ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, January 7, 2018

වැනිලි පැද්දිලි නැතුව සුමන්තිරන් කියූ ඇත්ත

හම්බන්තොට වරාය චීනයට පවරාගත් විගස රටේ ජාතික කොඩියට සිදු වූ දේ අප දුටුවෙමු. අද අපේ රටේ සහ ජාතියේ අභිමානයට කුමක්‌ සිදුවීද? ජනතාව තම ඡන්දය පාවිච්චි කොට පාලකයින් පත්කරන්නේ රටේ අභිමානය, ආත්ම ගෞරවය උන්ගේ බලය පවත්වා ගැනීම සඳහා පාවාදීමට නොවේ.

 සාම්පූර්හි ඇති පැරැණි දාගැබක්‌ ඩෝසර් යන්ත්‍ර යොදා බිමට සමතලා කළ අන්දම අප නැරඹුවේ දැඩි සංවේගයෙනි. ඓතිහාසික නටබුන් යනු අපේ උරුමයයි. අපේ අනන්‍යතාව එයයි. ඒවා විනාශ කිරීම යනු ජාතියක්‌ විනාශ කිරීමයි. එබැවින් අදාළ පුද්ගලයින්ටට උපරිම දඬුවම් දිය යුතුවේ. නමුත් රජය අද වන තුරු එම ක්‍රියාව හෙළා දුටුවේ නැත.

 උතුරේ සහ නැගෙනහිර දැන් සිදුවන්නේ සැලසුම් සහගත ලෙස සිංහලයන්ට, බුද්ධ පුත්‍රයන්ට, බුදු සසුනට අපහාස කිරීමයි. මොවුන් කිසිම බියක්‌ සැකක්‌ නැතිව එසේ කරන්නේ වර්තමාන නිවට පාලකයින් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක්‌ නොගන්නා බව හොඳ හැටි දන්නා නිසාය. නමුත් එම අදාළ පුද්ගලයන් දැනගත යුතු එක්‌ දෙයක්‌ ඇත. එනම් පාලකයින් නිවට වුවත් සමස්‌තයක්‌ වශයෙන් ගත් කල සිංහලයන් නිවට නොවන බවය. එළාරට, කාලිංග මාඝ මෙන්ම පරංගින්ට, ලන්දේසීන්ට, ඉංගී්‍රසින්ට පවා එළව එළවා පහරදුන් සිංහලයන්ගෙන් පැවතෙන්නන් අදටත් මේ සමාජයේ සිටින බැව් වර්තමාන පාලකයින්ද ඇතුළුව සියලුම දෙමළ, සිංහල බෙදුම්වාදීන් දැනගත යුතුව ඇත. එබැවින් සියල්ලන්ගේම යහපත සඳහා තවදුරටත් දෙමළ බෙදුම්වාදීන් ඉදිරියේ නිවට දණින් වැටෙන්නේ නැතිව, උතුරේ සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්‌ථානවලට, සිංහලයන්ට කරන්නා වූ කෙනෙහිලිකම් වහාම නවතා දැමීමට පියවර ගන්නා මෙන් අප වර්තමාන පාලකයන්ට දැනුම් දෙමු.



 වත්මන් ජනපති බලයට පැමිණවීමට දෙමළ බෙදුම්වාදීන් විසින් ලබාදුන් සහාය කෙබඳුදැයි අපි දනිමු. ඡන්ද සංඛ්‍යා ලේඛන අනුව එම ජයග්‍රහණය තීරණය කළේ උතුරු නැගෙනහිර සුළු ජාතීන්ගේ ඡන්ද බව ඉතා පැහැදිලිවේ. ඒ සඳහා බටහිර රටවල්වලින්ද නොමඳ සහායක්‌ ලැබුණු බව අද නොරහසකි. ජනපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ විගස ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, "අප මේ ජයග්‍රහණයේ කොටස්‌කරුවෝ" යෑයි කීවේ එබැවිනි. ඇමරිකාවේ ජෝන් කෙරී ලංකාවේමැතිවරණයක කොටස්‌කාරයෙක්‌ වන්නේ කෙසේදැයි යන්න ඇසිය යුත්තේ කෙරීගෙන්ම පමණි. එයින්ම හිටපු ජනපතිව බලයෙන් පහ කිරීමට බටහිරට සහ දෙමළ ඩයස්‌පෝරාවට තිබූ දැඩි උවමනාව අපට තේරුම් ගත හැක.

මේ කාළකණ්නි අපතයන්ගේ ආණ්ඩුවට 75%ක් විරුද්ධයි.. !!!

