28/09/2018 දින දී ස්වාධින රුපවාහිනී පුවත් මගින්, කියා පෑ එක පුවතක් වුයේ
මා පෙන්වූ වීඩියෝ කැසට් පට තොගය තුල ඇත්තේ රුපවාහිනී වෙළෙඳ දැන්වීම් පමණක්
වන අතර ඒවා මේ ගොඩ ගසා ඇත්තේ විනාශ කිරීමට බවටය.එසේම මේ හෙළිදරව්ව කල අයට
එරෙහිව සී ,අයි .ඩී යට පැමිණිලි කීරීමට ෆයිල් කවර කිහිල්ලේ ගසා ගත් රිළා
පණික්කියන් දෙදෙනෙක් උජාරුවෙන් ගොඩනැගිල්ලකට ඇතුළු වෙන්නට යනවා පෙන්වන
ලදී . ...!!! එම හෙළිදරව්ව රටට හෙළි කළේ මවිසින්ය .ඒ නිසාම ඊට පිළිතුරු
දීමට අවශ්‍යය .මේ ඒ ලිපියයි..!!!
ඒවා මා පෙන්වා දුන්නේ සත්‍යය සේයා රූ
සමගින්,එසේම ඒ වීඩියෝ කැසට් පට තුල ඇති දත්ත නැවත හාර්ඩ් ඩිස්ක් වලට
රැගෙන ඇති බවටද පළ කරනුයේ අමුලික බොරුය.1979 වසරේ සිට එකතු කළ මහා ජිව
දත්ත ගබඩාවක් එක්වරම වෙනත් ක්‍රමයකට එනම් ඩිජිටල් ක්‍රමයට හරවා පිටපත්
කිරීම විහිළුවකි,ආරංචි අනුව මා කල හෙළි දරව්වෙන් පසුව පරණ වීඩියෝ ධාවන
යන්ත්‍රයක් යොදවා පිටපත් කිරීම අරඹා ඇති බව මට දැන ගන්නට ලැබුණා .
ජිව
දත්ත අඩංගු පැරණි මුල් පිටපත් ලොව කිසිදු රුපවාහිනී නාලිකාවක් විනාශ
කරන්නේ හෝ පැත්තකට දමා විනාශ වීමට ඉඩ හරින්නේ නැත .මගේ හෙළිදරව්ව නිසා
බලධාරීන්ගේ නිරුවත හෙළිවී උන්ගේ තනතුරු ගැලවී යා හැකි නිසා උන් දැන්
කඩිමුඩියේ ඊට විකල්ප දේ සොයමින් සිටිති,පැරණි වීඩියෝ කැසට් පට කෙතරම්
ප්‍රමාණයක් මේ වන විනාශ වී ඇත්ද.වෙන පච පුවත් මවන්නා සේ මේ ජාතික විනාශය ද
වසා ගැනීමට යත්න දැරීම විහිළුවකි,
මෙන්න හිතවතුනි සත්‍යය ...!!!
ස්වාධින රූපවාහිනියෙන් මා ජනතාව හමුවේ නිරාවරණය කළ සත්‍යය තොරතුරක් අභියෝගයට ලක් කොට ඇත,
ඊයේ අයි ටී එන් නිවුස් එකෙන් පෙන්නුවා ඕක හෙළිදරව් කළා කියල උන් සි
අයි ඩී එකට යනවා .උන් දෙන්නෙක් ෆයිල් කවර දෙක තුනකුත් කිහිල්ලේ ගසා ගෙන
යනවාද දුටිමි,ඒ විහිලුකරුවන් දෙදෙනා ඒ ගියේ කලිසම් ද හැඳ වීම විලි
ලැජ්ජාවකි .මන්ද ජනතාව ඉදිරියේ උන් සිටියේ නිරුවතිණි .ඊට පස්සේ කියනවා අර
අහක දාල තියෙන්නේ ඒ කාලේ දැන්වීම් තියෙන ඒවලු .දේශපාලන වාසි ගන්නලු ඔහොම
කියන්නේ, මට ඇති දේශපාලනයක් නැත .අනික ඔය වීඩියෝ කැසට් මගින් දේශපාලනය
කරන්නේ යයි පෙන්වා දීමට යත්න දැරූ උන් ළදරුවන්ය .උන්ට නාලිකාවක තබා පාරක
පත්තර කඩ මාල්ලක සේවයටවත් සුදුසු නැති අම්බරුවන්ය . ,උන් තමයි උන්ගේ පුටු
බේරගන්න එන එන ආණ්ඩුවලට කඩේ යන්නේ ....!!!
