ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 14, 2018

සිරසට එරෙහිව රාජපක්ෂලා බර අවි යොදවයි… සියයට 3න් ඇරබු පහරදිම,කබ්රාල්ලා අතට ගනී….!!!

මහින්දගේ 3% කථාවට වඩා භයානක පනිවිඩයක් මෙහි අඩංගු විය. එනම් මහින්දගේ කථාව අපහාසයක් උපහාසයක් හෝ සිරස නැරඹීම පිලිබද ප්‍රශ්නයක් නොව,'' ඉවසුවා ඇති සිරසට පහර දියව් '' යන නියෝගය මහින්දගේම අත්සනික් පාක්ෂිකයන් වෙත මුදා හැරීමකි .
 රාජපක්ෂලාගේ චීන ඩීල් පිලිබදව නිව්යෝර්ක් ටයිම්ස් බෝමබය පුපුරා ගියේ නොසිතූ මොහොතකය. එහි බලපෑම හිතුවාට වඩා වැඩි විය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත රාජපක්ෂ විරෝධීන්ට හොද කෙවිටක් වූවා පමනක් නොව රජපක්ෂ බත් බැලයන්ගේ මුඛ පූට්‍ටු කලේය .නිව්යෝර්ක් සටහන රාජපක්ෂ කදවුරේ පාවෙන පාක්ෂිකයින් අතරමං කර දැමීමට සමත් විය. අතර මං වුනු පාක්ෂිකයන් සහ ජනතා අවධානය වාසි දායක ලෙස හැසිරවීමට හදිසි දේශපාලන තීන්දු තීරණ ගනනාවක් ගැනීමට මහින්දට සිදුවිය. නෙලුම් මාවතේ පෙන්වූ බැසිල්- ගෝටා අපි තරහ නෑ චිත්‍රපටිය මින් පලමු වැන්න විය. 16යේ කල්ලිය වද්දාගැනීම දෙවැන්න විය. කුනු කානු යයි චෝදන ලැබූ 16 කල්ලිය කුනු ගංගාව සමග එක් වූයේය.
නිව්යෝක් ටයිම්ස් ප්‍රහාරය හේතුවෙන් රාජපක්ෂලාට ඇදිවතේම මලපහ වූයේය. සිරිත් පරිදි රාජපක්ෂලාගේ කුනු රෙදි සේදීම දිනිත් ජයවීර සහ රෙනෝ සිල්වා බාරගත්තේය.නිව්යෝර්ක් පුවතට ප්‍රචාරණයක් දෙන දේශීය මාධ්‍ය ආයතනයන් සහ පුද්ගලයන් ගැන සෙවීමට කන්ඩායම් යෙදෙව්වේය. ඕනෑම ආයතනයක පරපෝෂිතයන් ඇත්තේය. සිරසේ සිටින රාජපක්ෂගේ දූතයන් පෞද්ගලික වාසි අපේක්ෂාවෙන් ඇතුලත තොරතුරු පිටතට ලබා දුන්නේය . නමුත් දෙරණ සහ හිරු රාජපක්ෂලාගේ අසූචි අදින විට සිරස නාලිකාව සත්‍යයෙන් සත්‍යය ගලපා කථා කල බව පැහැදිලිවම පෙනෙන්නට තිබිනි . සිරස කලේ රාජපක්ෂලා චීනය සමග කල අතයට ගනුදෙනු සරල සිංහලෙන් ජනගත කිරීමය . නිව්යෝර්ක් ටයිම්ස් පුවත පිලිබදව සිරස ගෙනගිය වාර්තාකරනය මරාවේශ රාජපක්ෂ පෙරමුණේ දැඩි උදහසට ලක්විය . සිරසට එරෙහිව පලමු වෙඩිල්ල තැබුවේ මහින්ද රාජපක්ෂ විසින්මය.

