අපි ආවේ දුෂණ වංචා නවත්වන්නයි.. බැදුම්කරය හොද ආරම්භයක්.. බැදුම්කර හොරුන්ට දඬුවම් දෙනවා.. අගමැතිගේ විශේෂ ප්රකාශය මෙන්න..[Video]
ජාතිය අමතා විශේෂ ප්රකාශයක් කරමින් අගමැතිවරයා පල කරන සම්පූර්ණ අදහස් දැක්වීම මෙසේය.
‘අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්නයි. බලයට පත් වී ටික කලෙකින් බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ චෝදනාවක් නැගුනා. අපි එය පාපිස්ස යටට දැම්මේ නෑ.
සති දෙකක් ඇතුළත විමර්ශන කමිටුවක් පත් කළා. විමර්ශන කාලය තුළ මහබැංකු අධිපති රාජකාරි කටයුතු වලින් ඉවත් වුණා. පාර්ලිමේන්තුව දැනුම්වත් කළා. පාර්ලිමේන්තුවට වුවමනා නම් තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස මම දැනුම් දුන්නා. විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මෙතෙක් කල් කෝප් කමිටුවේ සභාපතීත්වය දැරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරයෙක්. වත්මන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සභාපතිත්වය විපක්ෂ මන්ත්රීවරයෙකුට දුන්නා. කමිටුව මගින් බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විවාද කළා.
මේ වාර්තාව පිළිබඳ සුදුසු ක්රියා මාර්ග ගැනීම සඳහා 2016 ඔක්තෝබර 31 වන දා නීතිපතිවරයාට යොමු කළා. මේ ගැන, විශේෂයෙන්ම පර්පචුවෙල් ටේර ෂරීස් සමාගම ගැන වැඩි දුර පරීක්ෂ්ණ පැවැත්විය යුතු බව කෝප් කමිටුව නිර්දේශ කර තිබුණා. ඒ අනුව ජනාධිපතිතුමා මා සමගත් සාකච්ඡා කර ජනාධිපති කොමිසම පත් කළා. කොමිසමේ කටයුතු වලට අපි සහය දුන්නා. අපේ ඇමතිවරු කොමිසම හමුවට ගියා. මමත් ගියා. චෝදනාවක් එල්ල වූ විට එය විමර්ෂණය කිරීම සඳහා මේ ආකාරයට කටයුතු කළ කිසිම ආණ්ඩුවක් නෑ. තුන් වතාවක් අප මේ ගැන පරීක්ෂණ කළා.