ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, October 14, 2018

මම නීතිය හරියටම ඉටුකළා...!!!

ඉකුත් 9දා ඇපමත නිදහස්ව පැමිණි පොලිස් සැරයන් සනත් ගුණවර්ධන සමග කෙටි පිළිසරදක යෙදීමේ අවස්ථාවක් අපට උදාවිය. පහත පලවන්නේ ඔ - 56 අවියක් රැුගෙන විරෝධතාවයක නිරතවීම ඉන් අනතුරුව දින කිපයක් බන්ධනාගාර ගතව සිට ඇපමත නිදහස්වීම සහ ඉදිරියේදී ඔහුට මුහුණ පෑමට සිදුවන අභියෝග පිළිබඳ අප විසින් කරන ලද විමසීමට ඔහු විසින් ලබාදුන් පිළිතුරුය.

‘ඇත්තටම මට අසාධාරණයක් සිද්ධ වුණා. එදා සිදුවීම පමණක් නෙවෙයි ඊට පෙරත් මගේ රාජකාරී ජීවිතයට පොලිසියෙන්ම විවිධ බලපෑම් ආවා. එදත් එහෙම දවසක්. නීති විරෝධී අයුරින් වැලි ප‍්‍රවාහනය කළ ලොරි රථයක් නීතිය ඉස්සරහට ගෙනාවට පස්සෙ ඒකට අවශ්‍ය නීතිමය කටයුතු කරනවා වෙනුවට තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා ඒක නිදහස් කරල යවනවා. ඊට පස්සේ මතුගම සහකාර පොලිස් අධිකාරි මාව කැඳවල විශාල පිරිසක් මැද්දෙ මට ඉතාමත් පහත් විදිහට දෝෂාරෝපනය කරනව. ඊට පෙර මේ අවුරුද්දෙ හත්වැනි මාසෙ මගේ අතක් තුවාල වෙලා දවස් 15 ක් මම නිවාඩු ගන්නවා.
ඒ දවස් 15 ට මගේ වැටුප කපා දානව එහෙම පඩි කපන්න පුළුවන් කියලා චක‍්‍ර ලේඛනවල නැහැ. පස්සෙ පඩිය හැදුවා. ඒක වෙනම කථාවක්. ඊට පෙර සිදු වූ තවත් සිදුවීමක් තියෙනවා. ඒ තමයි උසස් පොලිස් නිලධාරියෙකුගේ නියෝගයක් ක‍්‍රියාත්මක කරන්න ගිහින් අන්තිමට මා ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් මතට ඒ වරද පැටවීම. ඒකට තවමත් අධිකරණයට යනවා. කාලයක් තිස්සෙ ඔය වගේ පීඩාකාරී මානසිකත්වයක තමයි මට රාජකාරී කරන්න වුණේ. නමුත් මම හැම වෙලාවෙම නීතියට අනුව වැඩකළා. බැරිම තැන තමයි මම එදා එහෙම තීරණයක් අරන් පාරට බැහැල විරෝධතාවයක් දැක්වුවේ.’’
ගිනි අවියක් අතැතිව තරමක ආවේගශීලී අයුරින් හැසිිරීම සහ එය මැඩ පැවැත්වීම පිණිස පොලිස් විශේ්ෂ කාර්ය බලකාය මැදිහත්වීම පිළිබඳව අප විසින් පොලිස් සැරයන්ගෙන් විමසා සිටියෙමු.

‘‘එදා එතනට ආව උසස් පොලිස් නිලධාරීන් සියල්ලන්වම මම හොඳට හඳුනනවා. මට ඕන කරලා තිබුණේ කාගෙවත් ජීවිත විනාශ කරල අපරාධකාරයෙක් වෙන්න නෙමෙයි එහෙම නම් මට ඒ දේ කරන්න ඕන තරම් ඉඩකඩ තිබුණනෙ. මම හැමෝගෙන්ම ඉල්ලූවේ නීතිය ක‍්‍රියාත්මක කරල මට ඒක ඔප්පු කරල පෙන්වන්න කියල විතරයි. මොකද ඔය සිද්ධිය වෙන්න දවස් කීපයකට කලින් තෙබුවන පොලිසියෙන්ම වැලි තාච්චි 18 ක් අරන් ගිය දුප්පත් මනුස්සයෙක්ව අල්ලල උසාවි දාල දඩත් ගහල වැලි ටිකක් රාජසන්තක කලා. එකම පොලිසියෙ නීතිය ක‍්‍රියාත්මක වෙන්නෙ දෙවිදියක’’

