ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, August 27, 2018

China Harbour මහින්දලාට දුන් කප්පම් මෙන්න… රුපියල් මිලියන 100ක කෑෂ් චෙක් පත් 4ක්..!!!

පසුගිය 26 වැනිදා ඇමරිකාවේ “ද නිව්යෝර්ක් ටයිම්ස් ” පුවත් පත ආනාවරණ කර තිබූ පරිදි මහින්ද රාජපක්ෂ  2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් China Harbour සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 7.9ක් ලබා දී තිබුණි.

2015 ජනාධිපතිවරණය වෙනුවෙන් රාජපක්ෂලාට ලැබුණු තවත් රුපියල් මිලියන 100ක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ.

බැසිල්ගේ බිරිද පුෂ්පාගෙ ගිණුමට එක්කෝටි අනූ ලක්ෂය ගෙවු චෙක්පත මෙන්න…!!! . පදනම් පෙන්වා ජනතා මුදල්වලට කෙලවු රාජපක්ෂලාගේ ගදගහන වැඩ...!!!

ඇමෙරිකාවේ පදිංචි සුවිසල් මාළිගා වැනි ගෙවල් හිමි අධම පට්ට කපටියා සාටක සුණක බසිලා ලංකාවට එන්නේ මෙරට අපේ දුගී දුප්පත් ජනතාවගේ  අරමුදල් වලට ද කෙළවා  කෝටී  ගණන් මුදල් හරි හම්බ කර ගැනීමට විනා රටට ජාතියට ආදරේකට නොවේ .ඌ සාටකයක් පොරවා ජාතික ඇඳුම හැඳ සිටින්නේ මෝඩ වහල්ලු රැවටීමටය .සිරිපාද  කඳු වැටියේ පටන්  විල්පත්තු අභය භුමිය පවා විකුණා ඌ සල්ලි ගත්තේය,ඌගෙ ගැනිද එසේය ,මේ කථාව ඒ පිලිබඳවය අපගේ ශෝකය නම් මේවා අපේ නරුම වහල්ලුන්ට තවම අවබෝධ නොවීමය .
  බැසිල්ගේ බිරිද පුෂ්පාගෙ ගිණුමට එක්කෝටි අනූ ලක්ෂය ගෙවු චෙක්පත මෙන්න…. පදනම් පෙන්වා ජනතා මුදල්වලට කෙලවු රාජපක්ෂලාගේ ගදගහන වැඩ වරාය අධිකාරියේ මුදල් අධ්‍යක්ෂවරයාගෙන් විගණනය මේ සම්බන්ධව විමසීමේදී සහ CICT සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ නිලධාරියාගෙන් විමසීමේදී ද ඉහත සංවිධානයට මුදල් ලබාදී ඇති බව තහවුරු කර තිබේ. එය ගෙවීම වරාය ඉදිකිරීම් පිරිවැයක් ලෙස ගිණුම් ගතකර ඇති බවද තහවුරු කර ඇත.

Sunday, August 26, 2018

ජාන වෙනස් කළ ආහාර වැට අද්දරටම ඇවිත්...!!!


* සිරුරට ඇතිවෙන බලපෑම ගැන විද්වතුන් තවමත් දෙපිළක
 * හයිබි‍්‍රඞ් හෝ වැඩිදියුණු කළ මාදිලි ජාන වෙනස් කළ ඒවා ගණයට අයිති නෑ
 * ඉන්දියාව තුළ ආනයනික කෑම සීයට අසූවක්ම ජී.එම්.
 * ආනයනික සැකසූ ආහාර ජී.එම්. වෙනුවෙන් පරීක්ෂා කිරීම වහාම මෙරට ඇරඹිය යුතුයි
 

