ඇඹිලිපිටියේ කුඩු ජාවාරම කියන්නෙ විශාල
මාෆියාවක්. කුඩු ගෙන්වන උන්ම කොළඹ තරු විසි වෙන ගණිකාවන් ගෙනත් මේ හෝටල්වල
තියාගෙන ඞීල් කරනවා. ඇඹිලිපිටියේ සමහර අම්මණ්ඩිලාව ඒ හෝටල්වලට ගෙන්නගෙන
රත්නපුරේ කොළඹ අයට ලොකු ගණන්වලට විකුණනවා. ඒ ගෑනුත් දුරකථන ඇමතුමට බාබාලා
වගේ හෝටලයට ඇවිත් කිසිවක් නොවුණු ගානට දහ පහළොස් දාහක් සාක්කුවේ දාගෙන
පද්ද, පද්ද ගෙදරට යනවා. ඒ වගේම ඔය ජාවාරම්කාර හැත්ත ඇඹිලිපිටිය ගම්වල
අහිංසක කෙල්ලන්ට අර ජොබ් එක දෙනවා, මේ ජොබ් එක දෙනවා කියලා රවට්ටගෙන ගිහින්
කොළඹ කැරොකේ ක්ලබ්වලට විකුණනවා. මේ පාදඩ වැඩවලට සමහර ත්‍රිරෝද රියැදුරොත්
හවුල්. උන්ට සල්ලි හම්බ වෙනවා නම් ගෙදර ඉන්න සහෝදරියව හරි අරගෙන ඇවිත්
මෝල්ලූන්ට විකුණනවා. මේක මහා විනාශයක් මහත්තයො. මේ ජාවාරම් යට ඉන්නෙ
ප්‍රදේශයේ ප්‍රබල බලවත්තු. අන්න උන්ගේ දළ කඩන්න රටේ නීතියක් නැද්ද...’’
ඔහු අප ඉදිරියේ පැනයක් තබා නිහඬ විය. ඔහුගේ අවසාන වචන කිහිපය තුළ දැඩි අසරණ
බවක් ගැබ්ව තිබුණු බව අපට දැනිණි. ඔහුට පමණක් නොව, රටේ සියලූ ජනතාව
ඉදිරියේම තිබෙන ගැටලූව ද එයයි.
කුඩු යනු මිනිසුන් බිලි ගැනීමට පැමිණි
මාරයෙකි. රටේ බොහෝ ප්‍රදේශවල තරුණ, තරුණියන් කුඩුවලට ගොදුරු වෙමින්
සිටියදී, ඇඹිලිපිටිය නගරයත් කුඩුවලට බිලි වී තිබෙන බව වාර්තා වේ. ගංජා
සුරුට්ටුව කාණුවට විසි කරන ඇඹිලිපිටියෙ තරුණයන් කුඩු පැකට් එක සුරතේ ගුලි
කර ගන්නා බව නගරවාසීන්ගේ අදහසය. එමෙන්ම ඇඹිලිපිටියේ කුඩු පරිභෝජනය දිනෙන්
දින වැඩි වන බව ද නගරවාසීහු කම්පනයෙන් යුක්තව අපට කීහ. ඊෂි කෑෂ් ක්‍රමය
හරහා කුඩු බෙදාහරින ආකාරය ගැන ද අප දැනුවත් කළහ. දැන් අප මේ කියන්නට යන්නේ
ඇඹිලිපිටියේ කුඩු ගැන කතාවය.
අතීතයේ සිටම ඇඹිලිපිටිය මතට ලොල්
ප්‍රදේශයක් බව නොරහසකි. ගංජාවලට ඇඹිලිපිටිය ලෝක ප්‍රසිද්ධ බව සැබෑය. මෙරට
විශාල ගංජා හේන් ඇත්තේ ද ඇඹිලිපිටිය සහ ඒ ආශ්රිත තණමල්විල,බෝදාගම,
අඟුණකොළවැව කැලෑ ප්රදේශවලය. එමෙන්ම නීති විරෝධී කසිප්පු ජාවාරමට ද
ඇඹිලිපිටිය ප්‍රසිද්ධය. ඇඹිලිපිටියේ හිඟුරාණ ගම කසිප්පුවලට රටේම
ප්‍රසිද්ධ වී තිබුණු බව රහසක් නොවේ. අතීතයේ ඇඹිලිපිටියේ ජාවාරම්කාරයන්ගේ
ප්‍රධාන ආදායම් මාර්ග වී තිබුණේ ද ගංජා සහ කසිප්පුය.
