ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, July 29, 2018

මාධ්‍ය සගවන, නාගානන්ද එළිකල පිළිකා කාරක ඇසිඩ් කලවම් කල, පාම් ඔයිල් පිළිබඳ හෙළිදරව්ව ....!!!

මනුෂ්‍ය සෞඛ්‍යට සම්පුර්ණයෙන්ම අහිතකර බවට රජයේ රජයේ රස පරීක්ෂක වරයා විසින් නිර්දේශ කරන ලද, වසර 2 කට වඩා වැඩි කාලයක් රේගු අත්අඩංගුවේ රඳවා තිබු, පිළිකා කාරක ඇසිඩ් කලවම් කල, පාම් ඔයිල් කන්ටේනර් 6, නිදහස් කර තිබේ .
ආහර පනතට අනුව මෙවැනි මනුෂ්‍ය ආහරයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සපුරා තහනම් වුවත් මෙම පිළිකා කාරක ඇසිඩ් කලවම් කල, පාම් ඔයිල් කන්ටේනර් 6 නිදහස් කිරීමට සහකාර රේගු අධ්‍යක්ෂ කේ.එච්.පී.කුමාරසිරි  නියෝග කර තිබේ .

පව් කාරයන්ට ගල් ගහන පව් කාරයෝ, ගැටලුවට සම්භූත හේතු එලෙසම පවතිද්දී ඵලය සමග ගේම ඉල්ලීම

ධර්මයට අනුව කර්ම කරන්නෙක් හෝ විපාක වි‍ඳින්නෙක් නැත. කර්මය කරන කෙනෙකු නොමැති කල කර්මය පල දෙන්නේ කාටද? ගොනෙකු නොමැති නම් කරත්තය යන්නේ කවරෙකු පසුපසද? පුද්ගල ක්‍රියාකාරකම් සිදුවන්නේ සිතුවිලි අනුවය, සිතුවිලි අනුව ක්‍රියා සිදුවෙයි, ක්‍රියාවන් අනුව විඳීම සිදුවෙයි. කර්මයෝ විසින් විපාකයෝ ‍රැස් කරයි , විපාකයෝ විසින් කර්ම ගෙන එයි. බයිබලයේ එන අකීකරු පුත්‍රයාගේ කථාව අකාලික මාර්ගෝපදේශනයන්ය, වඩා වැදගත් වන්නේ රැළේ පිළිවෙලට යන බැටළු පැටවා ගැන සෙවීම නොව කණ්ඩායමෙන් පිට ගිය එකා ගැන සෙවීම ය.
බෞද්ධ දර්ශනය අනුව සන්සාරය යනු භවයෙන් භවයට ගමන් ගන්නා කාල යාත්‍රාවක් නොව එක් චිත්තක්ෂනයකි. සන්සාරය යනු මේ මොහොත ය. හිතක් නිරුද්ධ වී අලුත් සිතක් ඉපදෙන විට පූර්ව කිසිවෙකු එහි නැත. අවිද්‍යාවේ ගිලී සිටින සත්වයාගේ ස්වභාවය අල්ලා ගැනීමයි . කෙනෙකුගෙන් වරදක් සිදු වුව හොත් වාඩුව ගැනීමට සිත්හි තැන්පත් කර තබා ගනියි , අතීතයේ වර්තමානයේ අනාගතයේ ඔහු හා ගැටෙමින් සැරිසරයි. දිව පිනවන රසක් දැනුන හොත් එය සිතෙහි ගබඩා කර තබා ගනියි, රසය එසේ අල්ලා ගන්නේ ඉදිරියේදී තව තවත් රස විඳීමටය. ඇලීම ගැටීම නිසා කාලය ගොඩ නැගෙයි . ඇලීමට, ගැටීමට, රස විඳිමට කෙනෙකු ඇතැයි සිත් වෙයි. මම කියා පුද්ගලයෙකු ඇතැයි සිතෙයි. කාලය නැමති මායාවට මමත්වය එකතු කොට ජීවිතය ගොඩනගයි.

Friday, July 27, 2018

මලික් සමරවික්‍රමගේ රුපියල් කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට..!!!

ඔප්පු තිරප්පු පිටින් බඩු මාට්ටු..! ගාමිණී සෙනරත් එක්කත් “Deal” කරලා..?

