ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 23, 2018

වෙස් මුහුණු කර්මාන්තය නැත්තටම නැතිව යයි..!!!

කදුරුගස් සොයා ගැනීමේ අපහසුතාවය නිසා අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තය තව අවුරුදු කිහිපයකින් නැත්තටම නැති වී යෑමේ තර්ජනයකට මුහුණ පා තිබෙන බව වෙස් මුහුණු කර්මාන්තයේ නිරත වූවන් ප්‍රකාශ කරති.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ හා ඒ අවට කදුරුගස් සොයා ගැනීමට දැඩි අපහසුතාවයක් තිබෙන බවද ඔවුහු ප්‍රකාශ කරති. වෙස් මුහුණු කර්මාන්තය විනාශ වී ගියහොත් ශ්‍රී ලංකාවේ පවුල් පන්දහසකට ආසන්න පිරිසකට සිය ජීවන වෘත්තිය අහිමි වන බවත් එයින් සංචාරක ව්‍යාපාරයටද මරු පහරක් වදිනු ඇති බවත් අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තයේ නිරත වූවන්ගේ මතය වී තිබේ.
දිවයිනේ වෙස් මුහුණු කර්මාන්තය පවත්වාගෙන යන්නේ අම්බලන්ගොඩ නගරයේය. රූකඩ කර්මාන්තයටද ප්‍රසිද්ධියක් උසුලන්නේ අම්බලන්ගොඩය. රූකඩ හා වෙස් මුහුණු කර්මාන්තයන් දෙකම කරන්නේ අම්බලන්ගොඩ කේන්ද්‍රකරගෙනය. මෙම කර්මාන්තයන් දෙකේම බොහෝ නිර්මාණ කරුවන්ගේ මුල් පුරුක් වල නිජබිම, බළපිටියේ වතුගෙදර හා පරගහතොට ප්‍රදේශයන්ය. ඔවුන් ක්‍රම ක්‍රමයෙන් ආසන්තම නගරය වන අම්බලන්ගොඩට කේන්ද්‍ර වෙමින් සිය ව්‍යාපාරවල නිරත වීම මත රූකඩ හා වෙස් මුහුණු කළාව අම්බලන්ගොඩ හා එකට බැදී දිවයින පුරා ජනප්‍රිය විය.
දැනට අම්බලන්ගොඩ වෙස් මුහුණු කළාව පවත්වාගෙන යන්නන් වන ආරියපාල ගුරුන්නාස්සේ ශූරීන්ගේ පරම්පරාව අම්බලන්ගොඩ තානායම ඉදිරිපිට නිවසේ සිට මෙම කර්මාන්තයට ප්‍රවිශ්ඨ වී තිබේ. අම්බලන්ගොඩ තානායමට ආ විදේශිකයින් ආරියපාල ගුරුන්නාන්සේගේ කෝලම් නාට්‍ය හා වෙස් මුහුණු නැරඹීමෙන් ඒවා විදේශයන් අතර ජනප්‍රිය වී ඇත. රූකඩ කළාවේ විශිෂ්ඨයා වන කේ ප්‍රේමින් මහතා පරගහතොට කේන්ද්‍ර කර ගනිමින් රූකඩ කළාවට ප්‍රවිශ්ඨ වී තිබේ.
වෙස් මුහුණු කළාවේදී මුහුණු වර්ග කීපයක්ම නිර්මාණය කරනු ලබයි. ඒවා අතර දිව්‍ය මුහුණු, කෝලම් මුහුණු, රාක්ෂ මුහුණු, යක්ෂ මුහුණු, නාග මුහුණු, සන්නි මුහුණු මෙන්ම විවිධ මිත්‍යා මුහුණුද තිබේ. මෙම මුහුණු විවිධ ශාන්ති කර්ම සදහා මෙන්ම උඩරට, පහතරට, සබරගමු නැටුම් සදහාද යොදාගනු ලබයි. එයට අමතරව නිවාස හා ගොඩනැගිලි අලංකාර කිරීම සදහාද වෙස් මුහුණු යොදාගෙන තිබේ. සන්නි මුහුණු 18 ක් නිර්මාණය කරනු ලබයි. මෙසේ නිර්මාණය කරනු ලබන්නේ මහා සන්නි කෝල යකාගේ අවතාර 18 යි. ඒවා යොදා ගනු ලබන්නේ ශාන්ති කර්ම සදහාය.