කොහොම හරි නීතිය හරියට ක‍්‍රියාත්මක කළ මට අන්තිමට රස්සාව නැති වෙනවා. මේක මගෙන් නතර වෙන එකක් නැහැ. රාජකාරිය හරියට කරන අනිත් පොලිස් නිලධාරීන්ටත් මේක පාඩමක් වේවි. ඒ අය හරියට රාජකාරී කරන්න ගියොත් වෙන දේ දැක ගනීවි. මම බන්ධනාගාරයෙ ඉන්න අතරේ සිවිල් ඇඳුමින් අපේ ගෙදරට ආපු දෙන්නෙක් මගෙ නෝනට කියලා තියෙනවා මම මානසික රෝගියෙක් කියලා ඔප්පු කළොත් නීතියෙන් අපිට ගැලවීමක් ලැබෙයි කියල

මොකක්ද ලිපියක් දිල කිව්වලූ ඒකට අත්සන් කරන්න කියලා. මම පිස්සෙක් මානසික රෝගියෙක් නෙවෙයි. අවුරුදු 04 ක් කොටි අත්අඩංගුවේ ඉදල ආව මට කුලී වැඩ කරල හරි මගේ දරුවන්ට කන්න දෙන්න පුළුවන්. හැමදාම ඉහළ නිලධාරීන්ගෙ සපත්තුව පැගි පෑගී ඉන්නවට වඩා ඒක හොඳයි. මේ වෙලාවෙ බන්ධනාගාර නිලධාරීන් හා හිරකරුවන් පිළිබඳවත් යමක් කියන්න ඕන. ඒ අයගෙන් මට ලැබුණ සහයෝගය හා උදව් ඉතාමත් ඉහළයි. එයට ස්තූතිය පුද කර සිටිනවා.
 

කොටින්ගෙන් ජයගෙන වැලි හොරුන්ට පැරදුණ තෙබුවන සාජන්; නීතිය හරියටම ඉටුකළා! අවුරුදු 4ක් තිස්සේ පුතා නොවිදිනා දුක් වින්දා...!!!

තෙබුවන පොලිස් ස්ථානයට අනුුයුක්තව සේවය කළ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන පිළිබඳ රටම කතාබහ කරන්නට වූවේ ඉකුත් සතියේ සිදු වු එක්තරා සිදුවීමක් හේතුවෙන් ය.

තම ස්ථානාධිපතිවරයා විසින් නීතිය හරිහැටි ඉටු කරන්නේ නැතැයි චෝදනා කරමින් T 56 ගිනි අවියක් අතැතිව මහ මඟට පිවිසෙන පොලිස් සැරයන් එතැන් සිට පැය දෙකකට ආසන්න කාලයක් එතෙක් මෙතෙක් සිදු නොවූ අමුතුම ආකාරයේ විරෝධතාවක නිරත වන්නේ තම උසස් පොලිස් නිලධාරීන් ඇතුළු අවට  රැුස්ව සිටි විශාල පිරිසක් භීතියටත්, ත‍්‍රාසයටත් පත් කරවමිනි.

එම සිදුවීමත් සමඟ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන පිළිබඳ තවත් ඉතිහාස කතාවක් කරළියට පැමිණෙන්නේ ය. ඉන් කියැවෙන්නේ කලක් ඔහු කොටි ත‍්‍රස්තවාදීන්ගේ අත්අඩංගු
වේ පසුව වසර 04 කට පමණ පසු නැවත නිදහස ලබා පැමිණි ආකාරය පිළිබඳවය.

ජීවිතයත් මරණයත් අතර නිරන්තර සටනක නියැළෙමින් සිට නිදහස ලබා නැවත ගම රට පැමිණීමේ වරම දිනාගත් සැරයන් සනත්ගේ ජීවිතයේ දීර්ඝතම වර්ෂ 4 පිළිබඳ තොරතුරු දැන ගැනීමට ඔහුගේ දෙමාපියන් සොයා ඉකුත් දිනක අපි කළුතර බෝම්බුවලට ගියෙමු.

