ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 9, 2018

රටට ද්‍රෝහි වීම...!!! රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පැවැත්වීමට ගත් තීරණයට විරුද්ධව පවරා ඇති නඩුවේ තීන්දුව දීමට නියමිතය. 19 වන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ වසර 4 1/2 කට පසුවය. මොවුන් නඩුව පවරා ඇත්තේ බලයට පත්වූ රජය වසර 4 1/2ක් යෑමට ප‍්‍රථම විසුරුවා හැරීම නිසා තමන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමිනි. එකී පුද්ගලයන් පසුගිය යහපාලන රජය පළාත් පාලන මැතිවරණය වසර 2 1/2 කට අධික කාලයක් කල් දැමීම හේතුවෙන් සමස්ත ජනතාවගේම මානව හිමිකමක් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡන්ද බලය අහිමි කිරීම සම්බන්ධයෙන් කිසිදු නඩුවක් පැවරුවේ නැත. දැන් නඩුව පවරා ඇත්තේ ¥ෂිත සහ දේශද්‍රෝහී යැයි සනාථ වූ රජයක් පෙරළා ජනතාවගේ මානව හිමිකම් සුරක්‍ෂිත කිරීම පිණිස ඔවුන්ට කැමතිනම් තිබුනු රජය හෝ වෙනත් රජයක් හෝ පත් කර ගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහ මැතිවරණයක් පැවැත්වීමට එරෙහිවය. ජනාධිපතිවරයා යනු සමස්ත ලක්වාසී ජනතාවගේම බහුතර ඡන්දයෙන් පත්වුණු ජනතා පරමාධිපත්‍යයේ සංකේතයයි. ඔහු ගන්නා තීරණය යනු සමස්ත ජනතාවම ගනු ලබන තීරණයයි. ශ්‍රේෂ්ඨාධිකරණගේ විනිසුරු කරු ඡන්ද ලක්වාසි ජනතාවගේම කොටසකි. ඔවුන් නීති විශාරදයන් මෙන්ම මහ පොළවේ පය ගසා ජීවත්වන පුද්ගලයන්ය. නීති පොතේ දැනුම සේම රටේ සිදුවන්නේ කුමක්දැයි පිළිබඳ දැනුමින් පරිපූර්ණ අය ය. යුද්ධයකදී කෙතරම් නවීන තාක්‍ෂණයෙන් යුත් අවි ආයුධ තිබුණද අවසානයේ ජයගැනීමට අවශ්‍ය ප‍්‍රධාන කරුණනම් රට පිළිබඳ තිබෙන ජාති මාමක හැඟීමයි. අප ත‍්‍රස්තවාදී යුද්ධය ජයගත්තේ එම දේශපේ‍්‍රමී හැඟීම පෙරදැරි කර ගත් නිසාය. අපේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන්ටද එම හැඟීම ඇති බැව් මගේ දැඩි විශ්වාසයයි.
  මේ වන විට ජනතාව තුළ පවා ප‍්‍රශ්නයක් පැන නැගී ඇත්තේ 19 වන සංශෝධනයෙන් ජනාධිපතිට වසර 4 1/2 ක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකිය යන්න සම්මත වී තිබියදී වසර 3 1/2 කට පසුව පාර්ලිමේන්තුව විසුරුවේ කෙසේද යන්නයි. මේ සම්බන්ධයෙන් පසුගිය බ‍්‍රහස්පතින්දා දින ජනාධිපති නීතිඥවරුන් වන මනෝහරද සිල්වා සහ අලි සබ්රි යන මහතුන් ඉතා පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු පැහැදිලි කරනු අපට පෙනුනි. ඔවුන් පෙන්වා දුන්නේ 19 වන සංශෝධනය ගෙන ඒමට පෙර අප ව්‍යවස්ථාවේ ජනපතිට නොතිබූ බලයක් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන අවස්ථාවේ 33 (2) වගන්තිය යටතේ ලබා දී ඇති බවයි. එනම් කැමති අවස්ථාවක පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇති බවයි.


