ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 24, 2018

රාජපක්ෂ සෙවණේ හැදී වැඩුණු කිසිවෙකුට හොරකම අලුතෙන් කියා දෙන්නට අවැසි නැත…!!!

සේවක අර්ථසාධකයට වින කැටූ රාජපක්ෂ ගෝලයෝ … රාජපක්ෂ සෙවණේ හැදී වැඩුණු කිසිවෙකුට හොරකම අලුතෙන් කියා දෙන්නට අවැසි නැත… හුදී ජනයාට මිලියන, බිලියන පැටලී ‘සුද්දට පිරිත්’වු රාජපක්ෂලා හොරා කෑම ….!!!

රාජපක්ෂ සෙවණේ හැදී වැඩුණු කිසිවෙකුට හොරකම අලුතෙන් කියා දෙන්නට අවැසි දෙයක් නොවේ. ගාමිණී සෙනරත්ලාට සහ කුඩාබාලගේලාට මේවා අලුත් දේවල් නොවන්නේ ඒ නිසාය. ලැබෙන ඕනෑම දෙයකින් වංචා කරන්නට ඔවුන් දෙවරක් සිතන්නේ නැත. 
 එදා ලංකාවේ රුපියල් ලක්ෂ හතරක් මංකොල්ලකෑම මුළු මහත් සමාජයම හෙල්ලුම් කෑ සිද්ධියක් විය. ‘හාරලක්ෂය’ නමින් චිත්‍රපටියක්ද නිර්මාණය වන්නේ ඒ නිසාය. එහෙත්, දැන් ඒ යුගය අවසන්ය. දැන් සිදු කරන කොල්ලකෑම්වල මිල ගණන්ද, කොල්ලකෑමේ ආකෘතියද වෙනස් වී තිබේ. ඒ නිසා වර්තමාන සුදු කරපටි කොල්ලකරුවන් හාරලක්ෂයේ මංකොල්ලයේ ජේමිස් සෙනෙවිරත්නලා මෙන් වැඬේ අනා ගන්නේ නැත. මොවුන් කොල්ලකන්නේ ජේමිස්ලා කොල්ලකෑ මුදල වැනි සොච්චම් මුදලක්ද නොවේ. අද සිදු වන කොල්ලයන්ගේ ගණන් කියවෙන්නේ බිලියනවලිනි. එක පේළියට ඉලක්කමෙන් ලියූ විට ඒ ගණන කීයක් දැයි කියවා ගැනීමට බොහෝ දෙනෙකුට නොහැකිය. ලංකාවේ බිලියන, මිලියනවලින් කියැවෙන්නේ වංචා සහ ණය ගැනය. හුදී ජනයාට මේ මිලියන, බිලියන පැටලී ‘සුද්දට පිරිත්’ මෙන් වී ඇත. කොතරම් පැටලී තිබුණත්, මේ වංචා කර ඇත්තේ මේ රටේ සල්ලිය. ඒ නිසා ඒ වංචා ගැන නොකියා බැරිය.
ලංකාවේ මේ වන විට සිදු වී ඇති එවැනි මහා පරිමාණ වංචා අතර රාජපක්ෂ පාලන සමයේ සේවක අර්ථකසාධක අරමුදල සතු රුපියල් බිලියන 5ක මුදලක් ‘හයට්’ හෝටල් සමූහයේ ඉදි කිරීම් වෙනුවෙන් විනාශ කර ඇති බව විගණනයේදී අනාවරණය වන්නේ රාජපක්ෂලා නැවතත් බලයට ගෙන ඒමට එක්තරා පිරිසක් යටිගිරියෙන් බෙරිහන් දෙන අතරතුරය. ලැබී ඇති තොරතුරුවලට අනුව අන්ත දූෂිත ආකාරයට ‘ග්‍රෑන්ඞ් හයට් රිජන්සි’ හෝටල් සමාගම වෙනුවෙන් සේවක අර්ථකසාධක අරමුදල සතු රුපියල් බිලියන 5ක මුදල ආයෝජනය කිරීම ආරම්භ වන්නේ අර්ථසාධක අරමුදලේ මුදල් හයට් හෝටල් ව්‍යාපෘතිය සඳහා ‘කැන්විල් හෝල්ඩිංග්ස්’ නම් රාජ්‍ය සමාගමකට ලබා දීමට එවකට සිටි මහ බැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කිරීමත් සමගය.

සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව මුදල් නිකුත් කිරීම මගින් ආරම්භයේ සිටම මෙය දූෂිත ගනුදෙනුවකි. හෝටලය ඉදි කිරීම සඳහා කැන්විල් හෝල්ඩිංග්ස් සමාගමට මුදල් ලබා දී ඇත්තේ, එම සමාගම කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි වූ දින සිටය. ඒ වන විට තිබී ඇත්තේ හෝටලය සඳහා සැලැස්මක් පමණි. එසේ සැලැස්මක් පමණක් තිබියදී, කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි වූ දිනම මේ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් බිලියන 5ක් එම සමාගමට ලබා දීමට කටයුතු කර තිබේ. සාමාන්‍ය ක්‍රමය නම් හෝටලයක් ඉදි කිරීම සඳහා මුදල් අවශ්‍ය වන්නේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ පසුවය. මෙහි තවත් ප්‍රශ්නයක් නම් මෙතරම් මුදලක් ආයෝජනය කරද්දීත්, එම මුදලේ ප්‍රතිලාභ යළි ලබා දීමට පවා අදාළ සමාගම සමඟ එකඟතාවකට නොපැමිණීමය. අද මහ බැංකුව ගැන පුරසාරම් ඇදබාන එවකට හිටපු මහ බැංකු සභාපති මේ අභිරහස ගැන අදටත් හෙළි නොකරන්නේ ඇයිද යන්න ගැටලුවකි. එපමණක් නොව රුපියල් බිලියන 5ක් වැනි අතිවිශාල මුදලක් ආයෝජනය කරද්දී හදිසියෙන් සිදුවන අලාභයකට අදාළ කිසිදු ආරක්ෂණයක්ද නොමැති අවදානමක් මෙහි තිබෙන බවද විගණනයේදී අනාවරණය කරගෙන ඇත.
2012 මාර්තු 12 වැනි දින මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් අදාළ හෝටල් සමූහය අයිති සමාගමේම අනුබද්ධ කොටසක් වන ‘සෙලින්කෝ ලෙෂර් ප්‍රොපර්ටීස්’ සමාගම මිලට ගැනීමට අවසර ඉල්ලා තිබේ. ඒ පාඩු ලබන සහ අකාර්යක්ෂම ආයතනවල වගකීම රජයට පවරා ගැනීමට අදාළව ඇති නීතිය යටතේය. එයින් දින දෙකකට පසු එනම්, මාර්තු 14 වැනි දින කැබිනට් මණ්ඩලය මෙම යෝජනාවට අනුමැතිය ලබාදී ඇත. මෙම හෝටලය ඉදි කළ භූමිය ඊට පෙර සෙලින්කෝ සමාගම සතුව තිබූ ඉඩමකි. එය ආණ්ඩුව විසින් 99 බදු යටතේ කල්බදු ක්‍රමයට පවරාගෙන පසුව එය නැවත හෝටලය ඉදි කරන සමාගමේ අනු සමාගමක් වන ‘සිනෝ ලංකා හොටෙල් ඇන්ඞ් ස්පා’ නම් සමාගම වෙත යළි 99 අවුරුදු බද්දකට පවරා තිබේ. තමන් බද්දට ගත් ඉඩමක් තවත් සමාගමකට බද්දට දෙන්නේ කෙසේද? මෙය ගනුදෙනුවේ සිදු වී ඇති තවත් යටිකූට්ටු වැඩකි. මෙවැනි ගැටලු ගණනාවක් තිබිය දීත්, කැන්විල් හෝල්ඩිංග්ස් සමාගම සඳහා රක්ෂණ සංස්ථාවද සිය මුදලින් මුලින් රුපියල් බිලියන 5ක් හා පසුව රුපියල් බිලියන 3.5ක් ලෙස රුපියල් බිලියන 8.5ක් යොදවා ඇත. එය මෙම සමාගමේ සමස්ත කොටස් වටිනාකමෙන් 45.94%කි. සේවක අර්ථසාධක අරමුදල රුපියල් බිලියන 5ක් යෙදවූ බැවින්, ඔවුන් සතු කොටස්වල වටිනාකම 27.03%කි. මීට අමතරව තවත් රාජ්‍ය සමාගමක් වන ලිට්රෝ ගෑස් සමාගම මුලින් රුපියල් බිලියන 2ක් සහ පසුව රුපියල් බිලියන 3ක් ලෙස රුපියල් බිලියන 5ක් ලබාදී ඇත. ඒ අනුව කොටස්වලින් 27.03% ඔවුන් මිලට ගෙන ඇත.