අනික එවල තියෙන්නේ දැන්වීම්
කියමු....!!! ඒත් ඒවා උනත් එහෙම හිතුවත් කොච්චර වටිනවද අනාගතයට ...!!! ඒ
හැම වීඩියෝ කැසට් එකක්ම ඒවා නෙවි.මම ඒවා ගැන උන්ට වඩා දන්නවා...!!!ලංකාවේ
රුපවාහිනී ඉතිහාසය තිබුනේ අයි ටී එන් එකේ ,ඒ ඉතිහාසේ දැන් කොච්චර දුරට
කාබාසිනියා කරලද කිවතොත් මුල් අවදියේ භාවිතා කළ එකදු කැමරාවක් ,උපාංගයක්
දැන් එහි සතුව නැහැ .තිබුන මිලි මීටර් 16, 35 සිනමා පට ගබඩාව ( Cinema
archives library ) චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් අයි ටී එන් එකට පත්ව ආ නිව්ටන්
ගුණරත්න නම් අපත තිරිසනා එක අණකින් විනාශ කර දැමුවා.ඒ සමගම පරණ ජිව දත්ත
අඩංගු යු මැටික් වීඩියෝ කැසට් දහස් ගණනක් ගිණි තබා විනාශ කළා .
ඒ
විනාශ කිරීම තාමත් කලින් කලට එන දේශපාලු හෙංචයියන් අත් හැර නැහැ .මීළඟට
වැඩක් නැති පරණ දැන්වීම් කියා මේ විනාශ කරන්නට මාන බලනුයේ ලංකාවේ රුපවාහිනී
දැන්වීම් කලාවේ හෝ ඉතිහාසයයි .මුන්ට ඒවා විනාශ කිරීමට අවසර නැහැ,ඒවා ජාතික
වස්තුන්,ඒවා සංරක්ෂණය කිරීමට නොහැකිනම් ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවට
දිය යුතුයි .
දැන් මුන් පවසන්නේ ඒවාට අයිතිකරුවන් නොමැත කියායි
.මුන්ගේ මේ තියරිය අනුව කාශ්‍යප නැති නිසා සිගිරි ගලද ඩයිනමයිට් දමා විනාශ
කල යුතුය ..බැරි වෙලාවත් මුන් එකෙක් හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට
දේශපාලන බලයෙන් ගියා නම් ලංකාවේ ඉතිහාසයට දෙවියන්ගේ පිහිටය .මුන් මේ
කියන්නේ ඒ ගොඩගසා ඇත්තේ වෙළඳ දැන්වීම් කැසට් පට පමණක් නම්..? එතරම්
ප්‍රමාණයක් ...? කව්ද ඒවා පරික්ෂාකොට බැලුවේ ,..? කවදාද ...? ඒවා සේරම ගජ
බින්නය ...!!! වෙළඳ දැන්වීම්වුවද ඒවා විනාශ කිරීමට මොවුන්ට කිසිදු
අයිතියක් නැත .නැවත සඳහන් කරමි.ඒවා ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව ට
භාරදිය යුතුය .
සාමාන්‍යයෙන් යු මැටික් කැසට් පටයක එකල මිළද දහස්
ගණනක්ව පැවතුණි .ඒ වටිනාකම ගත්තද මුන් මේ විනාශ කිරීමට දත කන්නේ මිලියන
ගණනක දේපලය .
අපේ රටේ ජනතාවට ඇත්ත දැන ගැනීමට ඉඩ දිය යුතුය .ආයතනය සතුව
තිබු වටිනා වැඩසටහන්, ගීත නුතන ක්‍රමයට හාර්ඩ් ඩිස්ක් මතට ගත් බවට පාරම්
බානු ඇසිණ ...1979 සිට එකතුවී ඇති ජිව දත්ත එක්වරම පිටපත් කිරීමට වසර 2005
සිට යත්න දරුවත් ඊට කොපමණ කලක් වැයවෙයිද ? ඒවා කැප්චර් කිරීමට වසර
ගණනාවක් සහ උපකරණ ගණනාවක් ,පුද්ගලයන් ගණනාවක් අවශ්‍යවෙයි,දැනට ආයතනය සතුව
ඇතැයි උජාරුවෙන් පවසන විද්‍යුත් වීඩියෝ සර්වරය ( server ) සතුව ටෙරා බයිට්
(Tera Byte ) 500 ඇති සිතමු ,එත් ඊටද ඒ මදිය ටෙට්රා බයිට් ( Tetra byte
)දහස් ගණනක් ඊට අවැසිය .එම ක්රමයද ලොව සාර්ථක නැත,එම නිසයි ලොව සෑම
පිළිගත් රුපවාහිනී ආයතනයක්ම මූලික පිටපත් ජිව දත්ත සුරකිනුයේ .කවුරු හරි
ආයතනයේ තිබු සියලුම ජිව දත්ත ඩිජිටල් ලෙස පරිවර්තනය කළා කියතොත් ඒ කියන්නේ
පට්ට පචයකි,ඌගේ පරම්පරාවටවත් ඒ දේ කල නොහැකිය. please refer
In
digital TV broadcasting applications, this additional coding gain can be
