ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, December 29, 2018

බංගලි සුන්දරී සමග කුඩු කිලෝ තිස් දෙකක් මාට්ටු... !!!

තරුණිය එසේ මෙසේ කුඩු ජාවාරම්කාරිනියක් නොව, ජාත්‍යන්තර මත් කුඩු ජාවාරම්කාරිනියකි. ඇය බංගලාදේශ තරුණියකි. නම සුරෝජා මෝනිය. වයස අවුරුදු විසි තුනකි. වයසටත් වඩා ඇය ජාවාරම්වලට පරිණතය. වසර කිහිපයක සිට මෙරටට විටින් විට පැමිණ මත් කුඩු ජාවාරමේ නිරතව සිටින මේ තරුණිය අවසාන වරට පැමිණ සිටියේ පසුගිය නොවැම්බර් මාසයේදීය. ඇය මෙරට ස්ථිර පදිංචිකාරිනියක් නොවූවද රත්මලාන දෙල්ගහවත්ත 29/2 ලිපිනයේ සහ ගල්කිස්ස, ගාලූ පාර, 375/5, 2/1 යන ලිපිනයේ සුපිරි නිවාස දෙකක හිමිකාරිනියකි. සිංහල කතා කිරීමට නොහැකි ඇය ඉංග‍්‍රීසි භාෂාව චතුර ලෙස කතා කරන්නීය. වැඩිදුර ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිදරව් වී ඇත්තේ ඇය පදිංචිව සිට ඇත්තේ ගල්කිස්ස නිවසේ බවත්, මත් කුඩු තොග සඟවා තබා ඇත්තේ රත්මලාන නිවසේ බවය. පසුව පොලිස් නිලධාරීහු විසින් ඇයව කැටුව රත්මලාන නිවසට ගියහ.  සුපිරි පන්නයේ නිවස යකඩ ගේට්ටු සහිත ශක්තිමත් ඉබි යතුරුවලින් ආරක්‍ෂිතව තිබිණි.
 දොරගුළු විවර කරගත් පොලිස් නිලධාරීහු ඇය කැටුව නිවස තුළට ගියහ. පසුව ඇය නිදන කාමරය තුළ ඇඳ යට සඟවා තිබූ තරමක් විශාල ගමන් මලූ දෙකක් පොලිස් භාරයට ගැනිණිි. එම ගමන් මලූ දෙකේ කේක් පෙට්ටි දහඅටක් තිබිණි. එම සෑම කේක් පෙට්ටියකම මත් කුඩු කිලෝවක් සහ ග‍්‍රෑම් ගණනක් අඩංගු වන පරිදි අති සූක්‍ෂම ලෙස අසුරා තිබිණි. ඊට අමතරව මත්කුඩු කිලෝව බැගින් අසුරන ලද සුදු පැහැති ඉටි බෑග් දොළහක් ද පොලිසිය විසින් සොයාගනු ලැබිණි. එම නිවසේ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් මත්කුඩු ප‍්‍රමාණය පමණක් කිලෝ තිස් එකකට වැඩිය. ඇය භාරයේ තිබී පොලිස් අත්අඩංගුවට පත් සම්පූර්ණ මත් කුඩු ප‍්‍රමාණය කිලෝ තිස්දෙකයි, ග‍්‍රෑම් තුන්සිය විසි නවයකි. වටිනාකම රුපියල් කෝටි තිහකට වැඩිය. අප මේ සටහන තබන මොහොත වන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් බංගලි මත් කුඩු ජාවාරම්කාරිනියට එරෙහිව ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණයේ 30/86 2018 යටතේ නඩු පවරමින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරගෙන යන බවද දැනගැනීමට ලැබිණි. එමෙන්ම මේ කාන්තාව සමඟ මෙරට මත් කුඩු ජාවාරමේ නිරත තවත් පුද්ගලයන් කිහිපදෙනකු සිටින අතර, ඔවුන්ව ද අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් පරීක්‍ෂණ පවත්වාගෙන යන බව දැනගැනීමට ලැබිණි. දෙහිවල, රත්මලාන ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මකව පැවති මහා පරිමාණ මත් කුඩු ජාවාරමක සුල මුල එසේ අනාවරණය වන විට උඩුනුවර වෙලම්බඩ පොලිසිය විසින් පසුගිය දිනක මත් කුඩු ග‍්‍රෑම් 100 ක් සහ ප‍්‍රවාහනය කරමින් තිබූ සුපිරි මෝටර් රථයක් සමඟ තරුණයන් දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබිණි. කුඩු විකුණා ලබාගත් රුපියල් ලක්‍ෂයක මුදලක් ද ඔවුන් සන්තකයේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.