‘ඒ කාලේ
පන්සලේ පිංකම්වලට ඇවිදිනුත් මිනිස්සු ගංජා සුරුට්ටු ඉරුවා. බී ගත්ත
මිනිස්සු විහාර භූමියේ ගහ මරා ගත්තා. ගමේ නිතරම ඇන කොටා ගැනීම්, මිනීමැරුම්
සිද්ධ වුණා. ඇඹිලිපිටිය දියුණු කරන්න නම් මුලින්ම ප්‍රදේශවාසීන්ගේ
බේබදුකම නතර කරන්න ඕනා කියලා මට හිතුණා. ඒ අනුව අපි ඇඹිලිපිටිය අමද්‍යප
ව්‍යාපාරය පටන් ගත්තා. ඒ හරහා මිනිස්සුන්ට නීති මාලාවක් දැම්මා. මළගෙදරක
පාංශකූලය දෙන්න යන වෙලාවට බීමත් මිනිස්සු ඉන්න බෑ. ඉන්නවා දැක්කොත් අපි
නැඟිටලා එනවා. කියපු විදිහටම ඒ නීති ක්‍රියාත්මක කළා. පන්සලේ දහම් පාසල
ආරම්භ කළා. ගමේ සෑම ළමයකුම දහම් පාසලට එවන ලෙසට නියෝග කළා. ටික කාලයක්
යනකොට මිනිස්සුන්ගේ බේබදුකම ගෙදරට, තිප්පොළට සීමා වුණා. ප්‍රදර්ශනය කළේ
නෑ. කසිප්පු ජාවාරම අඩු වුණා. ඒත් දැන් ඇඹිලිපිටිය ගම් පුරා මත් කුඩු
පරිභෝජනය වැඩි වෙලා. විශාල තරුණ පිරිසක් දැනටමත් කුඩුවලට ඇබ්බැහි වෙලා
ඉන්නවා. කුඩුවලට ඇබ්බැහි වෙච්ච ළමයින්ගේ දෙමවුපියො පන්සලට ඇවිත් ‘අපේ දරුවා
බේර දෙන්න’ කියලා වැඳ වැටෙනවා. අපිත් පුළුවන් විදිහට මත්ද්‍රව්‍ය විශෝධන
මධ්‍යස්ථාන හොයලා ඒ ළමයින්ව ඒ තැන්වලට යොමු කරනවා. මාසෙකට ළමයි තුන්, හතර
දෙනෙක් පුනරුත්ථාපනයට යවනවා...’ ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානාධිපති
ශ්‍රී ලංකා රාමක්‍ද්ක්‍ද නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය
ඕමල්පේ සෝභිත හාමුදුරුවන් වරක් අප සමඟ එසේ පැවසුවා මට මතකය.
අමද්‍යප ව්‍යාපාරයට පින් සිද්ධ වෙන්න මිනිසුන්ගේ බේබදුකම, කසිප්පු ජාවාරම
අඩු වුවද දේශපාලන හයිය, පාතාල ශක්තියත් සමඟ ක්‍රියාත්මක වන ව්‍යාපාරිකයන්
කිහිපදෙනකු විසින් දැන් ඇඹිලිපිටිය ප්‍රදේශය පුරා කුඩු, කේ. ජී. වපුරමින්
සිටිති. කොළඹින් කුඩු රැගෙන යන ඔවුහු ඇඹිලිපිටියෙන් ගංජා තොග රැගෙන එති.
කාලයක සිට මේ මජර ව්‍යාපාරය ජයටම කෙරෙති. ඉඳහිට ඇඹිලිපිටිය පොලිසිය කුඩු
උරන අපතයන් දෙතුන්, දෙනකු කුදලාගෙන ගොස් කූඩුවේ හිර කළ ද එකී පොලිස් බල
ප්‍රදේශයට කුඩු ගෙන එන මහ ජාවාරම්කාරයන් දෙස ඇහැක් ඇර බලන්නේ නැත.
