ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, December 30, 2018

අක්කර 03ක භූමියක ඉතා සරු හේන් වගාවක් පවත්වාගෙන යන විජයමුණි චන්ද්‍රදාස ....!!!

අතපය හතර යහතින් තියාගෙනත් බොරුවට මිනිසුන් රවටමින් සිඟමන් යදින ජාවාරම්කරුවන්ට හා අපතය අහිමි වී ඇති බව කියමින් ජීවිතය අතරමඟ නවතා දැමූ මිනිසුන්ටත් පාඩමක් කියාදෙන චන්ද්‍රදාස.
උත්පත්තියේදී වගේම පසුකාලීනව සිදුවන ඇතැම් සිදුවීම් හේතුවෙන් විවිධ ආබාධයන්ට ලක්වන පිරිස් ලොව ඕනෑ තරම් දැකිය හැකිය. කුමක් හෝ දෛවෝපගත සිදු වීමක් නිසා මෙලෙස ආබාධවලට ලක්වන්නන්ගේ ජීවිත ඉරණම තීන්දු වෙන්නේ විවිධාකාරයෙනි. අතක් කකුලක් නැති වූ පමණින්ම ජීවිතයේ සියලු බලාපොරොත්තු අත්හළ යුතුද යන්න සිතා බැලිය යුතුය. උපතේදී සිදුවෙන අබාධ හේතුවෙන් හෝ පසුකාලීනව සිදු වූ ආබාධයක් හේතුවෙන් අසරණ වෙන මිනිසුන් අතරේ එම ආබාධයට පයින් ගසා ආත්ම ශක්තියෙන් ජීවිතය ජයගත් පිරිස්ද ලොව දැකිය හැකිය. මෙයද එවැනි අනුවේදනීය කතාවකි.
විවිධ ලෙඩ දුක් කියමින් අත් පා හතරම ඇති ඇතැම් අයද සිඟමන් යදිමින් අනුන්ගෙන් කෑමට පුරුදුව සිටින අවධියක එවන් පිරිස් වෙත හා එලෙස සිඟමන් යදින ජාවාරම්කරුවන්ට චන්ද්‍රදාස  දෙන්නේ හොඳ ආදර්ශයකි.

Saturday, December 29, 2018

සුහුරු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ජනවාරි 01 දා සිට රට පුරා ක්‍රියාත්මකයි

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2019 ජනවාරි 01 දා සිට මුළු දිවයිනටම සුහුරු ජාතික හැඳුනුම්පත් (Smart National Identity Card) නිකුත් කිරීමට පියවරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පවසයි.
මෙම සුහුරු හැඳුනුම්පත් අත්හදා බැලීමේ පදනම මත දෙසැම්බර් 17 දා සිට බස්නාහිර සහ සබරගමුව පළාත් වල පමණක් නිකුත් කිරීම අරඹනු ලැබීය. එය සාර්ථක වූ බැවින් ජනවාරි 1 දා සිට මුළු දිවයිනේම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ගුණතිලක  රජයේ නිල පුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.

බංගලි සුන්දරී සමග කුඩු කිලෝ තිස් දෙකක් මාට්ටු... !!!