කුඩු කතා එමටය. ගෙවී ගිය සතිය තුළ පමණක් රට පුරා ස්ථාන කිහිපයකදී කුඩු සමඟ පුද්ගලයන් කිහිප දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. මත් කුඩු කිලෝ තිස්දෙකක් සමඟ බංගලාදේශ තරුණියක් දෙහිවලදී පොලිස් අත්අඩංගුවට පත්වීම සහ මුස්ලිම් ජාතිකයකු විසින් අනුරාධපුර බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලබන කුඩු ජාවාරමේ ප‍්‍රධාන ගෝලයන් පොලිස් අත්අඩංගුවට පත්වීම ඒ අතර විශේෂ සිද්ධි දෙකකි. එහෙයින් එම අත්අඩංගුවට පත්වීම් සහ මෙරට තරුණ ජවය මන්දබුද්ධික කරන මත්කුඩු ජාවාරම ගැන සටහනක් තැබීම අපගේ අදහස විය.
 මේ ඒ කතාවය. පසුගිය දිනක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත හදිසි තොරතුරක් ලැබිණි. ඒ දෙදෙනකු අතර සිදු වන මත් කුඩු ගනුදෙනුවක් සම්බන්ධ තොරතුරකි. එම ආරංචිය ලැබූ සැණින් ක‍්‍රියාත්මක වූ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් සූදානම් කරමින් මත් කුඩු සමඟ ඡාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය මෙහෙයුම සංවිධානය කෙරිණි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරුවලට අනුව පසුගිය 15 වැනිදා හැඩකාර තරුණියක්,
මෙරට ජනප‍්‍රිය වෙළෙඳ නාමයක් සහිත කේක් ගෙඩියක් රැගෙන ත‍්‍රිරෝද රථයකින් රත්මලාන ප‍්‍රදේශයේ සිට කොළඹ දෙසට ගමන් කරමින් සිටියාය. සුන්දර සිනාව, පි‍්‍රයමනාප කතාව සැක හිතෙන කිසිදු ඉරිව්වක් ඇයගෙන් පළ නොවිණි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් ද අති සූක්‍ෂම අයුරින් වෙස් වලාගෙන ඇයව ලූහුබඳිමින් සිටින බව හාංකවිසියක්වත් තරුණියට ද නොතේරිණි. තරුණිය රැගත් ත‍්‍රිරෝද රථය දෙහිවල සුපිරි අවන්හලක් ඉදිරිපිට තරුණයකු අසල නතර විය. ළෙන්ගතු සිනාවකින් දෙදෙනාගේ දෙනෙත් ගැටිණි. එහෙත් කිසිදු කතා බහක් නැත. තරුණිය විසින් තරුණයාගේ අතට කේක් පෙට්ටිය දුන්නාය. එසැණින් ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු දෙදෙනාවම අල්ලා ගත්හ.