වෙස් මුහුණු කැපීම සදහා යොදාගනු ලබන්නේ කදුරු හා රුක්අත්තන ලීය. මෙයිනුත් කදුරුලීය වැඩි වශයෙන් යොදාගන්නා අතර ඊට හේතු වී තිබෙන්නේ කදුරු, ගුල්ලො ගැසීමකින් තොරව වසර 300 ක් පමණ තබා ගැනීමට හැකි වීමයි. මෙම කදුරු ලීය වෙල් ආශ්‍රිතව වැඩෙන නිසා වෙල් කදුරු වශයෙන්ද හදුන්වයි.
වෙස් මුහුණු කළාවට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මහා සම්මත රජුගේ බිසවට නාට්‍ය දැක සිනාසීමට දොල දුකක් ඇති වී එය සංසිදවීම සදහා වෙස් මුහුණු නිර්මාණය කල බව පැරණි පොත පතේ සදහන් වේ. මෙම වෙස් මුහුණු සක්‍ර දේවීන්ද්‍රයා විසින් විශ්ව කර්මයා ලවා කරවූ බවද එහි සදහන්ය. වෙස් මුහුණු, රාම-රාවණා යුද්ධයේදීද භාවිතා කල බව සදහන්ය. මෙම යුද්ධයේදී නාගරාක්ෂ මුහුණු හා ගුරුළු මුහුණු භාවිතාකර තිබේ. ගෝත්‍රික යුද්ධ පිටියේදී සතුරන් බිය වැද්දීම සදහා වෙස් මුහුණු යොදාගෙන තිබෙන බවත් එහිදී යුද්ධයට එන්නේ මිනිසුන් නොව භයානක සතුන් විශේෂයක් බවට සතුරන් සිතා බිය වී තිබෙන බවත් සදහන්ය.
අම්බලන්ගොඩ වෙස්මුහුණු කලාව, ආරියපාල ගුරුන්නාන්සේගේ පරපුර සහ ගුණදාස ගුරුන්නාන්සේගේ පරපුර වශයෙන් දෙපාර්ශවයක් විසින් මතු පරම්පරාව සදහා පවත්වාගෙව ගොස් තිබේ. නමුත් මේ වන විට වෙස් මුහුණු කළාවේ නියැළෙන්නේ ආරියපාල ගුරුන්නාසේගේ පරපුර පමණි. විවිධ සමාජීය ගැටළු හා දුෂ්කරතා හේතුවෙන් ගුණදාස ගුරුන්නාන්සේගේ පරපුර වෙස් මුහුණු නිර්මාණ ශිල්පය වෙතින් දුරස් වී ඇත.
අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තයේ පුරෝගාමියකු වූ ආරියපාල ගුරුන්නාන්සේගේ පුතෙකු වන ජේ. ඩබ්ලිව්. භද්‍රානන්ද විජේසූරිය මහතා මෙසේ කීය.
වෙස් මුහුණු කැපීමට ගන්නා එකම ලීය වන්නේ කදුරු ලීයයි. ඒ ලීයෙන් වෙනත් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැහැ. අවම වශයෙන් ලිපට දරටවත් දමන්න බැහැ. කිසි කෙනෙක් වුවමනාවෙන් කදුරු ගසක් වවන්නේ නැහැ. වැටමායිම් වලටයි සිටුවන්නේ.
