ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Tuesday, January 16, 2018

මෙන්න සිරා පට්ට හොරා...!!! ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05ක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් වැළකී ගිය ආකාරය…

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක් කියමින් නීතීපති විසින් ඇති කරන්නට ගිය “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක්”
 
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  2015 ජනවාරි මස 08 දින පැවති ජනාධිපතිවරණයෙන් ජයගෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුව සිටි කේ. ශ්‍රීපවන් මහතා ඉදිරියේ 2015 ජනවාරි 09 දින සවස් යාමයේ නිදහස් චතුරශ්‍රයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙන ලදී.
ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් අවස්ථාවේ සිට ජනාධිපති සිරිසේන  විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ අවස්ථා 1 හෝ 2ක් නොව බොහොමයකි. ඒ සියලු අවස්ථාවන් වලදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය කිසිත් සිදු නොවුණා ලෙස සිය කටයුතු කරගෙන යාම ජනතාව උපේක්ෂාවෙන් බලා සිටියේ ය.
2015 ජනවාරි 09 දින ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දී ඉතා සුළු මොහොතකින් එවකටත් පාර්ලිමේන්තුවේ 2/3ක මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් අගමැතිව සිටි දි.මු. ජයරත්න අගමැති ධුරයෙන් ඉවත් කිරීමක් හෝ නොකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42ක ගේ කැමැත්ත තිබූ රනිල් වික්‍රමසිංහ  අගමැති ලෙස පත් කර ගත්තේ ය.
ඒ ආකාරයට තමන්ට අභිමත සහ අධිපති පාලන ක්‍රමයක් ආරම්භ කළ ජනාධිපතිවරයා එවකටත් වලංගුව ක්‍රියාත්මකව තිබූ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්  බලාත්මකව වූ 41අ.(1) ව්‍යවස්ථාව අනුව පිහිටුවා තිබූ පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ ලබා ගැනීමෙන් පසු පත් කර සිටි අගවිනිසුරු මොහාන් පීරීස් අගවිනිසුරු ධුරයෙන් පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයෙන්ද නෙරපා හරිනු ලැබීය. ඉන්පසු පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ ලබා ගැනීමක් පවා සිදු නොකර 2015 ජනවාරි 09 දින සවස් යාමයේ නිදහස් චතුරශ්‍රයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස දිව්රුම් ලබා ගත් කේ. ශ්‍රී පවන්ව අගවිනිසුරු ලෙස 2015 ජනවාරි 30 දින 44වන අගවිනිසුරු ලෙස තමන් ඉදිරියේ දිව්රුම් දීමට සළස්වන ලදී.

ඔබ හොරෙක් වෙලා මහ බැංකුව කඩාවී....!!!

ඔබ හොරෙක් වෙලා මහ බැංකුව කඩාවී
මම පිනෙක් ලෙසින් එය වෙන්නට හරීවි

ඔබ එය කලා කියා අහු උන පසු කියාවී
මම හරක් රැළක් ඉන් රවටා දමාවි
මහ හොරා ලෙසින් මා එන කල
දීපු ගාන සෑහෙ මට
සියලු බැනුම් ඔබ සමගයි
අපේ හරක් ඉන් සැනසෙයි...

නුසුදුස්‌සන් වාරණය කරමු

නුසුදුස්‌සන් සියයක්‌ පළාත් පාලන තරග බිමට පිවිස ඇත. අපරාධකරුවන් පළාත් පාලන තරග බිමට පිවිසෙන්නේ යහපත ඇති කිරීමටද? මේ පුද්ගලයන්ට නාම යෝජනා ලබාදී ඇත්තේ කවුරුන් විසින්ද? පාර්ලිමේන්තුවේද හොරු ගැන අසන්නට දකින්නට ලැබේ. හොරු පමණක්‌ නොව ගුටි කෙළිද එහි දකින්නට ඇත. මේ ගුටිකෙළිවලට අමතරව පුර සබයටත් මේ ගැටුම් ව්‍යාප්ත වන බව පැහැදිලිව පැවැසිය හැක්‌කේ අපරාධකරුවන්ටද නාම යෝජනා ලබාදී ඇති නිසාය. මැතිවරණ වේදිකාවල නම් අපරාධකරුවන්ට දූෂිතයන්ට වංචාකරුවන්ට එරෙහිව මහා හඬින් කෑ ගසනා නමුත් පස්‌සා දොරින් ඒ වැරදිකරුවන්ටම නාම යෝජනා ලබාදීමෙන් පෙනී යන්නේ කවරක්‌ද? දේශපාලනයේ නිරුවත්භාවය නොවේද?
නුසුදුස්‌සන් මන්ත්‍රී ධුරවලට පත්වූවද ඒ පුද්ගලයන් එම තනතුරුවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම පක්‍ෂ ලේකම්වරුන්ට දැනුම් දී ඇත. මෙය සැබවින්ම අගය කළ යුත්තකි. එය අපරාධකරුවන් තම ලැයිස්‌තුවලට ඇතුළත් කළ පක්‌ෂ නායකයන්ටද තරු පෙන්වීමකි.