කෑමටය කියා ලෝකයේ ලාබෙට විකිණෙන ඕනෑම දහජරාවක් ගෙනවිත්, දිලිසෙන ඇසුරුමක බහා සුපිරි රාක්කයක තැබීමට බැරිකමක් නැත. හායි කියා එය රැුගෙනයන්නට ඕනෑතරම් කට්ටියද මෙහි සිටිති. ඇතැම් විට ඒවා කවන්නේ හය හතර නොතේරෙන දරුවන්ටය. තරුණ වයසේදී දරුවන් ”හඳුනා නොගත් අහවල් රෝග”වලින් දුක් විඳිනාකල ඒවා ගිල්ලවූ උන් මෙලොවද හැර ගොසිනි. හඳුනා නොගත් වකුගඩු රෝගය සේ තවත් ඒවා බිහිවෙන්නට පෙර, දෙපැත්තකට බෙදී රූප පෙට්ටියේ තිරය ඉරිතලන තරමට වාදවල පැටලෙන්නටත් පෙර, මෙම ව්‍යසනයෙන් ජනතාව බේරා ගැනීමට සෞඛ්‍ය, පරිසර, කෘෂිකර්ම, වෙළඳ ආදී ක්ෂේත‍්‍රයන්හි නියුතු බලධාරීන් හා විද්වතුන් නොපමාව පෙරට ආයුතු බව අප අවධාරණය කරමු. සුපිරි හෝටලයේ කෑම බදින තෙල්ටික, පෙරා රොඩු ඉවත්කර අඩු මුදලට ගමේ කොත්තු කඩයට විකුණන තරමේ ”විශිෂ්ඨ” ආර්ථික කළමනාකරණයක් ඇති රටක, ලොවෙහි විවාදාත්මක ජී.එම්. ආහාර උගුරටත් හොරා ශරීර ගත වන්නට හොඳටම ඉඩකඩ තිබේ. අප පරිස්සම් විය යුත්තේ එවැනි දේශයක වෙසෙන්නන් වීම නිසාය.  

Saturday, August 25, 2018

අවසන් මොහොතේ සී.අයි.ඒ. නියෝජිතයා හමුවේ චේගු වේරා කළ අවසන් ඉල්ලීම...!!!



චේ බොලිවියාවට පැමිණ ඇතිබව තොරතුරු ලැබුණ විගස සි.අයි.ඒ. සංවිධනයේ විශේෂ බළකායක් බොලිවියාවට එවීමට සංවිධානය එදා ක‍්‍රියාකර තිබිණි. ගැරීප‍්‍රාඩෝ හෙළි නොකළද චේ ගුවේරාව ලහිගුණා කඳුකර ප‍්‍රදේශයේදී කොටුකර ගන්නා මෙහෙයුමේ පිඹුරුපත් සකසා ඇත්තේ ඔවුන්ය. චේ ගුවේරා අත්ඩංගුවට පත්වීමට මසකට පමණ පෙර ඔවුන්ගේ සැලසුමට අනුව ගරිල්ලන් කීපදෙනෙක් හමුදා
අත්අඩංගුවට පත්වී තිබිණි. සී. අයි. ඒ. සංවිධානය ඉතා සූක්ෂමව එම ගරිලන්ගෙන්ද ගම්වාසින්ගෙන්ද චේ සැගව සිටි ප‍්‍රදේශය පිළිබඳ තොරතුරු ලබාගෙන ලාහිගුරා කඳුකරය සෝදිසි කිරීමේ මෙහෙයුම ගැරී ප‍්‍රාඩෝහා එකතුව සැළසුම් කළේය. මීට පෙර ගැරී ප‍්‍රාඩෝ සඳහන් කළ ආකාරයට එල් චරෝ ප‍්‍රදේශයේදී චේගුවේරා හමුදාවට කොටුවූයේ තිරය පිටුපස සිට සී.අයි. ඒ. නියෝජිතයින් කළ ඒ සැළසුමට අනුවය.
ෆිලික්ස් රොඩ්රින්ගෝස් යනු එදා එම සී අයි ඒ විශේෂ බළකායේ සිටි ප‍්‍රධානියායි. ඔහු පසු කළේකදී සිදුකළ පාපොච්චාරණයකට අනුව මෙම මෙහෙයුම සදහා ඔවුන් එදා බොලිවියාවේ ස්ථාන ගතව ඇත්තේ 1966 වසරේදීය. බොලිවියාවට පැමිණි වහා ඔහුගේ රජකාරිය වූයේ තෝරාගත්් සෙබල පිරිසකට විශේෂ හමුදා පුහුණුවක් ලබා දීමය. චේ අත්අඩංගුවට ගත් රේන්ජස් හමුදා භට ඛණ්ඩය යනු එම පිරිසයි.

‘ඇඹිලිපිටිය කුඩු’! ‘ප‍්‍රමෝෂන්’ විදිහට කුඩු නොමිලේත් බෙදනවා...!!!