පොලිසියේ බලයට වඩා ජාවාරම්කාරයන්ගේ ශක්තිය ප්රබලය.
කොළඹ සිට
සුපිරි වාහනවලින් උඩවලව ප්‍රදේශයට රැගෙන එන කුඩු එහිදී ප්‍රාදේශීය
ජාවාරම්කාරයන්ට බෙදාහරිනු ලැබේ. එකී ජාවාරම්කාරයන් කුඩු ලෝලීහු මාර්ගයෙන්
‘ඊෂි කෑෂ්’ තාක්ෂණය භාවිත කර අතිසූක්ෂ්ම අයුරින් ප්‍රදේශය පුරා කුඩු
බෙදාහැරීම සිදු කරති. කුඩු පාරිභෝගිකයන්ට අවශ්‍ය කුඩු පැකට් ගානට අදාළ මුදල
‘ඊෂි කෑෂ්’ ක්‍රමයට ගෙවූ පසු බඩු ටික සැතපුම් කණුවක් අසල, පාර අද්දර
විශාල ගහක් මුල, බස් නැවතුම්පළක හෝ ලොතරැයි කූඩුවක් තුළ තබා අවශ්‍ය කෙනාට
දුරකථන ඇමතුමක් දෙන්නේය. ක්ෂණයෙන් කි‍්‍රයාත්මක වන කුඞ්ඩා ඇවිත් කුඩු ටික
රැගෙන යන්නේය. ඒ කුඩු විකුණන අලූත්ම ක්‍රමයයි. මුදල් ‘ඊෂි කෑෂ්’ කිරීමට,
දුරකථන ඇමතුම් ලබාගැනීමට කුඞ්ඩන්ට හුරුපුරුදු කොමිනියුකේෂන් ද ඇඹිලිපිටිය
නගරයේ සහ අවට ප්‍රදේශවල කිහිපයක්ම තිබෙන බව ප්‍රසිද්ධ කතාවකි. මේ ‘ඊෂි
කෑෂ්’ ක්‍රමය ඔස්සේ ඇඹිලිපිටියේ සිට මාතර, කතරගමට සහ මොණරාගලට යන තෙක්
කුඩු බෙදාහැරීම සිදු කරනු ලැබේ. කුඩු ජාවාරමේදී ඇඹිලිපිටිය දෙවැනි වන්නේ
කොළඹට පමණි. එහෙයින් ඇඹිලිපිටියට දැන් පුංචි කොළඹ යැයි ද කියනු ලැබේ.
‘‘දැන් ඇඹිලිපිටිය කුඩු විමානයක් මහත්තයො... හැම තැනම කුඩුකාරයො. මේ බස්
ස්ටෑන්ට් එකේ ගැවසෙන කුඞ්ඩො පන්ති යන ළමයින්ගෙ හෑන්ඞ් ෆෝන්, ගෑනු ළමයින්ගේ
පර්ස් උදුරගෙන දුවනවා. පොලිසියට පැමිණිලි කළත් විභාගයක් නෑ. ඉඳහිටලා
පොලිසිය කුඩුකාරයන් අත්අඩංගුවට ගත්තත් ඇල්ලූවට වඩා ඉක්මනට නිදහස් කරනවා.
පොලිසිය හරි හැටි ඇක්ෂන් නොගන්න නිසා දැන් කුඞ්ඩන්ගෙ බය නැති වෙලා.
ප්‍රදේශය පුරා මංකොල්ලකෑම්, ගෙවල් බිඳිම් වැඩි වෙලා. එක දිගට ඇඹිලිපිටිය
නගරයේ වෙළෙඳසල් හත, අට කඩලා තියෙනවා. ඒ මදිවට දැන් ඉස්කෝලේ යන ළමයි මත්
පෙති බොනවා. සමහර ෆාමසිවල ඕල් සේල් මත් පෙති විකුණනවා...’’ ඇඹිලිපිටිය බස්
නැවතුම්පොළේදී අපට හමු වූ කෙනෙක් එසේ කීවේය. ඔහු මුනුපුරු, මිනිපිරියන්
සිටින සීයා කෙනෙකි. එහෙත් ඔහු හැට පැන්නත් සමාජයට වැඩ ඇති පුද්ගලයෙකි. තම
දරුවන් ද කුඩු වසංගතට බිලි වේද යන බියෙන් ඇඹිලිපිටියේ කුඩුවලට එරෙහිව ඔහු
දැඩිව ක්‍රියාත්මක වෙමින් සිටින්නේය.
