ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 21, 2018

මෙන්න ඇත්ත ! - කොටි ඩයස්‌පෝරාව අන්දමන්ද කළ ජිනීවාහි කොටි යුද අපරාධ ප්‍රදර්ශනය

38 වැනි ජිනිවා මානව හිමිකම් සමුළුව පසුගිය 6 දා අවසන් විය. කොටි ඩයස්‌පෝරාව සමාන්තර රැස්‌වීම් අටකට අධික සංඛ්‍යාවක්‌ පවත්වමින් මුලතිව් සිට ගෙන ආ කාන්තාවන් 7 ක්‌ ලවා මහා සමුළු විවාදය හමුවේ ශ්‍රී ලංකාවට අභූත චෝදනා එල්ල කරන අවස්‌ථාවේ ඊට ප්‍රතිචාර දැක්‌වීමට යහපාලන රජයේ කිසිදු නියෝජිතයකු සිටියේ නැත. එහෙත් පාකිස්‌තානය රාජ්‍ය නොවන සංවිධාන තුනක්‌ ලවා ඉන්දීය හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන ලද අවස්‌ථාවේ ජීනීවාහි ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලය ක්‍ෂණයකින් ක්‍රියාත්මක විය. ඒ ඉන්දු කාශ්මීරයේ කාශ්මීර බෙදුම්වාදීන් සිදුකළ ත්‍රස්‌තවාදී ක්‍රියා ඇතුළත් පත්‍රිකා මානව හිමිකම් කවුන්සිලය තුළ බෙදාහැරීමයි.
එහෙත් කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීහු ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිතා කළ බවටත් විශාල පිරිසක්‌ අතුරුදන් කළ බවට සහ උතුරේ හමුදා ආධිපත්‍යය ගෙන යන බවටත් විශාල සමූලඝාතනයක්‌ සිදුකළ බවටත් සාවද්‍ය චෝදනා නඟද්දී ඊට ප්‍රතිචාර දැක්‌වීමට ජිනීවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිම නිලධාරියකු පැමිණ සිටියේ නැත.

එසේ වුවත් වසර නවයකට පසු කොටි සිදුකළ යුද අපරාධ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඇති පාද තුනේ පුටුව හෙවත් බිම් බෝම්බ සංකේතය ඉදිරියේ දී ප්‍රදර්ශනයක්‌ පවත්වමින් ජාත්‍යන්තර ප්‍රජාව වෙත හෙළි කිරීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ක්‍රියා කළේය. එහෙත් මෙවන් ප්‍රදර්ශනයක්‌ පවත්වනු ඇතැයි ඊළම් ඩයස්‌පෝරාව කිසි විටෙකත් අදහස්‌ කළේ නැත.
2009 මැයි මස 18 දා කොටි පරාජය වීමෙන් පසු කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව පවසමින් මහින්ද රාජපක්‍ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්‌ෂ, සරත් ෆොන්සේකා ඇතුළු වන්නි හමුදා නායකයන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ඔවුන් යුද අපරාධකරුවන් ලෙස නම්කර තිබුණි. එහෙත් මෙවර මුල්වරට කොටි සිදුකළ යුද අපරාධ පිළිබිඹු කරන ඡායාරූප ප්‍රදර්ශනය විය. හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි, හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස, ගාමිණී දිසානායක, අමිර්තලිංගම් ඇතුළු ඝාතනය වූ දේශපාලන නායකයන්ගේ ඡායාරූප මෙන්ම කැබිතිගොල්ලෑව බස්‌ බෝම්බය, කොටුවේ මහ බැංකු බෝම්බය සහ වෙනත් මරාගෙන මැරෙන ප්‍රහාර විදහාලන ඡායාරූපද ඊට ඇතුළත් විය. එසේම වන්නි මෙහෙයුමින් මියගිය සංඛ්‍යාව 40,000 ක්‌ නොව 7399 ක්‌ බවට හෙළිකළ ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවියේ නිල වාර්තාවද එහිදී ප්‍රදර්ශනය විය.

මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අවස්‌ථාවේ ඊලම් ඩයස්‌පෝරාවේ දැරියක්‌ ප්‍රදර්ශනයට තබා තිබූ ඡායාරූප කැමරාගත කරනු අපට දක්‌නට ලැබිණි.

