දඹර අමිල සාදු ලිට්රෝ ගෑස් සමාගමෙන් මාස් පතා රුපියල් අනූපන්දහස බැගින් වැළඳී බව හෙළිවීමත් සමඟම කහරෙදි පොරවාගෙන සිටින ඇතැම් කහකඩයන්ට වඩා කහකුරුල්ලන් සිල්වත් බව පිළිගැනීමට සිදුවී තිබේ. බෞද්ධ භික්ෂුවකට සාදු යනුවෙන් ආමන්ත්‍රණය කිරීම පාපයකි. මන්ද, සාධු හෙවත් සාදුලා යනු ඉන්දියාවේ ජීවත්වන පාරවල් දිගේ රස්තියාදුවන පූජකයන් විශේෂයකි. මේ පූජකයන් සතුව ඇති පූජා භාණ්ඩ වන්නේ දෙවිවරුන්ගේ නම්ය. ඔවුහු එකී නම් ඇති දෙවිවරුන්ගේ කිසිදු අනුමැතියකින් තොරව උන්වහන්සේලාගේ එකම නියෝජිතයන් ලෙස පෙනී සිටිති. තුන්වේලම හොඳට අඹරන, ලැබෙන පරිදි කාම සුඛල්ලිකානු චූන් එකකුත් ගන්න මෙකී සාදුලා අයත් වන්නේ ආගමික නියෝජිතභාවයට වඩා වනචාරීත්ත්වයටය. මෙවැනි සාදුලා කාලයෙන් කාලයට ස්ත්‍රී දූෂණ චෝදනාවලට සහ මිනීමැරුම්වලට වරදකරුවන්වී ඉන්දියාවේ හිරගෙවල්වල ලගිති. එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායකට වෙඩි තැබී යැයි සැළකෙන තල්¥වේ සෝමාරාම නමැති චීවරධාරියා එල්ලූම් ගස් ගියේය. බණ්ඩාරනායක ඝාතනයට කුමන්ත්‍රණය කළ මාපිටිගම බුද්ධරක්ඛිත නමැති චීවරධාරියා දිවි ඇති තෙක් සිර දඬුවම් ලැබ හිරේදීම මළේය.
මෙවැනි හොර යක්කු කොයි ආගමෙත් සිටිති. ඇතැම් කතෝලික නිකායවල ශ්‍රාවකයන්ට ලෙඩට බෙහෙත් ගැනීම තහනම්ය. ලෙඩක් හැදුන විට ලෙඩාට බෙහෙත් නොදී දෙවියන්ට යාඥා කරන අතර අවසානයේදී ලෙඩා මියගිය පසු පූජකයාට පොලිසි යාමටත් රිමාන්ඞ් වීමටත් සිදුවේ. ඉස්ලාමීය අන්තවාදී ISIS පූජකයන් මිනී මරන්නේ ලෝක ඉස්ලාමීය රාජ්‍යයක් (Caliphet) බිහිකිරීමේ ශුද්ධ වූ යුද්ධයක කොටසක් ලෙසය. එහෙත් ඇමරිකන් මිසයිලවලට එකී ශුද්ධ වූ කතාන්දර ඔට්ටු නැත. මෙකී ශුද්ධ වූ පූජකයන් ඩ්‍රෝන යානා යවා හඳුනා ගන්නා ඇමරිකාව දෙවැනි පියවර වශයෙන් යවන්නේ මිසයිලය. තුන්වන පියවරේදී ශුද්ධවූ පූජකයාගේ ඔළුව වෙන්වත් කඳ වෙන්වත් දක්නට ලැබේ. හැම ආගමක්ම කාලයෙන් කාලයට පිරිහෙයි. මෙහිදී ආගමේ මූලධර්ම පිරිහෙන්නේ නැත. ආගම ව්‍යවහාර කරන අය පිරිහෙති. එවිට සෙසු ආගම් විසින් එකී පරිහානිගත පිරිස් සිටින ආගම් ආක්‍රමණය කරනු ලැබේ. දීර්ඝ කාලයක් තිස්සේ බෞද්ධ රටවල් ලෙස පැවැති ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, මාලදිවයින යනාදිය ඉස්ලාම් රටවල් බවට පත්වූයේ ඇයි? ඉස්ලාම් ආක්‍රමණය නිසා පමණක්ද? නැත. එම රටවල බුදුදහම ව්‍යවහාර කළ සමාජය දුර්වල වූ නිසාය. මෙයට අවුරුදු 2500 කට පෙර මුළුමනින්ම බෞද්ධ රටක්ව පැවැති ඉන්දියාවේ බුදුදහම අතුරුදන්ව එතැනට හින්දු ආගම පැමිණියේ බ්‍රාහ්මණයන්ගේ බලය නිසා පමණක්ද? නැත. ඒ රටේ බුදුදහම ව්යවහාරකළ ජනයා දුර්වල වූ නිසාය.Titus Flavius Clements නමැති ක්‍රිස්තියානි න්යායාචාර්යවරයෙක් ක්‍රි.