බෙල්වුඩ් ගලවන්නේ පරණබඩුවලට විකුණන්නද ?


  ඉස්‌සර වැරදි නිවැරදි කරන්න ආ උදවිය කෝ......?


 පසුගිය රජය සමයේ හිටපු ජනපති සහ පවුලේ උදවිය ගිය හෙළිකොප්ටර් සවාරි පිළිබඳ මහ ඉහළින් කතා කළ උදවිය එදා පොරොන්දු පත්‍රයේ ලියා තැබුයේ තමන් බලයට ආ විගස, රටට ආදර්ශයක්‌ වෙමින් හෙළිකොප්ටර් සවාරි හැකි තරම් ප්‍රතික්‌ෂේප කරන බව කියමිනි. එහෙත් අද මහනුවරට ඉහළින් දිනපතා හෙළිකොප්ටර් ගමන් ගන්නා අයුරු දක්‌නට ලැබෙයි. මේවායින් බැස එන අය දේශපාලනයට සම්බන්ධ වූවන්ය. ඉස්‌සර මෙසේ කරද්දී වැරදි ලෙස දුටු දේ තමන් කරන විට වැරදි ලෙස දකින්නට දේශපාලකයන්ට නොහැකි වීම සම්බන්ධව ජනතාව තුළ ඇත්තේ කල කිරීමකි. එම කලකිරීම සිය විරෝධය ලෙස දැක්‌වීමට මෙවර ඡන්දය කිසිවෙකුටත් ලබා නොදිය යුතු බවට ජනතාව අතර කසුකුසුවක්‌ යන්නේද ඒ නිසාය.
  කාර්යයබහුල යහපාලනය.........
  තිස්‌ වසරකට පසු මෙරට ඉදිකළ විශාලතම වාරි ව්‍යාපෘතිය වන ලක්‌ෂ පහෙළොවක පමණ ජනතාවට සෙත සලසන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවැරීම නිමිත්තෙන් උත්සව දෙකක්‌ පසුගියදා පැවැත්විණි. මොරගහකන්ද වේල්ල මතදී මංගල දියවර මුදාහැරීමෙන් පසු ජනපතිවරයා පැමිණියේ පොල්ගොල්ල වේල්ල මත සංවිධානය කර තිබූ ජනහමුවකටය. දින ගණනාවක්‌ පුරා වේල්ල මත ඉදිකළ වේදිකාව නිසා පොල්ගොල්ල ජලාශය හරහා මාර්ගය වසා තැබීමෙන් ජනතාව යම් දුෂ්කරතාවට පත් වූවත් ඔවුන් ඒ සියල්ල ඉවසා ගත්තේ මෙය රටේ යහපත වෙනුවෙන් කෙරෙන්නාවූ ව්‍යාපෘතියක්‌ නිසාය. මෙම දිනවල මැතිවරණ වේදිකාව දැඩි උණුසුම් තත්ත්වයකට පත්ව තිබෙන අවස්‌ථාවක මෙම උත්සවයට ජනපති අගමැති ප්‍රමුඛ යහ පාලන ආණ්‌ඩුවේ ප්‍රබල මැති ඇමැතිවරු රැසක්‌ පැමිණ සිටියහ. එකට ආණ්‌ඩු කරන උදවිය ඡන්ද වෙනුවෙන් එකිනෙකාට දෝෂාරෝපණය කරමින් තමන් සුදනා වන්නට උත්සහ කරන අයුරු දිනපතා මාධ්‍යය මගින් දකිනා මහවැලි ජනතාව මෙම උත්සවයේදී මැති ඇමැතිවරු ඉතා සුහඳව කටයුතු කරන අයුරු දැක පුදුම වූවාට සැක නැත. යහපාලන ආණ්‌ඩුවට පදනම වැටුණු ජනවාරි 08 විශේෂ දිනයක්‌ වූ නිසා ජනපතිට මෙන්ම අගමැතිටද මෙදින ඉතා කාර්යබහුල දිනයක්‌ විය. මේ නිසාම තම කතාව නිම කළ අගමැතිවරයා ජනපති කතාවටද සවන් නොදී එම ස්‌ථානයෙන් පිටව ගියේ මලික්‌ සමරවික්‍රමද සමඟය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.