කොටි සිදුකළ යුද අපරාධ විදහාලන ඡායාරූප ප්‍රදර්ශනය වැළැක්‌වීමට ස්‌විස්‌ කොටි ඩයස්‌පෝරාව උත්සාහ කළත් ස්‌විස්‌ පොලිසිය පැවසුවේ නුඹලාට ඇති අයිතිය අනිත් අයටත් ඇති බවයි. ට්‍රෑම්ප් කාර් නතර කරන ස්‌ථානය සමීපයේ පැවැති මේ ප්‍රදර්ශනය නැරැඹීමට විදේශික සංචාරකයන් රැසක්‌ පැමිණි අතර එහිදී ගෝලීය සංසදයේ ක්‍රියාකාරීන් වූ සුනිල් චන්ද්‍ර කුමාර, සේනක රාජපක්‌ෂ සහ එරික්‌ මාකවිටගේ තොරතුරු හෙළිකිරීමට ක්‍රියා කළහ.


def2

කොටින්ට එරෙහි යුද්ධය නිමාවී වසර නමයක්‌ ගතවුවත් ජිනීවාහි කකුල් තුනේ පුටුව ඉදිරියේ කොටි යුද අපරාධ ප්‍රදර්ශනයක්‌ පැවැත්වීමට පසුගිය රජය මෙන්ම යහපාලන රජයද ක්‍රියා කළේ නැත. මෙම කකුල් තුනේ පුටුව සුවිශේෂී ස්‌ථානයක්‌ වන්නේ විවිධ රටවලින් සංචාරකයන් විශාල පිරිසක්‌ දිනපතාම එම ස්‌ථානයට පැමිණීමය.
ශ්‍රී ලංකාවේ රජය කළ යුතු කාර්යයන් ගෝලීය ශ්‍රී ලංකා සංසදය මෙලෙස ඉටු කළේ තවදුරටත් කොටින්ගේ අභූත චෝදනාවලට ප්‍රතිචාර දැක්‌වීම සඳහායි. මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ දී කොටි බොරු කියන බව සනාථ කිරීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ක්‍රියා කළේය. කවුද බොරු කියන්නේ යනුවෙන් ප්‍රශ්න කෙරෙන පත්‍රිකාවක්‌ද විදේශිකයන් අතර බෙදා හැරීමටද ක්‍රියා කෙරුණි. මේ ඡායාරූප ප්‍රදර්ශනය මුළු කොටි ඩයස්‌පෝරාවම අන්දමන්ද කළේය.

def3

එහෙත් කොටි යුද අපරාධ ප්‍රදර්ශනයට ප්‍රතිචාර දැක්‌වීමට කොටි ඩයස්‌පෝරාව පැමිණ සිටියේ නැත. එසේම මානව හිමිකම් කවුන්සිලය තුළ පවත්වන ලද ඊළම් ඩයස්‌පෝරාවේ බොරු සමූලඝාතන චෝදනාවට නිසි ප්‍රතිචාර දැක්‌වීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ අජන්ත ප්‍රේමරත්න, නුවන් බෙල්ලන්තුඩාව, රනිල් ජයනෙත්ති, ජනෙත් විමල්, ජයරාඡ් පලිහවඩන ක්‍රියා කළහ. මෙලෙස විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතිචාර හමුවේ කටඋත්තර නැතිවූ ඊලම් ක්‍රියාකාරින් යාපනය පුස්‌තකාලයට ගිනි තැබුවේ කවුරුන්දැයි ප්‍රශ්න කළහ.
එය කළේ කවුදැයි යහපාලන ආණ්‌ඩුවෙන් විමසන්න. ඊට සම්බන්ධ කොටස්‌කරුවන් ආණ්‌ඩුවේ සිටිනවා යෑයි අජන්ත ප්‍රේමරත්න කියා සිටියේය.
මේ අතර තිරුක්‌කෝවිල්හිදී පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය කිරීම සමූලඝාතනයක්‌ නොවේදැයි ජනෙත් විමල් ප්‍රශ්න කිරීම නිසා සමාන්තර රැස්‌වීමට සහභාගි වූ ඊළම්වාදීහු නිහඬ වූහ.
ගෝලීය ශ්‍රී ලංකා සංසදය පැවැත්වූ තවත් සමාන්තර රැස්‌වීමකදී එම සංසදයේ පෝලන්ත නියෝජිත සේනක රාජපක්‌ෂ කැබිතිගොල්ලෑව බස්‌ බෝම්බය ගැන සත්‍ය තොරතුරු හෙළි කළේය.