තරුණිය එසේ මෙසේ කුඩු ජාවාරම්කාරිනියක් නොව, ජාත්‍යන්තර මත් කුඩු ජාවාරම්කාරිනියකි. ඇය බංගලාදේශ තරුණියකි. නම සුරෝජා මෝනිය. වයස අවුරුදු විසි තුනකි. වයසටත් වඩා ඇය ජාවාරම්වලට පරිණතය. වසර කිහිපයක සිට මෙරටට විටින් විට පැමිණ මත් කුඩු ජාවාරමේ නිරතව සිටින මේ තරුණිය අවසාන වරට පැමිණ සිටියේ පසුගිය නොවැම්බර් මාසයේදීය. ඇය මෙරට ස්ථිර පදිංචිකාරිනියක් නොවූවද රත්මලාන දෙල්ගහවත්ත 29/2 ලිපිනයේ සහ ගල්කිස්ස, ගාලූ පාර, 375/5, 2/1 යන ලිපිනයේ සුපිරි නිවාස දෙකක හිමිකාරිනියකි. සිංහල කතා කිරීමට නොහැකි ඇය ඉංග‍්‍රීසි භාෂාව චතුර ලෙස කතා කරන්නීය. වැඩිදුර ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිදරව් වී ඇත්තේ ඇය පදිංචිව සිට ඇත්තේ ගල්කිස්ස නිවසේ බවත්, මත් කුඩු තොග සඟවා තබා ඇත්තේ රත්මලාන නිවසේ බවය. පසුව පොලිස් නිලධාරීහු විසින් ඇයව කැටුව රත්මලාන නිවසට ගියහ.  සුපිරි පන්නයේ නිවස යකඩ ගේට්ටු සහිත ශක්තිමත් ඉබි යතුරුවලින් ආරක්‍ෂිතව තිබිණි.
 දොරගුළු විවර කරගත් පොලිස් නිලධාරීහු ඇය කැටුව නිවස තුළට ගියහ. පසුව ඇය නිදන කාමරය තුළ ඇඳ යට සඟවා තිබූ තරමක් විශාල ගමන් මලූ දෙකක් පොලිස් භාරයට ගැනිණිි. එම ගමන් මලූ දෙකේ කේක් පෙට්ටි දහඅටක් තිබිණි. එම සෑම කේක් පෙට්ටියකම මත් කුඩු කිලෝවක් සහ ග‍්‍රෑම් ගණනක් අඩංගු වන පරිදි අති සූක්‍ෂම ලෙස අසුරා තිබිණි. ඊට අමතරව මත්කුඩු කිලෝව බැගින් අසුරන ලද සුදු පැහැති ඉටි බෑග් දොළහක් ද පොලිසිය විසින් සොයාගනු ලැබිණි. එම නිවසේ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් මත්කුඩු ප‍්‍රමාණය පමණක් කිලෝ තිස් එකකට වැඩිය. ඇය භාරයේ තිබී පොලිස් අත්අඩංගුවට පත් සම්පූර්ණ මත් කුඩු ප‍්‍රමාණය කිලෝ තිස්දෙකයි, ග‍්‍රෑම් තුන්සිය විසි නවයකි. වටිනාකම රුපියල් කෝටි තිහකට වැඩිය. අප මේ සටහන තබන මොහොත වන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් බංගලි මත් කුඩු ජාවාරම්කාරිනියට එරෙහිව ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණයේ 30/86 2018 යටතේ නඩු පවරමින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරගෙන යන බවද දැනගැනීමට ලැබිණි. එමෙන්ම මේ කාන්තාව සමඟ මෙරට මත් කුඩු ජාවාරමේ නිරත තවත් පුද්ගලයන් කිහිපදෙනකු සිටින අතර, ඔවුන්ව ද අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් පරීක්‍ෂණ පවත්වාගෙන යන බව දැනගැනීමට ලැබිණි. දෙහිවල, රත්මලාන ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මකව පැවති මහා පරිමාණ මත් කුඩු ජාවාරමක සුල මුල එසේ අනාවරණය වන විට උඩුනුවර වෙලම්බඩ පොලිසිය විසින් පසුගිය දිනක මත් කුඩු ග‍්‍රෑම් 100 ක් සහ ප‍්‍රවාහනය කරමින් තිබූ සුපිරි මෝටර් රථයක් සමඟ තරුණයන් දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබිණි. කුඩු විකුණා ලබාගත් රුපියල් ලක්‍ෂයක මුදලක් ද ඔවුන් සන්තකයේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.

Monday, December 17, 2018

බැඳුම්කර වංචාව අනුමත කරන්නේ නෑ - රනිල්ට අගමැති ධුරය දුන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නිසයි....!!!

පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළත් රනිල්ට අග‍්‍රාමාත්‍ය ධුරය ලබා නොදෙන බවට තමා සිදුකළ ප‍්‍රකාශය තම පෞද්ගලික දේශපාලන මතය වන අතර, එම මතය අදත් එලෙසම වන නමුත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නායකයකු ලෙස රනිල් ට ආරාධනා කර අග‍්‍රාමාත්‍ය ධුරය ලබාදීමට තමා තීරණය කළ බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ  (16 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා සහ පැමිණ සිටි එක්‌සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අමතමිනි.

