රටේ
දේශීය දේපළ විකිණීම සඳහා චන්ද්‍රිකා ආණ්ඩුව ආරම්භ කළ මහා ව්‍යාපාරය
රාජපක්ෂ ආණ්ඩුව විසින් චන්ද්‍රිකාට බැණ බැණ ඒ ආකාරයෙන් ම ඉදිරියට ගෙන යන
ලදී. එයින් නොනැවතුන ඔවුහු මිහින් ලංකා වැනි නන්නත්තාර ව්‍යාපාර පටන් ගෙන
ආර්ථිකය හිල් කිරීමට පටන් ගත්හ. මිහින් ලංකා යනු සජින් වාස් ගුණවර්ධන නමැති
පුද්ගලයාගේ වුවමනාවට පටන් ගත් බජට් එයාර් ලයින් එකකි. ලංකාව යනු බජට්
එයාර් ලයින් එකක් තබා බජට් බරකරත්ත සේවාවක්වත් දරා ගන්නට පුළුවන් රටක්
නොවේ. රටේ ජාතික ගුවන් සේවය වන ‘ශ්‍රී ලංකන්’ කොතරම් පාඩුද යන්න ඔබ
දන්නවාද? රාජපක්ෂවරුන් රට කන ආරංචියට ලැබුණු ප්‍රසිද්ධිය නිසා 2015
ජනවාරි 10 වැනිදා පැවැති ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත් විය. ඉන්
පසු බලයට ආ මෛත්‍රී - රනිල් යහ පාලන ආණ්ඩුව රට හරියට කරගෙන යන්නේද...?
අප මෙතෙක් කලක් හිතා සිටියේ මේ රටේ
අවුල්ම ආණ්ඩු කළ දෙදෙනා චන්ද්‍රිකා කුමාරණතුංග සහ මහින්ද රාජපක්ෂ බව ය.
චන්ද්‍රිකා රට කළ කාලයේදී වරක් සම්බා හාල් කිලෝව රුපියල් හැටට ගියේය. එම
වකවානුවේදී ආණ්ඩුවේ උදෘත පාඨය වූයේ ‘රට පෙරට’ ය. මෙහිදී ‘‘රට පෙරට - හාල්
හැටට’’ යනුවෙන් කතුවැකියක් ලියූ අපි චන්ද්‍රිකා ආණ්ඩුව බලවත් සේ විවේචනය
කළෙමු. අද මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු සහල් කිලෝවක අවම මිල රුපියල් 90 කි.
සම්බා කිලෝවක් රුපියල් 110 කි. කීරි සම්බා කිලෝවක් රුපියල් 135 කි. වඩා හොඳ
කීරි සම්බා කිලෝවක් රුපියල් 150 කි. පොන්නි සම්බා යනුවෙන් ද කිලෝව රුපියල්
90 ට සහල් වර්ගයක් ඇති නමුත් එය පිසූවිට බත් ඇටයක් කොස් ඇටයක් තරමට විශාල
වන අතර එය පෙති ගසා අනුභව කළ යුතු තත්ත්වයක් මතුවෙයි. රාජපක්ෂ ආණ්ඩුව
පැවැති කාලයේදී ජීවන වියදම ඉහළ ගිය ආකාරය ගැන අමුතුවෙන් කිව යුතුද? රටේ
දේශීය දේපළ විකිණීම සඳහා චන්ද්‍රිකා ආණ්ඩුව ආරම්භ කළ මහා ව්‍යාපාරය
රාජපක්ෂ ආණ්ඩුව විසින් චන්ද්‍රිකාට බැණ බැණ ඒ ආකාරයෙන් ම ඉදිරියට ගෙන යන
ලදී. එයින් නොනැවතුන ඔවුහු මිහින් ලංකා වැනි නන්නත්තාර ව්‍යාපාර පටන් ගෙන
ආර්ථිකය හිල් කිරීමට පටන් ගත්හ. මිහින් ලංකා යනු සජින් වාස් ගුණවර්ධන නමැති
පුද්ගලයාගේ වුවමනාවට පටන් ගත් බජට් එයාර් ලයින් එකකි. ලංකාව යනු බජට්
එයාර් ලයින් එකක් තබා බජට් බරකරත්ත සේවාවක්වත් දරා ගන්නට පුළුවන් රටක්
නොවේ. රටේ ජාතික ගුවන් සේවය වන ‘ශ්‍රී ලංකන්’ කොතරම් පාඩුද යන්න ඔබ
දන්නවාද? රාජපක්ෂවරුන් රට කන ආරංචියට ලැබුණු ප්‍රසිද්ධිය නිසා 2015
ජනවාරි 10 වැනිදා පැවැති ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත් විය. ඉන්
පසු බලයට ආ මෛත්‍රී - රනිල් යහ පාලන ආණ්ඩුව රට හරියට කරගෙන යන්නේද? අන්
කවර කාලෙකවත් නොවූ තරමට මේ යුගයේදී ජීවන වියදම ඉහළ ගොස් දැනට වෙළෙඳපොළේ
තිබෙන එළවළු මිල ගණන් සමග සසඳන කල මධ්‍යම පාන්තික පවුලකට දැරිය හැක්කේ
පිපික්ඳ්ක්ඳා සමග බත් කෑම පමණි. පිපික්ඳ්ක්ඳයි බතුයි පවා ඔය කියන තරම්
ලේසියට කන්නට බැරිය. පිපික්ඳ්ක්ඳා ඉවීමට පොල්කිරි අවශ්‍යය. ගෑස් හෝ දර
අවශ්‍යය. කුස්සියේ ටැප් එක ඇරියාට මේ දෙකම එන්නේ නැත. එසේම ළිඳ තුළට
බාල්දිය දැමූ විට පොල්කිරි එන්නේත් නැත; ගෑස් එන්නේත් නැත. හැබැයි මොන තරම්
කරදර තිබුණත් මේ රට මීට වඩා පහළට යන්නෙත් නැත. බඩුවක මිල ඉහළ යන හැම විටම
ආණ්ඩුව කියන්නේ ඇමරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිසා ඩොලරයේ අගය වැඩි
වූ බවත්, ඒ නිසා රුපියලට කෙළවුණ බවත් ය. රුපියල අවප්‍රමාණ වීම රටට යහපත්
බව ඇතැම් පණ්ඩිතයෝ කියති. එහෙත් මහ බැංකුව කියන්නේ රුපියල පහත වැටීම වළක්වා
ගැනීම සඳහා තමන් මහත් පරිශ්‍රමයක් දරන බවය. එසේ නම් මහ බැංකුව කරන්නේ
ආණ්ඩුවට විරුද්ධ කුමන්ත්‍රණයක් ද?