"අපි පුනරුත්ථාපන කටයුතුවල නිරත වී සිටියදී කැබිතිගොල්ලෑව රෝහල වෙත ධාවනය වූ බස්‌රිය බිම් බෝම්බයකට ගොදුරු වුණා. එහි සිටි මගීන් අතර ළමුන් 38 ක්‌ මියගියා. ඔවුන්ගේ සිරුරු ආවරණය කිරීමට කිසිවක්‌ තිබුණේ නැහැ. මේ අවස්‌ථාවේ ද්‍රවිඩ සිවිල් වැසියන් රැගත් බස්‌ රියක්‌ එම මාර්ගයේ එන බව වාර්තා වුණා. අපි විගස එම බස්‌රිය හරවා යවා ද්‍රවිඩ සිවිල් වැසියන් බේරා ගැනීමට ක්‍රියා කළා යෑයි හෙතෙම කියා සිටියේය.
එහිදී සමාන්තර රැස්‌වීමට සහභාගි වූ කොටින් වෙනුවෙන් කටයුතු කරන බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් පෙහෙලිට කටඋත්තර නැති විය.
ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විද්වත් මණ්‌ඩලය සාක්‍ෂි සමග මෙවර ජිනීවා පැමිණීම නිසා රටින් පිටත ඊළම් ආණ්‌ඩුවේ මනිවන්නන් හා ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ දේශපාලනඥයන් කිසිවෙකු මානව හිමිකම් සමුළුව වෙත පැමිණ සිටියේ නැත.
පසුගිය ජූලි 02 දා ශ්‍රී ලංකාවේ සමූලඝාතනයක්‌ සිදු වූයේද යන තේමාව යටතේ පැවැති සමාන්තර
රැස්‌වීමේදී ලොව වෙනත් රටවල සිදුවූ සමූලඝාතන ක්‍රියාදාමයන් හා කොටින්ගේ සැඟවුණු න්‍යාය පත්‍ර, සුළු ජාතිකයන්ට වෙනස්‌කම් සිදු වන්නේද සහ තේසවලාමේ නීතිය සමගත් සිංහල ජනතාව උතුරේ ඉඩම් මිලයට ගැනීම තහනම් වීම යන කරුණු ගැන ප්‍රතිචාර දක්‌වනු ලැබීය.
මෙවර ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ දැඩි ප්‍රතිචාරවලට කරුණු දැක්‌වීම් මානව හිමිකම් සමුළුව වෙත පැමිණ සිටියේ බැංගලෝරයේ මහාචාර්ය පෝල් නිව්මන් පමණකි.
ඔහු දැන් ඉන්දීය රජයට එරෙහිවද යුද්ධ ප්‍රකාශ කර ඇත. පොල් නිව්මන් ඊළම්වාදීන්ගේ සමාන්තර රැස්‌වීමකදී රහසක්‌ද හෙළි කළේය.
ඒ මන්නාරමේ සතොස ගබඩා අංගනයේ සිදුවන සමූහ මිනි වළේ කැනීම් කටයුතු නිරීක්‍ෂණය කිරීමට ගිය බවත්, එම කැනීම් සිදුකරන ස්‌ථානය හමුදා කඳවුරක්‌ බවද පැවසීමයි.
එහෙත් කැනීම් කටයුතු කරන ස්‌ථානයේ හමුදා කඳවුරක්‌ තිබී නැත. එසේම කොටි හිතවාදියකුවූ පෝල් නිව්මන්ට මන්නාරමට පැමිණීමට අවසර දුන්නේ කවුරුන්ද? ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කරන පෝල් නිව්මන් ශ්‍රී ලංකාවට පැමිණ මන්නාරමට ගිය බව මෙතෙක්‌ අනාවරණය වී නොතිබුණි.
එසේ නම් ඉන් තහවුරු වන්නේ උතුරේ ඊළම්වාදීන් මේ කොටි හිතවාදියාට විශ්වවිද්‍යාල මහාචාර්ය ලේබලය යටතේ උතුරට ගෙන්වා ඇති බවයි. ආරංචි මාර්ග දක්‌වන්නේ මෙරට බුද්ධි අංශ පෝල් නිව්මන් මන්නාරමට පැමිණි බව නොදන්නා බවයි.
