ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 26, 2018

ජාන වෙනස් කළ ආහාර වැට අද්දරටම ඇවිත්...!!!


* සිරුරට ඇතිවෙන බලපෑම ගැන විද්වතුන් තවමත් දෙපිළක
 * හයිබි‍්‍රඞ් හෝ වැඩිදියුණු කළ මාදිලි ජාන වෙනස් කළ ඒවා ගණයට අයිති නෑ
 * ඉන්දියාව තුළ ආනයනික කෑම සීයට අසූවක්ම ජී.එම්.
 * ආනයනික සැකසූ ආහාර ජී.එම්. වෙනුවෙන් පරීක්ෂා කිරීම වහාම මෙරට ඇරඹිය යුතුයි
 

කෑමටය කියා ලෝකයේ ලාබෙට විකිණෙන ඕනෑම දහජරාවක් ගෙනවිත්, දිලිසෙන ඇසුරුමක බහා සුපිරි රාක්කයක තැබීමට බැරිකමක් නැත. හායි කියා එය රැුගෙනයන්නට ඕනෑතරම් කට්ටියද මෙහි සිටිති. ඇතැම් විට ඒවා කවන්නේ හය හතර නොතේරෙන දරුවන්ටය. තරුණ වයසේදී දරුවන් ”හඳුනා නොගත් අහවල් රෝග”වලින් දුක් විඳිනාකල ඒවා ගිල්ලවූ උන් මෙලොවද හැර ගොසිනි. හඳුනා නොගත් වකුගඩු රෝගය සේ තවත් ඒවා බිහිවෙන්නට පෙර, දෙපැත්තකට බෙදී රූප පෙට්ටියේ තිරය ඉරිතලන තරමට වාදවල පැටලෙන්නටත් පෙර, මෙම ව්‍යසනයෙන් ජනතාව බේරා ගැනීමට සෞඛ්‍ය, පරිසර, කෘෂිකර්ම, වෙළඳ ආදී ක්ෂේත‍්‍රයන්හි නියුතු බලධාරීන් හා විද්වතුන් නොපමාව පෙරට ආයුතු බව අප අවධාරණය කරමු. සුපිරි හෝටලයේ කෑම බදින තෙල්ටික, පෙරා රොඩු ඉවත්කර අඩු මුදලට ගමේ කොත්තු කඩයට විකුණන තරමේ ”විශිෂ්ඨ” ආර්ථික කළමනාකරණයක් ඇති රටක, ලොවෙහි විවාදාත්මක ජී.එම්. ආහාර උගුරටත් හොරා ශරීර ගත වන්නට හොඳටම ඉඩකඩ තිබේ. අප පරිස්සම් විය යුත්තේ එවැනි දේශයක වෙසෙන්නන් වීම නිසාය.  

jana1135මිලියන තුනක ජනතාවක් ආහාර නැති සාගතයක් හමුවේ හඬා වැලපෙමින් සිටියහ. අප‍්‍රිකානු රාජ්‍යයක් වන සැම්බියාවේ 2002 වසරේදී ඇතිව තිබූ මෙම තත්වය හමුවේ සානුකම්පිකව ඒ දෙස බැලූ ඇමරිකා එක්සත් ජනපදය වහ වහා ආධාර වශයෙන් බඩ ඉරිඟු තොගයක් එරටට යවන ලදී. සිදුවූයේ කිසිවෙක් නොසිතූ නොපැතූ දෙයක්ය. සැම්බියාවේ රාජ්‍ය නායකයා විසින් මෙම ආහාර තොගය ‘වස’ සේ හඳුන්වමින් පිට පාරෙන්ම ආපසු හරවා යවන ලදී. ”දෙබරෙ බැන්ද ගහ පිනට දුන්න වගේ” වැඩක් ඇමරිකන්කාරයා කෙරුවාවත්දැයි වැනි සිතුවිල්ලක් එදා සැම්බියා නායකයාටත් පහළ වන්නට ඇත. ඔහුගේ දැනුමේ මට්ටමට අනුව, බඩඉරිඟු තොගය දෙබරයක් බැඳි ගසක් තරමට අන්තරාකාරීය. ඇමරිකාවෙන් පිනට ලැබී තිබුණු එම ආහාර තොගය ජාන වෙනස් කළ බඩඉරිඟු වීම මෙම අලකලංචියට හේතුවයි.

