ශ්‍රීලනිප ජනාධිපතිවරයකුගෙන් සහ එජාප
අගමැතිවරයකුගෙන් සැදුම් ලත් වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේදී ලැබෙන සහයෝගය
මත රට වේගවත් සංවර්ධන මාවතකට අවතීර්ණ වනු ඇතැයි ජනතාව තබා තිබූ සියලූ
බලාපොරොත්තු අද වන විට බිඳවැටී ඇතැයි මානව හිමිකම් පිළිබඳ නීතිවේදී
සංවිධානයේ විධායක අධ්යක්ෂ නීතිඥ කල්්යානන්ද තිරාණගම පවසයි. එසේ
පැවසුවේ මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දී සම්මත කරගන්නා විවිධ අණපනත් පිළිබඳ
ක්‍රමයෙන් උත්සන්න වන ජනතා විරෝධය ගැන අප කළ විමසුමකදීය.
අපේ රට පිටරටවල් සමග අත්සන් කරන ගිවිසුම් ගැන වෘත්තීය සමිති
ක්‍රියාකාරකයින් සහ නොයෙක් ආයතන තුළින් බරපතළ විරෝධතාවක් මතු වී තිබෙනවා.
පසුගිය රජය ඇමරිකාව සමග අත්සන් කළ එවැනි ගිවිසුමකට එරෙහිව ඔබ අධිකරණයේ නඩු
පැවරූ බව අපට මතකයි. සිංගප්පූරු ගිවිසුම” එට්කා ගිවිසුම වැනි වර්තමාන
ආණ්ඩුව පිටරටවල් සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුම් ගැන ඔබේ අදහස කුමක්ද?
රට විජාතිකකරණය කිරීම මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක්. සිංගප්පූරු
ගිවිසුමෙන්” එට්කා ගිවිසුමෙන් ඔවුන් ක්‍රියාත්මක කරන්නෙ ඒක. මේ අත්සන් කරන
හැම ගිවිසුමකම වාසිය තිබෙන්නෙ අපට නෙමෙයි පිටරටවලට. මේ ගිවිසුම්වලට අනුව ඒ
රටවල නිෂ්පාදන තීරු බදු රහිතව අපේ රටට එවන්න පුළුවන්. අපේ රටේ නිෂ්පාදනත් ඒ
රටවලට තීරු බදු රහිතව යවන්න පුළුවන්. ඇමරිකාවට” සිංගප්පූරුවට” ඉන්දියාවට
අපේ රටට එහෙම එවන්න ඕනතරම් බඩු තියෙනව. අපේ රටේ මොනවද තියෙන්නෙ ඒ රටවලට
යවන්න.
පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ දී ඇමරිකාව සමග
ආරක්ෂක ගිවිසුමක් ඇතිකරගත්ත. මම ඒ ගිවිසුමට එරෙහිව සුප්‍රිම් උසාවියට
ගියා. එයට හේතුව ඒ ආරක්ෂක ගිවිසුම යටතේ ලංකාවේ ගුවන්තොටුපළවලට එන ඇමරිකානු
ගුවන්යානාවලටත් ලංකාවේ වරායවලට එන ඇමරිකානු නැව්වලටත් සේවා සැපයිය යුත්තේ
ලංකාවේ ගුවන්යානාවලට සහ නැව්වලට සේවා සපයන ගාස්තුවටමයි.
ඒවගේම
ඇමරිකාවට යන අපේ නැව් හා ගුවන්යානාවලටත් ඔවුන් සේවා සැපයිය යුත්තේ ඔවුන්ගේ
රටේ නැව් හා ගුවන්යානාවලට සේවා සපයන මුදලටමයි. බැලූ බැල්මට මේ ආරක්ෂක
ගිවිසුමේ වරදක් කෙනෙකුට නොපෙනෙන්න පුළුවන්. ඒත් ඇමරිකාවට නම් අපේ රටට එවන්න
ඕනතරම් ගුවන් යානා සහ නැව් තියෙනවා. අපට ඇමරිකාවට යවන්න ගුවන්යානා හෝ නැව්
තියෙනවද? එහෙමනම් ඒ ගිවිසුමෙන් අති බහුතර වාසියක් සැලසෙන්නෙ ඇමරිකාවටයි.