‘‘අපිට මේ නගරය විනාශ
වෙනවා බලාගෙන ඉන්න බෑ. එක පැත්තකින් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැඩි වෙලා.
අනෙක් පැත්තෙන් ගණිකා ව්‍යාපාරය එළිපිට කෙරෙනවා. නව නගරයේ ආයුර්වේද රෝහල
අසළ, බස් නැවතුම්පළ අසළ, මහජන බැංකුව ඉදිරිපිට ගණිකාවන් ළඟින තිප්පොළවල්
වෙලා. පන්ති එන කොල්ලො මේ ගණිකාවන්ගේ මායම්වලට රැවටෙනවා. ගෙදරින් දෙන
‘පන්ති පීස්’ ගණිකාවන්ට පූජා කරලා ලෙඩ ගොඩක් තුරුලූ කරගෙන ඉඳලා හවස ගෙදර
යනවා. ලොකු ෆෝන් එකකුත් අරගෙන පන්ති යනවා කියලා ගෙදරින් පිට වෙන දරුවො ගැන
දෙමවුපියො හොයා බලන්නේ නෑ. ටවුම වටේ, බස් ස්ටෑන්ඞ් එකේ රස්තියාදු ගහන
කොල්ලො රංචු මොනවද කරන්නේ කියලා පොලිසිය හොයා බලන්නෙත් නෑ. මත් පෙත්තක්,
කේජී කෑල්ලක් ගහලා මොළේ විකාර වුණාට පස්සෙ ඒ කොල්ලො කුලප්පු වෙච්ච සත්තු
වගෙයි.
ගණිකාවන් පස්සෙ දුවනවා. මත් විකාරයෙන් පේ‍්‍රමවන්තිය
හෝටල් කාමරවලට ගෙනිහින් විනාශ කරනවා. පාරේ ගෑනු ළමයින්ට හිරිහැර කරනවා.
මගීන්ට කරදර කරනවා. නිකරුණේ බස්වල රස්තියාදු වෙන කොල්ලො රියැදුරන්ටත්
බාධාවක්...’’
‘‘මත් පෙති බීලා පිස්සු කෙළින කොල්ලන්ට කුඩු ටිකක්
දුන්නත් ඒකත් උරනවා. ‘ප්‍රමෝෂන්’ විදිහට මේ නගරයේ කුඩු නොමිලේ බෙදන
අවස්ථාත් තියෙනවා. ඒ සේරම බලාගෙන අපිත් නොදැක්කා වගේ ඉන්නවා. තව ටික කාලයක්
ජොබ් එක කරන්නත් එපෑ. මේ ජාවාරම් යට ඉන්නෙ පොඩි මිනිස්සු නෙමෙයි. හොඳ දළ
කාරයො. ඒ මිනිස්සුන්ට පුළුවන් අපිව සුටුස් ගාලා අතුරුදන් කරන්න...’’ අඳුරු
වලාවකින් වැසී ගිය ඒ වියපත් මුහුණේ මර බියේ සේයාව ඇඳී තිබෙන අයුරු අපිදු
දුටිමු. ඔහුගේ නම, ගම සියලූ විස්තර කීවද, කුඩු පාතාලයට බිල්ලක් දීමට
අකැමැති නිසා අපි ඔහුගේ තොරතුරු රහසක් ලෙස තබාගැනීමට අදහස් කළෙමු. එම
වියපත් මිනිසාගේ දැන හැඳුනුම්කම් මත කුඩු විත්ති පැවසීමට තවත් තරුණයෙක්
ඉදිරිපත් විය. ඔහු දෙතුන් වතාවක් කුඩු බී පූරුවේ පිනකට කුඩුවලට නොඇලූණු
තරුණයෙකි. චන්ද්‍රිකා වැව් බැම්මේදී අපට මුණගැසුණු හේ ඇඹිලිපිටියේ ජාවාරම්
ගැන බොහෝ තොරතුරු දැන සිටින කෙනෙකි.