අගමැතිවරයෙක්‌ නම් කිරීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව පාර්ලිමේන්තුවට හෝ අධිකරණයට බලයක්‌ හිමිව නොමැති අතර, එම බලය ඇත්තේ විධායක ජනාධිපතිවරයාට බව සිහිපත් කළ ජනාධිපතිවරයා නමුත් රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබාදෙන ලෙස පාර්ලිමේන්තුවේ 117 ක්‌ ඡන්දය භාවිත කරමින් බහුතරයකගේ මතය ප්‍රකාශ කිරීම හේතුවෙන් සදාචාරවත් සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන නායකයකු ලෙස තමා එම තීරණයට එකඟ වූ බවත් ප්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකාව වැනි රටක නම් ජාතික ඇඳුම ඇඳගත් ඕනෑම පාදඩයකුට මහජන නියෝජිතයකු විය හැක...!!!

fea8 1අද ලෝකයේ තිබෙන්නේ ඩිජිටල් ආර්ථිකයකි  (Digital economy)'. මෙම ආර්ථීකය තුළ ඇත්තේ සයිබර් යුද්ධ මිස රටවල් අල්ලා ගැනීමේ යුද්ධ නොවේ. නමුත් තවමත් ශ‍්‍රී ලංකාවේ දේශපාලන සටන් පාඨ අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණවලින් වියුක්ත වී නොමැත. වෙනසකට ඇත්තේ මේ කුමන්ත‍්‍රණ සී. අයි. ඒ, රෝ, එම්. අයි. ඒ. කුමන්ත‍්‍රණවලට මාරු වීම පමණි. තවදුරටත් මේ ගොබෙල්ස් න්‍යායෙන් රටට අත්වන සෙතක් නැත. රටේ දේශපාලනඥයන් සටන් කළ යුත්තේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණවලට එරෙහිව නොව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණවලට මුහුණ දීමට හැකි ආර්ථිකයක් සහිත රටක් ගොඩනැඟීමටය. ඒ සඳහා දැක්මක් ඇති දේශපාලනයක් රටට අවශ්‍යය. ඔවුන් තෝරා ගැනීම පුරවැසියන්ගේ වගකීමකි.

රනිල් වික‍්‍රමසිංහ  ශ‍්‍රී ලංකාවේ 23 වැනි අගමැතිවරයා ලෙස යළි දිවුරුම් දීමත් සමඟ දින 50 ක් පුරා රට මුළුමනින්ම අස්ථාවර කළ දේශපාලන අර්බුදය නිමාවට පත් වී තිබේ. අර්බුදය යහපත් අතට විසඳීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන  අඩියක් පිටුපසට ගැනීම සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ගේම සැනසිල්ලට හේතු වී තිබේ. දේශපාලන අර්බුදයට පිටදුන් කාරණා විග‍්‍රහ කරනවාට වඩා දැන් අප කළ යුත්තේ ශ‍්‍රී ලංකාව හමුවේ ඇති දැවෙන අර්බුදය නිමා කර ගැනීම සඳහා යහපත් ප‍්‍රවේශයක් මෙමගින් උදාකර ගැනීමය. එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඇතුළු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටි සියලූම දේශපාලන පක්‍ෂ තමන් ලැබූ දේශපාලන ජයග‍්‍රහණය වඩා අර්ථාන්විත කර ගැනීමේ අවස්ථාවක් ඔවුන්ට උදා වී තිබේ. ඒ මෙම ජයග‍්‍රහණය තම පක්‍ෂවල දේශපාලන පැවැත්ම වෙනුවෙන් නොව රටේ සිවිල් පුරවැසියන්ගේ අනාගතය වෙනුවෙන් යොදා ගැනීමෙනි. ඒ සඳහා ඔවුන් දක්වන දායකත්වය මත රට දේශපාලනිකව ස්ථාවර වනු ඇත. එසේ නොවුනහොත් අපට සිදුවන්නේ පකිස්ථානයේ මෙන් රටේ දේශපාලනය ස්ථාවර කර ගැනීම වෙනුවෙන් හැමදාම ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමටය.