එසේම පෝල් නිව්මන් මෙරටට එනතුරු විදේශ කටයුතු බලධාරීන් කුමක්‌ කළේද?
ඔහු මානව හිමිකම් සැසිවාරය හමුවේ පැවසුවේ මන්නාරමෙන් සිරුරු 35 ක්‌ හමුවී ඇති බවයි. එහෙත් මන්නාරමේ කැණීම් සිදුකරන මහාචාර්ය රාඡ් සෝමදේව ඒ බව සනාථ කර නැත.
පෝල් නිව්මන් රහසේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් තහවුරු වන්නේ යහපාලන රජය හමුදාවට එරෙහි සතුරන්ට පවා මෙරටට පැමිණීමට ඉඩදීමයි. මෙලෙස ඉන්දු කාශ්මීරයේදී ඉන්දීය හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නකුට එරටට ඒමට ඉන්දියන් රජය ඉඩදේද?
මේ අතර පෝල් නිව්මන් තවත් බරපතළ ප්‍රශ්නයකට මුහුණ පෑවේය. ඒ සමාන්තර රැස්‌වීමක මුලසුන ගෙන සිටි නිව්මන්ගෙන් නුඹ මාර්තු මස ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී තිරුක්‌කෝවිල්හිදී පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය කළේ විනයාග මූර්ති කරුණා යයි පැවසුවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඒ ගැන පරීක්‍ෂණයක්‌ කළහොත් නුඹ සාක්‍ෂි දෙනවාද යෑයි හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරියකු වූ ජනෙත් විමල ප්‍රශ්න කිරීම නිසාය.
"ඔව්! මම සාක්‍ෂි දෙනවා" යෑයි පෝල් නිව්මන් කියා සිටියේය. එසේම තමිල්නාඩුවේ ප්‍රධාන පෙළේ කොටි හිතවාදියකු වූ මැයි 17 සංවිධානයේ නායක තිරුමුරුගන් ගාන්ධිද ඊට සමාන ප්‍රශ්නයකට මුහුණ දුන්නේය.
"ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට ස්‌වයං පාලනයක්‌ දිය යුතුයි" ස්‌වයංපාලනය දීම හැර වෙනත් විසඳුමක්‌ නැහැ. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඒ සඳහා ක්‍රියාකළ යුතු යෑයි පැවසූ තිරුමුරුගන් ගාන්ධි තමාට හදිසි රාජකාරියක්‌ ඇතැයි දක්‌වමින් සමාන්තර රැස්‌වීමෙන් ඉවත්ව ගියේය.
ඇයි! නුඹ තමිල් නාඩුවටත් ස්‌වයංපාලනයක්‌ ඉල්ලන්නේ නැත්තේ යයි ප්‍රශ්න කිරීමට ජනෙත් විමල සූදානම් වුවත් ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්‌වීමේ හැකියාවක්‌ නැති බව තිරුමුරුගන් ගාන්ධිගේ ක්‍රියාකළාපයෙන් සනාථ විය.
මෙවර මානව හිමිකම් සමුළුව සඳහා ප්‍රංශයේ භාරති ආයතනය 17 හැවිරිදි ද්‍රවිඩ තරුණයකුද ගෙනැවිත් තිබුණි. ඔහු ඩිලිසොන් ස්‌ටිව් නමැත්තෙකි. මේ තරුණයා අපූරු ප්‍රකාශයක්‌ කළේය.
2009 දී තමා කුරුඳුවත්ත ප්‍රදේශයේදී වාහනයක ගමන් කළ බවත් ඒ අවස්‌ථාවේ තමාගේ වයස අවු. අටක්‌ බවත් ඔහු කීවේය.
මම තාත්තගේ උකුලේ සිටියා. එවිට සුදු වෑන් එකක්‌ පැමිණ අපේ වාහනය ඉදිරියෙන් නවත්වා තාත්තාව ඇදගෙන ගොස්‌ එම වෑන් රියට දාගත්තා. මගේ පියා මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක්‌ යයි ඔහු තවදුරටත් පළකළේය.