ඇඹිලිපිටියේ කුඩු ජාවාරම කියන්නෙ විශාල මාෆියාවක්. කුඩු ගෙන්වන උන්ම කොළඹ තරු විසි වෙන ගණිකාවන් ගෙනත් මේ හෝටල්වල තියාගෙන ඞීල් කරනවා. ඇඹිලිපිටියේ සමහර අම්මණ්ඩිලාව ඒ හෝටල්වලට ගෙන්නගෙන රත්නපුරේ කොළඹ අයට ලොකු ගණන්වලට විකුණනවා. ඒ ගෑනුත් දුරකථන ඇමතුමට බාබාලා වගේ හෝටලයට ඇවිත් කිසිවක් නොවුණු ගානට දහ පහළොස් දාහක් සාක්කුවේ දාගෙන පද්ද, පද්ද ගෙදරට යනවා. ඒ වගේම ඔය ජාවාරම්කාර හැත්ත ඇඹිලිපිටිය ගම්වල අහිංසක කෙල්ලන්ට අර ජොබ් එක දෙනවා, මේ ජොබ් එක දෙනවා කියලා රවට්ටගෙන ගිහින් කොළඹ කැරොකේ ක්ලබ්වලට විකුණනවා. මේ පාදඩ වැඩවලට සමහර ත‍්‍රිරෝද රියැදුරොත් හවුල්. උන්ට සල්ලි හම්බ වෙනවා නම් ගෙදර ඉන්න සහෝදරියව හරි අරගෙන ඇවිත් මෝල්ලූන්ට විකුණනවා. මේක මහා විනාශයක් මහත්තයො. මේ ජාවාරම් යට ඉන්නෙ ප‍්‍රදේශයේ ප‍්‍රබල බලවත්තු. අන්න උන්ගේ දළ කඩන්න රටේ නීතියක් නැද්ද...’’ ඔහු අප ඉදිරියේ පැනයක් තබා නිහඬ විය. ඔහුගේ අවසාන වචන කිහිපය තුළ දැඩි අසරණ බවක් ගැබ්ව තිබුණු බව අපට දැනිණි. ඔහුට පමණක් නොව, රටේ සියලූ ජනතාව ඉදිරියේම තිබෙන ගැටලූව ද එයයි.
 කුඩු යනු මිනිසුන් බිලි ගැනීමට පැමිණි මාරයෙකි. රටේ බොහෝ ප‍්‍රදේශවල තරුණ, තරුණියන් කුඩුවලට ගොදුරු වෙමින් සිටියදී, ඇඹිලිපිටිය නගරයත් කුඩුවලට බිලි වී තිබෙන බව වාර්තා වේ. ගංජා සුරුට්ටුව කාණුවට විසි කරන ඇඹිලිපිටියෙ තරුණයන් කුඩු පැකට් එක සුරතේ ගුලි කර ගන්නා බව නගරවාසීන්ගේ අදහසය. එමෙන්ම ඇඹිලිපිටියේ කුඩු පරිභෝජනය දිනෙන් දින වැඩි වන බව ද නගරවාසීහු කම්පනයෙන් යුක්තව අපට කීහ. ඊෂි කෑෂ් ක‍්‍රමය හරහා කුඩු බෙදාහරින ආකාරය ගැන ද අප දැනුවත් කළහ. දැන් අප මේ කියන්නට යන්නේ ඇඹිලිපිටියේ කුඩු ගැන කතාවය.

මේ පාර්ලිමේන්තුව රටට විනයක්..!!!

ශ‍්‍රීලනිප ජනාධිපතිවරයකුගෙන් සහ එජාප අගමැතිවරයකුගෙන් සැදුම් ලත් වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේදී ලැබෙන සහයෝගය මත රට වේගවත් සංවර්ධන මාවතකට අවතීර්ණ වනු ඇතැයි ජනතාව තබා තිබූ සියලූ බලාපොරොත්තු අද වන විට බිඳවැටී ඇතැයි මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ කල්්‍යානන්ද තිරාණගම පවසයි.  එසේ පැවසුවේ මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දී සම්මත කරගන්නා විවිධ අණපනත් පිළිබඳ ක‍්‍රමයෙන් උත්සන්න වන ජනතා විරෝධය ගැන අප  කළ විමසුමකදීය.
  අපේ රට පිටරටවල් සමග අත්සන් කරන ගිවිසුම් ගැන වෘත්තීය සමිති ක‍්‍රියාකාරකයින් සහ නොයෙක් ආයතන තුළින් බරපතළ විරෝධතාවක් මතු වී තිබෙනවා. පසුගිය රජය ඇමරිකාව සමග අත්සන් කළ එවැනි ගිවිසුමකට එරෙහිව ඔබ අධිකරණයේ නඩු පැවරූ බව අපට මතකයි. සිංගප්පූරු ගිවිසුම” එට්කා ගිවිසුම වැනි වර්තමාන ආණ්ඩුව පිටරටවල් සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුම් ගැන ඔබේ අදහස කුමක්ද?
  රට විජාතිකකරණය කිරීම මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක්. සිංගප්පූරු ගිවිසුමෙන්” එට්කා ගිවිසුමෙන් ඔවුන් ක‍්‍රියාත්මක කරන්නෙ ඒක. මේ අත්සන් කරන හැම ගිවිසුමකම වාසිය තිබෙන්නෙ අපට නෙමෙයි පිටරටවලට. මේ ගිවිසුම්වලට අනුව ඒ රටවල නිෂ්පාදන තීරු බදු රහිතව අපේ රටට එවන්න පුළුවන්. අපේ රටේ නිෂ්පාදනත් ඒ රටවලට තීරු බදු රහිතව යවන්න පුළුවන්. ඇමරිකාවට” සිංගප්පූරුවට” ඉන්දියාවට අපේ රටට එහෙම එවන්න ඕනතරම් බඩු තියෙනව. අපේ රටේ මොනවද තියෙන්නෙ ඒ රටවලට යවන්න.

