අලූත්
ආණ්ඩුවක් පිහිටුවීමට නම් බහුතර ජන බලයක් තිබිය යුතුය. රටේ ප්‍රධාන
දේශපාලන කඳවුරු දෙකටම ජනබලයක් තිබේ. එහෙත් ජයග්‍රහණය තීරණය වන්නේ බහුතර
ජනබලය මතය. ශ්‍රී ලනිපයට පැවති ජන බලයෙන් බහුතරක් දැන් අහිමිව ගොස් ඇති බව
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පෙනී ගිය දෙයකි. ඒ අනුව දැන් එම කඳවුරේ
බහුතර බලය සහිත පක්ෂය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි.
කව්රුත් හඳුන්වන පොහොට්ටු පක්ෂයයි. එම පක්ෂය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය
සංවිධානය කළ ‘ජනබලය කොළඹට’ විරෝධතාවට විශාල ජනතාවක් පැමිණ සිටියත් එහි
සංවිධාන කටයුතුවල පැවති අඩුපාඩු නිසා එම ජනයා කිසියම් අපේක්ෂා භංගත්වයකට
පත් විය.එම තත්වය එම ජනයා ඉදිරි විරෝධතාවලට නැවත ගෙන්වා ගැනීමේදී අහිතකර
ලෙස බලපාන කරුණකි. කෙසේ හෝ ‘ජනබලය කොළඹට’ විරෝධතාව ගැන විවිධ අදහස් පළ
වෙමින් තිබේ. ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මෙසේ පවසා තිබුණි.
‘ඒකාබද්ධ විපක්ෂය කොළඹදී සිදු කරන ලද විරෝධතා ව්‍යාපාරයෙන් පොහොට්ටුවට
දැන් ජන බලයත් නෑ. මාධ්‍යයට පච බලයත් නෑ කියා ඔප්පු වී ඇති බවයි. එසේම
ඉතිරිව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ බලය පමණක් බව ප්‍රදර්ශනය වුණා යැයිද
අගමැති රනිල් වික්‍රමසිංහ පවසා තිබුණි. ‘ජනබලය කොළඹට’ විරෝධතාවට
එක්වූ අති විශාල ජනකාය පිළිබඳව යහපාලන ආණ්ඩුව දැන් එක එක බයිලා කියන බව මේ
ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉකුත් 06 දින පවසා
තිබුණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ ගැන මෙසේද පවසා තිබුණි.
‘ඒකාබද්ධ විපක්ෂයට හිතවත් මෙම පිරිස අපි බලාපොරොත්තු වූ ආකාරයටම කොළඹට
පැමිණියා. මෙපමණ පිරිසක් පැමිණෙනු ඇතැයි ආණ්ඩුව හිතුවේ නැහැ. අපි ප්‍රකාශ
කළ පරිදිම මේ සෙනඟ ගෙනැවිත් යහපාලන ආණ්ඩුවට පෙන්නුවා. දැන් ඒ ගොල්ලෝ මේ
සෙනග දැකලා එක එක බයිලා කියනවා. සැබෑ තත්ත්වය රටේ ජනතාව අවබෝධ කරගෙන
ඉවරයි.’
මේ ආකාරයට කාටත් අවශ්‍ය වන්නේ බහුතර ජනබලය තමන් සතු බව
කියන්නටය. පෙන්වන්නටය. එහෙත් මෙය සත්‍යවශයෙන්ම තීරණය වන්නේ මතිවරණයකදීය.
ඉක්මනින් මැතිවරණයක් ලබා ගැනීමත් ‘ජනබලය කොළඹට’ විරෝධතාවේ එක අරමුණක් විය.
