ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Wednesday, January 10, 2018

උණ්‌ඩයත් ජයගෙන ගැඹුරු දියට බිලි වන ඡේ. ආර්ගේ, චන්ද්‍රිකාගේ, මහින්දගේ වෙඩි නොවදින රථ ....!!!

කළ හැකි නුවණැතිම ක්‍රියාව වන්නේ මෙවැනි වාහන වෙනත් තැනැත්තන් අතට පත්වීමට ඉඩ නොහැර මුහුදේ ගිල්වීම හෝ කෞතුකාගාරයක තැන්පත් කිරීමය. එහෙත් මේ රටේ බලධාරීන්ට කිසියම් සිහිවටනාත්මක දෙයක්‌ මතු පරපුරට බලා ගැනීමට අවශ්‍ය මොළය නැත.


 පසුගිය වසර 40 තුළ මෙරට ජනාධිපතිවරුන් පරිහරණය කළ වෙඩි නොවදින රථ 25 ක්‌ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට රජය තීන්දු කර ඇති බව ඉකුත් ඉරිදා (31 දා) දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පුවතය. මෙසේ මුහුදේ ගිල්වන රථ අතර මර්සිඩීස්‌ බෙන්ස්‌, ජගුවර්, ලෑන්ඩ් කෲසර් රථ ද ඇත. ඡේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ යන ජනාධිපතිවරුන් විසින් මේ වෙඩි නොවදින රිය භාවිත කරන ලදි. වෙඩි නොවදින රියක්‌ දිගු කාලයක්‌ පරිහරණය කරනු නොලැබේ. ඒ රිය බරින් බොහෝ වැඩි නිසා ඉතා කෙටි කාලයක්‌ තුළ එන්ජිම ක්‍ෂය වෙයි. එවිට අලුතින් එන්ජිමක්‌ තැබීමක්‌ හැර අන් පිළියමක්‌ නැත. එය ඉතාම මිල අධික කාරණයක්‌ නිසා වෙඩි නොවදින රථයක්‌ දිගු කලක්‌ පරිහරණය කළ නොහැක. රථයේ වීදුරු හැර වෙඩි වැදීමට ඉඩ ඇති සෑම කොටසක්‌ම ආවරණය වන පරිදි ඇතුළතින් High Carbon තහඩු හෙවත් කාබන් සංයුතිය අධික ඝනකම් වානේ තහඩුවලින් සාදා ඇත. කාබන් අධික වානේ සංයුතියක්‌ ඇති තවත් ද්‍රව්‍යයක්‌ වන රේල් පීලි උණු කිරීමට ලංකාවේදී බැරි වන්නේ යම් සේද , වෙඩි නොවදින රථවල තිබෙන කාබන් අධික වානේ තහඩු, උණු කළ නොහැක. ඒවා උණු කළහැකි තාක්‍ෂණ පිටරටවල තිබුණ ද ප්‍රවාහන වියදම් අධික බැවින්ද, ලංකාව තුළ එකතුවන කාබන් අධික වානේ තහඩු ඉතා ස්‌වල්පයක්‌ වන බැවින්ද එම තහඩු රට පැටවීම පාඩුය. මේ නිසා කළ හැකි නුවණැතිම ක්‍රියාව වන්නේ මෙවැනි වාහන වෙනත් තැනැත්තන් අතට පත්වීමට ඉඩ නොහැර මුහුදේ ගිල්වීම හෝ කෞතුකාගාරයක තැන්පත් කිරීමය. එහෙත් මේ රටේ බලධාරීන්ට කිසියම් සිහිවටනාත්මක දෙයක්‌ මතු පරපුරට බලා ගැනීමට අවශ්‍ය මොළය නැත. ඒ බැවින් එම සිහිවටන මුහුදේ ගිල්වා දැමීමට ඔවුහු ප්‍රියය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.