ඩිලිසොන් ස්‌ටිව් සිය පියාගේ අතුරුදන්වීම ජිනිවා මානව හිමිකම් සැසි වාරය හමුවේ ප්‍රකාශ කිරීමට මෙපමණ කලක්‌ සිටියේ මන්ද යෑයි හෙළිකළේ නැත. එම පැහැර ගැනීම පොලිසියට පැමිණිලි කළ බව ඔහු අනාවරණය නොකළේය. ආරංචි මාර්ග දක්‌වන අන්දමට ඔහු ජිනීවා වෙත පැමිණියේ ප්‍රංශයේ සිටය.
මේ 17 හැවිරිදි තරුණයා සුදු වෑන් කතාව ප්‍රකාශ කිරීමේ ඉලක්‌කය යොමු කළේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වෙතය.
ඔහු ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත හඳුන්වාදී ඇත්තේ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු මෙන්ම විපතට පත්වූවකු ලෙස සුන්දරරාඡ්ය ඩිලිසොන් ස්‌ටිව් මෙන්ම මෙවර මුල්වරට මුලතිව් සිට ද්‍රවිඩ කාන්තාවන් හත් දෙනකුද ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත පැමිණ සිටියහ.
ඔවුන් අතර මානව හිමිකම් ක්‍රියාකාරිනියක්‌ යෑයි හඳුන්වා ගත් සෙබස්‌තියන් දේවි සහ මරියා සුරේෂ් ඊශ්වරිද විය.
ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි ඔවුන් උතුරේ ඉංග්‍රීසි ගුරුවරියන් බව වාර්තා විය.
ශ්‍රී ලංකා රජය ද්‍රවිඩ සිවිල් වැසියන් බලහත්කාරයෙන් අතුරුදන් කර ඇතැයි ඔවුහු චෝදනා කළහ.
එසේම කොටි ඩයස්‌පෝරාව ප්‍රථම වරට මානව හිමිකම් සමුළුව වෙත ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන නිශාන්ති පීරිස්‌ නමින් හඳුන්වාගත් ද්‍රවිඩ භාෂා පරිවර්තිකාවක්‌ද ගෙනැවිත් තිබුණි.
ඊට අමතරව ද්‍රවිඩ සරණාගතයන්ට දේශපාලන රැකවරණ ලබාදීමට ක්‍රියාකරන මැලේසියාවේ පදිංචි මහා රාමක්‍රිෂ්ණන් නමැති නීතිවේදිනියද ඔස්‌ටේ්‍රලියාවේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක්‌වූ තලමනි කනපතිපිල්ලේද මානව හිමිකම් සැසිවාරයට පැමිණ සිටියහ.
ඔවුන් මෙයට පෙර කිසිදු මානව හිමිකම් සමුළුවකට පැමිණ නැත.
කොටි ඩයස්‌පෝරාව විසින් මුලතිව්හි කාන්තා සම්බන්ධීකාරක යෑයි දක්‌වමින් සෙල්වරානි තම්බිරාජා සහ වල්ලිපුරම් අබාලන්සාකි නමැති ද්‍රවිඩ කාන්තාවන් දෙදෙනා ප්‍රංශය හරහා ජිනීවා වෙත ගෙනැවිත් තිබුණි.
මෙලෙස වසරක්‌ පාසාම උතුරේ සිට ද්‍රවිඩ කාන්තාවන් ජිනීවා වෙත ගෙනඑමින් ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට ඊළාම්වාදීන් ක්‍රියාකරද්දී යහපාලන රජය බිහිරන් සේ ක්‍රියාකරති.
මේ අතර ප්‍රංශ ද්‍රවිඩ සන්ධානය මානව හිමිකම් කවුන්සිලය තුළ පැවැත්වූ සමාන්තර රැස්‌වීමකදී ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුමේදී රසායනික අවි භාවිත කළ බවට චෝදනා එල්ල විය. එහෙත් මේ චෝදනාවට නිසි ප්‍රතිචාර දැක්‌වීමට කිසිවෙක්‌ සිටියේ නැත.
මෙම අභූත චෝදනාව මෙයට වසර පහකට පෙරද එල්ල විය. එහෙත් වන්නි මෙහෙයුමේ අවසාන සති කීපයේදී ඉන්දීය වෛද්‍ය ඒකකයක්‌ වන්නියේ ස්‌ථානගත කර තිබුණි. රසායනික අවිවලට පිළිස්‌සුණු බව දක්‌වමින් ද්‍රවිඩ වැසියන් එම වෛද්‍ය ඒකකයට පැමිණ සිටියේ නැත.