එහෙත් බහුතර ජනබලයෙන් ආණ්ඩු පිහිටුවා ආණ්ඩු බලය ගෙන ඒ බහුතර ජනබලය දුන්
ජනතාවගේ අපේක්ෂා භංග කළ යුතු නොවේ. මහජන මුදල් නාස්ති කිරීමට තම ගජ
මිතුරන්ට හෝ ඥාතිමිත්‍රාදීන්ට ඉඩ දිය යුතු නැත. අර්ජුන මහේන්ද්‍රන්ගේ වැඩ
ගැන අප ඕනෑ තරම් කතා කර ඇත. එසේම නිශාන්ත වික්‍රමසිංහලා ගැනද කතා කළ
යුතුය. අර්ජුන මහේන්ද්‍රන් නිශාන්ත වික්රමසිංහටවත්, එසේම නිශාන්ත
වික්‍රමසිංහ අර්ජුන මහේන්ද්රන්ටවත් සමාන කළ නොහැකිය. ඒ නිසා බැඳුම්කර
මගඩිය සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පසුගිය මගඩි වැඩ අප හඳුනා ගත යුත්තේ
වෙන වෙනමය. නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති
වීමෙන් පසු එම ගුවන් සමාගම දිගින් දිගටම පාඩු ලබා ඇති බවත් එසේම එම පාඩුව
බොහෝ වසරවල ඉහළ ගොස් ඇති බවත් සමාගමේ මුල්‍ය කළමනාකරණ ප්‍රධානී යසන්ත
දිසානායක මහතා ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි
දෙමින් කීවේය. ඊට අමතරව මහා භාණ්ඩාගාරයට ප්රාග්ධනය පවා සපයා දීමට සිදුවී
ඇති බවත් ඔහු කීවේය. මේවා මහජන මුදල්ය. ඇතැම් විට මේ පාඩුවල බර දැරීමට
සිදුවන්නේ කවදාවත් ගුවන් ගමනක්වත් නොගිය අහිංසක ජනතාවටය. එහෙත් දේශපාලකයන්ට
ජනබලය පෙන්වීමට කොළඹට එන්නේ මේ අයම නොවේද ? ඇත්තවශයෙන්ම කොමිසමේදී ශ්‍රී
ලංකන් මූල්‍ය කළමනාකරණ ප්‍රධානී යසන්ත දිසානායක මහතා හෙළි කළ පරිදි
එමිරේට්ස් සමාගමේ පාලනයෙන් පසු ශ්‍රී ලංකා රජයේ කළමනාකරණය යටතේ ශ්‍රී
ලංකන් ගුවන් සමාගම දිගින් දිගටම අලාභ ලබා ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගමත්
එමිරේට්ස් ගුවන් සමාගමත් අතර පැවති ගිවිසුම 1998 සිට වසර දහයකට පසු 2008
මාර්තු 31 දින අවසන් වූ බවද දිසානායක මහතා කීවේය.
ඉකුත්
සතියේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතාගේ
මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් යසන්ත කුඩා බණ්ඩාර දිසානායක මහතා අගෝස්තු 03
දින කොමිසම හමුවේ හෙළි කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ලාභ අලාභ තත්ත්වයන්
ගැන මේ ලිපියෙන් අපේ අවධානය යොමු වේ. එමිරේට්ස් පාලනයෙන් පසු රජයේ
කළමනාකරණය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස නිශාන්ත
වික්‍රමසිංහ මහතා පත්වූ බවද ඉන් පසු සමාගම දිගින් දිගටම අලාභ ලබන තත්ත්වයට
පත්වූ බව ද සාක්ෂිකරු මූලික වශයෙන්ම කීවේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ
වාර්ෂික වාර්තා කොමිසමට ඉදිරිපත් කරමින් එම වාර්ෂික වාර්තා ඇසුරෙන් සමාගමේ
ලාභ අලාභ තත්ත්වයන් කොමිසමට ඉදිරිපත් කළ යසන්ත දිසානායක මහතා ප්‍රකාශ කළේ
නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ කාලයේදී එකී අලාභ තත්ත්වයන් බොහෝ වර්ෂවලදී
වර්ධනය වීමක් ද සිදු වූ බව ද කීවේය. කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්න සහ ඒවාට
සාක්ෂිකරු ලබාදුන් පිළිතුරු කිහිපයක් මෙසේය.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතා - 2007/08 මූල්‍ය වර්ෂයේ සමාගමේ ලාභය කොපමණද?
සාක්ෂිකරු - රු. බිලියන 4.899 එම ලාභය 2008.03.31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය සඳහායි.
කොමිසමේ සභාපති - 2006/07 මූල්‍ය වර්ෂයේ ලාභය බලන්නේ නැද්ද?
සාක්ෂිකරු - එම මූල්‍ය වාර්තාවෙන්ම 2006/07 වර්ෂය ගැනත් කියන්න පුළුවන්.
අ.සො.ජ. - 2007.03.31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂයේ ලාභය කීයද?
සාක්ෂිකරු - 2006.03.31 දිනෙන් ආරම්භ වී 2007.03.31 දිනෙන් අවසන් වන
මූල්‍ය වර්ෂයේ ලාභය රු. මිලියන 862 යි. එය සමූහ සමාගමේ ශුද්ධ ලාභයයි. ඊට
ශ්‍රී ලංකන් කේටරින් සමාගමත් ඇතුළත්.