අපට සිදුවන අන්න ඒ අවාසිය නිසයි මම සුප්‍රිම් උසාවියට ගියේ.
එදා අපේ රටේ යුද්ධයක් තිබුණ නිසා හෝ එවැනි ගිවිසුමක් අත්සන් කළා කියල
හිතමු. 2007 දි ඒ ගිවිසුම සම්මත කළේ අවුරුදු දහයකට. මේ ආණ්ඩුව ඇවිල්ලත් කළේ
රටේ යුද්ධයක් නැතිව තියෙද්දිත් ඒ ගිවිසුම තවත් අවුරුදු දහයකට දිර්ඝ
කිරීමයි. ගිය ආණ්ඩුව කළ ඒ දේවල් වැරදි නම් මේ අයට තිබුණනෙ ඒවා අවලංගු
කරන්න. එයින් පෙනෙන්නෙ මේ ආණ්ඩුව මේ රට විදේශිකයන්ට සම්පූර්ණයෙන්ම විවෘත
කරන බවයි. එට්කා ගිවිසුමෙනුත් කරන්නෙ ඒක. දෙහි ගෙඩි ටිකත් කංකුන් ටිකත් අද
ඉන්දියාවෙන් ගෙන්වන අපි ඔය අත්සන කරන ගිවිසුම් හරහා අපි මොනවද ඉන්දියාවට
යවන්නෙ? අද අපේ රට විදේශිකයන්ට හිතේ හැටියට කොල්ලකන්න ඉඩ දීල තියෙනවා.
විදේශිකයන්ට පුදුම විදිහට බදු සහන දීල තියෙනවා. මේ රටේ ඉඩම් ඔවුන්ට ඕනතරම්
මිලදී ගන්න පුළුවන්. මේ ආණ්ඩුව මේ කරන්නෙ මේ රටේ ජනතාවට තමන්ගෙ රටේ තිබෙන
උරුමය නැතිකර දැමීමයි.
මේ ආණ්ඩුව කියන්නෙ අපේ රටේ ප්‍රධාන පක්ෂ දෙකේම එකතුවක්. ඒ අනුව ඔබ කරන මේ චෝදනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එල්ල වෙනවා නේද?
ඔව්. මේක මේ දෙගොල්ලොම හවුලෙ කරන වැඩක්. මේ රට විජාතිකකරණය කිරීම” මේ රටේ
දේවල් පිටරටට විකිණීම එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී
ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති නෙමෙයි. බණ්ඩාරනායක මේ රටේ විදේශ
විනිමය කොල්ල කාපු තමන්ගෙ ළඟම ඥාතීන්ටත් නඩු දැම්මා. බණ්ඩාරනායකත්
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් මේ රට තුළ ඇතිකළ සදාචාරය වෙනුවට රට තුළ
සමලිංගික සමාජයක් ඇතිකරන්න මේ ආණ්ඩුව තුළ ඉන්න ශ්‍රීලනිප කණ්ඩායම ආණ්ඩුවට
උදව් කරනව. ඒ නිසා මේ පිරිසට සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පෙනී
ඉන්න අයිතියක් නෑ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට පෙනී ඉන්න
අයත් එක්සත් ජාතික පක්ෂයත් එකතුවෙලා වර්තමාන පාර්ලිමේන්තුව මේ රටට හතුරු
ආයතනයක් බවට පත්කරලයි තියෙන්නෙ. පාර්ලිමේන්තුව මේ ගෙවුණු අවුරුදු තුන තුළ
මේ රටේ මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් එක නීතියක් පනවල නෑ. පනවපු හැම
නීතියක්ම පනවල තියෙන්නෙ විදේශිකයන්ට දුන්නු පොරොන්දු සහ ඔවුන්ගේ අවශ්‍යතා
ඉටුකිරීමටයි.