කිසිදු ලෙසකින් ඔවුන්ට ගැලවීමක් නොමැති විය. හොර රහසේ කරගෙන ගිය කේක් සෙල්ලම කම්මුතු බව තරුණියට තේරිණි. පොලිස් නිලධාරීහු විසින් කේක් පෙට්ටියත්, ති‍්‍රරෝද රථයත් සමඟ ඔවුන් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත රැගෙන ගියහ. ප‍්‍රථමයෙන් කේක් පෙට්ටිය විවෘත කර බැලූ පොලිස් නිලධාරීන්ට දැකගැනීමට ලැබුණේ ඉතා සූක්‍ෂමව අසුරා තිබූ මත් කුඩු තොගයකි. එම මත් කුඩුවල ප‍්‍රමාණය කිලෝ එකයි ග‍්‍රෑම් 11 කි. අනතුරුව ඔවුන් දෙදෙනා ප‍්‍රශ්න කිරීම්වලට භාජන කෙරිණි. දැඩි පරිශ‍්‍රමයක් යොදා පොලිස් නිලධාරීහු ඔවුන් දෙදෙනාගෙන් සියලූ තොරතුරු අනාවරණය කර ගත්හ. තරුණයා පැමිණ සිටියේ තරුණියගෙන් මත් කුඩු මිලට ගැනීමටය. තරුණිය එසේ මෙසේ කුඩු ජාවාරම්කාරිනියක් නොව, ජාත්‍යන්තර මත් කුඩු ජාවාරම්කාරිනියකි. ඇය බංගලාදේශ තරුණියකි. නම සුරෝජා මෝනිය. වයස අවුරුදු විසි තුනකි. වයසටත් වඩා ඇය ජාවාරම්වලට පරිණතය. වසර කිහිපයක සිට මෙරටට විටින් විට පැමිණ මත් කුඩු ජාවාරමේ නිරතව සිටින මේ තරුණිය අවසාන වරට පැමිණ සිටියේ පසුගිය නොවැම්බර් මාසයේදීය. ඇය මෙරට ස්ථිර පදිංචිකාරිනියක් නොවූවද රත්මලාන දෙල්ගහවත්ත 29/2 ලිපිනයේ සහ ගල්කිස්ස, ගාලූ පාර, 375/5, 2/1 යන ලිපිනයේ සුපිරි නිවාස දෙකක හිමිකාරිනියකි. සිංහල කතා කිරීමට නොහැකි ඇය ඉංග‍්‍රීසි භාෂාව චතුර ලෙස කතා කරන්නීය. වැඩිදුර ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිදරව් වී ඇත්තේ ඇය පදිංචිව සිට ඇත්තේ ගල්කිස්ස නිවසේ බවත්, මත් කුඩු තොග සඟවා තබා ඇත්තේ රත්මලාන නිවසේ බවය. පසුව පොලිස් නිලධාරීහු විසින් ඇයව කැටුව රත්මලාන නිවසට ගියහ.  සුපිරි පන්නයේ නිවස යකඩ ගේට්ටු සහිත ශක්තිමත් ඉබි යතුරුවලින් ආරක්‍ෂිතව තිබිණි. දොරගුළු විවර කරගත් පොලිස් නිලධාරීහු ඇය කැටුව නිවස තුළට ගියහ. පසුව ඇය නිදන කාමරය තුළ ඇඳ යට සඟවා තිබූ තරමක් විශාල ගමන් මලූ දෙකක් පොලිස් භාරයට ගැනිණිි. එම ගමන් මලූ දෙකේ කේක් පෙට්ටි දහඅටක් තිබිණි. එම සෑම කේක් පෙට්ටියකම මත් කුඩු කිලෝවක් සහ ග‍්‍රෑම් ගණනක් අඩංගු වන පරිදි අති සූක්‍ෂම ලෙස අසුරා නුරාධපුර බන්ධනාගාරයේ සිරගතව සිටින මුස්ලිම් ජාතියකු විසින් මෙහෙයවන ලද මෙම මත් කුඩු ජාවාරම හරහා මහනුවර, පේරාදෙණිය, කඩුගන්නාව, ගම්පොළ සහ ගෙලිඔය ඇතුළු ප‍්‍රදේශ රැසකට මත් කුඩු බෙදාහැරීම සිදු කර ඇත. මහනුවරට පමණක් නොව මෙරට දිස්ත‍්‍රික්ක කිහිපයකම එම මුස්ලිම් ජාතිකයා විසින් කුඩු බෙදාහරින බව පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් විසින් හෙළි කර තිබිණි. අත්පිට මෙන්ම ඊෂි කෑෂ් ක‍්‍රමයට කුඩු බෙදාහරින