ඔප්පු තිරප්පු පිටින් බඩු මාට්ටු..! ගාමිණී සෙනරත් එක්කත් “Deal” කරලා..?
සිය අදායම් වෙනුවෙන් ගෙවීමට නියමිත තිබූ රුපියල් කෝටි 35 ක බදු මුදල ගෙවීම පැහැර හැරීමට අදාළව දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව පැනවූ දඩ මුදල පිය වෙන ආකාරයට අවස්ථා ගණනාවකදී එම දෙපාර්තමේන්තුවට චෙක් පත් විස්සකට අධික ප්රමාණයක් මලික් සමරවික්රම විසින් නිකුත් කරනු ලැබ තිබේ.
කෙසේ නමුත් දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව එම චෙක් පත් ගිණුම් ගත කිරීමට පෙර මලික් සමරවික්රම කර තිබෙන්නේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්රධානී ගාමිණී සෙනරත් අල්ලා ගෙන ඔහු මාර්ගයෙන් එම චෙක් පත් සියල්ල ලබා ගැනීමය.
මේ තත්ත්වයෙන් පැහැදිළි වන්නේ මලික් සමරවික්රම මහින්ද රාජපක්ෂලා සමග ඒ කාලයේ සම්බන්ධතා පවත් වමින් සහ ගනු දෙනු කරමින් රටට ජනතාවට කර ඇති මහ පරිමාණ බදු වංචා වගේම එක්සත් ජාතික පක්ෂයට කර ඇති දේශපාලන විනාශයේ තරම වන අතර එවකට එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි මලික් සමරවික්රම සිය රුපියල් කෝටි 35 ක බදු මුදල් වංචාවට අදාළව පැනවූ දඩ මුදල පිය වෙන ලෙස දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වෙත නිකුත් කර ගාමිණී සෙනරත් මාර්ගයෙන් යළි ලබා ගත් චෙක් පත්වලින් කිහිපයක් පහත දැක්වේ.