 මෑත කාලයේ පටන් ජාන වෙනස් කළ ආහාර පිළිබඳව කෙරෙන කතාබහ අපට ද නුහුරු නුපුරුදු නොවේ. විටින් විට මෙම වචන කීපය කරලියට පැමිණ යළි වසන් වී යයි. කලකට ඉහතදී මේ ගැන දේශීයව කළ සමීක්ෂණයක ප‍්‍රතිපල ලෙස වාර්තා කර තිබුණේ, බහුතර ජනතාවක් මේ ගැන මෙලෝ හසරක් නොදන්නා බවකි. ඇසිරූ ආහාරයක් මිලදී ගන්නා පාරිභෝගිකයින් වන ඔවුන් එහි නිෂ්පාදිත දිනය හෝ කල් ඉකුත්වීමේ දිනය

 ගැන සැලකිලිමත් වෙනවා මිස, එය සෑදීමට කුමන කළමනා යොදාගත්තේද යන්න ගැන සොයාබැලීමක් නොකරන බව ඔවුන් පෙන්වා දී තිබුණි. අද තත්වය කෙසේදැයි දැනගනු රිසියෙන් පසුගිය දිනෙක, මගතොටදී හමුවුණ දහ දොළොස් දෙනෙකුගෙන් මා කළ අහඹු විමසුමේ ප‍්‍රතිපලද සනාථ කෙරුවේ එම තත්වයමය. අදහස් දැක්වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයෙකු කීවේ ඇතැම් වෛද්‍යවරුන් පවා, කෘෂි විද්වතුන් අභිජනන වැඩසටහන් හරහා නිපදවන වැඩි දියුණු කළ බෝග මාදිලිද ජාන වෙනස් කළ ඒවා ලෙස සිතා සිටිනා බවකි. එක අතකට ඒ ගැන පුදුම වීමටද අවශ්‍ය නොවේ. ඡුක්බඑ ඨැබැඑසජ ඍැිදමරජැි යන ඉංග‍්‍රීසි වචන තුනට

 ”ශාක ප‍්‍රවේණික සම්පත්” යනුවෙන් විද්‍යාත්මකව සවිමත් අර්ථවත් සිංහල යෙදුමක් තිබියදී, ඒ සඳහා ‘පැලෑටි ජාන සම්පත්’ වැනි බාලාංශ වචන සෙට් එකක් දමාගෙන, ප‍්‍රවේණි සම්පත සුරකින දැවැන්ත ආයතනයකුත් නඩත්තු කරන ඇත්තන් කෘෂිකර්මයේම සිටියදී, දොස්තරලා එසේ සිතා සිටීමද එතරම් අරුමයක් වන්නේ නැත. සාමාන්‍ය ජනතාවට ‘ජාන’ යන්න පැටලී ඇත්තේ එම වචනයේ සිදුවන මෙවැනි අවභාවිතයන් හේතුවෙනි.

 ජීවීන් දෙදෙනෙක් එකතුවී ප‍්‍රජනනය කරන විටදී, ඉන් උපදින තුන්වැන්නාගේ ජාන කලින් දෙදෙනාගෙන් වෙනස්ව තිබෙන බව සත්‍යයකි. තමන්ට උවමනා ලක්ෂණ මිශ‍්‍රව තිබෙන දෙමාපියන් දෙපොළක් රැුගෙන, ඒ දෙදෙනා මුහුම් කරමින්, හිතකර ලක්ෂණ හැකිතරම් එක දරුවෙකු තුළට ගාල්

