චේ බොලිවියාවට පැමිණ ඇතිබව තොරතුරු ලැබුණ විගස සි.අයි.ඒ. සංවිධනයේ විශේෂ බළකායක් බොලිවියාවට එවීමට සංවිධානය එදා ක්‍රියාකර තිබිණි. ගැරීප්රාඩෝ හෙළි නොකළද චේ ගුවේරාව ලහිගුණා කඳුකර ප්‍රදේශයේදී කොටුකර ගන්නා මෙහෙයුමේ පිඹුරුපත් සකසා ඇත්තේ ඔවුන්ය. චේ ගුවේරා අත්ඩංගුවට පත්වීමට මසකට පමණ පෙර ඔවුන්ගේ සැලසුමට අනුව ගරිල්ලන් කීපදෙනෙක් හමුදා
අත්අඩංගුවට පත්වී තිබිණි. සී. අයි. ඒ. සංවිධානය ඉතා සූක්ෂමව එම ගරිලන්ගෙන්ද ගම්වාසින්ගෙන්ද චේ සැගව සිටි ප්‍රදේශය පිළිබඳ තොරතුරු ලබාගෙන ලාහිගුරා කඳුකරය සෝදිසි කිරීමේ මෙහෙයුම ගැරී ප්රාඩෝහා එකතුව සැළසුම් කළේය. මීට පෙර ගැරී ප්‍රාඩෝ සඳහන් කළ ආකාරයට එල් චරෝ ප්‍රදේශයේදී චේගුවේරා හමුදාවට කොටුවූයේ තිරය පිටුපස සිට සී.අයි. ඒ. නියෝජිතයින් කළ ඒ සැළසුමට අනුවය.
ෆිලික්ස් රොඩ්රින්ගෝස් යනු එදා එම සී අයි ඒ විශේෂ බළකායේ සිටි ප්රධානියායි. ඔහු පසු කළේකදී සිදුකළ පාපොච්චාරණයකට අනුව මෙම මෙහෙයුම සදහා ඔවුන් එදා බොලිවියාවේ ස්ථාන ගතව ඇත්තේ 1966 වසරේදීය. බොලිවියාවට පැමිණි වහා ඔහුගේ රජකාරිය වූයේ තෝරාගත්් සෙබල පිරිසකට විශේෂ හමුදා පුහුණුවක් ලබා දීමය. චේ අත්අඩංගුවට ගත් රේන්ජස් හමුදා භට ඛණ්ඩය යනු එම පිරිසයි.

‘‘චේ ගුවේරාගේ මරණය පිළිබඳ මාධ්‍ය වල වැරදි පරස්පර විරෝ්ධී අදහස් පළවෙනවා. මට ඒවා නිවැරදි කරන්න ඉතිහාසයේ සත්‍ය සිදුවීම් හෙළිකරන්න සිදුවන බව රූපවාහිනී සාකච්ඡුාවේදී ඔහු කීවේය.
ෆිලික්ස් රොඩ්රිගොස් හමුවීමට මට නොහැකි වූ නමුත් ඔහු සහභාගි වූ එම රුපවාහිනි සාකච්ඡුාව ඇසුරින් චේ ගේ මරණය සම්බන්ධව තවත් පැතිකඩක් දැනගැනීමට හැකි විය. මේ ඔහු එය හෙළි කළ ආකාරයයි.
‘‘මම බොලිවියාවට ආවෙ 1966 දී. කිසිම ඇමරිකානු පුරවැසියෙකුට බොලවියාවේ හමුදා කටයුතු වලට සහභාගි නොවෙන්න ඇමරිකානු තනාපති කාර්යාලය ඒ කාලේ නීතියක් පනවා තිබුණා. නමුත් මම ඒ කාලේ ඇමරිකානු පුරවැසියෙක් නොවන නිසා මට ඒ අවස්ථාවට සහභාගි වීමේ ගැටලූවක් තිබුණේ නෑ. ඔක්තොම්බර් 7 සවස අපට පණිවිඩයක් ලැබුණා චේගුවෙරා විය හැකි පුද්ගලයෙක් ලාහිගුණා ගමේදි අත්අඩංගුවට පත්ව ඇති බව. මම ඒ මොහොතේම සන්නිවේදන කට්ටලත් සමග වලෙග්‍රන්දා නගරයට පැමිණුනා. ඒ කාලේ ලාහිගුරා වලට ඉක්මනින් ළඟා විය හැකි එකම ක්‍රමය බොලිවියානු හමුදාව සතු එම හෙළිකොප්ටරයේම ගමන් කිරීම...
ෆීලික්ස් රොන්ගෝස් වහා ගොස් වලෙග්‍රන්දා පළාත භාරව සිටි හමුදා නිලධාරියා හමු විය. ඔහු කර්නල් සෙන්ටොනෝ ය. මේ හමුව සිදුවූයේ වලෙග්රන්ද්රාහි කුඩා හෝටලයකදීය. කර්නල් සෙන්ටොනෝ හමුවේ තම අනන්‍යතාව හෙළි කළ ෆිලික්ස් රොද්‍රිගෝස් අවශ්‍ය කාරණය කීවේය.
‘

සියල්ල නිවැරැදිව ෆිලික්ස් රොද්‍රිගෝස් බලාපොරොත්තු වූ පරිදිම සිදුවිය. ඒ අනුව ඔක්තෝබර් 08 වැනිදා උදෑසන 7.00 ට පමණ වලෙග්රන්ද්රවලින් අහසට නැගී හෙළිකොප්ටරය අඩහෝරාවක් යෑමට පෙර ලාහිගුරා ගම්මානයට ගොඩබැස්සේය.
ලාහිගුරාවලින් පැමිණි ඉහළ හමුදා නිලධාරීන් අතර ප්‍රධානියා වූ කර්නල් සෙන්ටෝනෝ චේගුවේරාව ප්‍රශ්න කිරීමට කිහිප අවස්ථාවක් එහිදී උත්සාහ කළ ද” එය අසාර්ථක විය. චේගුවේරා කර්නල් සෙන්ටෝනෝ සමග කිසිවක්ම කතා නොකළ නිසා ඊලඟ වාරය එළඹියේ සී.අයි.ඒ. නියෝජිත ෆිලික්ස් රොද්රිගෝස්ටය. ඔහු ඉතා සන්සුන්ව චේගුවේරා රඳවා සිටි කාමරයට ඇතුළත් විය.