අතර අත්අඩංගුවට පත් පුද්ගලයන් දෙදෙනාට දිනකට රුපියල් තිස්දහස බැගින් වේතනයක් ද ගෙවා ඇත. හෙරොයින් පානයට තදින්ම ඇබ්බැහි වී සිටින ඔවුන් දෙදෙනාට පඩියට අමතරව දිනකට කුඩු ග‍්‍රෑම් එකක් ද ලබා දී ඇත. එම කුඞ්ඩෝ දෙදෙනාම සිංහල තරුණයන්ය. මහා පරිමාණයෙන් මත් කුඩු ජාවාරම සිදු කරගෙන යන්නේ මුස්ලිම් ජාතිකයෙකි. දෙහිවල ප‍්‍රදේශයේදී මත් කුඩුත් සමග පොලිස් අත්අඩංගුවට පත් බංගලි තරුණිය ද මුස්ලිම්ය. මෙරට කුඩු ජාවාරමේ මුදුන් මුල් මුස්ලිම් ජාතිකයන් බව වරක් විශෝධනය වූ කුඩු ව්‍යාපාරිකයෙක් ද අපට පැවසීය. ඔහු පැවසූ ආකාරයට මුස්ලිම් කුඩු ජාවාරම්කාරයන් කුඩු බොන්නේ නැත. කුඩු ඇෙඟ් දාගන්නේ ද නැත. කුට්ටිය පිටින් තොගයට කුඩු විකුණා, සල්ලි මිටිය සාක්කුවේ ඔබාගෙන අත පිහිදාගන්නේය. කුඩු බීගෙන, මුළු ඇඟ පුරාම හලාගෙන පොලිසියට මාට්ටු වන්නේ සිංහල කුඞ්ඩන්ය. විනාශ වී යන්නේ මේ රටේ සිංහල තරුණයන්ය. ගම්පොළ කඩුගන්නාව මාර්ගයේ හෙළසිරිගම ප‍්‍රදේශයේදී අප අත්දැක්කේ ද ඒ කාලකණ්ණිකමය. මේ වන විට මත් කුඩු මෙරට පුරා වැපිරී අවසානය. දැන් කුඩු නැති ගමක් නැති ගානය. අපේ රට තුළ දිනක කුඩු පරිභෝජනය කිලෝ තිහ, හතළිහකට වැඩි බවත් කොළඹ පමණක් දවසකට කුඩු කිලෝ විස්සක් පමණ පරිභෝජනය වන බවත් විශෝධනය වූ කුඩු ව්‍යාපාරිකයා අපට පැවසීය. එමෙන්ම අපේ රටට බහුලව කුඩු ප‍්‍රවාහනය කරනු ලබන්නේ ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේය. මුහුදු මාර්ග ඔස්සේ යාපනයට, මන්නාරමට ගොඩ බහින කුඩු තොග, එම ප‍්‍රදේශවල සිට ගොඩබිම මාර්ග මෙන්ම මුහුදු මාර්ග ඔස්සේ රට තුළට ප‍්‍රවාහනය කරන බවත් ඔහු අපට විස්තරාත්මකව පැහැදිළි කළේය. එමෙන්ම බංගලාදේශ තරුණිය ජීවත් වන කාමරයේ තිබියදී අත්අඩංගුවට පත් කුඩු තොග මෙරටට රැගෙනැවිත් ඇත්තේ මුහුදු මාර්ග ඔස්සේ බව ඇය ද පවසා තිබිණි. පසුගිය දිනක බහුදින ධීවර යාත‍්‍රාවකින් මත් කුඩු කිලෝ දෙසිය තිස් එකක් ප‍්‍රවාහනය කරමින් සිටියදී ධීවරයන් දෙදෙනෙක්ව පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි. මේ සෑම සිද්ධියකදීම කුඩු තොග ප‍්‍රවාහනය සිදු කර ඇත්තේ මුහුදු මාර්ග ඔස්සේය. ඉන්දියාව හරහා උතුර, නැෙඟනහිර වෙරළට ගොඩ බහින මේ කුඩු තොග එර්දියෙන් වඩින්නේ නැත. මිනිසුන් විසින් බෝට්ටුවල පටවාගෙන ගෙන ආ යුතුමය. එමෙන්ම උතුර, නැෙඟනහිර වෙරළට ගොඩ බහින කුඩු කොළඹ ඇතුළු රට පුරා බෙදාහැරීම සිදු කළ යුත්තේ ද මිනිසුන් විසින්ය. එහෙයින් රටට කුඩු එන මාර්ග සහ කුඩු ගෙන්වන මුදලාලිලා ගැන ආරක්‍ෂක අංශ නොදැනුවත්ව සිටීමට නොහැකිය. එහෙත් මත් කුඩු ජාවාරමේ නිරතව සිටින තෝරු, මෝරුන්ගේ ශක්තිය නිසා