 කරගැනීමට කෘෂි විද්වතුන් කරන ශාක අභිජනනයද ජාන වෙනස් කිරීමක් වුවත්, එය ප‍්‍රජනනය හරහා සිදුවන සොබාදහමේ සිදුවීමක් බැවින්ද, කැපී පෙනෙන වෙනසක් සඳහා දිගු කලක් ගතවෙන බැවින්ද, ආන්දෝලනාත්මක ”ජාන වෙනස් කළ බෝග” (ඨැබැඑසජ්කකහ ඵදාසසෙැා ක්‍රදචි* නොහොත් කටවහරේ පහසුවට

 ගැවසෙන ජී.එම්. බෝග ගණයට ඒවා වැටෙන්නේ නැත. එසේ වුවත් දිගුකලක් මුළුල්ලේ ස්වභාවිකව මිනිස් ක‍්‍රියාකාරකම් හා බැඳී පවතින හීලෑකරණය, තෝරාගැනීම, අභිජනනය වැනි දේ හරහා බිහිවී ඇති අද භාවිත කරන බෝග මාදිලි, ඔවුන්ගේ වල්දර්ශ මුතුන්මිත්තන් හා සසඳා බලන කල මේ සියල්ලෝම ජී.එම්. ය. ගැටලූව ඇතිවන්නේ මිනිසා විසින් කෘති‍්‍රමව, හදිස්සියට මේවා නිපදවන්නට යාමෙනි. නවීන ලෝකයේ ජී.එම්. බෝග සාදන්නේ නිශ්චිත අරමුණක් පෙරදැරිවය. එතැනදී ජීවියාගේ වෙනස් කළයුතු ලක්ෂණයක් හඳුනාගන්නා අතර, එම ලක්ෂණයට අදාළ ජානය පමණක් වෙනස් කරයි. මෙය ඉතා සංකීර්ණ ක‍්‍රියාවලියකි. එය තේරුම් ගැනීමට උත්සාහ කිරීමද අනවශ්‍ය වෙහෙසක් වන නමුත්, සරලව කියනවානම් එක්කෝ බැක්ටීරියාවක් වැනි කුඩා ජීවියෙකුට අදාළ ජානය බද්ධකර වෙනස් කළයුතු ජීවියා තුළට යවනු ලබයි. නැතහොත් යම් උපකරණයක් මගින් අදාළ ජාන ජීවියා තුළට විදීමෙන්, ජීවියාගේ ජාන සංයුතිය වෙනස් කරයි. මේ කුමක් කළද එතැන් සිට මෙම ජීවියා ආගන්තුක ජාන තමාගේයයි සලකමින් වර්ගයා බෝ කරන අතර දැන් එතැන ඇත්තේ ජාන වෙනස්වූ පරපුරකි.

 මුලින්ම 1982 දී මෙය සිදුකළේ දුම්කොළ ශාකයකටයි. ඒ කාටත් බලවතා වන ඇමරිකාවේදීය. ඔවුහු 1986 දී වල්නාශකවලට නොමැරෙන ජී.එම්. දුම්කොළ ශාක බිහිකර ලොව පළමු ක්ෂේත‍්‍ර අත්හදා බැලීමද සිදුකර තිබේ. එළවළුවක් වශයෙන් ඔවුහු පළමුව ජී.එම්. බෝගයක් සේ නිපදවා ඇත්තේ කල්තබාගැනීමේ ගුණය වැඩිකළ තක්කාලි වර්ගයකි. ඒ 1994 දීය. ආසියාව පැත්තෙන් කතා කළහොත් චීනය 1992 දී වෙළඳ ලෝකයට වයිරස්වලට ඔරොත්තු දෙන ජී.එම්. දුම්කොළ හඳුන්වාදී තිබේ. මෙය කෙතරම් දුරට ලොව පැතිරුනාදැයි කියනවානම් 1996 දී මිහිතලය වසා සිටි අක්කර මිලියන හතරක ජී.එම්. බෝග, 2015 වනවිට, එනම් අවුරුදු 20 ක් තුළ අක්කර මිලියන 444 ක් දක්වා සිය ගුණයකින් ප‍්‍රසාරණය වී තිබුණි. අද ඇමරිකාවේ සෝයාබෝංචි වලින් 94% ක්ද, කපු වගාවෙන් 93% ක්ද ජී.එම්. ය. ජාන වෙනස් කිරීම හරහා කෘමි ප‍්‍රතිරෝධී, වයිරස් ප‍්‍රතිරෝධී, වල්නාශකවලට ඔරොත්තු දෙන, පෝෂණ ගුණයෙන් වැඩි යනාදී වශයෙන් විවිධාකාර බෝග ප‍්‍රභේදයන් මෑත යුගයේදී කරලියට ආවේ තරඟයට මෙනි. වෙනෙකක් තබා ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය

 ”රන්වන් සහල්” (ඨදකාැබ ඍසජැ* වශයෙන් නම්කළ විටමින් ඒ බහුල ජී.එම්. සහල්ද මීට දෙවසරකට පමණ පෙර එළිදැක්වුවත් මේ වන තෙක් එය වවන ඉසව්වක් නම් සොය ගැනීමට නැත.

 ශාක පමණක් නොව සත්ව සංහතියේ ස්වභාවික පැවැත්මද ජාන වෙනස් කිරීම හරහා තම අණසකට යටත් කර ගැන්මට මිනිසා පසුබට නොවුණි. එක උදාහරණයක් පමණක් එහි පරාසය මැනවින් පහදා දෙයි.

 ගවයෙක්ගේ ජාන ඌරෙකු තුළට යවා එහි බද්ධකරමින්, එම ජානය මගින් ගව දේහය තුළ නිපදවූ වර්ධක හෝමෝන ඌරා තුළ නිපදවීමට සැලැස්වීම කර ඇත්තේ ඔස්ට‍්‍රලියාවේදීය. මෙහි ප‍්‍රතිපලයක් ලෙස ඌරා වේගයෙන් වැඩුණු අතර ශරීරය තුළ තෙල් නිපදවීමක්ද නොතිබුණි. ආර්ථිකව වැඩි වටිනාකමක් ඇති තෙල් රහිත සූකර මාංශයක් එලෙස ඔවුන් නිපදවූයේ ජාන වෙනස්කිරීමේ තාක්ෂණයේ පිහිටෙන්ය.

 තම රටවැසියන් සාගින්නේ කෑ මොර දෙත්දීත්, එදා සැම්බියා නායකයා විසින් ජී.එම්. බඩඉරිඟු තොගය ආපසු යැව්වේ මෙම බෝග කාණ්ඩය මගින් ඇතිකළ හැකි අහිතකර බලපෑම් පිළිබඳව සමාජය තුළ කතිකාවක් නිර්මාණය වී තිබූ බැවින්ය. ඉන් එකක් වන්නේ යම් ලක්ෂණයක් පෙරදැරිව ජාන වෙනස් කළත්, ඒ හමුවේ අතුරු ප‍්‍රතික‍්‍රියාවක් සිදුවී අහිතකර දෙයක් බෝගය තුළ නිපදවෙමින් අපට නොදැනීම එය ආහාරයට එකතුවිය හැකි වීමයි. එය කෙළින්ම කෑම පිඟානේ අර්බුදයක් වන අතර පරිසරයේ

 ගැටලූව ඊට වෙනස්ය. විශාල භූමි පරාසයක ජී.එම්. බෝග වවන විට ඒවායින් පිටවෙන ජාන වෙනස්වූ පරාග, යහමින් පරිසරය හා මුසුවී වනගතව වෙසෙන බෝගයේ වල්දර්ශයන් වෙතට පවා ඇතුල්වෙමින් ඔවුන්ගේ ජාන සංයුතිය පවා වෙනස් කිරීමට හැකිවීමයි. මේ අනුව රටක ජෛව විවිධත්වයටද මේ හරහා බලපෑම් එල්ලවේ.

