පිවිතුරු හෙළ උරුමයේ නායක, පා.ම උදය
ගම්මන්පිලගේ බිරිඳ වන දිනේෂා ගම්මන්පිලට සහ දරුවන් දෙදෙනාට
ඕස්ට්‍රෙලියානු පුරවැසිභාවය හිමිවී ඇති බව වාර්තා වී තිබේ.
ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩික්ගේ
දේපළ වංචා සහගත ලෙස ලබාගෙන ඉන් උපයන ලද ධනය ආයෝජනය කරමින් පවත්වාගෙන යන
ගම්මන්පිලගේ පවුලට අයත් ව්‍යාපාරික ආයතන සහ මිලියන ගණනක් වටිනා වත්කම්
කිහිපයක් ඕස්ට්‍රෙලියාවේ ඇති අතර ගම්මන්පිලගේ බිරිඳ එවා කළමණාකරණය
කරමින් එරටම රැදී සිටියි.
දීර්ඝ කාලයක පටන් උදය ගම්මන්පිල විසින්
අවස්ථා ගණනාවකදීම පවුලේ සාමාජිකයින්ට ඕස්ට්‍රෙලියානු ප්රවැසිභාවය ලබාගැනීම
සඳහා දැඩි වෙහෙසක් ගනු ඇබූ අතර අවසානයේ ඒය සාර්ථක කරගැනීමට හැකිවීම
පිළිබඳව අප ඔහුට සුභපැතුම් එක්කරන්නෙමු.
මේ අතර ගම්මන්පිල විසින් අයථා ලෙස උපයන ලද
මුදල් තම හිතවත් වෛද්‍යවරුන් දෙදෙනෙක් වන අංක 03 Austral Court Wheelers
Hill Vic 3150 හි පදිංචි වෛද්‍ය සමන් අලූත්බදුගේ සහ වෛද්‍ය අබේකෝන් ගුණරත්න
යන අය එක්ව ‘සමන් සහ අබය පුද්ගලික සමාගම’ නමින් සමාගමක් ඕස්ට්‍රේලියාවේ
ලියාපදිංචි කර (ලියාපදිංචි අංකය 13/2/14ABN 168039147), එම සමාගම නමින්
විශාල දේපල ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවත්, එම දේපලවල වත්මන් වටිනාකම
ශ්‍රී ලංකා රුපියල් 781,538,385.97ක් පමණ වන බවත් හෙළිදරව් කරමින්
ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ නාමල් විසින් පසුගියදා (සැප්තැම්බර් 29)
පොලිස් විශේෂ විමර්ශන අංශය(SIU) දැනුවත් කරමින් අදාළ තොරතුරු සහ සාක්ෂි
ලබාදීමට කටයුතු කළේය.