2015 ජූනි මාසයේ එස්.ජේ.එම්.එස්. ඇසෝසියේට්ස් වරලත් විගණන සමාගම කළ දළ විගණනයකට අනුව අදාළ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කළ මුදල නැවත කිසිදු හේතු දැක්වීමකින් තොරව දෙගුණයක් ලෙස දක්වා ඇති බවද අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භයේ එහි පිරිවැය රුපියල් බිලියන 13ක් ලෙස දක්වා ඇතත්, ඉතාම සැකසහිත ආකාරයට එය රුපියල් බිලියන 14කින් එක්වරම වැඩි කර ඇත.
මේ දූෂිත ගනුදෙනුවේ වගඋත්තරකරුවන් කිහිප දෙනෙකි. ඔවුන් සියල්ලන්ම 2015 වන විට මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළ පිරිස වීම විශේෂත්වයකි. හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පියදාස කුඩාබාලගේ, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක අධ්‍යක්ෂ නීල් හපුහින්න, ලංකා හොස්පිට්ල් ආයතනයේ සභාපති මොහාන් ද අල්විස්, මහා භාණ්ඩාගාරය නියෝජනය කරන නිලධාරියකු වන ආර්. සමරසිංහ සහ මහ බැංකුවේ නිලධාරියකු වන සී.එම්.ඩී.එන්.කේ. සෙනෙවිරත්න එම වගඋත්තරකරුවන්ය. ඒ අතුරින් යටිකූට්ටු වංචාව කරන්නට වැඩි මැදිහත් වීමක් කර ඇත්තේ, ගාමිණී සෙනරත් සහ පියදාස කුඩාබාලගේය. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව පවා දූෂණයට ලක් කරමින්, මොවුන් දෙදෙනා අදාළ හෝටල් ව්‍යාපෘතිය සඳහා ඉඩම් තුනක් මිල දී ගෙන ඇත. කොළඹ 03, ගාලු පාරේ, අංක 112 දරන ස්ථානයේ පර්චස් 22.7ක ඉඩමක්, කොළඹ 03, ගාලු පාරේ අංක 108 දරන ස්ථානයේ පිහිටි පර්චස් 15ක ඉඩමක් සහ පර්චස් 20.1ක් වූ කොළඹ 03, ගාලු පාරේ අංක 134 දරන සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගමට අයත්ව තිබූ ඉඩමක් මොවුන් මෙසේ මිල දී ගෙන තිබේ. මේ අතුරින් සෙලින්කෝ සමාගමේ ඉඩමට තක්සේරු වාර්තා තුනක් තිබෙන බව අනාවරණය වී ඇත. ඉන් පළමු තක්සේරුව 2013 ජනවාරි 9 වැනි දින සිදු කර ඇති අතර, එහි තක්සේරුව රුපියල් මිලියන 191.5කි. 2013 ඔක්තෝබර් 22 දින කරන ලද දෙවන තක්සේරුවේ වටිනාකම රුපියල් මිලියන 253කි. 2013 නොවැම්බර් 22 වැනි දින කළේ යැයි කියන තුන්වන තක්සේරුව රුපියල් මිලියන 260කි. එකම වසරේ මාස කිහිපයක් තුළ කරන ලද තක්සේරු අවසන් වන විට රුපියල් මිලියන 68.5කින් ඉඩමේ වටිනාකම වැඩි වී තිබේ.