එසේම කිසිදු පුවත්පත් සාකච්ඡාවකදීවත් දැකගැනීමට නොහැකිවූ ප්‍රගීත් එක්‌නැලිගොඩ නමැත්තකුද ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව එම බොරු රසායනික අවි චෝදනාව එල්ල කර තිබුණි.
ඊට සමගාමීව ශ්‍රී ලංකා රජය චීනයෙන් ගෑස්‌කුටි ගෙන්වා අත්අඩංගුවට ගත් ද්‍රවිඩයන් දසදහස්‌ ගණනක්‌ පුළුස්‌සා මරාදැමූ බවට තායිලන්තයේ සිට වෙබ් අඩවියක්‌ මෙහෙයවූ අයෙක්‌ අතිශයෝක්‌තියෙන් යුත් පුවතක්‌ විකාශනය කර තිබුණි.
මේ පසුබිම මැද ශ්‍රී ලංකාවේ සිට මුල්වරට ජිනීවා මානව හිමිකම් සැසි වාරයට සහභාගිවූ කාන්තා හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක්‌ යෑයි හඳුන්වාගත් ලීලාදේවි ආනන්දරාජා නමැත්තියක්‌ ශ්‍රී ලංකාවේ විශාල සමූල ඝාතනයක්‌ සිදුවූ බවට දක්‌වන තේමාව යටතේ වූ සමාන්තර රැස්‌වීමක්‌ අමතමින් ශ්‍රී ලංකා හමුදාවට සාවද්‍ය චෝදනා එල්ල කළාය.
අප විසින් මේ තොරතුරු මෙරට ජනතාවගේ දැනගැනීම සඳහා අනාවරණය කරනතුරු ජනතාවගෙන් වසන් විය.
මේ අතර ඉතාලියේ නාපෝලි සිට පැමිණි ගෝලීය සංසදයේ ක්‍රියාකාරිකයකු වූ ජානක සිල්වා මානව හිමිකම් සමුළුව අමතමින් උතුරු පළාත් මහ ඇමැති ප්‍රමුඛ පළාත් සභාව බෙදුම්වාදී න්‍යාය පත්‍රයක්‌ ක්‍රියාත්මක කරන අතර ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කරන සමූල ඝාතන චෝදනා ගැන වත්මන් රජය නිහඬව සිටින බවට චෝදනා කළේය.
"ශ්‍රී ලංකා රජයේ මේ නිහඬතාව ලැඡ්ජාවට කරුණක්‌. රජය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා අස්‌විය යුතු බවත් නැත්නම් යුක්‌තිය උදෙසා සටන් කළයුතු බවත් ඔහු දැඩි ලෙස කියා සිටියේය.
එසේම අජන්ත ප්‍රේමරත්න, එක්‌සත් රාජධානියේ සිට පැමිණි ජයරාඡ් පලිහවඩන, ප්‍රසංග ජයමාන්න සමුළුව අමතමින් කොටි ඩයස්‌පෝරාව එල්ල කරන අභූත චෝදනාවලට නිසි ප්‍රතිචාර දැක්‌වූහ.
38 වැනි මානව හිමිකම් සමුළුවේදී ප්‍රථම වරට කොටි ඩයස්‌පෝරාව ඉන්දියාවට එරෙහිවද සමාන්තර රැස්‌වීම් පවත්වනු ලැබීය. මේ ක්‍රියාදාමය ජිනීවාහි ඉන්දීය තානාපති අංශවල නිරීක්‍ෂණයට ලක්‌විය.
මෙවර මානව හිමිකම් සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයකුවූ පිරිමි හෙදි සමන් රත්නප්‍රිය සහ ජර්මනියේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විරෝධි බඩල්ගම බර්ටි හෙවත් රංජිත් හෙන්නායකආරච්චි හෙවත් ලොග්බිලර් ඇතුළු පාර්ශව පැමිණ සිටියේ නැත. බඩල්ගම බර්ටි යනු 1971 කැරැල්ලේ හිටපු කැරළි කරුවෙකි. ත්‍රස්‌ත ක්‍රියා සිදුකර මෙරටින් පැනගිය මොහු දැන් මඩ වෙබ් අඩවියක උපදේශකයකු ලෙස ක්‍රියාකරයි.
මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් 47 කගෙන් 28 කට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති බව මුල්වරට හෙළි විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.