අ.සො.ජ. - මින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලද ලාභය කොපමණද?
සාක්ෂිකරු - 2007.03.31 දිනෙන් අවසන් වන මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රු. මිලියන 568 ක ලාභයක් ලබා තිබෙනවා.
අ.සො.ජ. - ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2008.03.31 දිනෙන් අවසන් මූල්‍ය
වර්ෂයේදී රු. බිලියන 4.4 ක ලාභයක් ලබල තියෙනවා. සමූහය වශයෙන් රු. බිලියන
4.9 ක ලාභයක් ලබා තියෙනවා.
අ.සො.ජ. - 2009.03.31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂයේ ලාභය කීයද?
සාක්ෂිකරු - අලාභයක් ලබල තියෙන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලාභය රු. බිලියන 9.3 යි. සමූහයේ අලාභය රු. බිලියන 9.9 ක්.
කොමිසමේ සභාපති - 2009 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම අලාභයක් ලබල තියෙනවා?
සාක්ෂිකරු - ඔව්. බිලියන 9.3 ක් සහ රු. බිලියන 9.99 ක් වශයෙන් පිළිවෙළින් සමාගම සහ සමූහය සඳහා
අ.සො.ජ. - 2007/2008 මූල්‍ය වර්ෂයේ සමාගමේ සභාපති කවුද?
සාක්ෂිකරු - ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා
සභාපති - ඒ කාලයේ සමාගම ලාභ ලබා තිබෙනවා
සාක්ෂිකරු - ඔව්
අ.සො.ජ. - 2006/2007 කාලයේදීත් ලාභ ලබල තියෙනවා?
සාක්ෂිකරු - ඔව්
අ.සො.ජ. - කවුද සභාපති?
සාක්ෂිකරු - හැරී ජයවර්ධන මහතා
අ.සො.ජ. - නමුත් 2008/09 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 9.3 ක අලාභයක් ලබලා?
සාක්ෂිකරු - ඔව්
අ.සො.ජ. - ඒ කාලයේ සමාගමේ සභාපති කවුද?
සාක්ෂිකරු - නිශාන්ත වික්‍රමසිංහ මහතා
සභාපති - එමිරේට්ස් සමාගමින් ඉවත් වූයේ කුමන වර්ෂයේද?
සාක්ෂිකරු - 2008.03.31 දින එමිරේට්ස් ගිවිසුම අවසන් වුණා.
අ.සො.ජ. - ඉන්පසු 2008 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක් පත් වුණා නේද?
සාක්ෂිකරු - ඔව්. ඒ නිශාන්ත වික්‍රමසිංහ මහතා
අ.සො.ජ. - 2006.04.01 සිට 2007.03.31 දින දක්වා මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති කවුද?
සාක්ෂිකරු - හැරී ජයවර්ධන මහතා 2008.03.16 දින දක්වා ඔහු සභාපති ලෙස කටයුතු කළා.
අ.සො.ජ. - ප්‍රධාන විධායක නිලධාරියා කවුද ඒ කාලයේ?
සාක්ෂිකරු - පීටර් හිල් මහතා
අ.සො.ජ. - ඉන්පසු 2008/09 මූල්‍ය වර්ෂයේ සභාපති කවුද?
සාක්ෂිකරු - නිශාන්ත වික්‍රමසිංහ මහතා
අ.සො.ජ. - ප්‍රධාන විධායක නිලධාරියා කවුද?
සාක්ෂිකරු - මනෝජ් ගුණවර්ධන මහතා
අ.සො.ජ. - 2008/09 මූල්‍ය වර්ෂයේ අලාභය කීයද?
සාක්ෂිකරු - රු. බිලියන 9.3 ක්.
අ. සො. ජ. - 2009/2010 මූල්‍ය වර්ෂයේදී සමාගම ලාභයක් ලබලද?
සාක්ෂිකරු - අලාභයක් ලබලා තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රු. බිලියන
2.696 ක අලාභයක් සහ සමූහ සමාගම ලෙස රු. බිලියන 6 ක අලාභයක් ලබලා තියෙනවා.
අ. සො. ජ. - ඒ කාලයේ සමාගමේ සභාපති කවුද?
සාක්ෂිකරු - නිශාන්ත වික්‍රමසිංහ මහතා
අ. සො. ජ. - කවුද ප්‍රධාන විධායක නිලධාරියා?
සාක්ෂිකරු - මනෝජ් ගුණවර්ධන මහතා
අ. සො. ජ. - 2010/11 මූල්‍ය වර්ෂයේ ලාභ අලාභ තත්ත්වය කොහොමද?