Sunday, December 9, 2018

රටට ද්‍රෝහි වීම...!!! රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පැවැත්වීමට ගත් තීරණයට විරුද්ධව පවරා ඇති නඩුවේ තීන්දුව දීමට නියමිතය. 19 වන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ වසර 4 1/2 කට පසුවය. මොවුන් නඩුව පවරා ඇත්තේ බලයට පත්වූ රජය වසර 4 1/2ක් යෑමට ප‍්‍රථම විසුරුවා හැරීම නිසා තමන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමිනි. එකී පුද්ගලයන් පසුගිය යහපාලන රජය පළාත් පාලන මැතිවරණය වසර 2 1/2 කට අධික කාලයක් කල් දැමීම හේතුවෙන් සමස්ත ජනතාවගේම මානව හිමිකමක් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡන්ද බලය අහිමි කිරීම සම්බන්ධයෙන් කිසිදු නඩුවක් පැවරුවේ නැත. දැන් නඩුව පවරා ඇත්තේ ¥ෂිත සහ දේශද්‍රෝහී යැයි සනාථ වූ රජයක් පෙරළා ජනතාවගේ මානව හිමිකම් සුරක්‍ෂිත කිරීම පිණිස ඔවුන්ට කැමතිනම් තිබුනු රජය හෝ වෙනත් රජයක් හෝ පත් කර ගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහ මැතිවරණයක් පැවැත්වීමට එරෙහිවය. ජනාධිපතිවරයා යනු සමස්ත ලක්වාසී ජනතාවගේම බහුතර ඡන්දයෙන් පත්වුණු ජනතා පරමාධිපත්‍යයේ සංකේතයයි. ඔහු ගන්නා තීරණය යනු සමස්ත ජනතාවම ගනු ලබන තීරණයයි. ශ්‍රේෂ්ඨාධිකරණගේ විනිසුරු කරු ඡන්ද ලක්වාසි ජනතාවගේම කොටසකි. ඔවුන් නීති විශාරදයන් මෙන්ම මහ පොළවේ පය ගසා ජීවත්වන පුද්ගලයන්ය. නීති පොතේ දැනුම සේම රටේ සිදුවන්නේ කුමක්දැයි පිළිබඳ දැනුමින් පරිපූර්ණ අය ය. යුද්ධයකදී කෙතරම් නවීන තාක්‍ෂණයෙන් යුත් අවි ආයුධ තිබුණද අවසානයේ ජයගැනීමට අවශ්‍ය ප‍්‍රධාන කරුණනම් රට පිළිබඳ තිබෙන ජාති මාමක හැඟීමයි. අප ත‍්‍රස්තවාදී යුද්ධය ජයගත්තේ එම දේශපේ‍්‍රමී හැඟීම පෙරදැරි කර ගත් නිසාය. අපේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන්ටද එම හැඟීම ඇති බැව් මගේ දැඩි විශ්වාසයයි.
  මේ වන විට ජනතාව තුළ පවා ප‍්‍රශ්නයක් පැන නැගී ඇත්තේ 19 වන සංශෝධනයෙන් ජනාධිපතිට වසර 4 1/2 ක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකිය යන්න සම්මත වී තිබියදී වසර 3 1/2 කට පසුව පාර්ලිමේන්තුව විසුරුවේ කෙසේද යන්නයි. මේ සම්බන්ධයෙන් පසුගිය බ‍්‍රහස්පතින්දා දින ජනාධිපති නීතිඥවරුන් වන මනෝහරද සිල්වා සහ අලි සබ්රි යන මහතුන් ඉතා පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු පැහැදිලි කරනු අපට පෙනුනි. ඔවුන් පෙන්වා දුන්නේ 19 වන සංශෝධනය ගෙන ඒමට පෙර අප ව්‍යවස්ථාවේ ජනපතිට නොතිබූ බලයක් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන අවස්ථාවේ 33 (2) වගන්තිය යටතේ ලබා දී ඇති බවයි. එනම් කැමති අවස්ථාවක පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇති බවයි.

Monday, December 3, 2018

අපෙන් ඔබට ....!!!