 මහින්ද රාජපක්ෂ පාලන සමයේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි මලික් සමරවික්‍රම රුපියල් කෝටි 35 ක මහ පරිමාණ බදු වංචාවක් සිදු කර ඇති අතර ඊට අදාළව දේශීය අදායම් දෙපාර්තමේන්තුවට තමාට ගෙවීමට සිදු වූ රුපියල් ලක්ෂ ගණනක දඩ මුදලට ද වංචා සිදු කර ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතියි.
සිය අදායම් වෙනුවෙන් ගෙවීමට නියමිත තිබූ රුපියල් කෝටි 35 ක බදු මුදල ගෙවීම පැහැර හැරීමට අදාළව දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව පැනවූ දඩ මුදල පිය වෙන ආකාරයට අවස්ථා ගණනාවකදී එම දෙපාර්තමේන්තුවට චෙක් පත් විස්සකට අධික ප්‍රමාණයක් මලික් සමරවික්‍රම  විසින් නිකුත් කරනු ලැබ තිබේ.
කෙසේ නමුත් දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව එම චෙක් පත් ගිණුම් ගත කිරීමට පෙර මලික් සමරවික්‍රම  කර තිබෙන්නේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් අල්ලා ගෙන ඔහු මාර්ගයෙන් එම චෙක් පත් සියල්ල ලබා ගැනීමය.

වාර්ෂිකව බිලියන 9කට අධික මුදලක් ගිල ගන්නා DTH පිල්ලිය මෙන්න…!!!

TRC ලොක්කන්ගේ කප්පම් මාෆියාව වහාම නතර කරනු...!!! 
TRC ය රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් රටපුර දියත් වන කේබල් සහ DTH හරහා රටේ මුදල් බිලියන ගණනින් රටේන් පිටට යන්නට ඉඩ දි බලාගෙන සිටි.

මත්තල වී ගබඩාව...!!!

තිබෙන ප්‍රශ්න නිරාකරණය කරගෙන ඉදිරියට යනවා වෙනුවට එම ප්‍රශ්න තොරොම්බල් කරමින්, කාලය කා දැමීමත්, රටේ ජාතික ධනය විනාශ කර දැමීමත් බොහෝ ආණ්‌ඩුවලට වැළඳෙන බෝවන රෝගයකි. මත්තල වී ගබඩාව (කලින් ගුවන් තොටුපළක්‌ ලෙස භාවිත කරන ලදුව 2015 වර්ෂයේ දී සිට වී ගබඩාවක්‌ බවට පත්කරන ලද්දේය.) ගැන කතාබහ තුළත් ඇතිවී ඇත්තේ ඒ බෝවන රෝගය උත්සන්න වී ඇති නිසාය.
 
මේ දිනවල මේ රටේ ඇතිවී තිබෙන අලුත් කතාබහ ගැන වඩාත්ම සතුටු වන්නේ ඉන්දියානු ජනතාව බව සහතිකය. තමන්ගේ රටෙන් පිටත ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ මිලදී ගන්නා රටක්‌ ගැන උදම් නොඅනන ජනතාවක්‌ ගැන අප අසා නැත. ඉන්දියාව සිටින්නේ එවැනි තැනකය. නිවැරැදිව මේ කතාව කිව්වොත්, ගුවන් තොටුපළවල් 18 ක්‌ හිමි ඉන්දියාව, ශ්‍රී ලංකාවේ මත්තල (ගුවන් තොටුපොළ) වී ගබඩාව මිලදී ගෙන තමන්ගේ වපසරිය 19 ක්‌ දක්‌වා පුළුල් කර ගැනීමට නියමිතය. දැනට ගණන් බලා ඇති පරිදි මත්තල ගුවන්තොටේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 325 කි. එම වටිනාකමින් සියයට හැත්තෑවක කොටසක්‌ ඉන්දියානු ගුවන්තොටුපළ අධිකාරියට විකුණා දැමේ. හරියටම කිව්වොත් මේ 70% ට පාලන බලය සහිත වැඩි කොටසක්‌ හිමිවේ. මෙරටට අයත් වන්නේ ඉතිරි 30% ක කොටස්‌ය.

Sunday, July 22, 2018

වැට් වැඩිකිරීමෙන් කෝටි 180යි.. බල්ලන්ට සැප කාර් ගෙන්න කෝටි 117යි.. අගමැතිගේ කාර් එකට කෝටි 30යි..

වැට් බදු ඉහල නැංවීම තුලින් උපයා ගැනීමට බලාපොරොත්තුවන රුපියල් කෝටි 180ක මුදල උපයා ගත හැකි පහසුම මගක් ජවිපෙ නායක අනුර දිසානායක  පාර්ලිමේන්තුවේ වැට් පනත විවාදයට එක්වෙමින් හෙලි කලේය.
ඔහු යෝජනා කලේ ඇමතිවරුන්ට වාහන ගෙන්වීම සදහා පරිපූරක ඇස්තමේන්තුවකින් වෙන් කරගන්නා ලද රුපියල් කෝටි 180 හා අගමැතිවරයාට වාහනයක් ගෙන්වීමට වෙන් කර ඇති රුපියල් කෝටි 30ක මුදල නවතා දැමුවහොත් වැට් බද්ද වැඩිකිරීම අතහැර දැමීමට හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
වීඩියෝ සහිතයි...