අපගේ ඉල්ලීම මත පොලිස් සැරයන් සනත් ගුණවර්ධනගේ පියාණන් වන නෙල්සන් ගුණවර්ධන (අවු. 67* තම පුතණුවන් පිළිබඳ වසර 25 පමණ පැරණි මතකයක් අවදි කරන්නට වූවේ එම සිදුවීම සනාථ කිරීම පිණිස අවශ්‍ය ලිපි ලේඛන සමූහයක් ද වරින් වර අප වෙත ඉදිරිපත් කරමින් ය.

‘‘පුතා පොලිස් සේවයට එක්වෙලා මුලින්ම බම්බලපිටියේ පොලිසියෙ රාජකාරි කළා. එතන මාස 06 ක් විතර ඉන්නකොට තමයි ඔඞ්ඩුසුඩාන් පොලිසියට මාරුවීමක් ලැබෙන්නේ. මට මතක විදිහට 1990 විතර තමයි ඔය සිද්ධිය වෙන්නේ. ඒ දවස්වල යුද්ධය දරුණුවට තිබිච්ච අවධියක්. දවසකට හමුදාවෙ රස්සාව කළ දරුවන්ගේ මිනී හත අටක් දකුණට ගේනව. කොහොම හරි වරින්වර සටන් විරාමත් රජයත් කොටි සංවිධානය අතරත් ක‍්‍රියාත්මක වෙනවා. එහෙම පරිසරයක් තුළ තමයි පුතා ඔඞ්ඩුසුඩාන් පොලිසියෙ රාජකාරියට යන්නෙ. ඒ ගිහින් එක වතාවක් නිවාඩුවට ආව වෙලාවෙ කිව්වා ‘‘පොලිසියෙ දෙපැත්තෙම කොටි බංකර් දෙකක් තියෙනවා. කොයි වෙලාවෙ ගහයිද දන්නෙ නෑ උන්ගෙන් අවසර අරන් තමයි අපට එළියට බහින්න වෙලා තියෙන්නෙත්’’ කියල.

n8 1‘‘එහෙමත් කියල නිවාඩු ඉවරවෙලා ගිහින් ටික දවසක් ගියාට පස්සෙ තමයි කොටි ඔඞ්ඩුසුඩාන් පොලිසිය අල්ලගෙන කියල ආරංචිය එන්නේ. අපි ඒ බව දැනගත්තෙ පත්තරවල රේඩියෝවල කියනව ඇහිලයි. අපේ දරුවන්ට වුණේ මොකක්ද ජීවතුන් අතරද නැද්ද කියලවත් අපිට දැනගන්න ක‍්‍රමයක් තිබුණේ නෑ. ඒ වෙලාවෙ මට මතක් වුණා පුතත් එක්ක ඔඞ්ඩුසුඩාන්වලට තව මහත්තයෙක් ස්ථාන මාරුවීම් ලබල ගියා නේද කියලා. ඒ මහත්තයගෙ නම වික‍්‍රමරත්න. ඒ පාර මම වික‍්‍රමරත්න මහත්තයගෙ නෝනව හම්බවෙන්න ගියා. ඒ නෝනා එතකොට පයාගල පැත්තේ ඉස්කෝලෙක උගන්වනවා. ඒ ගිිහින් ඇහුවහම කිව්වා මහත්තය එදා කොළඹ ඇවිත් හිටියෙ ආපහු යද්දී තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ කියලා.’’

‘‘කාලයක් ගියාට පස්සේ තමයි අපි දැනගත්තෙ ඒ සිද්ධිය වෙන දවසේ වික‍්‍රමරත්න මහත්තය එයාගෙ දෙවැනිය විදියට කටයුතු කළ

යෝගනාදන් කියන මහත්තයට පොලිසියෙ වැඩ බලන්න දීල රාජකාරි කටයුත්තකට කොළඹ ආපු වෙලාවක තමයි කොටි ගහල තියෙන්නෙ කියලා.’’