ලෝකයේ සැහැල්ලුම ලීය වන්නේ බල්ෂා ලීයයි. ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ මාතලේ ප්‍රදේශයේ වගාකර තිබෙනවා. නැව් සහ අහස්යානා තැනීමට ඒ ලී අරගෙන තිබෙනවා. ලංකාවේ වැවෙන කදුරු ලීයත් ඒ කුලයට අයත් එකක්. ඉස්සර වෙස් මුහුණු කැපීමට රුක්අත්තන ලී ගත්තත් ඉක්මනින් ගුල්ලො විදල දිරා පත්වන නිසා එය ප්‍රයෝජනයට ගන්නේ නැහැ. අම්බලන්ගොඩ අවට වෙල් වල කදුරු ගස් තිබුණත් දැන් ඒවා දකින්නට නැහැ. කදුරු ගස් සෙයා ගන්න කරන්දෙණියටත් වඩා ඈතට යන්න වෙනවා. කදුරු ගස් වල විශාල හිඟයක් තිබෙනවා. ඉස්සර මේව සල්ලි දීල ගත්තෙ නැහැ. එහෙත් දැන් සල්ලි වලටවත් සොයා ගන්න නැහැ.
අම්බලන්ගොඩ අවට ගොඩහේන, තල්ගස්ගොඩ ආදී ප්‍රදේශවල ප්‍රයෝජනයක් ගන්න බැරි වගුරු බිම් වල නියරවල් වල කදුරු ගස් වවන්න අවසර දෙන්නයි කියල අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ඉල්ලීමක් කළත් තවම උත්තරයක්වත් ලැබුණෙ නැහැ. මේ කර්මාන්තයට ආදේශ කරල ගන්න වෙන ලීයක් නැති නිසා තව අවුරුදු හතරක් පහක් යන විට මේ කර්මාන්තය නැති වී යන්න පුඵවන්.
අම්බලන්ගොඩ, බෙන්තොට, හොරණ, ඔලබොටුව, පිළියන්දල, පිටිගල, මාතර, මිරිස්ස ආදී ප්‍රදේශවල පවුල් හාරපන් දහසක් පමණ ජීවත් වන්නේ මේ කර්මාන්තයෙන්. එක්දහස් නමසිය අසූ ගණන් වල ජර්මන් ජාතික මහත්තයෙක් ආචාර්ය උපාධිය සඳහා නිබන්ධයක් කරන්න තෝරගෙන තිබුණේ වෙස් මුහුණු හා බලිතොවිල් ආදියයි. එතුමා ඇවිත් මේ ගැන අධ්‍යයනයක් කරල මෙ තරම් වටිනා කර්මාන්තයට රජයෙන් ලැබෙන අඩු සැලකිල්ල ගැන කනගාටු වුණා. එතුමා ඒ රටට ගොස් මේ ගැන දැනුම් දී ජර්මන් රජය ලවා අපේ රජයට ඉල්ලීමක් කර තිබුණා මේ කර්මාන්තය රැක දෙන්නයි කියල.
ඒ රටෙන් කණ්ඩායමක් ඇවිත් වෙස් මුහුණු කෞතුකාගාරයක් සහ පුහුණු ආයතනක් හදන්න කියල ඉල්ලා තිබුණා. ඒ අනුවයි ඒ පිරිස ඇවිත් වෙස් මුහුණු කෞතුකාගාරය හැදුවේ. 1987 දී ජර්මන් තානාපතිවරයා ඇවිල්ලයි එය විවෘත කළේ. දැන් විදේශීය සංචාරකයෝ මෙන්ම අපේ රටේ විශ්වවිද්‍යාල  හා පාසල් සිසුන් ඇවිත් අධ්‍යයනය කරනවා.
දේශීය අත්කම්භාණ්ඩ මිලදී ගන්නා ලක්සල ආයතනයේ වෙස් මුහුණු පිළිබඳව අවබෝධයක් දැනුමක් නැති අයයි ඉන්නේ. දේශපාලනඥයන්ගේ හෙංචයියලා පත්කර තිබෙන්නේ. ඒ නිසා මිලදී ගන්නා භාණ්ඩවල ප්‍රමිතියක් ඇත්තේ නැහැ. ඒ ගැන හසල දැනුමක් තිබෙන අය රැකියාවක් නැතුව මුහුදු යනවා. ඉදිරි පරපුර වෙනුවෙන් මෙය රැක ගන්න කියල රජයෙන් ඉල්ලා සිටිනවා යැයි ද කීය.