 වසර 2002 දීද විධායක ජනාධිපති බලය කප්පාදු කරන රට පෙඩරල් කරන, චන්ද්‍රිකා පැකේජය නම් වූ 19 වන සංශෝධනයෙහි ද නිර්මාතෘවරයෙක් වූ ජයම්පති වික‍්‍රමරත්න ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනයේද වසර 4 1/2 ක් යන තුරු ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකිය යන වගන්තිය අන්තර්ගත කොට තිබුණි. එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කළ විට විභාගයට ගැනුනේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් 07 දෙනකුගෙන් සමන්විත මඬුල්ලකිනි. ඔවුන් එය එක හෙලා ප‍්‍රතික්‍ෂේප කළ අතර එසේ කළේ ජනමත විචාරයකින් තොරව එසේ ජනාධිපති බලය කප්පාදු කළ නොහැකි බව ප‍්‍රකාශ කරමිනි. එසේම එවකට පැවති ව්‍යවස්ථාවේ මා පෙර පෙන්වා දුන් 33 (2)වැනි වගන්තියක් ද නොතිබූ නිසාය.

 2002 දී එසේ තම පාඩම ඉගෙනගත් ජයම්පති වික‍්‍රමරත්න 2015 දී කොටි ත‍්‍රස්ථවාදී LTTE සංවිධානයේ දේශපාලන හස්තයෝ වූ ද්‍රවිඩ සංධානයේ පාර්ලිමේන්තු මංත‍්‍රි සුමන්දිරම් සහ රනිල් වික‍්‍රමසිංහ සමග කුමන්ත‍්‍රණය කොට ඉතා වංචාකාරී ලෙස 19 ව්‍යවස්ථා සංශොධනයට 33 (2) වැනි වගන්තිය ඇතුළත් කළේ 2002 දී මෙන් එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ විට ප‍්‍රතික්‍ෂේප වනු වැළැක්වීම පිණිසය. ඒ ආකාරයෙන්ම 2015 දී 19 ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කළ විට අගවිනිසුරු ශ‍්‍රී පවන් ඇතුළු විනිසුරු මඬුල්ල එම වසර 4 1/2 වගන්තිය ඇතුළත් ව්‍යවස්ථාව 2002 දී මෙන් ප‍්‍රතික්‍ෂේප නොකිරීමට ප‍්‍රධානම හේතුව වූයේ 33 (2) වගන්තිය යටගේ ජනාධිපතිට ලබා දී ඇති බලතල පිළිබඳ කරුණ සැලකිල්ලට ගනිමිනි. ජයම්පති සහ සුමන්දිරන් එම වගන්තිය 19 යට ඇතුළත් කළේ එසේ නොකළානම් වසර 4 1/2 කතාව ජනමත විචාරයකින් තොරව අනුමත කළ නොහැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන බව ඔවුන් දැන සිටි හෙයිනි. නමුත් එම වගන්තියම තමන්ගේ අවාසියට සිටී යැයි ඔවුන් එදා සිතුවේ නැත. මන්ද තමන් මොන ආකාරයේ අගතියක් රටට සිදුකළද ජනාධිපතිවරයා එය ඉවසා සිටී යැයි ඔවුන් සිතූ බැවිනි. නමුත් රටේ වාසනාවට ජනාධිපති එසේ කළේ නැත. ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ එම 33 (2) වගන්තියම උපයෝගි කරගනිමිනි. සාමාන්‍ය ජනතාවට පවා තේරුම් යන ඒ දෙය වඩාත් හොඳින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කරුවන් අවබෝධ කර ඇතැයි අප සිතමු.