මහින්ද පසුගිය 3 වැනිදා ජන ‍රැලියක් අමතමින් සිරසට එරෙහි පලමු වෙඩිල්ල තිබ්බේය , දෙයියන්ගෙ පිහිටෙන් සිරස නරඹන්නේ 3% විතරක් යයි ඔහු කීවේය. මහින්දගේ 3% කථාවට වඩා භයානක පනිවිඩයක් මෙහි අඩංගු විය. එනම් මහින්දගේ කථාව අපහාසයක් උපහාසයක් හෝ සිරස නැරඹීම පිලිබද ප්‍රශ්නයක් නොව,” ඉවසුවා ඇති සිරසට පහර දියව් ” යන නියෝගය මහින්දගේම අත්සනික් පාක්ෂිකයන් වෙත මුදා හැරීමකි .මහින්දගෙ දේශපාලන ස්ටයිල් එකේ හැඩය මෙයයි . මහින්දගේ ‍රැලියේ මයික් ගැල්වීමටත් පෙර සිරසට එරෙහි මුනුහු පොතේ සංග්‍රාමය ඇරඹිනි. මහින්දගේ හෙන්චයීයන් සිරස සේවක සේවිකාවන්ගේ ෆේස්බුක් පි‍ටු හඹා යමින් ප්‍රහාර එල්ල කලේය. සිය ව්‍යාපාරික වෛරය පිරිමසනුවස් , මුහුද රකිනවා කියා සෝමාලියන්කාරයින්ටත් අවි විකුනූ ඇවට්ගාඩ් සේනාධිපති සිරසට එරෙහි ව්‍යාපෘතියේ ප්‍රධානියෙකු වූයේය .
සිරස විරෝධය මුහුනු පොතෙන් නතර නොවිනි. වෙබ් අඩවි කිහිපයක් යොදාගනිමින් මහරාජා ව්‍යපාරයේ ප්‍රධානී රාජාමහේන්ද්‍රන් ඉලක්ක කොට පහර දුන්නේය. සිරස ආයතනය චීනයෙන් පගාව ගත්තා යයි පුවතක්ද පැල කර තිබුනි. සිරසට එරෙහි ව්‍යපෘතිය පහල සිට ඉහලට දියත් වූවක් නොවන බවත් එය ඉහල සිට පහලට දියත් වූවක් බව බව ඔප්පුවූයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදීය. ඊයේ මාධ්‍ය හමුවට පැමිනි සිරස නියොජිතයා කබ්රාල් වෙත පැනයක් යොමු කරන විට ඊට උත්තර දීම පසෙක දමා ඔහුගේ ආයතනයේ නම සහ පැටිකිරිය විම්සා සිටියේය . ඉන් අනතුරුව කබ්රාල් සිරස ප්‍රධානියාගෙ නම සදහන් කරමින් බරපතල චෝදනා පත්‍රයක් රජා මහේන්ද්‍රන් වෙත ඉදිරි පත් කලේය. එදිනම රාත්‍රී දෙරණ ප්‍රවෘත්ති විකාෂනය මෙම සිද්ධිය ලුණු ඇඹුල් එක් කොට විකාශනය කලේ බලලා මල්ලෙන් ලිහා දමමිනි.
රාජපක්ෂලා සිරසට එරෙහිව ගල් මුගුරු ගත්තද නිව්යෝර්ක් ටයිම්ස් හෙලිදරව්ව සම්බන්ධව සිරස වාර්ථා කල ආකාරය ඉතා ප්‍රශස්තය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත සිරස විකාෂනය කල ආකරය සම්බන්දව රාජපක්ෂලා පරල වීම සිරසේ අවුලක් නොව රාජකෂලාගේ උපන් ගෙයි අවුලකි. කෙසේ නමුදු අද දින වන විට රාජපක්ෂලා සිරසට එරෙහිව සතර දෙසින්ම ප්‍රහාර එල්ල කොට ඇත . මදි පාඩුවකට ඇත්තේ සිරසට සුදු වෑන් බලකාය එවා ක්ලෙමො බෝම්බයක් සෙට් කිරීම පමනි . කරුනු මෙසේ තිබියදී රාජපක්ෂලා අර අදින ප්‍රහාරයන් සම්බන්දව විශේෂ සාකච්ඡාවක් හෙට දින රාජාමහෙන්ද්‍රන් විසින් කැදවීමට නියමිතය.ප්‍රහාරයට ප්‍රහාරය එල්ල කිරීමට පෙර සිරස ආයතනයේ ඇතුලත් සුද්ද කීරීමේ මෙහෙයුමක් දියත් කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් හෙලි වී ඇත.
~~දේශපාලන වාර්තාකරු~~

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.