Sunday, August 12, 2018

ස්වාධින රුපවාහිණියේ වත්මන් පාලකයනි නුඹලාට ලැජ්ජාවක් නැද්ද ...!!!


 ටෙලි අධ්‍යක්‍ෂ වරුන්ගේ සංසදයේ සභාපති මා හිත මිත්‍ර සුනිල් කොස්තා ස්වාධින රුපවාහිණියේ පැවති උත්සවයක් ගැන තොරතුරක් මා වෙත එවා තිබුනේ මෙසේය ..!!!
දේශීය ටෙලිනාට්‍ය වෙනුවෙන් මංගල - ලසන්ත පෙරළිකාර වැඩක !
ITN වෙතින් ටෙලිනාට්‍ය ශිල්පීන්ට ලක්ෂ 340 ක් !!
කලාකරුවන් වෙනුවෙන් මනෝ තුති පුදයි !!!
ITN තුළින් විකාශය කෙරුණු ටෙලි නාට්‍ය වෙනුවෙන් වූ කඩිනම් ගෙවීම් වැඩපිළිවෙලෙහි පළමු අදියර, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ක්‍රියාත්මක වුණා. රුපියල් ලක්ෂ තුන්සිය හතලිහක් පළමු පියවර යටතේ ලබාදෙන්නට ITN පියවර ගත්තා. මේ වැඩපිළිවෙළ ආරම්භ කෙරුණේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ උපදෙස් අනුවයි. දේශීය කලා ශිල්පීන් රැසක්ම ඔවුන්ට හිමි ගෙවීම් ලබා ගත්තා.

Thursday, August 2, 2018

අපතයන්ගේ වැටුප් නැවත වැඩි කරගනියි ....!!!

සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ හා ඇමතිවරුන්ගේ වැටුප් දෙගුණයක් ඉක්මවා (215%) වැඩි කර ගනී..

මන්ත‍්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප දෙගුණයකින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වනවා.
එය මෙම මාසයේ සිට ක‍්‍රියාත්මක වනු ඇති.
මන්ත‍්‍රීවරයෙකුට දැනට හිමිවන මූලික වැටුප රුපියල් 54,285ක්. නව තීරණයට අනුව එය රුපියල් එක් ලක්ෂ 20,000 දක්වා වැඩිවීමට නියමිතයි.
නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට රුපියල් 63,500ක වැටුපක් මේ වනවිට හිමි වනවා. එය රුපියල් එක් ලක්ෂ 35,000 දක්වා වැඩි කිරීමටයි තීරණය කර ඇත්තේ.

සිබිල් වෙත්තසිංහ

  කලා කීර්ති සිබිල් වෙත්තසිංහ යනු ශ්‍රී ලංකාවේ සිටින කෘතහස්ත ළමා පොත් රචිකාවක් මෙන්ම දක්ශ චිත්‍ර ශිල්පිනියකි.
ගාලු පුරවරයේ උපත ලද සිබිල් වෙත්තසිංහ පලමුව අධ්‍යාපනය ලැබුවේ ගින්තොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි.දෙවනුව බම්බලපිටියේ ශෘද්ද වූ පවුලේ කන්‍යාරාමයෙනි.එහිදී එච්.ඩී.සුගතපාල මහතාගේ නවමග පස්වන ප්‍රමාණයේ කියවීම් පොතට සිබිල් වෙත්තසිංහ වයස අවුරුදු පහලවේදී චිත්‍ර ඉදිරිපත් කලාය.වයස අවුරුදු දහනවයේදී චිත්‍ර ශිල්පිනියක ලෙස පුවත්පත් කලාවට පිවිස එදා මෙදා තුර වයස හැටකට වැඩි කලක් දරුවන් උදෙසා චිත්‍ර නිර්මාණය කරන්නීය.එහිදී ඈ විසින් නිර්මාණය කරන ලැබ ඇති සිංහල ඉංග්‍රීසි ග්‍රන්ත සංඛ්‍යාව දෙසීයකට අධිකය.

