පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළත් රනිල්ට
අග්‍රාමාත්‍ය ධුරය ලබා නොදෙන බවට තමා සිදුකළ ප්‍රකාශය තම පෞද්ගලික
දේශපාලන මතය වන අතර, එම මතය අදත් එලෙසම වන නමුත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට
සහ ප්රජාතන්ත්රවාදයට ගරු කරන නායකයකු ලෙස රනිල් ට
ආරාධනා කර අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට තමා තීරණය කළ බව ජනාධිපති
මෛත්‍රිපාල සිරිසේන පැවසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ (16 දා) පෙරවරුවේ ජනාධිපති
කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්
දීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා සහ පැමිණ සිටි එක්සත් ජාතික පෙරමුණ
නියෝජනය කරන මන්ත්‍රීවරුන් අමතමිනි.
අගමැතිවරයෙක් නම් කිරීමට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට හෝ අධිකරණයට බලයක් හිමිව
නොමැති අතර, එම බලය ඇත්තේ විධායක ජනාධිපතිවරයාට බව සිහිපත් කළ ජනාධිපතිවරයා
නමුත් රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබාදෙන ලෙස පාර්ලිමේන්තුවේ 117
ක් ඡන්දය භාවිත කරමින් බහුතරයකගේ මතය ප්‍රකාශ කිරීම හේතුවෙන් සදාචාරවත්
සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන නායකයකු ලෙස තමා එම තීරණයට එකඟ වූ
බවත් ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, වාර අවසන්
කිරීම, අගමැති ඉවත් කිරීම, අගමැති පත් කිරීම ඇතුළු පියවර තමා ගත්තේ තම තනි
කැමැත්තට නොව රටේ ඉහළම නීති විශාරදයන්ගේ උපදෙස් ලබා ගනිමින් බව සඳහන් කළ
ජනාධිපතිවරයා එය රට සහ මාතෘභූමිය වෙනුවෙන් ඉතාමත් සද්භාවයෙන් යුතුව ගත්
පියවර බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ කිසිදු අයහපත්
ෙච්තනාවක් තමා තුළ නොතිබූ බවත් සඳහන් කළේය.
එසේම රට තුළ ඇතිවූ
දේශපාලන අර්බුදයේ දී එය විසද ගැනීමට ඇති හොඳම ක්‍රමය ඡන්දයකට යැම බව තමා
විශ්වාස කරන අතර, පාර්ලිමේන්තුවේ 122 ට වඩා රටේ ලක්ෂ 155 ක් වූ ඡන්ද
දායකයන්ගේ ඡන්දය ජනතා පරමාධිපත්‍යයේ තීරණාත්මක සාධකය සහ රට සහ ලෝකය
පිළිගන්නා බැවින් තමන් ලක්ෂ 155 ක් වූ ඡන්ද දායකයන්ට බලය ලබාදීමට ගැසට්
නිවේදනයක් නිකුත් කළ බව කීය.
19 වැනි සංශෝධනය මගින් ස්වාධීන
කොමිෂන් සභා පිහිටුවීමට හැකිවීම යහපත් පැතිකඩක් වුවත් එහි අනෙක් පස
දේශපාලන ආරවුලක් බව සඳහන් කළ ජනාධිපතිවරයා මහ බැංකු බැඳුම්කර වංචාවේ
චූදිතයන්ට දඬුවම් කිරීම සඳහා සහ එම මුදල් ආපසු ලබා ගැනීම සඳහා අවශ්‍ය වූ
අල්ලස් කොමිසමට අදාළ පනතෙහි සංශෝධන සිදුකිරීම පාර්ලිමේන්තුව තුළ දින
නියමයක් නොමැතිව කල් දැමීම, මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කර තිබුණ ද
අමාත්‍යාංශ වෙන් කිරීමේ විද්‍යාත්මක පදනම අනුගමනය කිරීමට කටයුතු නොකිරීම,
මහ බැංකු මංකොල්ලය සහ ඒ සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ
ක්‍රියාත්මක නොකිරීම මෙන්ම භික්ෂු සමාජය අහිමිකර ගැනීම සහ රණවිරුවන් සිරගත
කිරීම වැනි අදූරදර්ශී ක්‍රියාවන් සිදුකරමින් පසුගිය වසර හතරකට ආසන්න කාලය
තුළ රජය කටයුතු කළ ආකාරය පිළිබඳව තමා තුළ තිබුණේ දැඩි කලකිරීමක් බව
පැවසීය. පසුගියදා ගත් දේශපාලන තීන්දු තීරණවලට එවැනි තත්ත්වයන්ද දැඩි
බලපෑමක් ඇති කළ බව හෙතෙම සිහිපත් කළේය.