අප සසරේ තවත් ඵක් ආත්ම භාවයකදී අපට හමුවී නැතිවී ගිය ගාන්ධර්වයා...!!!

භව ගමනයි උපතයි විපතයි...මින් වසර අසූ අටකට පෙර ඔහුද කුඩා ළදරුවෙකී.දිනෙන් දින රූපකාය වෙනස් වෙමින් ගොස් අවසන මෙලොව උපන් අප කාටත් උරුම මරණය කරා ගියේය.නැවත ඔහු අපට මේ සසරේ හමුවනු නියතය .නමුත් ඒ මේ හැර දමා ගිය රූප කායෙන් නොවේ. අප ඔහුත් ඔහු අපත් ඵවිට නොහඳුනන බව විශ්වාසය.මේ ජීවිතය ඵසේය අස්ථීරය.ඔබට නිවන් සුව  ලංකානිව්ස්

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දහම තේරුම් ගැනීමට මා දෙසූ දහමේ අවශ්‍යතාවක් තිබේදැයි වරක් විමසා ඇත. මෙවැනි උතුම් සදාතනික සුවයට පත්විය හැකි උපත හා මරණය ජයගත හැකි බව එය මේ මිනිස් ජීවිතයේදීම ලබාගත හැකි උත්තරීතර ඵලය බව දේශනා කොට ඇත්තේ මහා කරුණාවෙනි. මහා ප්‍රඥාවෙනි. උපත, මරණය නැති සංසාර චක්‍රයට හසුවි හේතුඵල ධර්මතාවයක් බව වටහා නොගෙන අවිද්‍යා අන්ධකාරයේ ගමන් කරන බව පටිට්ච සමුප්පාදයෙන් වටහා ගත හැකිය.
බුද්ධකාලීන භාරතීය සමාජය තුළ මනුෂ්‍ය ජීවිතය පිළිබඳ ගැඹුරු විමර්ශනයකට ලක් කළ අවධියකි. විවිධ ශාස්තෘවරුන් මිනිසාගේ ඉපදීම, දිවි පැවැත්ම, මරණය පිළිබඳ ගැඹුරින් පර්යේෂණයට ලක්කොට එහි සත්‍ය අනාවරණය කර ගැනීම සඳහා විවිධ යෝග ක්‍රම භාවනා ක්‍රම අනුගමනය කරමින් සත්‍ය ගවේෂණාත්මක අවධියක් ලෙස ක්‍රියා කළහ.

අන්තවාදයෙන් වනසන අක්‌කර සිය ගණනක බොදු උරුමය... සෙම්බුමලේ දාගැබේ ගඩොල් ගලවා දේවාලයක්‌ හදයි...!!!

* බුදු පිළිම පෙරළා ඇදගෙන ගොස්‌ විනාශ කරලා...
* බොදු බිමේ ගල් කැටයම් කළ ගල් වැඩපළ අදටත් දැකිය හැකිය...
* ඒත් එම පුරාවිද්‍යා බිමේ ආරක්‍ෂාවට පුරාවිද්‍යා නිලධාරියෙක්‌ නෑ...

මහා ගල් පර්වතය ගිනිගෙනය. වියරු වැටුණු හිරුගේ ආකරුණික රැස්‌ දහරා අවට දවාලන්නේය. ගිනියම් සුළං රැලි ගත විනිවිද ඇටමිදුළු ද රත් කරමින් හමා යන්නේය. පර්වතය බෑවුමේ වීර ගසක්‌ යට ගල් පඩියක්‌ මත හිඳගෙන මම මෑත බලා සිටියෙමි.
 