‘‘දැන් මේ ගම්වල කොල්ලො
ගංජා බොන්නෙ නෑ. සමහර උන් කේරළ ගංජා බොනවා. තව පිරිසක් කුඩු බොනවා. ඉස්සර
බීඩි මිටිය, ගංජා ගුටිය අරගෙන හේනට ගිය මිනිස්සු දැන් අරගෙන යන්නෙ කේ.ජී.
කෑලි තුන හතරක්. කුඩු පැකට් එකක්. මේ මිනිස්සු පුදුම විදිහට කේ.ජී.වලට,
කුඩුවලට ඇබ්බැහි වුණා. ඇඟ පතේ අමාරුවට ගංජා සුරුට්ටුවක් ඇද්දා වගෙ නෙමෙයි
කේ.ජී. කුඩු බිව්වහම පිස්සු හැදෙනවා. කේ.ජී. කියන්නෙ තනිකර ෆෝමලින්
ගුලියක්. ඔය කේරළයෙන් ගේන ගංජා නෙමෙයි. අපේ රටේ ගංජාවලට ෆෝමලින් ගහලා
තැම්බෙන්න තියලා වේලපුවා. අපේ උන් කේ.ජී. කිය, කියනා හරි උජාරුවට දාගෙන
උරනවා. ටික කාලයක් ඔය කේ. ජී. බොනකොට පණ පිටින් එම්බාම් වෙනවා. ස්නායු
දුර්වල වෙලා මන්දබුද්ධික වෙනවා. අපේ ගම්වල උන්ට මේවා කිව්වට වැඩක් නෑ.
තේරුම් ගන්න මොළයක් නෑ...’’
‘‘කුඩු, කේ.ජී. ඞීල් කරන උන්ව අපි
දන්නවා. කුඩු අරගෙන යනකොට දැකලා පොලිසියට මැසේජ් එකක් දුන්නත් ඒ අයට එන්න
මොබයිල් එකක් නෑ. ඇඹිලිපිටිය පොලිසියටම තියෙන්නෙ එක මොබයිල් එකයි. පොලිස්
නිලධාරීන්ට දොස් කියලා වැඩකුත් නෑ, අවශ්‍ය පහසුකම් නැතිව නීතිය හරි හැටි
ක්‍රියාත්මක කරන්නත් බෑ. ඒත් තියෙන පහසුකම්වලින්වත් හරියට නීතිය
ක්‍රියාත්මක කරන්නෙ නෑ. සමහර අවස්ථාවල කුඩු තිප්පොලවල් ගැන ඔත්තුව දුන්නම
එසැණින් කුඩුකාරයන්ට මැසේජ් එක යනවා. උන් බඩු ටිකත් පොදි බැඳගෙන යනවා. ඊට
පස්සෙ පොලිසිය ඇවිත් රඟලා යනවා. ඇඹිලිපිටියේ කුඩු ජාවාරම කියන්නෙ විශාල
මාෆියාවක්. කුඩු ගෙන්වන උන්ම කොළඹ තරු විසි වෙන ගණිකාවන් ගෙනත් මේ හෝටල්වල
තියාගෙන ඞීල් කරනවා. ඇඹිලිපිටියේ සමහර අම්මණ්ඩිලාව ඒ හෝටල්වලට ගෙන්නගෙන
රත්නපුරේ කොළඹ අයට ලොකු ගණන්වලට විකුණනවා. ඒ ගෑනුත් දුරකථන ඇමතුමට බාබාලා
වගේ හෝටලයට ඇවිත් කිසිවක් නොවුණු ගානට දහ පහළොස් දාහක් සාක්කුවේ දාගෙන
පද්ද, පද්ද ගෙදරට යනවා. ඒ වගේම ඔය ජාවාරම්කාර හැත්ත ඇඹිලිපිටිය ගම්වල
අහිංසක කෙල්ලන්ට අර ජොබ් එක දෙනවා, මේ ජොබ් එක දෙනවා කියලා රවට්ටගෙන ගිහින්
කොළඹ කැරොකේ ක්ලබ්වලට විකුණනවා. මේ පාදඩ වැඩවලට සමහර ත්‍රිරෝද රියැදුරොත්
හවුල්. උන්ට සල්ලි හම්බ වෙනවා නම් ගෙදර ඉන්න සහෝදරියව හරි අරගෙන ඇවිත්
මෝල්ලූන්ට විකුණනවා. මේක මහා විනාශයක් මහත්තයො. මේ ජාවාරම් යට ඉන්නෙ
ප්‍රදේශයේ ප්‍රබල බලවත්තු. අන්න උන්ගේ දළ කඩන්න රටේ නීතියක් නැද්ද...’’