‘‘කොහොම හරි එදා ? ත‍්‍රස්තවාදීන් පනහක් හැටක් විතර එකපාරටම පොලිසියට කඩා වැදලා යටත් වෙන්න කියල අණ කරල තියෙනවා. ඊට පස්සෙ පොලිස් නිලධාරීන්ව කාමරේකට දාල හිරකරල අවි ආයුධ ටිකත් අරන් මේ අයට මාංචු දාල තියෙනවා. මාංචු දාන ගමන් කියල තියෙනවා උඹලව ගම්මානයකට ගිහින් දාන්න හදන්නේ බය වෙන්න එපා කියලා. ඊට පස්සේ අත් කකුල් මුහුණු බැඳල අත් දෙක කකුල් අස්සෙන් දාල ගැටගහල තියෙනවා. ඊට පස්සේ මේ කට්ටියව ලොරියකට පටවල තමයි මහා කැළෑවක් මැද්දට අරන් ගිහින් තියෙන්නේ’’

‘‘කොටි අත්අඩංගුවට පත්වෙලා අවුරුදු දෙකක් විතර යද්දී තමයි රතු කුරුසයෙන් මේ අය ජීවතුන් අතර ඉන්න බව දැනගත්තේ. ඊට පස්සේ මාසයකට සැරයක් ලියුමක් ලියන්න අවස්ථාව පුතාලට දෙනව. ඒ දවස්වල එයා විඳපු වද වේදනා ගැන ලිපියකින්වත් විස්තර කිව්වේ නෑ, අපි බයවෙයි කියලා. ඔය විස්තර අපි දැනගත්තෙ නිදහස් වෙලා ගෙදර ඇවිල්ලත් ටික දවසක් ගියාට පස්සෙයි...’’

අදින් දශක දෙකහමාරකට එපිට අඳුරු මූසල මතකයක් මෙනෙහි කරමින් පොලිස් සැරයන් සනත් ගුණවර්ධනගේ පියාණන් වන ගුණවර්ධන තමන් සතු මතකය අවදි කරන්නට විය. සැරයන් සනත්ගේ මැණියන් සහෝදර සහෝදරියන් වරින් වර එම අමිහිරි මතකය මෙනෙහි කිරීම පහසු කිරීම පිණිස තම පියාණන්ට සහාය දීම පිණිස ඉදිරිපත් විය.

‘‘ඔහොම කාලයක් ගතවෙද්දී අපිට  කරකියාගන්න කිසි දෙයක් තිබුණෙ නෑ. උසස් පොලිස් නිලධාරීන් ළඟට ගිහින් දරුවට මොකද වුණේ කියල ඇහුව. ඒ අයට ඒකට දෙන්න උත්තර තිබුණේ නෑ. නොපෙනෙන දෙවියන් ළඟට ගිහින් සරණක් ඉල්ලූව. දෙයියො අපි දිහාබැලූවෙ නෑ. දේවාල පස්සේ කපුවො පස්සේ ගියා. ඒ අය එක එක දේවල් කියකියා අපිව රැුවට්ටුවා. ඔහොම කාලයක් යද්දී තමයි අපේ පුතයි අනිත් පොලිස් නිලධාරීන් ගැනයි ඇත්ත තොරතුරක් ලැබුණේ.’’

‘‘ඔඞ්ඩුසුඩාන් පොලිසියට ගහල කොටි අත්අඩංගුවට පත් වෙච්ච පිරිස අතරෙ ඉඳල තියෙනවා අවිස්සාවේල්ල පැත්තෙ නාමරත්න කියල සාජන් මහත්තයෙක්. එයාවත් දාල තිබිල තියෙන්නේ අපේ පුතාව දාල තිබුණ වළේමයි. මුලින් ඒ වළ ඇතුළෙ පොලිස් නිලධාරීන් හතළිස් දෙදෙනෙක්ව හිර කරල කකුල්වලට විලංගු දාල තමයි තියන් ඉඳල තියෙන්නේ. කොහොම හරි එතනින් දෙන්නෙක් පැනල එන්න හදල තියෙනවා. ඒ දෙන්නව කොටි වෙඩි තියල මරල දාල තියෙනවා. කොහොම හරි මේ නාමරත්න සාජන් මහත්තයට හැදිච්ච ලොකු අසනීපයක් හින්ද මෙයාවත් කොටි නිදහස් කළා. ඒ මහත්තය තමයි කොළඹට ඇවිත් රජයටයි රතු කුරුස සංවිධානයටයි කිව්වෙ තව පොලිස් නිලධාරීන් 39 දෙනෙක්ව කොටි හිරකරගෙන ඉන්නව කියල.

