ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 4, 2018

ප්‍රවීණ කලාශිල්පී ෆ්‍රැන්සිස් වන්නිආරච්චි මහතා අභාවප්‍රාප්ත වෙයි...!!!

ප්‍රවීණ කලාශිල්පී ෆ්‍රැන්සිස් වන්නිආරච්චි මහතා අභාවප්‍රාප්ත වුණා. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දීයි අභාවප්‍රාප්ත වී ඇත්තේ.
ITN ආයතනයේ සංස්කෘතික අංශයේ ප්‍රධානියා ලෙස දිගු කලක් සේවය කළ ඒ මහතා වැඩසටහන් රැසක් නිෂ්පාදනය කරමින් එම වැඩසටහන් ඉදිරිපත් කිරීමට ද කටයුතු කළා. කලා රසාංග සහ නාද සිත්තම් යන වැඩසටහන් ඒ අතරින් ප්‍රධාන වනවා. රූපවාහිනී කිතුණු වැඩසටහන් ඉදිරිපත් කිරීමේ පුරෝගාමියෙකු වූ ඒ මහතා ITN  ඔස්සේ එම වැඩසටහන් විකාශය කිරීමට දායකත්වය ලබා දුන්නා. වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු පමණක් නොව රංගන ශිල්පියෙකු ලෙසද ඔහු සිය කුසලතා දැක්වූවා. අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාශිල්පී ෆ්‍රැන්සිස් වන්නිආරච්චි මහතා ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පියෙකු ද වනවා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කරන්නේ.
 තනිව හුදෙකලාව ජීවත්වූ ඔහු ගැන ස්වාධීන රූපවාහිනියෙන්වත් සොයා බැලුවේ නැත.මිය ගිය පසුව පමණක් එම ආයතනයේ වර්තමාන නරුමයනට මතක් වීමද පුදුමයකී.කෙසේ වෙතුදු ඔහු සමග කළ අවසන් සාකච්ඡාව මේ සමගින් ....!!!

එදා බෙල්ලන්විල නාහිමි කී අනාවැකිය ටක්කෙටම හරියයි..

බැදුම්කර මගඩියට කිසිම දේශපාලඥයෙකු වැරදි නෑ.. රවිට නඩු දාන්නේ පුද්ගලික ගණුදෙනුවකට.. ටි‍්‍රලියනයේ අලාභයෙන් අය කරන්නේ සීයෙන් එකයි.. එදා බෙල්ලන්විල නාහිමි කී අනාවැකිය ටක්කෙටම හරියයි..!!!


 කොමිසන් සභා පත්කිරීම තුළ ඇතැම් දේශපාලන අංශවලින් මට එල්ල කරන ලද චෝදනා පිළිබදවත්, කිසියම් දේශපාලන පක්ෂයක් මුල්කරගෙන හෝ කිසියම් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන මෙම කොමිසන් සභා මා විසින් පත් නොකළ බව විශේෂයෙන් සදහන් කළ යුතුයි’ යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් ඊයේ සවස සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විනාඩි 23ක කාලයක් ජාතිය මතමින් කියා සිටියේය.
ඒ මෙරට ඉතිහාසයේ සිදු වූ විශාලතම රාජ්‍ය මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පත්කල ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධවයි.
මෙම මහා මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පසුගිය වසරේ දි නාරාහේන්පිට අභයාරාමයෙදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දි මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න මහා නායක හිමියන් පැවසුවේ ‘මේ රටේ ඕනම දරුවෙකු පවා දන්නා මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධව කොමිෂන් පත් කොට නිකම් කාලය කා දමන්නේ නැතිව මෙම මහා හොරකම සිදු කල අයව නීතියේ ඉදිරියට ගෙනවිත් දඩුවම් කල යුතුය’ යනුවෙනි.

බඩු මිල වැඩි වුණේ බැදුම්කර හොරුන් නිසා බව පැහැදිලියි.. !!!

රාජපක්‍ෂ ණය බොරුවක්.. මහබැංකුව බින්දේ අගමැතිගේ අනුග‍්‍රහයෙන්..!!!



බැදුම්කර හොරුන්ගෙන් මුදුල් අයකරගෙන ජනතාවට සහන ලබාදීම සදහා කටයුතු කල යුතු යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.
මේ බව සදහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ජනතාව ඉතාම අමාරුවෙන් ජීවත්වෙද්දී සීමිත පිරිසක් විසින් සුර සැප විදීම සදහා ජනතා මුදල් සොරකම් කර ඇති බව ඔප්පුවී හමාරය.
දැන් රජය කල යුත්තේ බැදුම්කර කර හොරුන් විසින් සොරකම් කරන ලද ජනතා මුදල් අයකරගෙන ජනතාවට සහන ලබාදීමය. ජනතාව බදු මුදල් ගෙවන්නේ රාජ්‍ය අනුග්‍රහය ලබන සොරුන්ට මුදල් හොරකම් කිරීමට නොවේ.
හාල් මිල වැඩිවන විට හා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිවන විට රජය ප්‍රකාශ කලේ රාජපක්ෂ ණය ගෙවීම සදහා භාණ්ඩ මිල වැඩි කිරීමට සිදුවන බවයි. දැන් අපට පැහැදිලි වන්නේ පාරිභෝගිකයා පසුගිය කාලයේ දුක්වින්දේ රාජ්‍ය අනුග්‍රහය ලබන සොරුන් විසින් ජනතා මුදල් සොරකම් කල නිසා යන්නයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.