... recovery systems . for Television, Sound and Data Services —
Framing Structure
https://books.google.fr/books…
http://www.digitalrevolution.tv/digi-rev-blog/
මා දන්නා තරමට අයි ,ටි,එන් හි ලාංචනයද කිහිපවරක් වෙනස් කළේය.( ITN Logo )
.දැන් ඇත්තේ හතර බිරි ලාංචනයකි .ලොව පිළිගත් කිසිදු රුපවාහිනී හෝ මාධ්‍ය
ආයතනයක්වත් ලාංචන වෙනස් කොට නැත .හැම දෙයම දන්නා එහෙත් රුපවාහිනියේ අයන්න
ආයන්න වත් නොදත් මේ සෙල්ලම් බට්ටන් අතට ලංකාවේ ප්‍රථම රුපවාහිණිය හසුවී
තිබීම අතිශයින් ඛේදජනකය .( Television Ethics and Television Media ) එසේම
මේ හදිසියේ උඩ පනිමින් භූමිතෙල් තැවරුණ ගැරඬි මෙන් දඟලන අප්පුහාමිලා අයි
,ටි,එන් ආයතනයට උන් ආ දිනයන් හි පටන් කර ඇත්තේ කුමණ සේවයක්ද මෙහෙයක්ද
කියාත් සොයා බැලීම වටී .මන්ද මුන් ආයතනයෙන් පිනට පින් පඩි ගන්නා රීළා
සේනාවකි,අද ආයතනයේ රේටින් අඩුය ,දුවන්නේ පාඩුවටය .උපදේශක පණික්කියන්
ආයතනයේ වැහි වහැලාය .අහෝ ...!!! අයි .ටී .එන් ,
1984 සිට 2001 දක්වා
දීර්ඝ කාලයක් මා එහි සේවයකොට ඇත අද ඔය රිලා නැටුම් පෙන්වන එක මොටෙකුටද වඩා
එහි උන්නතිය වෙනුවෙන් මා කැපවී ඇත.අද උන් බ්රේක් ඩාන්ස් නටමින් ඒ මත
පහරන්නේ අප එදා හැදු වේදිකාව මතය .ලංකාවේ දීර්ඝතම ටෙලි නාට්‍යවන කෝපි කඩේ
350 වැඩි කාලයක් අධ්‍යක්ෂණය කළා මෙන්ම එහි මුල්ම ටෙලි නාට්‍ය වන වජිරා හිද
සහය අධ්‍යක්ෂකවරයා වුයෙමි .එසේම ලංකාවේ ප්‍රථම අයි .ටී .එන් ,හි ,ජාතික
සම්මානයද පිට පිට දෙවරක් අරන් දුන්නේ මා විසිනි ඒ 1995 සහ 1996 සුමති
සම්මානයයි,ඔය මා පැවසුයේ ඉතාමත් ස්වල්ප යකි, ඒ සම්මාන දිනු වැඩසටහන් පවා
විනාශ කොට හමාර යැයි සැක සිතේ .ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් ඉදිරියේදී
ගැනීමට සිතමි,මන්ද ඒවා අයිති රටේ ජනතාවට නිසායි .
රටේ මිනිසුන් එක්ව
මුන් නඩයට නඩු දැමිය හැක,මන්ද මේ උඩඟු ලෙසින් විනාශ කරන්නේ රටේ ජාතික
වස්තූන්ය .එසේම මා රුපවාහිනී මාධ්‍ය ,සන්නිවේදනය හදාරා ඇත්තෙමි ,තාමත්
හදාරමි .නිතරම ලොව නවතම තාක්ෂණය සමග කටයුතු කරමි .මා කතා කරන්නේ මේ අඳ
බාලයන් අපේ ජාතික වස්තූන් විනාශ කිරීම ගැනය .ඒ ගැන අප්‍රමාණ කණගාටුවක් මා
හට ඇත .මාගේ තරුණ කාලය වැයවුයේ මේ ආයතනයේ සුබසිද්ධිය වෙනුවෙනි .මා එහි එකල
ජනප්‍රිය වූ සෑම වැඩසටහනකටම සම්බන්ධවී තිබේ.මා ,කල ටෙලි නාට්‍ය ගණන ද 50
අධිකය .වැඩසටහන් සංඛ්‍යාව දස දහස් ගණනකි,.එහෙයින් මේ ඊයේ පෙරේදා ආයතනයට ආ
රීළා නාට්ටන්ට වඩා අයිතියක් මා හට හිමිය.
සුමිත් ජයන්ත ඩයස්
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, September 29, 2018
මෙන්න හිතවතුනි සත්‍යය ...!!!
Posted by
lankanews
at
September 29, 2018
Labels: itn history, itn logo, itn news, ITN NEWS Section, itn srilanka, lakshmen wijesekara
මෙන්න හිතවතුනි සත්‍යය ...!!!
2018-09-29T16:16:00+02:00
lankanews
itn history|itn logo|itn news|ITN NEWS Section|itn srilanka|lakshmen wijesekara|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