මේ තොරතුරු වැලි යට සැඟවී තිබිණි. මත් කුඩුවලට එරෙහිව නීතිය තදින් ක‍්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත්තේ මෑතක සිටය. මෙපමණ විශාල මත් කුඩු තොග පිටින් අත්අඩංගුවට පත්වන්නේ එහෙයිනි. කුඩුවලින් රට මුදාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ සෙසු ආරක්‍ෂක අංශ කරගෙන යන මෙහෙයුම මෙරට පුරවැසියන් වන අප හදවතින්ම අගය කළ යුතුය. එමෙන්ම ජාත්‍යන්තර කුඩු ජාවාරමේ බල කණු සහ මෙරට ප‍්‍රබල චරිත කුඩු ජාවාරම යට සිටින බව සැක නැත. එහෙයින් කුඩු වැනසීමේ මෙහෙයුමට ‘මල්ටි බැරල්’ වැටේ. ‘මතට’ අකැමැති ජනාධිපතිතුමනි, ඒ මල්ටි බැරල්වලට මුහුණ දෙමින් කුඩු වැනසීමේ මෙහෙයුම ඉදිරියට ගෙන යෑමට පොලිස් නිලධාරීන්ට ඔබගේ ශක්තිය නොඅඩුව ඇවැසි බව අපගේ විශ්වාසයයි. එසේ වුවහොත් පිළිකාවක් බඳු කුඩු ජාවාරම නිට්ටාවටම නැති කර දැමීමට නොහැකි වුවත් බොහෝ දුරට අක‍්‍රීය තත්ත්වයට පත් කළ හැකිය.
තිබිණි. ඊට අමතරව මත්කුඩු කිලෝව බැගින් අසුරන ලද සුදු පැහැති ඉටි බෑග් දොළහක් ද පොලිසිය විසින් සොයාගනු ලැබිණි. එම නිවසේ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් මත්කුඩු ප‍්‍රමාණය පමණක් කිලෝ තිස් එකකට වැඩිය. ඇය භාරයේ තිබී පොලිස් අත්අඩංගුවට පත් සම්පූර්ණ මත් කුඩු ප‍්‍රමාණය කිලෝ තිස්දෙකයි, ග‍්‍රෑම් තුන්සිය විසි නවයකි. වටිනාකම රුපියල් කෝටි තිහකට වැඩිය. අප මේ සටහන තබන මොහොත වන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් බංගලි මත් කුඩු ජාවාරම්කාරිනියට එරෙහිව ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණයේ 30/86 2018 යටතේ නඩු පවරමින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරගෙන යන බවද දැනගැනීමට ලැබිණි. එමෙන්ම මේ කාන්තාව සමඟ මෙරට මත් කුඩු ජාවාරමේ නිරත තවත් පුද්ගලයන් කිහිපදෙනකු සිටින අතර, ඔවුන්ව ද අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් පරීක්‍ෂණ පවත්වාගෙන යන බව දැනගැනීමට ලැබිණි. දෙහිවල, රත්මලාන ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මකව පැවති මහා පරිමාණ මත් කුඩු ජාවාරමක සුල මුල එසේ අනාවරණය වන විට උඩුනුවර වෙලම්බඩ පොලිසිය විසින් පසුගිය දිනක මත් කුඩු ග‍්‍රෑම් 100 ක් සහ ප‍්‍රවාහනය කරමින් තිබූ සුපිරි මෝටර් රථයක් සමඟ තරුණයන් දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබිණි. කුඩු විකුණා ලබාගත් රුපියල් ලක්‍ෂයක මුදලක් ද ඔවුන් සන්තකයේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.


 තරංග රත්නවීර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.