ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන
පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බවත් මෛත්‍රී-රනිල්-සම්බන්ධන්-අනුර- හකීම්
ඒකාබද්ධය විසින් 50% ආසන්න හෝ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ඇති බවත් පෙනී යයි. ඒ අනුව
සැබෑ ජනවරම ඇත්තේ පොහොට්ටුවටද යන්න පොහොට්ටු නායකයන් නැවත නැවතත් කල්පනා කර බැලිය
යුතුය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒ බව මැනවින් වටහාගනිමින් තිබෙන බව
පැහැදිලි වන්නේ මෙම මැතිවරණය පළාත් පාලන මැතිවරණයක් මිස පාර්ලිමේන්තුවේ අගමැතිවරයා
තෝරන මැතිවරණයක් නොවන නිසා අගමැති ධුරය කිසිසේත්ම බාර නොගන්නා බවට සහ විපක්ෂ
නායකත්වය භාර ගැනීමට සූදානම් බවට ඔහුගේ හිතෛෂියකු මගින් ජනතාවට ප්‍රතිචාර දක්වා
තිබීමෙනි.
ජනතාවගේ කැමැත්ත නිසි පරිදි තේරුම් නොගැනීමෙන් වන්නේ රාත්‍රියේ වැටුණ වලේ දවල් ද වැටීමය.ලැබූ ජනවරම අනුව කටයුතු නොකිරීමේ වරද නිසා මෛත්‍රී ජනාධිපතිවරයා කෙතෙක් ජනතාව අතර අප්‍රසාදයට පත්වී ඇතිද යන්න 2018 පෙබරවාරි 10 පැවති පළාත් පාලන මැතිවරණයේදී පැහැදිලි වී ඇත. ඔහු ජනාධිපති වූ අවස්ථාවේ සිටම රට පාලනය කිරීමට උත්සාහ ගත්තේ බන්ධනාගාර බස් රථය සහ මහේස්ත්‍රාත් අධිකරණ කිහිපයක් නිති පතා විද්‍යුත් මාධ්‍යවලින් පෙන්වමිනි. මිනීවලවල් ගොඩ ගැනීම පමණක් නොව රාජ්‍ය භාෂාවෙන් කටයතු නොකරන ජනාධිපති කොමිෂන් සභා මගින් ඔහු රට පාලනය කිරීමට උත්සාහ ගත්තේ ය. ඒ සමගම ගොවියාට පොහොර ටික නිසි කළට අඩු මුදලට ලබා දීමට ඔහු අසමත් විය. ජනතාව අතර අප්‍රසාදයට පත් වී සිටි දේශපාලන පරාජිතයන්ට නීති උපක්‍රම මගින් පාර්ලිමේන්තුවට ඇතුළු කර ඇමති තනතුරු ලබා දී එහෙයියන් කර ගත්තේ ය. ඔහුට ලැබූ ජනවරමට එරෙහිව යමින් ඊනියා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර විශාල ඇමති මණ්ඩලයක් පත් කර ගත්තේ ය. දින 100 පොරොන්දු පත්‍රය සිහිනයක් කළේ ය. පළාත් පාලන මැතිවරණය වසර ගණනාවක් කල් දමා ගත්තේ ය. ඒ සියල්ලට එරෙහිව පෙළ ගැසුනු අහිංසක ජනතාව සිය පීඩනය තල්ලු කරන ලද්දේ පොහොට්ටුව අති විශාල වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කරවිමෙනි.