 කෘමි ප‍්‍රතිරෝධී බෝගයක් ජී.එම්. මගින් බිහිකළා යනු කෘමීන්ට එරෙහි සංයෝගයක් නිපදවන ජානයක් බෝගය තුළට ඇතුල්කර ඇති බවයි. කෘමි පරිණාමයද එකතැන පල්වෙන්නක් නොවේ. ඔවුන් තුළද ස්වාභාවිකම විකෘතියන් ඇතිවීම හරහා ඉහතකී සංයෝගයන්ට ඔරොත්තු දෙන නව කෘමි දර්ශ බිහිවීම හරහා ටික කලකින් ජී.එම්. බෝගයද කෘමි පහරදීම්වලට ගොදුරු වේ. පරිසරයට හිමිවන ‘ශුද්ධ ලාභය’ වන්නේ තවත් හානිකර කෘමි මාදිලියක් බිහිවීම පමණි.

 එසේ වුවත් සමස්ත පරිසර ස්ථායීතාවය නොතකමින් ”එදා වේල” තුළ ඇති ආර්ථික විද්‍යාව සමග සිටින්නන් පවසනා සවනට මිහිරි තොරතුරු වන වැඩි බෝග අස්වැන්න, ගොවිපළ වියදම අඩුවීම, ලාභය වැඩිවීම හා පෝෂ්‍ය ගුණයෙන් වැඩි ආහාර වැනි සංකල්පයනට වහවැටී සැලකිය යුතු පිරිසක් අද වනවිට ජී.එම්. බෝග වෙත යමින් සිටිති. දෙපැත්තකට දෝලනය වන මතවාදයන් දෙකකට මැදිවූ විට ක්ෂණික ලාභාංශයන් පසුපස හඹා නොගොස් වඩා ආරක්ෂාකාරී පිළිවෙතකට පිවිසීමේ සිරිත අනුගමනය කළ පෝලන්තය, හංගේරියාව, ඔස්ටි‍්‍රයාව, ප‍්‍රංශය ආදී රටවල් ගණනාවක් ජී.එම්. බෝග ඇසුරෙන් නිපදවන ආහාර තහනම් කර තිබේ. ජී. එම්. වම්බටු ඉන්දියාවේ වැවීම තහනම් කළාසේ තවත් රටවල් රැුසක් මේවාට සීමා පනවා තිබේ. ශ‍්‍රී ලංකාවේද 2001 මැයි 01 වෙනිදා සිට ජී.එම්. ආහාර අලෙවිය තහනම් කරන්නට යෙදුනි. එසේ නමුත් 1980 අංක 26 ආහාර පනතේ රෙගුලාසිවලට අනුව 2006 අගෝස්තු 3 වෙනිදා නිකුත් කළ අංක 1456/22 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් එම තහනම ඉවත්කර ජී.එම්. ආහාර ලංකාව තුළ අලෙවි කරන්නේ නම් ලේබලයේ ඒ බව සඳහන් කළයුතු බවට නීති පනවා ඇත. පාරිභෝගික අයිතීන් මේ හරහා ආරක්ෂා වන බවත්, තමා අනුභව කරන්නේ අවදානම ගැන කතිකාවක් පවතින ආහාරයක් බවත්, පාරිභෝගිකයා කලින්ම දැන සිටිනා බව නීති පනවන්නෝ තර්ක කරති. එසේම යම්

 රෝගාබාධයක් හමුවේ ඊට හේතුව සෙවීම පිණිස කෙරෙන පසු විපරමකටද මෙය පහසුකම් සපයයි. චීස්, සෝයා අන්තර්ගත චොක්ලට්, බඩඉරිඟු සිරප් අන්තර්ගත බීම වර්ග, අලපෙති, සෝයා නිෂ්පාදන, තක්කාලි සෝස් වැනි දේශීය වෙළඳපොළෙහි ඇති ආහාර වර්ග මේ යටතට එයි. ඒ බව ලේබලයේ සඳහන් විය යුතුමය. ඉහත දැක්වූ ආහාර කීපයක ඇසුරුම් නිරීක්ෂණය කිරීමේදී නම් පෙනෙන්නේ කිසිදු ආහාරයක ජී.එම්. ඇති බවක් සඳහන්ව නැති බවයි. ඒ වෙනුවට ඇතැම් ආහාරවල ජී.එම්. ද්‍රව්‍ය අඩංගු නොවන බවට නම් ලේබල් ගසා ඇති බව පෙනේ. එවැන්නක් කළයුතු බවට කිසිම නීති පොතක සඳහන් වන්නේ නැත. එම ද්‍රව්‍ය තොග වශයෙන් ගෙන්වා කුඩා ඇසුරුම් ලෙස මෙරටදී සකස් කිරීමේදී යොදන ලද ලේබලයකි මෙය. හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නාවත්දැයි අසන්නෝද මේ නිසාම බිහිවී සිටිති.