සැරයන් නාමරත්න මරු කටින් නිදහස්ව පැමිණීම ඔහුට පමණක් නොව කොටි අත්අඩංගුවේ පසුවන අනිකුත් පොලිස් නිලධාරීන්ගේ ජීවිත ඉරණම ද යහපත් අයුරින් විසඳා ගැනීම පිණිස සිදු වූ ආගමනයක් බඳුය. තමන් ඇතුළු අනිකුත් පොලිස් නිලධාරින් පිරිසට මුහුණ දීමට සිදුවූ බිහිසුණු අත්දැකීම් සියල්ල හෙළිකර සිටින සැරයන් නාමරත්න ඒ බව රජයේ ආරක්‍ෂක අංශවලට සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට ද දැනුම් දීමට කටයුතු කර ඇත. ඒ අනුව ක‍්‍රියාත්මක වන රතු කුරුස සංවිධානය අතුරුදන්ව ඇති පොලිස් නිලධාරීන් පිරිස සෙවීමේ මෙහෙයුම ආරම්භ කර ඇත්තේ ඉන් අනතුරුවය. තමන් විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින පොලිස් නිලධාරීන් පිළිබඳව රතු කුරුස සංවිධානය තොරතුරු දන්නා බව සැක හැර දැනගන්නා කොටි සංවිධානය එතැන් සිට තමන්ගේ අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරීන්ට දස වධ දීම නැවතත් ආරම්භ කර ඇත. එතැන් සිට තම පුතණුවන් දෑසින් දැක ගන්නට ලැබෙන තීරණාත්මක ගමන සැලසුම් කළ ආකාරයත් ඒ සඳහා පසුබිම සැකසුන අයුරුත් පිළිබඳ පොලිස් සැරයන් සනත් ගුණවර්ධනගේ පියාණන් විස්තර කරන්නට විය.

‘‘කොහොම හරි අන්තිමට රතු කුරුස සංවිධානය විසින් හොයා ගන්නව අපේ ළමයි ජීවතුන් අතර ඉන්නව කියලා. ඊට ටික දිනකට පස්සේ රතු කුරුස සංවිධානය මැදිහත්වෙලා මාසෙකට එක ලිපිය බැගින් අපේ කට්ටියට යවන්නත් ඒ අය ලියන ලිපියක් අපි අතට පත් කරන්නත් කටයුතු කරරනවා. ඊට පස්සේ තමයි තරමක හරි සැනසීමක් කියල දෙයක් අපට දැනෙන්න ගන්නේ.

අපි ලියුම් ලියල යැව්වට ඒ හැම එකක්ම ඒ විදිහටම අපේ දරුවන්ට දෙන්න කොටි ඉඩදීල නැහැ. අනවශ්‍ය දේවල් ටිපෙක්ස් කරල තමයි දීල තියෙන්නේ. අපිට එවපු ලිපිත් එහෙමයි සමහර තැන් ටිපෙක්ස් කරල තිබුණා.

අවුරුද්දක් එකහමාරක් විතර කිසිම තොරතුරක් නැතිව හිටිය අපිට ඒ ලිපි  ගනුදෙනුව ලොකු සැනසීමක් වෙනවා. අනිත් කාරණය තමයි රතු කුරුසෙන් මේ අයව හොයාගත්තට පස්සේ ඒ වෙනකම් දීපු වද හිංංසා නතර කරන්නත් කොටි සංවිධානය කටයුතු කරල තියෙනවා.’’

එලෙස කාලයක් ගතවීමත් සමඟ කොටි අත්අඩංගුවේ පසුවූ පොලිස් කොස්තාපල් සනත් ගුණවර්ධන ඇතුළු අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ ඥාතීන් වෙත තවත් සුභාරංචියක් රැුගෙන ඒමට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය කටයුතු කර ඇත. එම පුවතින් කියවී ඇත්තේ කොටි අත්අඩංගුවේ සිටින පොලිස් නිලධාරීන් බැලීම පිණිස ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට අවස්ථාවක් ලබා දීමට කොටි සංවිධානය විසින් කටයුතු කර ඇති බවත් ය.

