ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, October 14, 2018

මම නීතිය හරියටම ඉටුකළා...!!!

ඉකුත් 9දා ඇපමත නිදහස්ව පැමිණි පොලිස් සැරයන් සනත් ගුණවර්ධන සමග කෙටි පිළිසරදක යෙදීමේ අවස්ථාවක් අපට උදාවිය. පහත පලවන්නේ ඔ - 56 අවියක් රැුගෙන විරෝධතාවයක නිරතවීම ඉන් අනතුරුව දින කිපයක් බන්ධනාගාර ගතව සිට ඇපමත නිදහස්වීම සහ ඉදිරියේදී ඔහුට මුහුණ පෑමට සිදුවන අභියෝග පිළිබඳ අප විසින් කරන ලද විමසීමට ඔහු විසින් ලබාදුන් පිළිතුරුය.

‘ඇත්තටම මට අසාධාරණයක් සිද්ධ වුණා. එදා සිදුවීම පමණක් නෙවෙයි ඊට පෙරත් මගේ රාජකාරී ජීවිතයට පොලිසියෙන්ම විවිධ බලපෑම් ආවා. එදත් එහෙම දවසක්. නීති විරෝධී අයුරින් වැලි ප‍්‍රවාහනය කළ ලොරි රථයක් නීතිය ඉස්සරහට ගෙනාවට පස්සෙ ඒකට අවශ්‍ය නීතිමය කටයුතු කරනවා වෙනුවට තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා ඒක නිදහස් කරල යවනවා. ඊට පස්සේ මතුගම සහකාර පොලිස් අධිකාරි මාව කැඳවල විශාල පිරිසක් මැද්දෙ මට ඉතාමත් පහත් විදිහට දෝෂාරෝපනය කරනව. ඊට පෙර මේ අවුරුද්දෙ හත්වැනි මාසෙ මගේ අතක් තුවාල වෙලා දවස් 15 ක් මම නිවාඩු ගන්නවා.
ඒ දවස් 15 ට මගේ වැටුප කපා දානව එහෙම පඩි කපන්න පුළුවන් කියලා චක‍්‍ර ලේඛනවල නැහැ. පස්සෙ පඩිය හැදුවා. ඒක වෙනම කථාවක්. ඊට පෙර සිදු වූ තවත් සිදුවීමක් තියෙනවා. ඒ තමයි උසස් පොලිස් නිලධාරියෙකුගේ නියෝගයක් ක‍්‍රියාත්මක කරන්න ගිහින් අන්තිමට මා ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් මතට ඒ වරද පැටවීම. ඒකට තවමත් අධිකරණයට යනවා. කාලයක් තිස්සෙ ඔය වගේ පීඩාකාරී මානසිකත්වයක තමයි මට රාජකාරී කරන්න වුණේ. නමුත් මම හැම වෙලාවෙම නීතියට අනුව වැඩකළා. බැරිම තැන තමයි මම එදා එහෙම තීරණයක් අරන් පාරට බැහැල විරෝධතාවයක් දැක්වුවේ.’’

කවුද ෆේල්, මංගලද ?නැත්නම් අපද ?

රටේ දේශීය දේපළ විකිණීම සඳහා චන්‍ද්‍රිකා ආණ්ඩුව ආරම්භ කළ මහා ව්‍යාපාරය රාජපක්‍ෂ ආණ්ඩුව විසින් චන්‍ද්‍රිකාට බැණ බැණ ඒ ආකාරයෙන් ම ඉදිරියට ගෙන යන ලදී. එයින් නොනැවතුන ඔවුහු මිහින් ලංකා වැනි නන්නත්තාර ව්‍යාපාර පටන් ගෙන ආර්ථිකය හිල් කිරීමට පටන් ගත්හ. මිහින් ලංකා යනු සජින් වාස් ගුණවර්ධන නමැති පුද්ගලයාගේ වුවමනාවට පටන් ගත් බජට් එයාර් ලයින් එකකි. ලංකාව යනු බජට් එයාර් ලයින් එකක් තබා බජට් බරකරත්ත සේවාවක්වත් දරා ගන්නට පුළුවන් රටක් නොවේ. රටේ ජාතික ගුවන් සේවය වන ‘ශ‍්‍රී ලංකන්’ කොතරම් පාඩුද යන්න ඔබ දන්නවාද? රාජපක්‍ෂවරුන් රට කන ආරංචියට ලැබුණු ප‍්‍රසිද්ධිය නිසා 2015 ජනවාරි 10 වැනිදා පැවැති ජනපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ පරාජයට පත් විය. ඉන් පසු බලයට ආ මෛත‍්‍රී - රනිල් යහ පාලන ආණ්ඩුව රට හරියට කරගෙන යන්නේද...?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.