සාක්ෂිකරු - ශ්‍රී ලංකන් ගුවන් සමාගම රු. මිලියන 381 ක අලාභයක් සහ සමූහය ලෙස රු. මිලියන 202 ක අලාභයක් ලබලා තිබෙනවා.
අ. සො. ජ. - ඒ කාලයේ සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා කවුද?
සාක්ෂිකරු - නිශාන්ත වික්‍රමසිංහ මහතා සහ මනෝජ් ගුණවර්ධන මහතා
අ. සො. ජ. - 2011/12 මූල්‍ය වර්ෂයේ ලාභයක් වාර්තා කරලා තියෙනවද?
සාක්ෂිකරු - ශ්‍රී ලංකන් ගුවන් සමාගම රු. බිලියන 19.67 ක අලාභයක් ද, සමූහ සමාගම රු. බිලියන 17.17 ක අලාභයක් ද ලබා තිබෙනවා.
අ. සො. ජ. - ඒ කාලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි කවුද?
සාක්ෂිකරු - නිශාන්ත වික්‍රමසිංහ මහතා සහ කපිල චන්ද්‍රසේන මහතා - එම
වසරේ මනෝජ් ගුණවර්ධන සහ කපිල චන්ද්‍රසේන යන දෙදෙනාම ඉඳලා තියෙනවා.
අ. සො. ජ. - 2012/13 මූල්‍ය වර්ෂයේ අලාභය කොපමණද?
සාක්ෂිකරු - ශ්‍රී ලංකන් ගුවන් සමාගම රු. බිලියන 21.7 ක අලාභයක් ලබලා
තිබෙනවා. සමූහය ලෙස රු. බිලියන 22.5 ක අලාභයක් ලබලා තිබෙනවා.
අ. සො. ජ. - අලාභ තත්ත්වය දිගින් දිගටම නරක අතට හැරිලා තිබෙනවා?
සාක්ෂිකරු - ඔව් ස්වාමිනි.
අ. සො. ජ. - කවුද එම වර්ෂයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා?
සාක්ෂිකරු - නිශාන්ත වික්‍රමසිංහ මහතා සහ කපිල චන්ද්‍රසේන මහතා.
අ. සො. ජ. - 2013/14 මූල්‍ය වර්ෂයේ සමාගමේ අලාභය කීයද?
සාක්ෂිකරු - රු. බිලියන 32.4 ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම අලාභ ලබලා.
අ. සො. ජ. - රු. බිලියන 32.4 ක අලාභයක් ලබලා?
සාක්ෂිකරු - ඔව්.
අ. සො. ජ. - සමාගමේ අලාභය දිගින් දිගටම ඉහළ ගිහින්?
සාක්ෂිකරු - ඔව්.
අ. සො. ජ. - කවුද එම වසරේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා?
සාක්ෂිකරු - නිශාන්ත වික්‍රමසිංහ මහතා සහ කපිල චන්ද්‍රසේන මහතා
අ. සො. ජනරාල් - 2014/15 මූල්‍ය වර්ෂයේ අලාභය කීයද?
සාක්ෂිකරු - ශ්‍රී ලංකන් ගුවන් සමාගම රු. බිලියන 16.49 ක සහ සමූහය ලෙස
රු. බිලියන 16.3 ක අලාභයක් වාර්තා කරලා තියෙනවා. අලාභය බිලියන 32 සිට 16
දක්වා අඩකින් පමණ අඩු වෙලා තිබෙනවා.
අ. සො. ජ. - එම වසරේ සමාගමේ සභාපති කවුද?
සාක්ෂිකරු - 2015 පෙබරවාරි දක්වා නිශාන්ත වික්‍රමසිංහ මහතාත්, ඉන්පසු අජිත් ඩයස් මහතාත් සභාපති ලෙස කටයුතු කරලා තිබෙනවා.
අ. සො. ජ. - 2015/16 මූල්‍ය වර්ෂයේ සමාගමේ ලාභ අලාභ තත්ත්වය කොහොමද?
සාක්ෂිකරු - ශ්‍රී ලංකන් ගුවන් සමාගම රු. බිලියන 12.6 ක අලාභයක් ලබලා තිබෙනවා. සමූහය ලෙස රු. බිලියන 12.1 ක අලාභයක් ලබලා තියෙනවා.
අ. සො. ජ. - ඒ කාලයේ සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා කවුද?