ඒ ආරංචිය ලැබුණ හැටියෙම වෙන මොකුත් ගැන හිතුවෙ නෑ, අපි ඒ ගමන යන්න තීරණය කරනවා. නමුත් පළමුවැනි අවස්ථාවේ ඒ ගමන යන්න ලැබෙන්නෙ නැහැ. එහෙම ගියොත් අපිවත් හිර කිරීමේ සැලසුමක් තියෙනව කියල රාවයක් පැතිර යෑමත් එක්ක රජය විසින් ඒ ගමන අවලංගු කරනවා. අපිට ඕන වෙලා තිබුණෙ අපිව මැරුවත් කමක් නෑ කියලා ඒ ගමන යන්නම තමයි. ඊට පස්සෙ නැවතත් රතු කුරුස සංවිධානය මැදිහත් වෙලා නැවතත් ඒ ගමන සංවිධානය කරනවා. මට මතක හැටියට ඒ සිද්ධිය වෙන්නෙ 1993 අවුරුද්දේ...’’

තම දරුවන් බැලීම පිණිස දකුණේ සිට උතුර දක්වා ගිය බිහිසුණු තීරණාත්මක ගමන පිළිබඳ පොලිස් සැරයන් සනත්ගේ පියාණන් විසින් විස්තර කරන්නට වූවේ ඉන් අනතුරුවය. එම ගමන සඳහා කොටි අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු ඥාතීන් 84 දෙනකු සහභාගි වී ඇති අතර, එය ජිවිතයත් මරණයත් අතර සිදුකළ බිහිසුණු චාරිකාවක් බඳුය.

‘‘කොහොම හරි ඒ ගමනට අපි 84 දෙනෙක් සහභාගි වෙනව. අපේ ගෙදරින් යන්නේ මමයි මගේ තාත්තයි. මුලින්ම අපිව කොළඹ ඉඳන් ත‍්‍රිකුණාමලයට එක්ක යනවා. ඒ යන්නෙ හමුදා ආරක්‍ෂාව මැද්දේ. එතන ඉඳන් නැවෙන් යනව

පේදුරු තුඩුවට. ඔය වෙද්දී යුද්ධය දරුණුවට තිබුණ කාලයක්. පේදුරු තුඩුවට ගියාට පස්සෙ අපිව භාරගන්න කොටි සාමාජික සාමාජිකාවන් පිරිසක් ඇවිත් හිටියා. එතන බස් කීපයකුත් තිබුණා. අපිට ඒවට නගින්න කිව්වා. එතන ඉඳල මුළුමනින් ම කොටි පාලන ප‍්‍රදේශ. අපිව අරන් ගියේ යාපනයේ ‘සුභාෂ්’ හෝටලයට. යාපනය ‘සුභාෂ්’ හෝටලයට කියන්නේ ඒ කාලෙ නිතර නිතර කොටි නායකයන් යන එන කන බොන තැනක්.’’

එහෙම ගියාට පස්සේ ඒ හෝටලයෙම එක පැත්තක තිබුණ ශාලාවකට අපිව අරන් ගියා. යකඩ දැල් ගහල යකඩින්ම දොරවල් හදල තිබුණ ඒ ශාලාවෙ ආරක්‍ෂාවට හිටියෙ ආයුධ සන්නද්ධ කොටි සෙබළියො. ඒක ඇතුළට

ගියාට පස්සේ තමයි අපි දැක්කේ බිම එලල තිබුණ බෙඞ් ෂීට්වල එක බෙඞ් ෂීට් එකක දෙන්න බැගින් බිම දිගා කරල තියෙනවා. සුදු සරමයි සුදු කමිසයයි හැම කෙනාටම අන්දල තිබුණෙ. අපිට කිව්වෙ තම තමන්ගෙ කෙනා ඒ අතර ඉන්නවද බලන්න කියලා. ඒ පාර මෙහෙන් ගිය අපේ කට්ටිය එක පේළියට අර බිම දිගා කරල හිටිය පොලිස් නිලධාරීන් අතරෙ තමන්ගෙ පුතා එහෙමත් නැත්නම් අයිය හෝ මල්ලි ඉන්නවද කියල බල බල ඇවිද්ද. එහෙම ටික දුරක් යද්දී එක පාරට ‘තාත්තේ’ කියල මගේ පුතා මගෙ කකුලෙ එල්ලූනා. එයා එහෙම නොකෙරන්න මට පුතාව අඳුන ගන්නත් බෑ. ඒ තරමට එයාගෙ පෙනුම වෙනස් වෙලා තිබුණෙ. කොහොම හරි ටික වේලාවක් යද්දී අපි සේරම තම තමන්ගේ දරුවව ඥාතියව බදාගෙන මහ හයියෙන් අඬන්න ගත්තා. ඒ වෙලාවෙ කොටි සෙබළ සෙබළියෝ අර දැලේ එල්ලිලා අපි දිහා පුදුමයෙන් වගේ බලන්න ගත්ත. තවත් පිරිසක් ඒ අයලගෙ තිබුණ කැමරාවලින් මේ දර්ශනය වීඩියෝ කරනවා. සමහරු ෆොටෝ ගන්නව.’’

