ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 22, 2018

කරාපිටියේ හෘද රෝග ඒකකයට ඒ. සී. ත් නෑ... එහෙව් රටේ මන්ත්‍රීවරුන්ගේ වාහන බිල මෙන්න... !!!

යහපාලන රජයේ පාර්ශ්වකරුවන් අතර බොහෝ වැදගත් කරුණු කාරණා ගැන එකඟතාවක්‌ නැත. ඇත්ත වශයෙන්ම නව ව්‍යවස්‌ථාව, ආර්ථික ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය ඇතුළු මූලික විෂයයන් සම්බන්ධයෙන් පරස්‌පර අදහස්‌ නිරතුරුවම ඉදිරිපත් වේ. එලෙසම යහපාලන රජයේ ප්‍රධාන කොටස්‌කරුවා වන එජාපය තුළ ද ප්‍රතිවිරුද්ධ අදහස්‌ ඇත. එජාපය හරහා 2015 මහ මැතිවරණයට තරග කළ අනෙකුත් පක්‍ෂවල තත්ත්වය ද එසේමය. ශ්‍රීලනිපයේ තත්ත්වය ද කනගාටුදායකය. රජයේ සිටින ශ්‍රීලනිපයේ 39 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු කණ්‌ඩායම නැවත දෙකඩ වී ඇත. 39 දෙනාගෙන් වෙන් වූ කුඩා කණ්‌ඩායම තම දේශපාලන අනාගතය හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ නායකත්වය දෙන ඒකාබද්ධ විපක්‍ෂයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට භාරකර ඇත. 2015 ජනවාරි මස බලයට පත් වූ එජාප ශ්‍රීලනිප හවුල 2015 පෙබරවාරි මස සිදු වූ මහ බැංකු මංකොල්ලය හේතුවෙන් විරසක වූ බව රහසක්‌ නොවේ. එතැන් පටන් ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක්‌ මෙම පාර්ශ්ව දෙක අතර නැත. එම තත්ත්වය පිළිබඳව පුදුම විය යුතු නැත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසන පරිදි ඔහුගේ ශ්‍රීලනිපය රජයේ නොසිටියේ නම් එජාපය රාජ්‍ය බැංකු පද්ධතිය මේ වන විට විනාශකර හමාරය.
 නමුත් එජාප - ශ්‍රීලනිප පාර්ශ්වකරුවන්ට සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්‍ෂවලට එකඟ විය යුතු කරුණු කාරණා ද ඇත. එම එකඟවිය හැකි ප්‍රධානතම කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ලැබෙන වරප්‍රසාදයි. ණය බරින් හෙම්බත් වී සිටින ශ්‍රී ලාංකික ආර්ථිකයට උහුලන්නේ නැති මේ මන්ත්‍රී වරප්‍රසාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කිසිදු හරවත් වාද විවාද සිදු වී නැත.

 පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂ නියෝජිතයන්ට එකඟ විය හැකි තීන්දුවක්‌ පසුගිය ජුනි 21 දින අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළේය. කොමිසම වෙත 2015 අග ඉදිරිපත් කළ පැමිණිල්ලක්‌ පිළිබඳ ආන්දෝලනාත්මක තීරණය 2018 ජුනි 21 දින ලිපියක්‌ මගින් පැමිණිලිකරු නීතිඥ නාගනන්ද කොඩිතුවක්‌කු  වෙත එම කොමිසමේ ලේකම් ආර්. එම්. වී. ශාන්ති ජයසේකර  ලබා දුනි. මැති ඇමැතිවරුන්ගේ අමන්දානන්දයට හේතු වූයේ පාර්ලිමේන්තුව හරහා ලබාදෙන තීරුබදු රහිත බලපත්‍ර හරහා ආනයනය කරන අධි සුඛෝපභෝගී වාහන විකුණා දැමීමට කිසිදු නීතිමය බාධාවක්‌ නොමැති බව කොමිසම තීරණය කිරීමයි.

 කොමිසමේ තීරණය එහි සාමාජිකයන් වන (සභාපති) විනිසුරු ටී. බී. වීරසූරිය. විනිසුරු ඩබ්. ලාල් රංජිත් සිල්වා, විශ්‍රාමික පොලිස්‌ අධිකාරි නෙවිල් ගුරුගේ සහ එහි අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න කළ දැනුම් දීමක්‌ මත තමා කොඩිතුවක්‌කුට මෙම ලිපිය යොමු කළ බව ජයසේකර මහත්මිය පවසා ඇත. මෙම 'සුපිරි' වාසනාව පිළිබඳව සියලු දේශපාලන පක්‍ෂ සහ මැති ඇමැතිවරු මුනිවත රැකීම පිළිබඳ පුදුම විය යුතු නැත. මෙම අදහාගත නොහැකි තීරණය පිළිබඳව සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙන්ම ජනමාධ්‍ය ද උනන්දුවක්‌ නොදැක්‌වීම මැති ඇමැතිවරුන්ගේ මෙන්ම 2020 පාර්ලිමේන්තුවට තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ගේ මහත් සතුටට හේතු වනු ඇත.

ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන පුද්ගලයන් (පරාජිතයන් හට මන්ත්‍රී ධුර දැරීමේ අවස්‌ථාව ශ්‍රීලනිපය වඩාත් පුළුල් කර ඇත.) ඇත්ත වශයෙන් ම වාසනාවන්තය. දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ වසර 5 කාලයකට ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තුවට පත්වන එම මන්ත්‍රීවරුන්ට එම කාලය සම්පූර්ණවීමට පෙර මේ ලබාගත් තීරුබදු රහිත වාහනය විකුණා දමා පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට අවස්‌ථාව ඇත. පුදුමය එම හිස්‌තැන පුරවන ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරුන්ට ද පූර්ණ බදු සහනය යටතේ වාහනයක්‌ ගෙන්වා ගැනීමේ අවස්‌ථාව උදාවීමය. එජාප ජාතික ලැයිස්‌තුව හරහා 2015 අගෝස්‌තු මස මහ ඡන්දයෙන් පසු පාර්ලිමේන්තුවට පත් වූ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ මන්ත්‍රී මොහොමඩ් හෆල් මොහොමඩ් සල්මාන් සහ සමස්‌ත ලංකා මක්‌කල් කොංග්‍රස්‌ සාමාජික එස්‌. එම්. එම්. නවාවී පසුගිය 2018 ජනවාරි සහ මැයි මාසවල පිළිවෙළින් ඉල්ලා අස්‌ වූ අතර එක්‌ මන්ත්‍රීවරයෙක්‌ රුපියල් ලක්‍ෂ 330 ආසන්න බදු සහනය යටතේ අධි සුඛෝපභෝගී ටොයොටා ලෑන්ඩ් කෲසර් ජීප් රථය ගෙන්වීමේදී සහන ලබාගත් බව තොරතුරු දැනගැනීමේ පනතට පින්සිදු වන්නට හෙළිදරව් වී ඇත. පුරප්පාඩු වූ එම ආසන දෙකට අදාළ පක්‍ෂ විසින් නම් කළ දෙදෙනා ද, වාහනයකට අදාළ ලක්‍ෂ 300 වඩා අධික බදු සහනය ලබාදෙන පාර්ලිමේන්තු තීරුබදු වරප්‍රසාදය ලබාගෙන ඇත.

 ළමා ඉතිරිකිරීමේ ගිණුම්වලින් පවා මුදල් ලබා ගැනීමට උත්සුක වන බරපතළ මුදල් අර්බුදයකට මුහුණ දී සිටින සිරිසේන - වික්‍රමසිංහ රජය මන්ත්‍රීවරුන්ට විශේෂ වරප්‍රසාද ලබාදීම කෙසේවත් පිළිගත නොහැක. පුදුමය රජය කරන නොපනත්කම්වලට එරෙහි වීමට පොදු විපක්‍ෂය උනන්දු නොවීමයි. පොදු විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට නිශ්ශබ්දව සිටීම හැර වෙන විකල්පයක්‌ නොමැත. විපක්‍ෂයට තිබෙන මන්ත්‍රී ආසන 92 න් 70 කට හිමිකම් කියන පොදු විපක්‍ෂය නියෝජනය කරන බොහෝ ජනතා නියෝජිතයන් තම තීරුබදු රහිත වාහනය විකුණා දමා ඇත. තම වාහන විකුණා දැමූ කණ්‌ඩායම අතර සිටිනා සැලකිය යුතු ප්‍රමාණයක්‌ තම තීරුබදු වාහන මෝටර්රථ දෙපාර්තමේන්තුව හරහා අන්සතු කර ඇත.

 අති විශේෂ තීරුබදු සහනයකට නීත්‍යනුකූලව හිමිකම් නොකියන පුද්ගලයකුට මන්ත්‍රී වරප්‍රසාද යටතේ ගෙන්වන වාහනයක්‌ ලියාපදිංචි කළ හැකිද? රුපියල් ලක්‍ෂ 300 ට අධික බද්දක්‌ රජයට ගෙවා වාහනයක්‌ මිලදී ගැනීමට හැකියාවක්‌ ඇති ව්‍යාපාරිකයකු හෝ වෘත්තීයවේදියකු එම මුදල මහ භාණ්‌ඩාගාරයට අහිමි කිරීම මහ අසාධාරණයක්‌ නොවන්නේද? එම තත්ත්වයට වගකිවයුතු වන්නේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව නොවේද?