ආණ්ඩුවට 75%...ක් විරුද්ධයි.. ජනප්‍රියත්වය 22% ට බැහලා.. සන්ඩේ ටෛම්ස් අලුත්ම සමීක්ෂණ ප්‍රතිඵලය මෙන්න..!!!
 ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සති අග ඉංග්‍රීසි පුවත්පත වන සන්ඩේ ටෛම්ස් විසින් පවත්වනු ලැබූ පාඨක සමීක්ෂණය අනුව 2017 වසරේ අග වන විට වර්තමාන ආණ්ඩුව ඉතාම දරුණු ලෙස ජනතාවගේ අප්‍රසාදයට පත්ව ඇති බැව් හෙලි කොට ඇත.
ඒ ඉරිදා (07) සන්ඩේ ටෛම්ස් පුවත්පතේ පල කොට ඇති පාඨක සමීක්ෂණ ප්‍රතිඵලය අනුවයි.
විජය පුවත්පත් සමාගමේ පුවත්පතක් වන සන්ඩේ ටෛම්ස් පාඨකයන් අතර විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයන්ගේ මෙන්ම නාගරික ඉංග්‍රීසි උගත් ජනතාව නියෝජනය කරයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ දෙමළ සහ මුස්ලිම් උගත් ජනතාව අතර ඉතා ජනප්‍රිය ඉංග්‍රීසි පුවත්පතකි.
මේ අනුව ආණ්ඩුවේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්තියට විරුද්ධ පිරිස 75% දක්වා ඉහළ අගයක් ගැනිම මෙන්ම 3 % අදහසක් ප්‍රකාශ කොට නොමැති වීම සැලකිය යුතු ඉතා වැදගත් කරුණකි.

බැදුම්කර වාර්තාව ගැන ජනපති ප‍්‍රකාශය සම්පූර්ණ බොරුවක්.. අප එය පිලිගන්නේ නෑ..- හොර තඩියා බෙරිහන් දෙයි...!!!..[Video]

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්ක නිකුතුව සම්බන්ධයෙන් පරීක්‍ෂණ කල ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ව්‍යාජයක් බව හිටපු මුදල් ඇමති එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක (  රවී සන්ඩේෂ් කරුණානායගම් ) පවසයි.
බැදුම්කර වාර්තාවේ කුමක් තිබුනද අගමැති රනිල් වික‍්‍රමසිංහ හෝ තමන් කිසිම වරදක් කර නැති බවද හිටපු ඇමතිවරයා කියා සිටී.
ඔහු මෙම අදහස් පල කලේ එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයන් දිනවීම වෙනුවෙන් කොළඹ බ්ලූමැන්ඩල් ප‍්‍රදේහයේදී පැවති ජනහමුවකින් පසු මාධ්‍ය අමතමිනි.[Video]

පරණ හොරා ගියා අළුත් ඵකත් කැනේඩියානු පුරවැසියෙක්…!!!

සිංගප්පූරු පුරවැසි අර්ජුන මහේන්ද්‍රන් ගෙන් ඉගන නොගත් පාඩම වත්මන් අධිපතිගෙන්ද ඉගෙන නොගනී.. ඉන්ද‍්‍රජිත් කුමාර්ස්වාමි කැනේඩියානු පුරවැසියෙකි…!!!


 ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රීලංකාවේ නීතියේ ආදිපත්‍යට සියලු ශ්‍රි ලංකික පුරවැසියන් යටත් ය. එමෙන්ම වෙනත් රටක පුරවැසියෙකු ශ්‍රීලංකා ජනරජ භූමියේ රැදි සිටින තුරු ඔහු මෙරටේ නීතියට යටත් වුවද එරටෙන් නික්මව ගිය පසු ඔහුන් ගෙන්වා ගැනිම හෝ ප්‍රශ්න කිරිම ඔහු/ඇය ගේ පුරවැසිභාවය හිමි රටේ නීතියට හෝ ජාත්‍යන්තර ප්‍රඥප්තින්ට යටත්ව සිදු කල යුතුය.
එහෙත් පසුගිය දා මෙරට ඉතිහාසයේ සිදු වූ විශාලතම මුදල් වංචාව සිදු කිරිම සම්බන්ධයෙන් ආණ්ඩුවේ නිලධාරියෙකු ලෙස චෝදනා ලබා සිටින එකම පුද්ගලයා වන හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රීලංකාවේ පුරවැසියෙකු නොවූ බව මුලදීම හෙලි වු බැව් කෝප් කොමිටියේ හිටපු සභාපති ඩිව් ගුණසේකර  කරුණු සහිතව සිකුරාදා 5 වෙනිදා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කලේ ය. පුවත මෙතනින්
ඒ අනුව මේ මහා මූල්‍ය මංකොල්ලයට සම්බන්ධ හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රීලංකාවේ පුරවැසියෙකු නොවන බැවින් ඔහු මේ වනවිට ශ්‍රීලංකාවෙන් බැහැරව තම මව් රට වන සිංගප්පූරුව බලා වහාම පිටත්ව ගොස් ඇත.

හොරු තුන්දෙනෙක් ...!!! කළ හොරකමක්...!!!