 ආහාර ආනයනයේදී ජී.එම්. ද නැතිද යන්න පරීක්ෂා කිරීමක් මෙරටදී සිදු කරන්නේ නැත. කළහැකි එකම දෙයනම් තොග ඇසුරුම සමග එවන පිටරටින් නිකුත්කළ‘සහතිකය’ විශ්වාස කිරීමත්, එය පාදක කරගෙන කුඩා ලේබල් නිමවා පැකට් මත ඇලවීමත් පමණි. පාරිභෝගිකයා එකත්පසව හිඳ ලේබලයේ ඇතිදෑ, මෙරට ඇසුරුම්කරුවා කළාසේම විශ්වාස කළ යුතුය. ඊට අමතරව ඔහු තව වැදගත් දෙයක් කළ යුතු වේ. එනම් මේ ආහාරය අනුභව කළ යුතුය. ලොව කොතැනක හෝ බීජයක් ඉන්දවූ තැනසිට කෙරෙන හිතකර අහිතකර සමස්ත ක‍්‍රියාන්විතයන්ගේ ප‍්‍රතිලාභියා වන්නේ, මුදල් ගෙවා මිලටගෙන මෙම ආහාරය බුදින අහිංසක පාරිභෝගිකයාය.

 මෙරට බලධාරීන්ට පමණක් නොව පාරිභෝගිකයින්ටත්, සිතන්නට යමක් පෙන්වාදෙන පුවත් නිවේදනයක් පසුගිය ජුලි 26 වෙනිදා නිකුත් කෙරුවේ නවදිල්ලියේ විද්‍යා හා පරිසරය වෙනුවෙන් වූ මධ්‍යස්ථානයයි (ක්‍ැබඑරු දෙර ීජසැබජැ ්බා ෑබඩසරදබපැබඑ*. ඔවුහු නවදිල්ලිය, පන්ජාබ්, ගුජරාට් වැනි ප‍්‍රදේශවල විවෘත වෙළඳපොළෙන් එරට නිපදවෙන හා ආනයනික කෑමට ගන්නා තෙල් වර්ග, ඇසිරූ ආහාර සහ ළදරු ආහාර වැනි ද්‍රව්‍යයන්හි සාම්පල එකතුකර තිබේ. ඒ අතරින් ආනයනික ද්‍රව්‍ය පැමිණ තිබුණේ ඇමරිකාව, කැනඩාව, නෙදර්ලන්තය, තායිලන්තය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි බොහෝ සෞභාග්‍යමත් බලපුළුවන්කාර තැන්වලිනි. විද්‍යා හා පරිසර මධ්‍යස්ථානය සතු ¥ෂ්‍ය අධීක්ෂක විද්‍යාගාරය තුළදී මෙම ආහාර සාම්පල පරීක්ෂා කෙරුණේ ඒවා ජී.එම්. සමග සම්බන්ධතාවයක් ඇතිදැයි සෙවීමටය. ලැබුණු ප‍්‍රතිපල මත ඉන්දීය බලධාරීන්ගේ දෙබැම ඉහළ නැංවුනි. සාම්පල වලින් 32% ක් තුල ජී.එම්. ද්‍රව්‍ය අන්තර්ගතව තිබිණ. ආනයනික ආහාර අතරින් 80% ක් ජී.එම්. විය.