 2015 අගෝස්‌තු මස පාර්ලිමේන්තුවට පත් වූ බොහෝ මන්ත්‍රීවරුන් ලබාගත් තීරුබදු සහනය රුපියල් ලක්‍ෂ 300 ට අධික බව ශ්‍රී ලංකා රේගුව, තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය නීතිය යටතේ නීතිඥ නාගනන්ද මහතා කළ විමසීමකදී හෙළිකර ඇත. නමුත් යම් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක්‌ බදු සහනය රුපියල් ලක්‍ෂ 300 ට වඩා අඩුවෙන් ලබා ඇති බව අප අත ඇති ලිපි ලේඛන මගින් තහවුරු කළ හැකිය. එම පළමුවැනි ස්‌ථානය හිමි වී ඇත්තේ ඒකාබද්ධ විපක්‍ෂයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එස්‌. එම්. චJද්‍රසේනය. එම මන්ත්‍රීවරයා ගෙන්වා ඇති රේන්ච් රෝවර් ස්‌පෝට්‌ස්‌ ස්‌ටේෂන් වැගන් ඩීසල් වාහනයට හිමි වී ඇති බදු සහනය රුපියල් 29,737,605 කි. ලක්‍ෂ 300 කට වඩා අඩු එම බදු සහනයන් ලබාගත් එම වාහනය විකුණා දැමීම අල්ලස්‌ හෝ දූෂණ කොමිසම මගින් විමර්ශනය කළ යුතු නොවන බව එම කොමිසමේ උගත් ප්‍රධානීන් තීරණය කර ඇත. චJද්‍රසේන මන්ත්‍රීවරයා එම වාහනය විකුණා දැම්මේ යෑයි ලියුම්කරු කිසි ලෙසකින්වත් චෝදනා නොකරන අතර එම සටහන රේගු ලේඛනයේ ඉහළින් ම එම මන්ත්‍රීවරයා සඳහන් වී තිබීම නිසා යොදාගත් බව අවධාරණය කරයි.

 එම ලේඛනයේ දෙවැනි තැන හිමිවන්නේ උතුරු පළාත නියෝජනය කරන ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රී කාන්තරාසාටයි. ඔහු පාවිච්චි කළ ලෑන්ඩ් රෝවර් ස්‌ටේෂන් වැගන් ස්‌පෝට්‌ස්‌ ඩීසල් රථයත්, ගෙන්වා ඇති අතර එයට ලබාගත් බදු සහනය රු. 29,488,467 කි. එම ලේඛනයේ තුන්වැනියා රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහය. (බදු සහනය රු. 33,457,500) එම මන්ත්‍රීවරුන් දෙදෙනාම ටොයොටා ලෑන්ඩ් කෲෂර් ඩීසල් තෝරා ගෙන ඇත. මුළු ලියවිල්ල අප සතු වුවත් එය පළ කිරීමේ හැකියාවක්‌ නැත.

 පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ලබාගත් බදු සහනය ද රු. 33,457,000 කි. ගම්මන්පිලගේ තෝරා ගැනීම ද ටොයොටා ලෑන්ඩ් කෲෂර් රථයකි. මන්ත්‍රීවරු අති බහුතරය දෙවන වෙළෙඳපොළක්‌ තිබෙන ටොයොටා ලෑන්ඩ් කෲෂර් තෝරා ගෙන ඇත. රටේ මහජනතාව මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව උරණ විය යුතු නැත.

 නමුත් කරාපිටිය රෝහලේ වායු සමනය පද්ධතිය දෝෂ සහිත වීම නිසා හදවත් රෝගීන්ගේ හදිසි සැත්කම් නතර කරන රටක මහජන නියෝජිතයන්ට මේ ආකාරයට වරදාන ලබාදීම සාධාරණ දැයි විමසා බැලිය යුතුව ඇත.

 මා මිත්‍ර ද්‍රවිඩ ජාතික සන්ධානයේ වන්නි දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් ලබාගෙන ඇති බදු සහනය අදහා ගැනීමට ද බැරිය. 2015 අගෝස්‌තු මස ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරයා පාවිච්චි කරන ලද හමර් එච්. 2, පෙට්‌රල් වාහනය ගෙන්වා ඇත්තේ රු. 44,700,000 බදු සහනයක්‌ යටතේය.

