පසුගිය 26 වැනිදා ඇමරිකාවේ “ද නිව්යෝර්ක් ටයිම්ස් ” පුවත් පත ආනාවරණ කර තිබූ පරිදි මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් China Harbour සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 7.9ක් ලබා දී තිබුණි.
2015 ජනාධිපතිවරණය වෙනුවෙන් රාජපක්ෂලාට ලැබුණු තවත් රුපියල් මිලියන 100ක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ.
China Harbour Engineering Company වෙතින් එම මුදල් ලබා දී ඇති අතර එම ගණුදෙනුව සිදුව ඇත්තේ Standard Charted හරහාය. කොළඹ කොටුව යෝර්ක් විදියේ පිහිටි Standard Charted බැංකුවේ ශාඛාවෙන් මුදල් කර ගැනීම සඳහා මිලියන 25 බැගින් වූ චෙක් පත් 4ක් China Harbour Engineering Company වෙතින් රාජපක්ෂලා වෙත ලබා දි තිබේ.රුපියල් මිලියන 25ක එක චෙක් පතක් 2015 ජනවාරි 06 වැනි දින නිකුත් කර ඇති අතර ජනවාරි 07 වැනි දිනට තවත් රුපියල් මිලියන 25ක චෙක් පත් තුනක් ලබා දී තිබේ.
පසුගිය 26 වැනිදා ඇමරිකාවේ “ද නිව්යෝර්ක් ටයිම්ස් ” පුවත් පත ආනාවරණ කර තිබූ පරිදි මහින්ද රාජපක්ෂ ගේ 2015 ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් China Harbour සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 7.9ක් ලබා දී තිබුණි.
මේ අතර බැසිල් රාජපක්ෂගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ වෙතද චීනයට සම්බන්ධ සමාගමකින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ලබා දී ඇති බවද අනාවරණ විය.