මම උදාහරණ කීපයක් කියන්නම්. ඕඑම්පී පනත. ඒක
ජිනීවාවලදි දුන්නු පොරොන්දුවක් ඉටුකිරීමක්. ඊළඟට බලහත්කාරයෙන් අතුරුදන්
කිරීම් වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර ප්රඥප්ති පනත. ඒකත් විදේශිකයන්ගෙ
උවමනාවට පනවපු පනතක්. මේ ඊයෙ පෙරේදා සම්මත කරගත් අපරාධ නඩුවලදී අන්‍යෝන්‍ය
වශයෙන් සහයෝගය දැක්වීමේ පනත. මේ කිසිම පනතක් මහජනතාවගේ සුබසිද්ධියට පනවපු
පනත් නෙමෙයි. විදේශ ඉල්ලීම්වලට අනුව මේ රට ත්‍රස්තවාදයෙන් මුදාගත් හමුදා
නිලධාරීන්ට යුද සෙබළුන්ට දඬුවම් කිරීමට පනවපු පනත්. මේ පනත් සම්මත කරගත්තේ
මේ යහපාලන ආණ්ඩුවට හවුල් වී ඉන්න
හැමකෙනෙකුගේම ආශීර්වාදයෙනුයි.
ඊළඟට මේ රටින් දූෂණය පිටුදකිනවා කියල ආපු මේ ආණ්ඩුව දූෂණය ආයතනගත කරන්න
පනත් කීපයක්ම සම්මත කරගෙන තියෙනවා. නීතියෙන්ම ඉඩ ලබාගෙන වංචා දූෂණ කරන්න
තමයි ඒ පනත් සම්මත කරගෙන තියෙන්නෙ.
මොනවද ඒ පනත්?
එකක් විදේශ විනිමය පනත. අපේ රටට විදේශ විනිමය ගේන්නෙ මන්තී්රීවරු
ඇමතිවරුවත් ආයතනවල ඉහළ නිලධාරිවත් නෙමෙයි. විදේශ විනිමය ගේන අති බහුතරය
මැදපෙරදිග ගිහින් දහදුක් විඳින ගැහැණු පිරිමි ටිකයි වතුකරයේ වැඩකරන අහිංසක
මිනිස්සුයි” අපේ රටේ වෙළෙඳ කලාපවල දුක්විඳින තරුණ තරුණියොයි. එහෙත් ඒ අසරණ
මිනිස්සු දහදුක් විඳල මේ රටට ගේන විදේශවිනිමයෙන් ප්රතිලාභ විඳින්නෙ කවුද?
ඒ දුක්විඳින මිනිස්සුන්ට ඩියුටි ෆී කාර් ලැබෙන්නෙ නෑ. දහදුක් විඳල ඒ
මිනිස්සු මේ රටට ගේන විදේශවිනිමය මේ රටේ මැති ඇමතිවරුන්ගෙයි ඉහළ
නිලධාරින්ගෙයි සුබසාධනයට යොදාගන්න පුළුවන් වෙන විදිහට ආණ්ඩුව නීති සම්මත
කරගෙන තිබෙනව. විදේශ විනිමය පනත සම්මත කරගත්තෙ ඒකට.
විදේශ
විනිමය හොරකම් කරනකොට පහුගිය කාලෙ ඒවට විරුද්ධව නඩුදාන්න පුළුවන්කම තිබුණ.
අද ඇමරිකාවෙ හිරබත් කන කොටි නියෝජිතයකු වන රාජ් රාජරත්නම් මේ රටට එවපු
රුපියල් කෝටි 21 ක මුදලක් මහබැංකුවට නිදහස් කරන්නෙ නැතිව තමන්ගෙ බැංකු
ගිණුමට දාගත්තා යැයි රවි කරුණානායකට එරෙහිව නඩු පැවරුවෙ ඒ අනුවයි. නඩුව
අවුරුදු ගාණක් අහල රවි කරුණානායක නිදහස් වුණේ නියම ආකාරයට නඩුව පවරා
නොතිබුණු නිසයි. නියම විදිහට නඩුව යළි පවරන ලෙස උසාවිය නීතිපතිට නියෝග කළත්
නීතිපති ඒක කළේ නෑ. කළේ එවැනි වැරදිවලට නඩු දාන්න බැරි විදිහට අලූතින්
නීති පනවපු එකයි. ඒ අලූත් නීතිය අනුව දැන් රවි කරුණානායකට විරුද්ධව නඩු
දාන්න බෑ.