මුල් කාලයේදී ෆැෂන් ඩිසයිනර්
කෙනෙකු වූද, පසු කාලයේදී දේශපාලනඥයකු වූද, ඊළඟ අවස්ථාවේදී කුරුඳු පොලූ සහ ඒ
ආශ්රිත කර්මාන්තයෙහි විශේෂඥයකු වූද, අද මුදල් ඇමැති මංගල සමරවීර රටේ
ආර්ථිකය ගැන දරන මතය අවුල් සහගතය. ඉන්ධන මිල වැඩි කරන මිල සූත්‍රය තමන්ට
නොවැටහෙන බව ඔහු කියයි. ඊළඟට ගම්පෙරළිය නමැති ආර්ථික වැඩසටහන යටතේ ගමට
කාන්දුවන රුපියල් බිලියන 88 ක මහා ධනස්කන්ධයෙන් පෙනී යන්නේ රටේ ආර්ථිකය
යහපත් ස්වරූපයකට පත්වීම බව ද ඔහු කියයි. එහෙත් ගම්පෙරළිය යනුවෙන් මේ රටේ
ජනයා තවමත් දන්නේ මාර්ටින් වික්‍රමසිංහ එනමින් ලියූ පොත සහ ලෙස්ටර් ජේම්ස්
පීරිස් එනමින් හැදූ චිත්‍රපටය පමණි. ගම්පෙරළිය, අගමැති රනිල්
වික්‍රමසිංහ සහ මුදල් ඇමැති මංගලගේ නියමු ව්‍යාපෘතියකි. මුදල් අමාත්‍යාංශය
තුළ සිටින කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් මෙම ව්‍යාපෘතියට ප්‍රචාරය
දීමෙන් වැළකී සිටිති. ඒ ගැන ජනතාව දැනුවත් කිරීමෙන් වැළකී සිටිති. මේ
කඩාකප්පල්කාරයන් මුදල් අමාත්‍යාංශයෙන් පලවා හැර ගම්පෙරළිය ව්‍යාපෘතියත්,
එහි ප්රතිලාභයන් ජනතාවට ලබා දීමට ඉඩ සලසන මෙන් අපි මුදල් ඇමැති මංගලගෙන්
ඉල්ලමු.
මේ සියලූ කාරණා අතර ආණ්ඩුවට හිතවත් අර්ථ ශාස්ත්‍රඥයන්
කියන්නේ ලංකාවේ රුපියල පමණක් නොව, ඉන්දියාවේ රුපියලත් අවප්‍රමාණ වී ඇති
බවය. එහෙත් ඉන්දියාවේ ආහාර මිල අදටත් කලාපයේ අඩුම ආහාර මිලය. ඉන්දියාවේ
ඉන්ධන මිල කලාපයේ අඩුම ඉන්ධන මිලය. ඉන්දියාවේ ලයිට් බිල කලාපයේ අඩුම ලයිට්
බිලය. ඩොලරය ඉන්දියාවටත් අපටත් දෙවිදියකට සලකන්නට කිසිදු ඉඩක් නැත. එසේ නම්
මේ රට තුළ ඇත්තේ ආර්ථික අසමත්කම පිළිබඳ අවුලකි. කවුද ෆේල්, මංගලද
ෆේල්?නැත්නම් අපද ෆේල්?
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, October 14, 2018
කවුද ෆේල්, මංගලද ?නැත්නම් අපද ?
Posted by
lankanews
at
October 14, 2018
Labels: gay mangala samaraweera, lankanews, mangala samaraweera, yahapalana taxes, yahapalanaya
කවුද ෆේල්, මංගලද ?නැත්නම් අපද ?
2018-10-14T18:54:00+02:00
lankanews
gay mangala samaraweera|lankanews|mangala samaraweera|yahapalana taxes|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
