ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, March 4, 2018

ලංකාවේ දේශපාලු සුණඛයන්ගේ බලු පොරය....!!!

එජාප නියෝජ්‍ය නායකකමට චම්පික කුරුමානම් අල්ලයි...!!!
දේශපාලන පොර පිටියෙ පැවැති අකුණු ගැසීම්, හෙණ හඬ සහිත මහ වැසි තුරල්ව ගියේය. අඟහරුවාදා (27දා) සිරිත් පරිදි කැබිනට් රැස්වීම පැවැත්විණි. ජනපති ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට අගමැති රනිල්ද එක්ව සිටියේය. ජනපති _ අගමැති දෙදෙනාගේ නොහොඳ, නොක්කාඩු සමහන් වීදැයි දැනගත නොහැකි වූයේ නෝක්කාඩු බැලුම් හෙළන නොදුටු බැවිනි. අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇති ජාතික ආර්ථික කමිටුව සම්බන්ධයෙන් ජනපති දැඩි විවේචනයක් එල්ල කිරීමෙන් වාතාවරණය පෙනෙන තරම් සතුටුදායක නොවන බව පැහැදිලි විය.
අගමැති ආර්ථික කළමනාකරණ කමිටුව පුස්සක්
''මගේ අදහස ආර්ථික කමිටුව ඉදිරියට පවත්වා ගෙන යෑම අවශ්‍ය නොවන බවයි. මොකද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන යෝජනා සම්බන්ධයෙන් වෙනම කතා නොකළාට කැබිනට් මණ්ඩලය තුළම සාකච්ඡා කර තීරණයකට එන්න පුළුවන්. වැඩිපුර විමර්ශනයක් අවශ්‍ය නම් කැබිනට් අනුකාරක සභාවක් මඟින් එය කරන්න පුළුවන්. ආර්ථික කමිටුව කතා කරන දේවල් ගැන කැබිනට් එක දැනුවත් නෑ.
දැනට කමිටුව හරහා ආරම්භ කළ ව්‍යාපෘති ගැන මගේ කිසි පැහැදීමක් නෑ. ඒවා සාර්ථක වුණෙත් නෑ. ආණ්ඩුව නිකන් නරක නාමයක් ගාගත්තා විතරයි. කුලියාපිටියේ වොක්ස් වැගන් කර්මාන්තශාලාවේ කතාව එකක්, අනෙක හොරණ ටයර් කම්හලට ඉඩම් ලබාදී තිබුණේ රජයේ තක්සේරුවටත් වඩා බොහෝ අඩුවෙන්. මට ෆයිල් ආවමයි මේක තේරුණේ. මම අස්සන් කළේ නැහැ. බොරුවට වැරැදි මතයක් රටට ගියා. ආර්ථික කමිටුවක් අවශ්‍ය නැහැ. තියෙන යෝජනා කෙළින්ම කැබිනට් මණ්ඩලයට ගේන්න. තීරණ ගන්න කැබිනට් මණ්ඩලයට පුළුවන්''
ජනපති මෛත්‍රි දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. ඊට වැඩි පිරිසකගේ එකඟතාවද ලැබිණි. ඇමැති දයාසිරිද ජනපති අදහස අනුමත කළේය.

ඇරැව්වල නන්දිමිත්‍ර සමුගනියි

රාජ්‍ය සම්මානලාභී නවකතාකරු ප්‍රවීණ සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍ර මහතා අද    අභාවප්‍රාප්ත විය.
1939 වස‍රේ ජූනි 5 වැනිදා උපත ලැබූ ඒ මහතා මියයන විට 79 හැවිරිදි වියෙහි පසුවිය.
කඳුළක් සිනාසෙයි, ගංතෙර තෙරණිය, සුදු හංස ධේනුව, ජීවිතය සුන්දරය, මල්දෙණියේ සිමියොන්, පුංචි තරුවක් පායලා, ජීවිතයේ කොටස්කාරයෝ, තරු‍ණා‍වේශය, මල් මදාරා ආදී කෘතීන් ගණනාවක් ඔහු විසින් රචනා කර තිබේ.  මල්දෙනියේ සිමියොන් සිනමාපටයක් බවට ද පත් විය.

අප්‍රේල් කැරැල්ල හෙළි කළ යළි උපන් දරුවෝ....!!!

