

එදා රජ සමයේ සිට පැවත එන අප සිංහල ඉතිහාස වංශ කතාවේ ප්රමුකස්ථානයක් හිමිව තිබූ කුල භේදය අද දක්වාම අප සමාජයේ නුහුපුරා යමින් තිබීම නිසාවෙන් සමාජයේ ඒ පිළිබද නොයෙකුත් අර්ථකතනයන් සේම විවිධ මතිමතාන්තර පවතින බව අමුතුවෙන් කිව යුතු නොවේ. කුල භේදයන් ගැන කතා බහේදී සමහර අවස්ථාවන් වලදී අප සමාජය භේදබින්න වන අවස්ථාද අනන්ත අප්රමාණය.
ඒ අනුව රජ කුලය, ගොවි කුලය, රොඩී කුලය, රදා කුලය වැනි කුල පිළිබද ජනතාව තුල එකිනෙකට වෙනස් ආකාරයේ විවිධ ආකල්ප වත්මන් සමාජයේද නිරන්තරයෙන් කතා බහට ලක්වන අවස්ථා එමටය. අප රටේ පහත් කුලයක් ලෙස සැලකෙන අහිකුණ්ටක කුලයට අද වන විට හිමිව ඇත්තේ පහත් මට්ටමේ සැලකිල්ලකි.
නමුත් අහිකුණ්ටක කුලය යැයි සලකෙන මෙම කුලයට අයත් මිනිසුන්ගේ සිය උපන් භූමිය ලෙස සැලකෙන ඉන්දියාව කේරළ ප්රාන්තයේ තෙලිගු ජාතිකයින් බව කව්රුත් නොදන්නා කරුණක් විය හැකිය. පසු කාලීනව මොවුන් ඉන්දියාවේ සිට අප රටට සංක්රමණය වීමෙන් අනතුරුව මුල්ම ජනාවාසය කුඹුක්වැව ජනපදයේ පිහිටුවා ගැනීමෙන් අනතුරුව එහි තෙලිගු ජාතික පවුල් 50ක් පමණ වාසය කල බවට ඉතිහාසය මනාව සාක්ෂි දරයි.