රජයේ රක්ෂිත කැලෑ පෙදෙසක් වන විලච්චිකුලම්හි හෙක්ටයාර් 2018 භූමි
ප්‍රමාණයක් එළ පෙහෙළි කර පදිංචි නිවාස හා ගොඩනැඟිලි ඉදිකිරීමට එරෙහිව
කර්මාන්ත සහ වාණිජ ඇමැති රිෂාඩ් බදුර්දීන්ට පවරා ඇති නඩුවට උත්තර
බඳිමින් ඔහු උසාවියට ගොනු කර ඇති දිවුරුම් ප්‍රකාශයෙන් අසත්‍ය ප්‍රකාශ
කීපයක් කර ඇති බැවින් එම වරදට ඔහුට නිසි දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා එම
නඩුවේ පැමිණිලිකරු වන නීතිඥ නාගානන්ද වීරක්කොඩි (12 වැනිදා)
අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
රජයේ රක්ෂිත කැලෑව පිහිටි මෙම පෙදෙසේ මුස්ලිම් ජනතාව විශාල පිරිසක්
පදිංචිව සිටි බවත් එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්තවාදය පැවති දිනවල ඔවුන්
පදිංචිය අතහැර වෙනත් ප්‍රදේශවලට පලා ගිය බවත් එම නිවාස ඉදිකළේ අවතැන්ව
සිටින ජනතාවගේ පදිංචිය සඳහා බවත් ඇමැති බදුර්දීන් අභියාචනාධිකරණයට
ගොනු කළ දිවුරුම් පෙත්සමේ සඳහන් කර ඇත.
නීතිඥ වීරක්කොඩි සිය පෙත්සමෙන් කියා සිටින්නේ ඇමැති බදුර්දින් දිවුරුම් පෙත්සමෙන් කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බවයි.
වර්ෂ 1972 සහ 1991 වර්ෂවලදී රජයේ මිනින්දොaරු දෙපාර්තමේන්තුව විසින්
නිකුත් කරන ලද සිතියම්වල විලච්චිකුලම්හි කැලෑ ප්‍රදේශය ජනාවාසයක්ව නොතිබුණ
බවත් එහි කිසිවෙක් පදිංචිව නොසිටි බවත් පැහැදිලිව පෙන්නුම් කරන බවද නීතිඥ
වීරක්කොඩි වැඩිදුරටත් කියා සිටී. ඒ අනුව ඇමැති බදුර්දීන් කර
ඇත්තේ අසත්‍ය ප්‍රකාශයක් බැවින් ප්‍රථමයෙන් ඔහුට නොතීසි නිකුත් කර උසාවි
හමුවට කැඳවා සිදුකර ඇති වරද පෙන්වා දී එම වරදට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
105 (3) වගන්තිය යටතේ දඬුවම් නොකිරීමට හේතු ඇත්නම් විමසන ලෙස දැනුම් දෙන
ලෙස නීතිඥ වීරක්කොඩි සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
ඉන් අනතුරුව විභාගයක් පවත්වා අභියාචනාධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට
වරදකරු කොට නිසි දඬුවමක් ඔහුට නියම කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා ඇත.
විලච්චිකුලම්හි රක්ෂිත කැලෑව බලෙන් එළි පෙහෙළි කිරීමෙන් පරිසරය දූෂණය
කිරීම ඇතුළු චෝදනා කීපයක් යටතේ රජයේ නිලධාරීන් කීපදෙනකු ට එරෙහිව මෙම
නඩුවෙන් චෝදනා එල්ල කර ඇත.
ඇමැති බදුර්දීන් එම නඩුවේ 06 වැනි වගඋත්තරකරු ලෙස නම් කර තිබේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, July 13, 2018
රිෂාඩ්ගේ දිවුරුම් ප්‍රකාශය බොරු; ඒකට දඬුවම් කරන්න - පැමිණිලිකාර නීතිඥ නාගානන්දගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
රිෂාඩ්ගේ දිවුරුම් ප්‍රකාශය බොරු; ඒකට දඬුවම් කරන්න - පැමිණිලිකාර නීතිඥ නාගානන්දගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
2018-07-13T07:15:00+02:00
lankanews
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
