ආහර පනතට අනුව මෙවැනි මනුෂ්‍ය ආහරයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සපුරා තහනම් වුවත් මෙම පිළිකා කාරක ඇසිඩ් කලවම් කල, පාම් ඔයිල් කන්ටේනර් 6 නිදහස් කිරීමට සහකාර රේගු අධ්යක්ෂ කේ.එච්.පී.කුමාරසිරි නියෝග කර තිබේ .
මේ සමබ්න්ධයෙන් නඩුවක් ගොනු කරන නාගානන්ද කොඩිතුවක්කු සමාජ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරමින් තම ෆේස් බුක් ගිණුමේ මෙසේ සදහන් කරයි.
බදු ගෙවීම පැහැර හැරීම සඳහා පාම් ඔයිල් බව හෙළි නොකර මනුෂ්‍ය ආහාරයට කොහෙත්ම නුසුදුසු fatty asid අධික ලෙස කලවම් කර ව්‍යාජ වෙළඳ නාමයකින් (Crude palm fatty acid) , 2016 මාර්තු මස මැලේසියාවේ සිට ආනයනය කරන ලද පාම් ඔයිල් කන්ටේනර් 6 ක් නීති විරෝධීව, අධිකරණ නියෝග නොතකා, නිදහස් කිරීමට සහකාර රේගු අධ්‍යක්ෂක වරයෙකු නියෝග කර ඇත. එම නිලධරයාට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කර, එම තහනම් ද්‍රව්‍ය විනාශ කිරීමට රේගු අධක්ෂ ජනරාල් වරියට බල කිරීමට නාගානන්ද හා ඔබත් එක්වන්න.
උපුටා ගැනිම අවසන් .
ආනයනකරුගේ ඉල්ලීමට මෙම පාම් ඔයිල් තොගයට ඇසිඩ් කලවම් කර ඇති බව සහතික කර ඇත්තේ මැලේසියානු රජය විසිනි.
ඒ මේ සම්බන්ධ රේගුව විසින් පවත්වන ලද විමර්ශනයේ ප්‍රතිපලයකි.
ආනයනකරු එසේ උපදෙස් දී ඇත්තේ අන් කිසිවක්
නිසා නොව, පාම් ඔයිල් වලට පනවන ලද අධික බද්ද (කිලෝ එකකට රුපියල් 150/-
බැගින්) ගෙවීම පැහැර හැරීමේ චේතනාවෙනි.
ආනයනකරු මේ වනවිටද මෙම වංචාවෙන් රුපියල් මිලියන 750 කට අධික බද්දක් රජයට අහිමි කර ඇත.
2017 වසරට පාම් ඔයිල් වලින් පමණක් රජය අධික බදු පනවා රුපියල් බිලියන 105 කට වැඩි ප්‍රමාණයක් රැස් කළේය.
මෙම තහනම් පාම් ඔයිල් තොගය නිශ්චිතවම
රාජසන්තක කර විනාශ කල යුතුමය. ඒ සම්බන්ධව, එනම් මෙම තහනම් ද්‍රව්‍ය නිදහස්
නොකිරීමට, මේ වනවිටද රේගු අධ්යක්ෂ ජනරාල්වරිය දැනුවත් කර නීතිමය පියවර
ගැනීමට නාගානන්ද මහතා අවශ්‍ය පියවර ගෙන ඇත.