 ශ්‍රී ලංකා ආර්ථිකය බරපතළ අර්බුදයක බව පැහැදිලිය. මෑතක කළ තෙල් මිල වැඩි වීම එම අර්බුදය පැහැදිලි ලෙස පිළිබිඹු කරයි.

 නව බදු පනත ද එම කඩා වැටෙන ආර්ථිකයේ ලක්‍ෂණයකි. යහපාලන රජයට බදු පැනවීමට හෝ තෙල් මිල සූත්‍රයක්‌ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දොස්‌ පැවරීමට පැවැති රජයට කිසිදු අයිතියක්‌ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය 2008 තෙල් මිල සූත්‍රයක්‌ සම්බන්ධයෙන් කළ නියෝග පැවැති රජය පැහැර හැරියේය. එලෙසම 2009 පත්කළ 10 දෙනකුගෙන් සමන්විත මහාචාර්ය ඩබ්. ඩී. ලක්‍ෂ්මන් බදු සංශෝධනය සම්බන්ධයෙන් 2010 බාරදුන් වාර්තාව පැවැති රජය කුණු කූඩයට දැම්මේය. පැවැති ශ්‍රීලනිපය ප්‍රමුඛ රජය ලක්‍ෂ්මන් කොමිසමේ වාර්තාව තුට්‌ටුවකට මායිම් කළේ නැත.

 ජාතික විගණන පනත වසර 10 ප්‍රතික්‍ෂේප කළ ආකාරයටම බදු සංශෝධන වාර්තාව ද ඉවත දැමීය. 2010 ඔක්‌තෝබර් මස භාරදුන් මහාචාර්ය ලක්‍ෂ්මන්ගේ වාර්තාව ක්‍රියාත්මක කළ යුතුව තිබිණි.

 මෛත්‍රී - වික්‍රමසිංහ රජයේ දුර්වලතා පෙන්වා දෙන පොදු විපක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2018 පෙබරවාරි පළාත් පාලන ඡන්ද විජයග්‍රහණයෙන් අන්ධ වී ඇත. තමන් බලයේ සිටිනා විට කළ කිසිදු වැරැද්දක්‌, අඩුපාපඩුවක්‌ පිළිගන්නේ නැත. සියලු දෝෂ මහා බැංකු බැඳුම්කරයට බැර කර පළාත් සභා මැතිවරණය (2018) ජනපතිවරණය (2019) මහ මැතිවරණය (2020) ජයග්‍රහණය කිරීමේ ඒකායන බලාපොරොත්තුවෙන් කටයුතු කරන බව පැහැදිලිය.

 අල්ලස සහ දූෂණ චෝදනා කොමිසම බදු සහනය යටතේ ගෙනෙන වාහන විකුණා දමා රජයට බිලියන ගණනක පාඩුවක්‌ කිරීමට අවස්‌ථාව ලබාදීම සම්බන්ධයෙන් පොදු විපක්‍ෂය නිහඬ වී සිටීම පවතින දේශපාලනය කොපමණ දුරකට කුණු වී ඇති බව පෙනේ.

 2019 ජනපතිවරණයේදී සාකච්ඡාවට භාජනය විය යුතු ප්‍රධානම මාතෘකාවක්‌ විය යුත්තේ පිරිහෙන ආර්ථිකය සහ මහජන නියෝජිතයන්ට ලැබෙන වරප්‍රසාදය බව පිළිගත යුතුය. අගමැති රනිල් වික්‍රමසිංහ සහ එවකට මුදල් ඇමැති රවි කරුණානායක කළ කී සියලු දේ ප්‍රතික්‍ෂේප කළ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු සියලු දෙනා එජාප ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතික්‍ෂේප කළ සියලු ශ්‍රී්‍ලනිප මන්ත්‍රීවරු 2016 දී රුපියල් ලක්‍ෂයක විශේෂ දීමනාව ලබාගත් බව රහසක්‌ නොවේ. එම රුපියල් ලක්‍ෂය ඇත්ත ලෙසම වරප්‍රසාදයකි. තමන්ට හිමි මාසයක වේතනයට අමතරව ලැබෙන එම රුපියල් ලක්‍ෂයක මුදල බදු ගෙවන ජනතාව මත පටවා ඇත. මහජන නියෝජිතයන් ලබාගන්නා වරප්‍රසාදවල සීමාවක්‌ නැත. කෝටි තුනකට ආසන්න හෝ ඊට වැඩි බදු සහනයක්‌, වාහනයක්‌ ගෙන්වීමේදී ලබාගන්නා පක්‍ෂ විපක්‍ෂ මැති ඇමැතිවරු වාහන ගෙන්වීමේ අදාළ ණය පහසුකම රජයේ බැංකුවකින් විශේෂ අඩු පොලියක්‌ යටතේ ලබාගනී.
 