 ”රජය අවශ්‍ය නීති පනවලා තියෙනවා. ලිපි ලේඛනවල තියෙන දේ බලල තමයි අනුමැතිය දෙන්නේ. වරද තියෙන්නේ සොයා බලන කණ්ඩායම අතේ. නිරතුරුවම වෙළඳපොළේ තියෙන්නේ අවසර ලබා ඇති දේද යන්න අධීක්ෂණය නොකිරීමයි මෙයට හේතුව”

 මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සුනීතා නාරායන් මෙම ප‍්‍රතිපල සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ එලෙසය. ඔවුන්ගේ සොයා ගැනීම්වලට අනුව ඇතැම් සමාගම් තොරතුරු සම්පූර්ණයෙන්ම වසන් කරමින් රට තුළට අයුතු පිවිසුමක් ලබාගෙන ඇත. තවත් කොටසක් ජී.එම්. අඩංගු නොවන බවට අසත්‍ය ලේබල් අලවා වෙළඳසැල් රාක්කයේ ඉඩ වෙන්කරගෙන තිබුණි.

 මෙම තොරතුරු පදනම්ව විද්‍යා හා පරිසර මධ්‍යස්ථානය ආරක්ෂක පියවරයන්

 රැුසක් වහාම ක‍්‍රියාත්මක කිරීම සඳහා රජයට යෝජනා කර තිබේ. ඒවා විස්තරාත්මකව ඔබ විසින් කියවියයුතු වන්නේ නැත. එහෙත් පාරිභෝගික ආරක්ෂණය උදෙසා යාබද රාජ්‍යයෙන් යම් පාඩමක් ඉගෙන ගැනීමට මෙම තොරතුරු පාදක වන්නේ නම් එය අපගේ බලාපොරොත්තු පල දැරීමකි. ඇමරිකාව වැනි විවෘත ආර්ථිකයේ පූජාසනයන් පවා විවෘත ආර්ථිකයට යම් යම් සම්බාධක පනවා ඇති පසුබිමක, රිලවාට ගල් විදින කැටපෝලයත් ඩොලර් ගෙවා මෙරටට ගෙනඑන රටකට, කෑමටය කියා ලෝකයේ ලාබෙට විකිණෙන ඕනෑම දහජරාවක් ගෙනවිත්, දිලිසෙන ඇසුරුමක බහා සුපිරි රාක්කයක තැබීමට බැරිකමක් නැත. හායි කියා එය රැුගෙනයන්නට ඕනෑතරම් කට්ටියද මෙහි සිටිති. ඇතැම් විට ඒවා කවන්නේ හය හතර නොතේරෙන දරුවන්ටය. තරුණ වයසේදී දරුවන් ”හඳුනා නොගත් අහවල් රෝග”වලින් දුක් විඳිනාකල ඒවා ගිල්ලවූ උන් මෙලොවද හැර ගොසිනි. හඳුනා නොගත් වකුගඩු රෝගය සේ තවත් ඒවා බිහිවෙන්නට පෙර, දෙපැත්තකට බෙදී රූප පෙට්ටියේ තිරය ඉරිතලන තරමට වාදවල පැටලෙන්නටත් පෙර, මෙම ව්‍යසනයෙන් ජනතාව බේරා ගැනීමට සෞඛ්‍ය, පරිසර, කෘෂිකර්ම, වෙළඳ ආදී ක්ෂේත‍්‍රයන්හි නියුතු බලධාරීන් හා විද්වතුන් නොපමාව පෙරට ආයුතු බව අප අවධාරණය කරමු. සුපිරි හෝටලයේ කෑම බදින තෙල්ටික, පෙරා රොඩු ඉවත්කර අඩු මුදලට ගමේ කොත්තු කඩයට විකුණන තරමේ ”විශිෂ්ඨ” ආර්ථික කළමනාකරණයක් ඇති රටක, ලොවෙහි විවාදාත්මක ජී.එම්. ආහාර උගුරටත් හොරා ශරීර ගත වන්නට හොඳටම ඉඩකඩ තිබේ. අප පරිස්සම් විය යුත්තේ එවැනි දේශයක වෙසෙන්නන් වීම නිසාය. 

 සනත් එම්. බණ්ඩාර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.