 දැන් පක්‍ෂය හිස මත තබාගෙන රනිල්ව නැවත බලයට ගෙන ඒමට උද්ඝෝෂණය කරන දහස් ගණන් ජනතාවට තමන් එසේ කිරීම තුළින් තම උපන් භූමියට ද්‍රෝහි වන්නේ කෙසේදැයි පහදා දීමට කැමැත්තෙමි. මන්ද එකී උද්ඝෝෂණ වලට සහභාගි වන බොහෝ දෙනා රනිල් දිගටම බලයේ සිටියානම් රටට සිදුවන විපත සම්බන්ධයෙන් නොදන්නා නිසාය. එනම්

 (අ.) ජිනීවා 30/1 යෝජනාවට රට පවා දෙමින් සම අනුග‍්‍රහය ලබා දෙමින් එහි නිර්දේශ කර ඇති පරිදි 2019 මාර්තු මස වන විට ද්‍රවිඩ සංධානයට අවශ්‍ය ලෙස රට පෙඩරල් කරන ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට සියලූ පියවර ගෙන අවසන්ය. (මෙයට ජවිපෙ මංත‍්‍රීවරු 06 දෙනාගේද පූර්ණ සහය තිබුණි)

 (ආ.) ඉන්දියාව තුලනය කිරීමට ලංකාවේ සියලූම උපක‍්‍රමික මර්මස්ථාන එනම් මත්තල ගුවන් තොටුපල, කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීරණය සහ අක්කර 700,000 ක ඉඩම් ප‍්‍රමාණය ඉන්දියාවට ලබා දීමට නියමිතව තිබුණි. (රනිල් විසින් හම්බන්තොට වරාය චීනයට ලබා දීම ගැන ඉන්දියාව වැඩිපුර දැඟලූවේ නැත්නේ තමන්ට ඊට වඩා සිය ගුණයක් ලබා දීමට රනිල් පොරෝන්දු වී සිටි බැවිනි)

 (ඇ.) ප‍්‍රකෝටිපති දෙමළ ඩයස්පෝරාව ඇතුළු මහා ධන කුවේර විදේශිකයන්ට අප රටේ ඕනෑම ඉඩමක් සින්නක්කර මිලදී ගැනීමට අනුමැතිය ලබා දෙන පනත සම්මත කර අවසන්ය. (මෛත‍්‍රිපාල ජනාධිපති, මහින්ද අගමැති රනිල් එලවා දැමීමට මූලික හේතුවක් වූයේ එයයි.)

 මීට අමතරව රනිල්ගේ පාලන කාලය තුළ ඩොලර් මිලියන 1400 ක සෘජු විදේශ ආයෝජන රටට අහිමි විය. රාජ්‍ය ණය කෝටි 900,000 කින් ඉහළ ගියේය. මහා බැංකු මංකොල්ලයෙන් රුපියල් ටි‍්‍රලියනයක මුදලක් රටට අහිමිවිය. එය පියවා ගැනීමට මහජනයා මත නොඉසිලිය හැකි ආකාරයේ බදු පැනවිය. ලංකාව ලෝකයේ ¥ෂිතම රටවල් 04 ට එක්වූයේ රනිල්ගේ පාලන කාලයේය.

 රට මෙවන් තත්ත්වයකට ඉතා කෙටි කාලයක් තුළ පත්කළ රනිල්ව එලවා දැමූ පසු ඔහුව නැවතත් පත්කළ යුතු යැයි කියමින් යමෙක් පෙළපාලි යයි නම් ඔහු හෝ ඇය කවර ගණයට අයිති කෙනෙක් දැයි මවු බිමට ආදරය කරන කුඩා දරුවකුට වුව වැටහෙන කරුණකි.

 රනිල්ගේ පක්‍ෂයේ රංජන් රාමනායක තමන්ට අදාළ නැති දේ ගැන කටමැත දොඩා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට පවා කැඳවීමට නොතිසි යවා ඇත. මේ ඒ සම්බන්ධයෙන් නොවේ. පසුගිය දිනක ඔහු විසින් කරන ලද තවත් එවැනිම බාල මෝඩ ප‍්‍රකාශයක් පිළිබඳවයි. ඔහු කියා සිටියේ ඇමරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් දේශපාලන උපදෙස් ලබාගැනීමට ඒ රටේ ආගමික නායකයන් ළඟට යන්නේ නැතිය. නමුත් අපේ රටේ දේශපාලන නායකයන් රට පාලනය කිරීමට උපදෙස් ගැනීමට ත්‍රෛනිකායක හිමිවරුන් ළඟට යනවාය, ඒ මොන විහිළුවක්ද යන ආදී වශයෙනි.