ඒ විතරක් නෙමෙයි මහබැංකුව යටතේ තිබෙන විදේශ විනිමය
පාලනය මේ අලූත් නීතියෙන් එය මුදල් ඇමති යටතට පත් කරල තියෙනව. මේ විදිහට මේ
රටේ මිනිස්සු දහදුක් විඳල ගේන විදේශ විනිමය හොරකම් කරන්න අලූත් නීති සම්මත
කරගෙන තිබෙනවා.
මේ විදිහටම රේගුවෙනුත් හොරකම් කරන්න අලූත් රේගු
පනතක් සම්මත කරගන්න ආණ්ඩුව උත්සාහ කළත් තවමත් ඒක කරගන්න බැරිවෙලා තිබෙන්නේ
රේගු නිලධාරීන්ගේ දැඩි විරෝධතාව නිසයි. තීරු බදු පනතින් රේගු අධ්යක්ෂවරයාට
හිමි වී තිබෙන බලය ඇමති අතට ගන්නයි ඒ පනතත් ගේන්න හදන්නෙ. පහුගිය කාලෙ
රේගුවෙන් යම් යම් භාණ්ඩ මුදාහැරියා යැයි දේශපාලකයින්ට චෝදනා එල්ල වුණා. මේ
ගෙන්න හදන පනත සම්මත කරගත්තොත් දේශපාලකයින්ට ඒවැනි මුදාහැරීම් කරන්න
නීතියෙන්ම බලය ලැබෙනවා.
සක්‍රීය බැරකම් කළමනාකරණ පනතත් ඒ
විදිහේම එකක්. මහ බැංකු මහා වංචාව සිදුකරන විට සක්‍රීය බැරකම් කළමනාකරණ
පනත තිබුණා නම් කොමිසම් දාල මහ බැංකු වංචාව හොයන්න හම්බවෙන්නෙ නෑ. මේ පනතට
අනුව පාර්ලිමේන්තුවට පමණක් දන්වල මුදල් භාර ඇමතිට පුළුවන් රටේ මුළු ණය
ප්‍රමාණයක් සියයට 10 ක ප්‍රමාණයක් අරගන්න. ඒ ගැන කාටවත් ප්‍රශ්න කරන්න
බෑ. නඩු පවරන්න බෑ.
මේ ආණ්ඩුව අද එක පැත්තකින් විදේශිකයන්ට ඕන
විදිහට මේ රට කොල්ලකන්න පුළුවන් වන විදිහේ පනත් සම්මත කරන අතරේ මැති
ඇමතිවරුන්ටත් මේ රටේ මහජන මුදල් කොල්ල කන්න නීත්‍යානුකූල බලයක් හදා දීල
තියෙනවා. පාර්ලිමේන්තුව දැන් මේ රටට මහා විනාශයක් කරන ආයතනයක් බවට පත්වෙලා
ඉවරයි.
මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්යක්ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
සාකච්ඡා කළේ පාලිත සේනානායක
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, August 25, 2018
මේ පාර්ලිමේන්තුව රටට විනයක්..!!!
Posted by
lankanews
at
August 25, 2018
Labels: lankanews, ravi karunanayagam, ravi karunanayake family, srilanka parliament, unp politicians, unp deals, yahapalanaya
මේ පාර්ලිමේන්තුව රටට විනයක්..!!!
2018-08-25T22:32:00+02:00
lankanews
lankanews|ravi karunanayagam|ravi karunanayake family|srilanka parliament|unp politicians|unp deals|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