ලොකුම හොරා රනිලා අනිකා කුප්‍රකට හොර තඩියා කරුප්පයියා....!!!
මහබැංකුවේ බැඳුම්කර වංචාව පිළිබඳ විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්‌සේ ජනතාව දැනුවත් කරමින් එම වංචාව පිළිබඳ සොයාබැලීම සඳහා කොමිෂන් සභාවක්‌ පත් කරන්නැයි ජනාධිපතිගෙන් ද ඉල්ලීමක්‌ කළ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය  පසුගියදා ප්‍රකාශයට පත්වූ එම කොමිසමේ නිර්දේශ තුළින් හෙළිවන මේ මහා වංචාවේ ස්‌වභාවය පිළිබඳ සිදු කළ විග්‍රහයකි මේ.

අපේ රටේ ඉතිහාසයේ කොමිෂන් සභා අප්‍රමාණව පිහිටුවා තිබෙනවා. මමත් සහභාගි වුණු ලලිත් ඇතුලත්මුදලි ඝාතනය පිළිබඳ කොමිෂන් සභාව, විජය කුමාරතුංග ඝාතනය පිළිබඳ කොමිෂන් සභාව, ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය පිළිබඳ කොමිෂන් සභාව වැනි ඒ සියලුම කොමිෂන් සභා ඇතිකළේ වෙනත් ආණ්‌ඩු සිදුකළ යම් යම් කටයුතු ගැන සොයා බලන්නයි. එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායකගේ සමයේ ඇමැතිවරුන්ට එල්ල වූ අල්ලස්‌ චෝදනා ගැන සොයා බලන්න පත් කළ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම

හැරෙන්නට අපේ රටේ ඉතිහාසයේ කිසිම ආණ්‌ඩුවක්‌ තමන්ගේ වැරදි සොයන්න කොමිසමක්‌ පිහිටුවලා නෑ. අපේ රටේ ආණ්‌ඩුවක්‌ තමන්ගෙම අයගේ වැරදි හොයන්න කොමිෂන් සභාවක්‌ පත් කළ මේ දෙවැනි අවස්‌ථාව. තමන්ගේ ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරු මේ බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට එල්ල වූ චෝදනාවට අනුව එය සොයා බැලීමට මේ කොමිෂන් සභාව පිහිටුවීමෙන් ජනාධිපති  සිරිසේන  විශේෂ කාර්යභාරයක්‌ ඉටු කර තිබෙනවා. එය ඉතිහාසගතවන සිද්ධියක්‌. දූෂණය පිටුදකින, දූෂණයට එරෙහිවන මේ රටේ සියලුදෙනාගේම ප්‍රණාමය ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පුද කළ යුතුයි.
මේ ජනාධිපති කොමිසම සුවිශේෂ වන හේතු කිහිපයක්‌ තිබෙනවා.  සිරිසේන ජනාධිපති මේ කොමිසමට විගණකාධිපතිවරයෙක්‌ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් දෙදෙනෙක්‌ පත්කළා. එම විනිසුරුවන් දෙදෙනාම ඉතාමත් දක්‌ෂ විනිසුරුවන් දෙදෙනෙක්‌. මා එහි දකින සුවිශේෂත්වය වන්නේ මේ විනිශ්චයකරුවන් දෙදෙනාම එක්‌සත් ජාතික පක්‌ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළ විනිසුරුවන් දෙදෙනෙක්‌ වීම.

පිනට පාර්ලිමේන්තු ගිය ඵළදෙනක් තප්පුුලයි......!!!

සියළුම රාජ්‍ය ආයතන පුද්ගලි අංශයට විකුණා දැමිය යුතුයි...!!!

 සියළුම රාජ්‍ය ආයතන පුද්ගලි අංශයට විකුණා දැමිය යුතුයි..- තෙල් නියෝජ්‍ය ඇමතිනිය කියයි..
‘වෙලාවකට හිතෙනවා ඔක්කොම රජයේ ආයතන පෞද්ගලීකරණය කරන්න ඕනේ කියල’ යයි නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ  සදහන් කරයි.
ඇය මේ බව කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව වසර සදහා වැඩ ආරම්භ කිරීමේ නිල උත්සවයට සහභාගි වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද සදහන් කලාය.
“මෙතනට ආපුවහම තමයි පේන්නේ අපිට කොයි තරම් හමුදාවක් ඉන්නවද කියල. CPC එකේ 3000ක් ඉන්නවා. CPSTL එකේ 2700 ක් පමණ ඉන්නවා. තවත් මේකට එන්න දවසකට කීදෙනෙක් අපිට කතා කරනවද ? ඇමතිටයි මටයි තමයි පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම ඩිමාන්ට් එක තියෙන්නේ. එක්කෝ ෂෙඩ් එකක් ගන්න පස්සෙන් එනවා. නැත්නම් රස්සාවට දාගන්න කවුරුහරි පස්සෙන් එනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.