WagonR 425,000කින් Alto 345,000කින් ඉහලට.. අලූත් තීරු බද්දෙන් පසු කාර් මිල ගණන් මෙන්න..


ආනයනිත තීරු බදු ඉහල දැමීමත් මෙරටට ගෙන්වන සියළුම 1000ccට අඩු මෝටර් වාහන මිල සැලකිය යුතු මට්ටමින් වෙනස් වී තිබේ.
සෙසු වාහන බොහෝමයක මිල ඉහල යද්දී Toyota Vitz, Toyota Tank, Honda CIvic, Suzuki Baleno වාහනවල මිල තීරු බදු වීමක්ද මෙමගින් සිදුවී ඇත.
එසේ මිල වෙනස්වන මෙරට ජනප‍්‍රිය වාහනවල නව මිල ගණන් ආසන්න වශයෙන් මෙසේය.

1000ccට අඩු පුංචි කාර් බදු සංශෝධනයක්.. ලක්‍ෂයේ සිට ලක්‍ෂ 04 දක්වා මිලක් වැඩි වෙයි..!!!

මුදල් අමාත්‍යංශය විසින් අද දිනයේ සිට ධාරිතාව ඝන සෙන්ටි මීටර 1000ට අඩු මෝටර් රථ සදහා වන තීරු බදු ඉහල දමා තිබේ.
1000cc ට අඩු මෝටර් වාහන සදහා වන ඒකක බද්ද රු. 1,500,000 ක් දක්වා වෙනස් කර ඇති අතර 1000cc ට අඩු දෙමුහුන් වාහන සඳහාද බද්ද රු. 1,250,000ක් තෙක් වෙනස් කර තිබේ.
වාහන ආනයනකරුවන් සදහන් කරන්නේ මේ තත්වය මත 1000ට අඩු දෙමුහු න් මෝටර් රථ රුපියල් ලක්‍ෂ 04කින් හා 1000ට අඩු සාමාන්‍ය මෝටර් රථ රුපියල් ලක්‍ෂයකින් පමණ මිල ඉහල යනු ඇති බවයි.

අධිකරණයට් බොරු සාක්කි දුන් බදුර්දීන් ට එරෙහිව නාගානන්ද සටනට ..!!!

විලත්තිකුලම් වන රක්ෂිතය එළිපෙහෙළි කිරීමට එරෙහි අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් වැරදි තොරතුරු අඩංගු දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ එහි වගඋත්තරකරු කර සිටින කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාද් බදියුදීන්  අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් , අමාත්‍යවරයාට එරෙහිව සුදුසු දඬුවම් නියම කරන්නැයි ඉල්ලා නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු  විසින්  (12) අභියාචනාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.

නමින් පිවිතුරු ...!!! යටින් පට්ට හොරා...!!!

කෝටි  ගාණක  දේපල හිමි පට්ට හොරෙක් ,උඩින් ජාතික ඇඳුම හැඳ  ජාතියම ගොනාට අන්දන තවත් තක්කඩියෙක් ....!!!
පිවිතුරු හෙළ උරුමයේ නායක, පා.ම උදය ගම්මන්පිලගේ බිරිඳ වන දිනේෂා ගම්මන්පිලට සහ දරුවන් දෙදෙනාට ඕස්ට්‍රෙලියානු පුරවැසිභාවය හිමිවී ඇති බව වාර්තා වී තිබේ.
ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩික්ගේ දේපළ වංචා සහගත ලෙස ලබාගෙන ඉන් උපයන ලද ධනය ආයෝජනය කරමින් පවත්වාගෙන යන ගම්මන්පිලගේ පවුලට අයත් ව්‍යාපාරික ආයතන සහ මිලියන ගණනක් වටිනා වත්කම් කිහිපයක් ඕස්ට්‍රෙලියාවේ ඇති අතර ගම්මන්පිලගේ බිරිඳ එවා කළමණාකරණය කරමින් එරටම රැදී සිටියි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.