 ඇමරිකාවේ ජනාධිපති යම් උපදෙසක්

 ගැනීමට හෝ දැනුවත් කිරීමට හෝ තම රටේ ආගමික නායකයන් හමුවන්නේ රංජන් රාමනායකගේ අතේ තිබෙන ජංගම දුරකථනයට කතා කරලාද යැයි කෙනෙක් කියනු මට ඇසුනි. රංජන් රාමනායක එකක් දැන ගත යුතුය. එනම් ඇමරිකාවේ ඉතිහාසය අවුරුදු 300 ක් වත් නැති අතර ලංකාවේ ඉතිහාසය අවුරුදු දහස් ගානක් වන බවය. තමන් ඒ වගේ බාල ප‍්‍රකාශයක් කිරීමට ප‍්‍රථම තම රටේ ඉතිහාසය පිළිබඳව සුළුවෙන් හෝ දැනගන යුතුය. ලිඛිත ඉතිහාසය පමණක් වසර 2500 ක් වන අපේ රටේ අතීත ක‍්‍රියාදමයන් පිළිබඳ හසරක් නොදන්නා දේශපාලකයෙක් පිටරටකට ගොස් රට නියෝජනය කරන්නේ කෙසේ දැයි වටහා

 ගැනීම ඔහු පත් කරගන්නා ජනතාවගේ වගකීමකි.

 අපේ රටේ භික්ෂුන් වහන්සේ හඳුන්වන්නේ දේශයේ මුර දේවතාවන් වශයෙනි. ඒ වසර දහස් ගානක් තිස්සේ දේශය මුර කළේ, ආරක්‍ෂා කළේ, දේශය ආරක්‍ෂා කරන රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කළේ, අනාගත රජවරු පංසලේ සඟවා දන් බත් කවමින් පෝෂණය කළේ, සමහර අවස්ථාවල රජවරු පත් කළේ, භික්ෂුන් වහන්සේ බව නොදන්නා කෙනෙක් රටේ සිටීනම් ඔහු සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේ නොව වෙනත් තැනකය. අපේ එම ප්‍රොඪ ඉතිහාසය තුළ ආර්ය සංඝරත්නය විසින් කරන ලද එම මහඟු කාර්ය භාර්ය දන්නා සෑම පාලකයෙක්ම තම තනතුර ලද වහාම මහනායක හිමිවරු බැහැ දකින්නේ එම සම්ප‍්‍රදායට අනුවය. රටේ පිළිගත් නායක හිමිවරු රටේ දේශපාලනය පිළිබඳ ප‍්‍රකාශ නිකුත් කරන්නේ සංඝ අනුශාසනාවන් නිකුත් කරන්නේ ඉතිහාසය තුළ උන්වහන්සේලා කරන ලද එම කාර්ය භාරයට අනුවය. එදා භික්ෂුන් වහන්සේ එම කාර්ය නොකළානම් අද වන විට අප ඉන්දියාවේ තමිල්නාඩුවේ තවත් එක් ප‍්‍රාන්තයක් වීමට ඉඩ තිබුනි. එබැවින් තම ආගම කුමක් වුවත් මහනායක හිමිවරු හමුවීමට යන්නේ, උපදෙස් පතන්නේ, ගරු කරන්නේ රටේ ඉතිහාසය දන්නා නිසාය. එය හෑල්ලූවට පත් කරන්නේ ඉතිහාසය නොදන්නා, ඉතිහාසයට ගරු නොකරන, රට ගැන හැඟීමක් නැති කෙනෙක් පමණි. දැන් පාර්ලිමේන්තුව විසුරුවා ඇති බැවින් ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වීමට ප‍්‍රථමයෙන් මේ ටික කාලය තුළදීවත් 05 ශිෂ්‍යත්වයට උගන්වන ඉතිහාස කරුණුවත් දරුවකුගෙන් ඉල්ලා බලන මෙන් මම රංජන් රාමනායකගෙන් ඉල්ලා සිටිමි. ඒ ඔහුගේම දේශපාලන උන්නතිය උදෙසාය.

 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.