හිරු මෙන් නළියන දරු සෙනෙහස වෙනුවෙන් එකල පොලිස් කොස්තාපල් සනත්ගේ තාත්තා, සීයා ඇතුළු 84 දෙනකු මුළුමනින්ම කොටි පාලන ප‍්‍රදේශයක් වූ යාපනයට පිටත්ව ගොස් ඇත්තේ තම පුතුන්, ඥාතීන් වූ කොටි අත්අඩංගුවේ අනේකවිධ පීඩාවන්ට යටත්ව දිවි ගෙවන පොලිස් නිලධාරීන් පිළිබඳ කුමන හෝ යහපත් ප‍්‍රතිචාරයක් කොටි සංවිධානයෙන් ලබා

ගැනීමේ අරමුණින් යුතුවය. එහෙත් එය ඔවුන් සිතු තරමේ ප‍්‍රතිචාරයක් ඒ සඳහා කොටි සංවිධානයෙන් ලැබී නැත. කොටි අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරීන්ගේ ඥාති පිරිස ද තීරණය කරනු ලබන්නේ කෙසේ හෝ කොටි අත්අඩංගුවෙන් පොලිස් නිලධාරින් පිරිස මුදාගෙන නැවතත් දකුණ බලා පැමිණීමය. එම උත්සාහය පිළිබඳව ද සනත් ගුණවර්ධනගේ තාත්තා සතු මතකය තවම වියපත්ව ගොස් නැත.

‘‘අපි සුභාෂ් හෝටලයට යන්න දවස් දෙකකට කලින් අපේ දරුවො උපවාසයක් ආරම්භ කරල තිබුණා. ඒ අයගෙ ඉල්ලීම වෙලා තිබුණෙ එක්කො නිදහස් කරන්න, නැත්නම් මරල දාන්න කියලයි. කොහොම හරි අපි ගියාට පස්සෙ මේ අය කෑම විතරක් නෙමෙයි වතුර බොන එකත් නතර කරලා දැම්මා. ඒ බව එතන හිටිය කොටි සාමාජිකයන් විසින් ඒ අයගෙ ඉහළ නායකත්වයට දැනුම් දුන්නට පස්සෙ එතනට ඇන්ටන් බාලසිංහම් හා කරිකාලන් කියන නායකයො දෙන්නත් ආවා. අපිටත් හෝටලයෙ කාමර දීල කන්න බොන්න දීල හොඳින් සලකන්නත් කොටි සංවිධානය කටයුතු කරල තිබුණා. ඔතන හිිටියා අපේ යුද හමුදාවේ බි‍්‍රගේඩියර් කෙනෙක් වන ආනන්ද වීරසේකර මහත්තය. එතුමා අවස්ථා කීපයකදී අපේ ළමයින්ගෙන් කටඋත්තර අරන් හෙලිකොප්ටරෙන් හත්අට වතාවක් කොළඹට ආව ගියා. නමුත් ඒවායින් හරි ප‍්‍රතිඵලයක් ලැබුණෙ නැහැ. ඔහොම දවස් 4 ක් විතර ගියාට පස්සෙ නැවත වතාවක් ඇන්ටන් බාලසිංහම් සුභාෂ් හෝටලයට ආවා. ඒ ඇවිත් කතා බහ කරල හිරකරන් හිටිය පොලිස් නිලධාරීන් 39 දෙනාවම යුද සිරකරුවන් වශයෙන් නිදහස් කළා. එහෙම කළා කියල ඒ අයට අපිත් එක්ක එන්න නිදහස දුන්නෙ නෑ. ඒ නිදහස ඇතුළට විතරක් සීමා වෙච්ච එකක් විතරයි.

