.
  මීට පෙර අප නකල්ස් වනයේ අබිරහස් ස්ථාන වූ ලකේගල හා රෑහැස්සේ ගුහාද, රාවණා රජුගේ මෘත දේහය ඇතැයි පැවසෙන යහන්ගල පිළිබඳවද තතු හෙළිකළ අතර අළු ගල්ලෙන යනු හුදෙක් සංචාරක ඉසව්වක සීමාවෙන් ඔබ්බට ගිය යටගියාවක් සහිත ස්ථානයක් බවට විස්තර සොයා ගත්තෙමු.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අළුගල්ලෙන යනු විවෘත ලෙනක මෙය පිහිටා ඇත්තේ නකල්ස් වන පෙතේ ඝන වනාන්තරයක් මැදය. නේක වෘක්ෂලතාදියෙන් වැසුණු කාලෙකට ඉහතදී එනසාල් වගාවෙන් සුපෝෂිත වූ වන පියසකය. මහනුවර සිට මහියංගණය පාරෙ හුන්නස්ගිරියට පැමිණ එතැනින් ලුල්වත්ත හරහා මීමුරේ දක්වා යන මාර්ගයේ කරඹකැටිය නම් ග්‍රාමයට ළඟා වී එතැන් සිට ඇති සම්මත සංචරණ මාර්ගය ඔස්සේ කි.මී. 9 ක් පමණ ගිය පසු අළුගල්ලෙන හමුවේ.

කුමට මෙරට අධිකරණය-නීතිය සහ විනිසුරන් ...!!!

ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව ජනතාව සිටින්නේ බලවත් අසංතෘප්තියෙනි.
යම්කිසි ගැටලුවකට අදාළ නීතිය හෝ පනත කුමක්ද යන්න හුදී ජනයා විසින් නොදත හැකි අතර නීතියේ පූජ්‍ය පක්‍ෂය වූ නීතිඥයන් විසින් පමණක් දත හැකි ධර්මයකි. ඇතැම් පනත්වල පිටපතක් සොයා ගැනීම කළුනික සොයා ගැනීම මෙන් අමාරුය. බොහෝ ගැසට් නිවේදන නිකුත් කළ බව හෝ දන්නේ ටික දෙනෙකි. පූර්වගාමී නඩු තීන්දු බන්ධනීය බලයකින් යුක්ත බව කියැවෙන නමුත් කුමන නඩු තීන්දුව කුමන අවස්ථාවේදී අදාළ වන්නේ දැයි කීම කුමන අවතාරය කුමන මිනීවළ ගාව සිටීදැයි කීම වැනි දුෂ්කර කාරියකි. දිසා අධිකරණය මඟින් දෙන ලද තීන්දුව වැරැදි බව අභියාචනාධිකරණය මඟින් කියූ පසු එම තීන්දුව වැරැදි නැතැයි ශේ‍ර්ෂ්ඨාධිකරණය කියයි.
කොටින්ම කිසියම් නිශ්චිත ගැටලුවක් සම්බන්ධයෙන් වූ නීතිමය තත්ත්වය කුමක්දැයි නිශ්චිතව සොයා ගැනීම නිර්වාණ මාර්ගය සොයා ගැනීමටත් වඩා අමාරුය. මේවා පහසුවෙන් විසඳිය හැකි විසඳන්නට වුවමනාවක් නැති ප්‍රශ්න බව අපේ නොදත්කම නිසා අපට සිතේ. අප රටේ පොදු නීතිය යැයි කියනු ලබන රෝම ලන්දේසි නීතිය, රෝමයෙන්ද ලන්දේසි රටෙන්ද ඉවත දමන ලද ලංකාවටත් ම්ලේච්ඡයන් විසූ දකුණු අප්‍රිකාවටත් පමණක් සීමා වූ පූජනීය වහල් හංවඩුවක් ලෙස නීති දේහයේ තැන්පත්ව ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.