ආරියපාල ගුරුන්නාන්සේගේ පරපුරේ මෙම කලාව රැකගෙන ඉදිරියට ගෙනයන තවත් අයෙක් වන්නේ ආරියපාල ගුරුන්නාන්සේගේ බාල පුතු වන ජේ ඩබ්ලිව් මහින්ද විජේසූරිය මහතාය. මේ ඔහු දැක්වූ අදහස්ය.
අපේ ගෙදර තිබුණෙ අම්බලන්ගොඩ තානායම ඉදිරිපිට. තාත්තා නිතරම කෝලම්ල සන්නි නැටුම් පුරුදු වෙනවා. බෙර ගහන සද්දෙට තානායමට එන විදේශිකයො ඇවිත් බලනවා. ඒ ආවම ගෙදර හැමතැනම තිබෙන විවිධ වර්ගවල වෙස් මුහුණු දකිනවා. විදේශිකයන්ගේ ආකර්ෂණය අපේ වෙස් මුහුණු වලට යොමුවුණේ එහෙමයි.
ඒ කාලේ අපේ තාත්තා කෝලම් නාට්‍ය හා සන්නි නැටුම්වල එන චරිත නිරූපණය කරන්න විවිධ ස්වරූපයේ මුහුණු හැදුවා. එක් එක් ස්වරූපයේ මුහුණු පැළඳගෙන කරන රංගනයේදී සැබෑ මුහුණ වෙනුවට වෙනත් මුහුණක් පෙනෙන නිසා තමයි, මේවට වෙස්මුහුණු කියන නම භාවිතා කළේ. අපේ තාත්තා වෙස් මුහුණු නිර්මාණය හා ඒ හා බැඳුණු කෝලම් සන්නි නර්තන කළේ රැකියාවට නොවෙයි, විනෝදයටයි. ඒ දවස්වල ගම්වල අද වගේ සෑම දෙයක්ම මුදල්වලට කළේ නැහැ. අපේ තාත්තලා කලාව කළේ මානසික තෘප්තියට. අදටත් අපේ සමාජයේ සැබෑ මුහුණ සඟවාගෙන වෙනත් ස්වරූපයෙන් සිටින අයට වෙස්මූණු දාගෙන ඉන්න අය කියල කියනවනේ. ඒ කාලේ කෝලම්, බොහොම ජනප්‍රිය නාට්‍ය කලාවක්.
වෙස්මුහුණු නිර්මාණය වෙස් මුහුණේ පෙනුම තරම් අලංකාර පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා අවශ්‍ය කදුරු ලී සොයාගැනීම අපහසුයි. වෙස් මුහුණ කැපීමට කදුරු ලීයම යොදා ගන්නේ එය කල්පවතින, සතුන්ගෙන් ආරක්ෂා වන කැටයම් කැපීමට පහසු හා සැහැල්ලු ලීයක් නිසයි. කදුරු ලීය වසර 300 ක් පමණ කාලයක් තියා ගන්න පුළුවන්.
මේ පිළිබඳව අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් සරසි එස්. ගුණසේකර මහත්මියගෙන් විමසූ විට මෙසේ කීවාය.
ඔවැනි ඉල්ලීම් කරපු ලිපියක් මට ලැබුණේ නැහැ. කුඹුරු ඉඩම් වල කදුරු වගා කරනවනම් ගොවිජන සේවා කොමසාරිස්තුමා ගෙනුත් වගුරු බිම් වල වගා කරනව නම් හික්කඩුව වනජීවී කාර්යාලයෙන් අවසර ලබා ගත යුතුයි. අපටඅවසර ලබාදීමට හැකියාවක් නැහැ.
– ජයකාන්ත ලියනගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.