එක්දහස් නවසිය හැත්තෑ එකේ කරැල්ල අනාවරණය කරමින් පෙර භවයේ හෙළිකළ දරුවන් රැසක් පුනර්භව පර් යේෂණ අතරට එක්වී සිටිති. පොලිස් සහ හමුද‌ාව සමඟ සටන් කළ බවත් වෙඩි පහරවලට ගොදුරු වී මිය ගිය බවත් එම දරුවෝ අනාවරණය කළහ.  ඔවුන්ගේ ප‍්‍රකාශ අනුව පෙර භවයේදී ජීවත්ව සිටි බැව් හෙළිවූයේ ඇල්පිටිය, ගාල්ල, අනුරාධපුර, කළුතර සහ කෑගල්ල යන ප‍්‍රදේශවලය. වෙඩි ප‍්‍රහාරවලින් මියගිය බැව් හෙළි කළ එම දරුවන් බොහෝ දෙනෙකුගේ සිරුරුවල දක්නට තිබූ උපන් ලප ඇති ස්ථානවලට වෙඩි වැදුණු බැව්ද ඔවුහු පැවසූහ.  
 
ශ්‍රී ලංකාවෙන් මේ වන විට අනාවරණය වී ඇති පුනර්භව සාධක තුන්සිය පනහක පමණ දරුවන් පිරිසකගෙන් කැරලි සමය හෙළි කළ දරුවන් විසි දෙනෙක් පමණ සිටිති. වයස අවුරුදු දෙකහමාරේ පමණ සිට එම දරුවෝ පෙර භව තොරතුරු අනාවරණය කළහ. බහ තෝරන අවදියටත් ප‍්‍රථම මෙම දරුවන් තුළින් දක්නට ලැබුණු හැසිරීම් රටාවන්ද දෙමාපියන්ගේ පුදුමයට හේතු වී තිබිණි. 

ඇතැම් දරුවෝ පොලිස් සහ හමුද‌ා නිල ඇඳුම් දකින විට බියට පත්වී නිවෙස් තුළ සැඟවීමට උත්සාහ කළහ. තවත් දරුවෝ එවැනි හමුද‌ා ඇඳුමින් සැරසී සිටින අය දුටු විගස ඔවුන්ට පහර දිය යුතු යැයිද ප‍්‍රකාශ කළහ. 1971 කැරැල්ල අනාවරණය කළ දරුවන් රැසක් හැත්තෑවෙ දශකයේදී පර්යේෂණවලට ලක්වූහ. 

“ජාත්‍යන්තර සම්මුතිය” රජ්‍ය භාෂාවෙන් දකුණට නොදී වෙනම රටක් සදහා අවශ්‍ය වන “නෛතික බලපත්‍රය” උතුරට දුන්නේ ඇයි ?

(මෙම ලිපිය නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ලියන ලද නීතීඥවරයකුගේ භූමිකාව ISBN 978-955-38965-0-6 කෘතියේ 15 පිටුවේ දැක්වෙන අතර එකී ලිපිය 2016.09.04 දින ලියා ඇත. එදා 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත සම්මත කර ගන්නා අවදියේ සිටම මේ සම්බන්ධව සමාජයේ බොහෝ විද්වතුන් විවිධ පැහැදිලි කිරීම් සහ මෙම පනතේ නීතිවිරෝධි බව සම්බන්ධව අදහස් දක්වන ලැබුවද, අද ඒ සම්බන්ධව එළිපිට විරෝධය දක්වන මහාප්‍රාඥයින් එදා බීරි අලින්ව සිටියේ ය.තමන්ගේ පැවැත්ම වෙනුවෙන් දේශප්‍රේමී සළුවෙන් වැසීගෙන අද දවසේත් ජනතාව නොමග යවන මෙවැනි පුද්ගලයන් සහ සමාජ විරෝධීන් අනාවරණය කිරීම සමාජ යුතුකමක් වන සහ වගකීමක් වන අතර මෙම ලිපිය 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ බිහිසුණු බව සරළව කියා පායි. එය වෙනම රටක් දක්වා යන බෙදුම්වාදී ඉලක්කයේ/ ගමනේ එක් කඩඉමක් ජයගැනීමක් බවත් රාජ්‍ය නොවන සංවිධාන ගැත්තෝ සහ පෙරදිග චින්තන විරෝධීන් රෝත්තක් අතුරුදහන් වූවන් පිළිබද සෙවීමේ කාර්යාලයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  විසින් කොමසාරිස්වරුන් ලෙස පත්කිරීමෙන්ම එය මැනවින් පැහැදිලිවන බවත් පෙනේ. මෙම ලිපිය මගින් 2016.09.04 දින එළිදරව්කළ කාරණා අද වනවිට සත්‍ය වෙමින් තිබේ. එය අවසානයේ බලපාන්නේ හෙට දවසේ රටේ සහ ජනතාවගේ අනාගතය අදුරු කිරීමට බව කිව හැකිය. මේ ලිපිය එය මැනවින් සනාථ කරයි.)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.