කවුරුන් කුමන ප්‍රකාශ
සිදුකළත් තමා ඉකුත් සති කිහිපය තුළ මාතෘභූමිය වෙනුවෙන් තීන්දු තීරණ ගත්තේ
රටත් ජනතාවත් වෙනුවෙන් බව සඳහන් කළ ජනාධිපතිවරයා තමාට එරෙහිව
දොaෂාභියෝගයක් ගෙන එන බවට ඇතැම් පිරිස් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ද අදහස්
දක්වමින් කියා සිටියේ තමා සිරගත කළද පිරිසිදු ෙච්තනාවෙන් සහ සද්භාවයෙන්
රටත් ජනතාවත් වෙනුවෙන් ගත් නිවැරැදි තීන්දු තීරණ ගලේ කෙටූ අකුරක් සේ
ඉතිහාසයේ ලියෑවෙනු ඇති බවයි.
Gadafi මෙන් තමා ඇදගෙන ගොස් මරා දමන
බවට ඇතැම් කථිකයන් පසුගිය දිනවල කළ ප්‍රකාශ පිළිබඳව ද සිහිපත් කළ
ජනාධිපතිවරයා දැඩි පාලකයෙක් වූ ඡේ. ආර්. ජයවර්ධන යුගයේ සිට බිහිවූ කිසිදු
නායකයකුට කිසිවකුත් එවැනි ප්‍රකාශ සිදු නොකළ බවත් ඒ එසේ සිදුකළා නම් එම
අදහස් දක්වන පුද්ගලයන්ට අත්විඳීමට සිදුවන අභාග්‍ය සම්පන්න සිදුවීම් ඔවුන්
දැන සිටි නිසා බවත් පැවසීය. අද ඔවුන් තමන්ට එසේ ප්‍රකාශ කළේ තමා රට තුළ
ගොඩනැඟූ නිදහස සහ ප්රජාතන්ත්රවාදය නිසාම බවද හෙතෙම කියා සිටියේය.
මෙම සිදුවීම් සමග ගැටුමකින් තොරව රජයේ කටයුතු ඉදිරියට ගෙන යැම තම
අපේක්ෂාව වන අතර ගැටුම් ඇති කර ගැනීම තුළින් රට ආපස්සට ඇද වැටෙන බව සඳහන්
කළ ජනාධිපතිවරයා හෙට දවස වෙනුවෙන් රට ගොඩනැඟීමට අවශ්‍ය වන්නේ දූෂණයෙන් තොර
දේශපාලන ව්‍යාපාරයක් බව ද කියා සිටියේය.
අසාර්ථක වූ සහ අමු
අමුවේ විනාශ කළ යහපාලන දේශපාලන සංකල්පය ඉටුකරගත හැක්කේ රටට ආදරය කරන,
සංස්කෘතික වටිනාකම් සහ සමාජ හර පද්ධතිවලට ගරු කරන දේශපාලන ව්‍යාපාරයක්
තුළින් පමණක් බව මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මින් අනතුරුව සජිත් ප්‍රේමදාස ද සභාව ඇමතූ අතර එහිදී සජිත් සඳහන් කළේ
ජනාධිපතිවරයාට එරෙහිව දොaෂාභියෝගයක් ගෙන ඒමට කිසිදු අවස්ථාවක එක්සත්
ජාතික පක්ෂය ඇතුළු තම කණ්ඩායම සූදානම් නොමැති බවත්, ඉදිරියේදී
ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් රජයේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යැම අපේක්ෂාව
වන බවත්ය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, December 17, 2018
බැඳුම්කර වංචාව අනුමත කරන්නේ නෑ - රනිල්ට අගමැති ධුරය දුන්නේ ප්රජාතන්ත්රවාදයට ගරු කරන නිසයි....!!!
Posted by
lankanews
at
December 17, 2018
Labels: fake politicians, gay ranil, lankanews, meithreepala sirisena, ranil con man, ranil murders, ranil wickramasinge, unp politicians, unp corruptions, unp deals
බැඳුම්කර වංචාව අනුමත කරන්නේ නෑ - රනිල්ට අගමැති ධුරය දුන්නේ ප්රජාතන්ත්රවාදයට ගරු කරන නිසයි....!!!
2018-12-17T22:12:00+01:00
lankanews
fake politicians|gay ranil|lankanews|meithreepala sirisena|ranil con man|ranil murders|ranil wickramasinge|unp politicians|unp corruptions|unp deals|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...