 අල්ලස්‌ සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරුබදු සහනය යටතේ ගෙන්වන වාහනය විකිණීම අල්ලස්‌ පනත යටතේ වරදක්‌ නොවන බව තීරණය කිරීමට බොහෝ කාලයකට පෙර සිටම මහජන නියෝජිතයෝ රිසි සේ තම වාහනය විකිණූහ. දැන් එම ක්‍රියාවලිය නීත්‍යනුකූල කර ඇත. මහත් ආඩම්බරයෙන් සඳහන් කරන යහපාලන වෙනස මෙයදැයි මහජනතාව සිතනවා ඇත.

 සිදුවූවා යෑයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් දෙමුහුන් යුද අධිකරණයක්‌ ඇතිකිරීමට අවශ්‍ය නම්, බටහිර ප්‍රජාව මෙරටේ අසාධාරණ ආර්ථික තීන්දු තීරණ පිළිබඳව ද මැදිහත් වීමක්‌ කළ යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ඇතුළු අනෙකුත් මූල්‍ය ආයතන නොයෙකුත් කොන්දේසි අප රටට පැනවුවත් මහජන නියෝජිතයන්ගෙන් ක්‍රියා කලාපය විමර්ශනයට ලක්‌ කර නැත.

 මහ බැංකු මහ මොළකරුවන් සමඟ සම්බන්ධ වූයේ යෑයි චෝදනා ලබා ඇති මන්ත්‍රීවරුන්ට තවමත් පාර්ලිමේන්තු පොදු කාරක සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කිරීමට එම පක්‍ෂ සහ කථානායකවරයා තවදුරටත් ඉඩ දී ඇත. මෙම තත්ත්වය ඛේදවාචකයකි.

 මෙවැනි තත්ත්වයක්‌ තුළ කවුරු 2019 ජනපති ධුරයට පත් වුවත් පලක්‌ නැත. මහ බැංකු මංකොල්ලය පිළිබඳ ජනපති කොමිසම රහස්‌ පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ ජනමාධ්‍ය කළ හෙළිදරව් හේතුවෙන් මහත් ආඩම්බරයෙන් කථා කරන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වැටී ඇති තත්ත්වය හෙළිදරව් විය. පාර්ලිමේන්තු පොදු කාරක සභාවේ මන්ත්‍රීවරුන්ට මුදල් ලබාදුන් බැඳුම්කර හොරු ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ද රු. මිලියන 2.5 2016 පවත්වනු ලැබූ උත්සවයකට ලබා දී ඇත. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මිත්‍රකම පිළිබඳව වැඩි කථාබහක්‌ නැත. 2019 ජනපතිවරණය මොන පක්‍ෂය ජයග්‍රහණය කළත් පාර්ලිමේන්තු ක්‍රමයේ සැබෑ වෙනසක්‌ නොවන්නේ නම් ශ්‍රී ලංකාව කිසිදු සැබෑ සංවර්ධනය අත්කර ගන්නේ නැත.

 සමස්‌ත ආර්ථිකයම හසුරුවන පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව පූර්ණ අධ්‍යයනයක්‌ කළ යුතුව ඇත. ඇමරිකාව සමඟ 2016 ඇතිකර ගත් රුපියල් බිලියන 1.92 යහපාලනය ඇති කිරීමේ ක්‍රියාවලිය හෝ ඔස්‌ටේ්‍රලියාව සමඟ අත්සන් කළ රුපියල් බිලියන 3.8 ගිවිසුම මගින් බලාපොරොත්තු වන විපර්යාසය නොවන බව නම් පැහැදිලිය.

 අප රටේ ආයතන 'විකිණේ' පාර්ලිමේන්තුව පූර්ණ 'විකිණීමකට' ලක්‌ වීමකට පෙර එම 'ආයතනය' ගලවා ගැනීම කාට භාර කළ යුතුද? කාට කළ හැකිද?, එය කවදා කළ හැකිද උත්තර නැති ප්‍රශ්න වැලකි. අප රටේ ක්‍රියාත්මක වන 'කුණු' දේශපාලන ක්‍රමය පිළිබඳ පැහැදිලි අවබෝධයක්‌ ඡන්ද දායකයන්හට ඇත්නම් අති බහුතරය තම ඡන්දය පාවිච්චි නොකරනු ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.