එහෙමවත් නිදහස් කරල දවස් හය හතක් යද්දී මගේ පුතා සහ අනිත් පොලිස් නිලධාරීන් පිරිසට කෑම කන්න කියල නියෝගයක් ආවා. මුලින් මුලින් ආහාර ටික ටික ගන්න කියල තමයි උපදෙස් දුන්නේ. ඒ වෙනකොට දවස් 10 ක් විතර ආහාර නොගෙන ඉඳල කට්ටියම හිටියෙ බොහොම දුර්වල මට්ටමකනෙ. මේ අය මොකද කළේ බඩගින්නටත් එක්ක ටිකක් වැඩිපුර ආහාර ගත්ත. ඔය වෙද්දි අපි යාපනයට ගිහින් හත්වෙනි දවසත් ගෙවිලයි තිබුණේ. ඇතැම් පොලිස් නිලධාරීන්ගෙ ගෙවල්වලින් ගිය සමහර අය ඒ වෙද්දි ආපහු තම තමන්ගෙ ගෙවල්වලට ගිහිල්ල, අපි ටික දෙනයි ඉතුරු වෙලා හිටියෙ. එදා ? කෑම එහෙම කාල ?ට නිදාගන්න ගියාට පස්සෙ මගෙ පුතා කිව්වා ‘‘තාත්තේ මගේ බඩ කොරවෙනව’’ කියලා. එහෙම කියල විනාඩියක් දෙකක් යද්දී මේ ළමයව ගල් ගෙඩියක් වගේ දරදඬු වෙන්න ගත්ත. මට කරන්න දෙයක් නැති පාර පහළට ඇවිත් රතුකුරුස නිලධාරීන්ට මේ විත්තිය කිව්ව. එහෙම කියල මං හෝටලේ උඩ තට්ටුවට නගින්නවත් වෙලාවක් තිබුණෙ නෑ. රතු කුරුසෙ වැඩ කරපු සුදු නෝනා කෙනෙක් ඇවිත් පුතාව උස්සල එයාගෙ අත් දෙකට ගත්තා. එහෙම අරගෙන පඩි පේළි දෙක තුනක් එක පිම්මටම බැහැල ගිහින් නතර වුණේ රතු කුරුසෙ ජීප් එකක් ළඟ. පුතාගෙ ශරීරය දරදඬුවෙලා තිබුණ හින්ද ජීප් එකේ දොරවත් වහන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. කොහොම හරි මට හෝටලේම ඉන්න කියල ඒ අය පුතාවත් අරන් යාපනය රෝහලට ගියා. ඊට ටිකකට පස්සෙ ඇවිත් මාවත් අරන් ගියා. ඔහොම දවස් 4 ක් රෝහලේ ඉන්න අතරේ පුතාව පරීක්‍ෂා කළ ද්‍රවිඩ වෛද්‍යවරයා තීරණය කරනව තව දුරටත් ප‍්‍රතිකාර කරන්න එයාට පුළුවන් කමක් නැහැ. වැඩිදුර ප‍්‍රතිකාර සඳහා පුතාව නිදහස් කරල යවන්න ඕන කියල.

ආපහු වතාවක් මාව හෝටලයට අරන් ආව. ඊට පැය තුනකට විතර පස්සෙ පුතාවත් ආපහු හෝටලයට අරන් එනවා. එදා ?ත් අපි දෙන්න හිටයෙ යාපනය සුභාෂ් හෝටලයෙ. පහුවෙනිදා අපි ඉන්න කාමරේට ආව කොටි සාමාජිකයන් කීප දෙනෙක් කිව්ව පුතාව නිදහස් කලා දැන් යන්න පුළුවන් කියලා. ඒක එක පාරටම අදහාගන්න බැරි ආරංචියක් වගෙයි අපිට දැනෙන්න ගත්තේ. ඊට පස්සෙ අපි සූදානම් වෙලා හෝටලයෙන් පහළට බහිද්දී අනිත් පොලිස් නිලධාරීන්ගේ ඥාතීන් කෑගහන්න ගත්ත මෙයාව විතරක් නිදහස් කළොත් ඒ අයගෙ කට්ටියට අසාධාරණයක් වෙනව. එහෙම නම් ඉතිරි 38 දෙනාවත් නිදහස් කරන්න කියලා. ඒ පාර එතන හිටිය කොටි සාමාජිකයො ඒ අයට කිව්ව මේක ප‍්‍රභාකරන්ගෙ ඕඩර් එකක් මෙයාව නිදහස් නොකළොත් අනිත් අයට නැවත කරදර විඳින්න වෙයි කියලා.

 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.