ව.150-215 කාලය තුළ ග්‍රීසිය සහ ඊශ්‍රායලය යන රටවල් අතර ජීවත් විය. සාම්ප්‍රදායික කිතුනුවකු නොවූ ඔහු පටිසෝථගාමියකු වූ අතර ඉන්දියාවේ බුදුදහම ගැන හදාරා බුදුන්වහන්සේ ගැන ඉන්දියානු ශ්‍රාවකයන් තුළ තිබූ පුළුල් දැනුම ගැන මෙයට වසර 1800 කට පෙර ලියා ඇත. වසර එක්දහස් පන්සිය පහ වනවිට ලංකාවේ බුදු සසුන මහත්සේ බංකොලොත්භාවයට පත්ව තිබිණි. විනය පිටකය අකුලා දමා තිබූ ඒ කාලයේ විසූ ‘සාදු’ ලා උපසම්පදාවෙන් තොරව කහ නූලක් අතේ බැඳගෙන විවාහ ජීවිත පවත්වාගෙන යමින් අඹු දරුවන් පෝෂණය කරන අතර මියගිය අය සඳහාවූ පාංශුකූලයට සහභාගි වීම පමණක් සිය ආගමික මෙහෙවර බවට පත්කර ගත්හ. පන්සලේ සිටිය යුතු භික්ෂුව පවුලකට සෙට්වීම අර්ථවත් කරන ‘පවුල් පන්සල්’ හෙවත් පවුල් පන්සල යන යෙදුම පවා බිහිවන්නේ මේ කාලයේදීය. (එම වාක්‍යය භාෂා පර්යේෂකයන්ගේ දැනුම උදෙසාය) ඉහත සඳහන් කහනූල් කාරයන් හඳුන්වන්නේ ගණින්නාන්සේලා ලෙසය. මේ අයත් ලිට්රෝ ගෑස් සමාගමෙන් අනූපන්දාහ ගානේ ගිලිදැමූ අයත් අතර ඇති වෙනස කුමක්ද යන්න කෙටියෙන් ලියා ‘පවුල් පන්සල්’ දිවයින, නො: 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13 යන ලිපිනයට එවන ලෙස අපේ පාඨකයන්ට ආරාධනා කරනු ලැබේ. ගණින්නාන්සේලා රටත් කා ගමත් කා සාසනයත් කන හැටි බලා සිටීමට බැරිවූ වැලිවිට සරණංකර නමැති භික්ෂුවක් 1698-1778 යන කාලයේදී මහනුවරට කිලෝමීටර් 24 ක් ඈතින් පිහිටි තුන්පනේ, වැලිවිට වැඩ වාසය කළහ. සියම හෙවත් නූතන තායිලන්තයට වැඩම කළ උන්වහන්සේ එහි වැඩ විසූ උපාලි නමැති තෙරුන් වහන්සේ නමක් ලංකාවට වැඩම කරවාගෙන විත් අලූත් සාමනේර පිරිසක් මහණ කරවා උන්වහන්සේලා උපසම්පදා කරවූහ. සියම් නිකාය හෙවත් සියම්+උපාලි = ශ්‍යාමෝපාලි නිකාය බිහිවන්නේ මේ කි‍්‍රයාවේ ප්‍රතිඵලයක් ලෙසය.
එදා මෙන් බුදු සසුන බංකොලොත් වීමක් අද මේ රටේ නැත. සන්නිවේදන උපාංගයන් පුළුල් වීමත් සමඟ මේ රටේ බුදු දහම රට පුරා පැතිර යමින් පවතී. සාම්ප්‍රදායික භික්ෂුන් මෙන්ම Modern භික්ෂුහුද හරි හරියට සසුන’ඹර දිලෙති. ඒ අස්සේ අපේ මේ අමිල සාදු පුංචි හුරතල් හොර ගෙඩියකු වගේ ලිට්රෝ ගෑස් සමාගමෙන් මාසයකට 95000 බැගින් වළඳන ලද්දේ කවර කාරණයක් උදෙසාද? උන්වහන්සේ එම සමාගමේ ගෑස් වෙළෙඳාම් කළෙහිද? එහෙමත් නැත්නම් සන්නාම තානාපතිව වැඩ වාසය කළෙහිද? නොඑසේ නම් ලකී මැස්කොට් හෙවත් මංගල වස්තුව බවට පත්ව සිටියාහු? හෙට මේ තීරුව ඒ ගැනය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, December 3, 2018
අඹර දමිලගේ කුලප්පුවීමේ රහස ....!!!
Posted by
lankanews
at
December 03, 2018
Labels: dambara amila, lankanews, unp politicians, unp corruptions, unp deals
අඹර දමිලගේ කුලප්පුවීමේ රහස ....!!!
2018-12-03T19:53:00+01:00
lankanews
dambara amila|lankanews|unp politicians|unp corruptions|unp deals|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...