පසුගිය දිනවල ලංකා නිව්ස් යාවත් කාලීන වුයේ නැත... ඊට බලපෑ ප්‍රධාන හේතුව වුයේ .ලංකාවේ දේශපාලණය  සහ පොදු ජනතාව ගේ ආකල්පමය ආතතිය අප දශක ගණනාවක්  වෙනස් කිරීමට සහ ඔවුනට  මේ කාලකන්ණි  මුග්ධ  දේශපාලුවන් ගැන ඇත්ත ඇතිසැටියෙන් පෙන්වා දීමට උත්සහ ගත්තද ඒවා ගඟට කැපූ ඉණිමෙන්  නිෂ්පල සේ අපට පෙනී ගිය කරුණක්  වූ නිසාය .මෙම වෙබ් අඩවිය යාවත් කාලින කරන අප සියල්ලන්ම සිටින්නේ විදෙස් ගතවය .
මව්බිමේ සිදුවන සහ කපටි දේශපාලුවන් කරමින් සිටින බොරු ප්‍රෝඩාවන් සහ රැවටීම් ගැන වැඩිම දැනුමක් අප හට ඇත.
මේවා පෙන්වා දීම සඳහා කාලය වැය  කිරීම  නිෂ්පල යැයි  අප කතා කළෙමු .
නමුත් පාඨක ඔබ අතරමන් කිරීම නුසුදුසු යයි අප සංස්කාරක මණ්ඩලය තීරණයක් ගන්නා  ලදී එබැවින් අප සුපුරුදු පරිදි ඔබට ඇමතීමට මෙම ලංකා නිව්ස් යොදා ගනිමු,
අසාධාරණය ,අයුක්තිය වෙනුවෙන් පමණක් අප පෙනී සිටිමු ,ඊට පක්ෂ පාට භේදයක් අපට නැත.ඔබටද අපට ලිපි ලිවිය හැක .
ස්තුතියි
ලංකානිව්ස්  ප්‍රධාන සංස්කාරක

අඹර දමිලගේ කුලප්පුවීමේ රහස ....!!!

දඹර අමිල සාදු ලිට්රෝ ගෑස් සමාගමෙන් මාස් පතා රුපියල් අනූපන්දහස බැගින් වැළඳී  බව හෙළිවීමත් සමඟම කහරෙදි පොරවාගෙන සිටින ඇතැම් කහකඩයන්ට වඩා කහකුරුල්ලන් සිල්වත් බව පිළිගැනීමට සිදුවී තිබේ. බෞද්ධ භික්‍ෂුවකට සාදු යනුවෙන් ආමන්ත‍්‍රණය කිරීම පාපයකි. මන්ද, සාධු හෙවත් සාදුලා යනු ඉන්දියාවේ ජීවත්වන පාරවල් දිගේ රස්තියාදුවන පූජකයන් විශේෂයකි. මේ පූජකයන් සතුව ඇති පූජා භාණ්ඩ වන්නේ දෙවිවරුන්ගේ නම්ය. ඔවුහු එකී නම් ඇති දෙවිවරුන්ගේ කිසිදු අනුමැතියකින් තොරව උන්වහන්සේලාගේ එකම නියෝජිතයන් ලෙස පෙනී සිටිති. තුන්වේලම හොඳට අඹරන, ලැබෙන පරිදි කාම සුඛල්ලිකානු චූන් එකකුත් ගන්න මෙකී සාදුලා අයත් වන්නේ ආගමික නියෝජිතභාවයට වඩා වනචාරීත්ත්වයටය. මෙවැනි සාදුලා කාලයෙන් කාලයට ස්ත‍්‍රී දූෂණ චෝදනාවලට සහ මිනීමැරුම්වලට වරදකරුවන්වී ඉන්දියාවේ හිරගෙවල්වල ලගිති. එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායකට වෙඩි තැබී යැයි සැළකෙන තල්¥වේ සෝමාරාම නමැති චීවරධාරියා එල්ලූම් ගස් ගියේය. බණ්ඩාරනායක ඝාතනයට කුමන්ත‍්‍රණය කළ මාපිටිගම බුද්ධරක්ඛිත නමැති චීවරධාරියා දිවි ඇති තෙක් සිර දඬුවම් ලැබ හිරේදීම මළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.