ඔහු අප ඉදිරියේ පැනයක් තබා නිහඬ විය. ඔහුගේ අවසාන වචන කිහිපය තුළ දැඩි අසරණ
බවක් ගැබ්ව තිබුණු බව අපට දැනිණි. ඔහුට පමණක් නොව, රටේ සියලූ ජනතාව
ඉදිරියේම තිබෙන ගැටලූව ද එයයි.
කුඩුවලට එරෙහිව රටේ නීතිය දැඩිව
කි‍්‍රයාත්මක වන බව සැබෑය. එහෙත් කුඩුකාරයන් නීතිය ඉදිරියට ගෙන එන තිරෙන්
පිටුපස රාජකාරියේ අඩුලූහුඬුකම් බොහෝය. කුඩු ලොක්කන් වටා එළෙන පොලිස් දැල පණ
මදිය. ඇඟිල්ලක් දැම්මත් කැඩෙන සුලූය. ඇඹිලිපිටියේ පමණක් නොව රට පුරාම කුඩු
ව්‍යාප්තිය වැඩිවීමට ප්‍රධාන හේතුව එයයි. එමෙන්ම සබරගමුව, ඌව සහ දකුණු
පළාත්වල කේන්ද්‍රස්ථාන ආර්ථික නගරය ඇඹිලිපිටිය නගරයයි. මේ නගරය සලෙලූන්ගේ
මත් ජාවාරම්කාරයන්ගේ පාරාදීසයක් වීම යනු අවට ප්‍රදේශ දූෂණය වීම කිසි
ලෙසකින්වත් නොවැළැක්විය හැකි කරුණකි. එහෙයින් ගංජා, කසිප්පුවලට
ක්‍රියාත්මක වූ ඇඹිලිපිටියේ ජනතාව නොබිඳෙන පවුරක් සේ කුඩුවලට ද එරෙහිව
ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවෙන්න කුඩු මාෆියාව ඇඹිලිපිටිය
සම්පූර්ණයෙන්ම බිලි ගන්නා දිනය වැඩි ඈතක නැත.
අපට දුක රටේ
තාරුණ්‍යය කුඩු මතින් මන්දබුද්ධික වෙන එක ගැනය. හේන් තඩි ගහලා අනෙක
දුක්විඳලා හරි හම්බ කරන සොච්චම කුඩුවලට දිය කර පිටරටට පොම්ප කරන එක ගැනය.
මාරාවේෂයට පත් වන්නේ කුඩු විකුණමින් සුරසැප විඳින සත් ගුණවත්, දානපති සුදු
පිරුවට මහත්හොරු දකින විටය. මත් කුඩුවලට එරෙහිව රටේ ජනාධිපතිවරයා දැඩිව
නිීති රීති ක්‍රියාත්මක කිරීමට කැප වී සිටිය ද යහපාලනයේම ඇතැම් දේශපාලූවන්
කුඩුවලින් යැපෙති. එවැනි දේශපාලන අපතයන් සිටින තාක් කල් මාතෘ භූමියෙන් මත්
කුඩු අතු ගා දැමීමට නොහැකිය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Saturday, August 25, 2018
‘ඇඹිලිපිටිය කුඩු’! ‘ප්‍රමෝෂන්’ විදිහට කුඩු නොමිලේත් බෙදනවා...!!!
Posted by
lankanews
at
August 25, 2018
Labels: ambilipitiya, drugs container, kudu container, kudu lansa, lankanews, Muslim drugs dealers, nimal lansa, rishard badurdeen, yahapalanaya
‘ඇඹිලිපිටිය කුඩු’! ‘ප්‍රමෝෂන්’ විදිහට කුඩු නොමිලේත් බෙදනවා...!!!
2018-08-25T22:47:00+02:00
lankanews
ambilipitiya|drugs container|kudu container|kudu lansa|lankanews|Muslim drugs dealers|nimal lansa|rishard badurdeen|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...