සාක්ෂිකරු - අජිත් ඩයස් මහතා සහ සුරේන් රත්වත්ත මහතා, රත්වත්ත මහතා මාස 6 ක් පමණ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කර තිබෙනවා.
අ. සො. ජ. - මීළඟට 2016/17 මූල්‍ය වර්ෂයේ සමාගමේ ලාභ අලාභ තත්ත්වය කොහොමද?
සාක්ෂිකරු - ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2016/17 මූල්‍ය වර්ෂයේදී රු.
බිලියන 28.9 ක අලාභයක් ලබලා තිබෙනවා. එසේම සමූහය ලෙස රු. බිලියන 28.3 ක
අලාභයක් ලබලා තියෙනවා.
මේ නිශාන්ත වික්‍රමසිංහ ගුවන් සමාගමේ
වැටුප් හා දීමනාවලට අමතරව ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන්ද මසකට 250,000 ක්
ගත් බව මීට පෙර දිනක ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ලේකම් ඩැලරීන් තිරුකුමාර්
මහත්මිය කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීවාය. එහෙත් ඒ සඳහා කිසිදු අධ්යක්ෂ
මණ්ඩල අනුමැතියක් (ශ්‍රී ලංකා කේටරින් සමාගමේ* නොමැති බවද ශ්‍රී ලංකන්
ගුවන්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල අක්‍රමිකතා පරීක්ෂා
කිරීමේ කොමිසමේ දී අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඩැලරීන් තිරුකුමාර්
මහත්මිය කියා සිටි බවද මාධ්‍ය වාර්තා කර තිබුණි. එම රු.250,000 ක දීමනාව
නිශාන්ත වික්‍රමසිංහට ගෙවීමට අදාළව ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ
අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් තිබේද යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නීල්
උනම්බුව මහතා ප්‍රශ්න කළත් එවැන්නක් සොයා ගැනීමට නොමැති බවද ඇය ප්‍රකාශ
කළ කරුණකි.
එම කාලයේදී නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන්
ගුවන් සමාගමට අමතරව ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු
කර තිබුණි. නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පෙර තේ
වත්තක පීඞී (පෙරියදොරේ* ලෙස කටයුතු කළ අයකු බවද සිවිල් ගුවන් සේවා
ක්ෂේත්රයට අදාළ කිසිදු අත්දැකීමක් තිබූ පුද්ගලයකු නොවන බවත් අතිරේක
සොලිසිටර් ජනරාල් උනම්බුව මහතා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
සාක්ෂිකාරිය පිළිගත් බවද විශේෂයෙන්ම කිව යුතුය. මේ නිසා මෙවැනි අය රටේ
ජාතික ගුවන් සේවය පාලනය කරන්නට පත් කිරීමේ විපාක මෙරට මහජනයාට විඳින්නට
සිදුව ඇත. මේ ආණ්ඩුවට ජනයා බලය දුන්නේ ගජ මිතුරු අර්ජුන මහේන්ද්‍රන්ලා රජ
කරවන්නට නොවේ. තමන්ට බලය දුන්නේ මහ බැංකුව කඩන්නට නොවන බව වරක් ජනාධිපති
මෛත්‍රිපාල සිරිසේනම කීවේය. එසේම එදා මහින්ද රාජපක්ෂලාට මහජනයා බලය දුන්නේ
ද ආණ්ඩුවේ මෙවැනි වැරදිවල විපාක තමන්ට විඳින්නට නොවේ. මේවා රනිල්
වික්‍රමසිංහලා මෙන්ම මහින්ද රාජපක්ෂලා ද තේරුම් ගත යුතුව තිබේ. ජනබලය පතන
කාටත් අපි මේ ටික මතක් කරමු.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Sunday, September 9, 2018
මහින්ද රාජපක්ෂලාට මහජනයා බලය දුන්නේ ද ආණ්ඩුවේ මෙවැනි වැරදිවල විපාක තමන්ට විඳින්නට නොවේ. මේවා රනිල් වික්‍රමසිංහලා මෙන්ම මහින්ද රාජපක්ෂලා ද තේරුම් ගත යුතුව තිබේ. ..!!!
මහින්ද රාජපක්ෂලාට මහජනයා බලය දුන්නේ ද ආණ්ඩුවේ මෙවැනි වැරදිවල විපාක තමන්ට විඳින්නට නොවේ. මේවා රනිල් වික්‍රමසිංහලා මෙන්ම මහින්ද රාජපක්ෂලා ද තේරුම් ගත යුතුව තිබේ. ..!!!
2018-09-09T09:26:00+02:00
lankanews
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...