ඉතිරි ඉඩම් සම්බන්ධයෙන් ඇත්තේ ද ඊටත් වඩා බරපතළ තත්ත්වයකි. ගාලු පාරේ අංක 112 දරන ස්ථානයෙහි පිහිටි ඉඩමේ මිල සති හයක් තුළ රුපියල් මිලියන 180කින් ඉහළ ගොස් ඇත. 2013 ජූනි 13 වන දින එහි තක්සේරුව රුපියල් මිලියන 500ක් වන අතර, 2013 ජූලි 30 වැනිදා කරන දෙවන තක්සේරුවේදී වටිනාකම රුපියල් මිලියන 680කි. අවසානයේ මිල දී ගත් ගාලු පාරේ අංක 108 දරන ස්ථානයේ පිහිටි ජේ. සී. රාමනායක නම් අයෙකුට අයත් ඉඩම සඳහා 2013 අගෝස්තු 23 තක්සේරුවේ වටිනාකම රුපියල් මිලියන 120ක් වන අතර, එය මිල දී ගෙන ඇත්තේ, රුපියල් මිලියන 130කට ය. එනම් මිලියන 10ක් වැඩියෙනි.
රාජපක්ෂ සෙවණේ හැදී වැඩුණු කිසිවෙකුට හොරකම අලුතෙන් කියා දෙන්නට අවැසි දෙයක් නොවේ. ගාමිණී සෙනරත්ලාට සහ කුඩාබාලගේලාට මේවා අලුත් දේවල් නොවන්නේ ඒ නිසාය. ලැබෙන ඕනෑම දෙයකින් වංචා කරන්නට ඔවුන් දෙවරක් සිතන්නේ නැත. ඉදි කිරීම්වලදී මිලදී ගත් යකඩවලින්ද යහමින් ගසා කා ඇත්තේ මිලදී ගැනීමේදී අනුගමනය කළ යුතු නීතිරීතිද පයිසෙකට මායිම් නොකරමිනි. මෙල්වා කම්බි නිෂ්පාදකයන් වන මෙල්වයර් සමාගම යකඩ සඳහා අඩුම මිල වන ටොන් එකක් සඳහා රුපියල් 1,10,160.00ක් ඉදිරිපත් කර තිබියදී ටොන් එකක් රුපියල් 1,14,879.00කට මිලදී ගෙන ඇත්තේ රුපියල් මිලියන 16.426.00ක් පාඩු කරමිනි. ඒ සඳහා තාක්ෂණ කමිටුවේ අනුමැතියකින් තොරව කුඩාබාලගේ 2013 මාර්තු 21 වැනිදා රුපියල් මිලියන 9,753ක යකඩ මිල දී ගැනීම සඳහා වානේ සංස්ථාවට ලිපියක් ඉදිරිපත් කොට ඇත. ඊට අනුව යකඩ මිල දී ගෙන තිබෙන්නේ වැඩි මිලට වානේ සංස්ථාවෙනි.
මේ දැනට හෙළි වී ඇති කරුණු පමණි. මේවා සිදු වී දැන් වසර තුනක පමණ කාලයක් ගත වී ඇතත් තවමන් නීතිය ක්‍රියාත්මක වන බවක් නම් පෙනෙන්නට නැත. මේ සම්බන්ධයෙන් 2015 අගෝස්තු 27 වැනි දින හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් වගඋත්තරකරුවන් කරමින් මීට අදාළව පවරා තිබූ නඩුවද ඉල්ලා අස් කරගෙන තිබේ. නඩු ඉල්ලා අස් කර ගන්නවා පමණක් නොව නඩු අහන්නට වුණු විනිසුරන්ද ඉල්ලා අස් වන රටක නීතිය ගැන තවත් කතා කරන්නට දෙයක් තිබෙන්නේ නම්, විමතියට කරුණ වන්නේ එයයි.
චතුර දිසානායක

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.