 දෑස්‌ මානයට ඉහළින් ගල්තලාව මත කටු කොහොළින් වැසී ගිය ගොඩැල්ලක්‌ ඇස ගැටිණි. ඉහළට එසවුණු ගල් කණු කිහිපයක්‌ සහ මුදුනේ සිට කඳු පහළට වැටුණු ගල් පඩි පෙළක්‌ හොඳින් දර්ශනය විය. අව් කූටයේ ගිනි ගත් මහා පර්වතය මැදින් මම ගොඩැල්ල පිහිටි ඉහළ බිම් තැන්නට ගියෙමි. ගඩොලු ශේෂ හා කැඩුණු පස්‌ කන්දක ස්‌වරූපයක්‌ ගත් එය විශාල ස්‌තූපයක ගරා වැටුණු කොටස්‌ බව හඳුනාගැනීමට අසීරු නොවිණි. නිධන් හොරු විසින් ස්‌තූපය මැද වළක්‌ හාරා දාගැබ සම්පූර්ණයෙන් විනාශ කර ඇති අයුරු දකින විට හදවත පත්තු විය. මහා සෑයට මඳක්‌ පහළින් අලුතින් ඉදිකරන ලද, එහෙත් දැන් ගරා වැටී ගිය ගොඩනැඟිල්ලක ගැලවී ගිය බිත්ති අතරින් සෑයේ ගඩොල් දකින විට සිත් පත්ලෙන් තියුණු අඳෝනාවක්‌ මතු විය. සිත දවන වේදනාව යටපත් කරගෙන ගොඩනැඟිල්ල දෙසට යන විට බදාම ඇනූ මල් ආසනය දකින විට සිත වැළපිණි. කූරගල, මුහුදු මහා විහාරය, දෙවනගල බොදු බිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට නතු වී ඇති සැටි චිත්‍රපටයක්‌ සේ මනසේ ඇඳෙන්නට විය. මේ ඊට දෙවැනි කොට සැලකිය යුතු ආක්‍රමණයක්‌ නොවේ. මේ ඓතිහාසික පුදබිම නැගෙනහිර පළාතේ පිහිටි විශාලතම බෞද්ධ සිද්ධස්‌ථානයකි. ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පන්කුලම් රක්‍ෂිතය මැද සෙම්බුමලේ කන්ද මත පිහිටි ඉපැරැණි බෞද්ධ කේන්ද්‍රස්‌ථානයකි.

කරාපිටියේ හෘද රෝග ඒකකයට ඒ. සී. ත් නෑ... එහෙව් රටේ මන්ත්‍රීවරුන්ගේ වාහන බිල මෙන්න... !!!

යහපාලන රජයේ පාර්ශ්වකරුවන් අතර බොහෝ වැදගත් කරුණු කාරණා ගැන එකඟතාවක්‌ නැත. ඇත්ත වශයෙන්ම නව ව්‍යවස්‌ථාව, ආර්ථික ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය ඇතුළු මූලික විෂයයන් සම්බන්ධයෙන් පරස්‌පර අදහස්‌ නිරතුරුවම ඉදිරිපත් වේ. එලෙසම යහපාලන රජයේ ප්‍රධාන කොටස්‌කරුවා වන එජාපය තුළ ද ප්‍රතිවිරුද්ධ අදහස්‌ ඇත. එජාපය හරහා 2015 මහ මැතිවරණයට තරග කළ අනෙකුත් පක්‍ෂවල තත්ත්වය ද එසේමය. ශ්‍රීලනිපයේ තත්ත්වය ද කනගාටුදායකය. රජයේ සිටින ශ්‍රීලනිපයේ 39 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු කණ්‌ඩායම නැවත දෙකඩ වී ඇත. 39 දෙනාගෙන් වෙන් වූ කුඩා කණ්‌ඩායම තම දේශපාලන අනාගතය හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ නායකත්වය දෙන ඒකාබද්ධ විපක්‍ෂයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට භාරකර ඇත. 2015 ජනවාරි මස බලයට පත් වූ එජාප ශ්‍රීලනිප හවුල 2015 පෙබරවාරි මස සිදු වූ මහ බැංකු මංකොල්ලය හේතුවෙන් විරසක වූ බව රහසක්‌ නොවේ. එතැන් පටන් ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක්‌ මෙම පාර්ශ්ව දෙක අතර නැත. එම තත්ත්වය පිළිබඳව පුදුම විය යුතු නැත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසන පරිදි ඔහුගේ ශ්‍රීලනිපය රජයේ නොසිටියේ නම් එජාපය රාජ්‍ය බැංකු පද්ධතිය මේ වන විට විනාශකර හමාරය.

Saturday, July 21, 2018

මෙන්න ඇත්ත ! - කොටි ඩයස්‌පෝරාව අන්දමන්ද කළ ජිනීවාහි කොටි යුද අපරාධ ප්‍රදර්ශනය

38 වැනි ජිනිවා මානව හිමිකම් සමුළුව පසුගිය 6 දා අවසන් විය. කොටි ඩයස්‌පෝරාව සමාන්තර රැස්‌වීම් අටකට අධික සංඛ්‍යාවක්‌ පවත්වමින් මුලතිව් සිට ගෙන ආ කාන්තාවන් 7 ක්‌ ලවා මහා සමුළු විවාදය හමුවේ ශ්‍රී ලංකාවට අභූත චෝදනා එල්ල කරන අවස්‌ථාවේ ඊට ප්‍රතිචාර දැක්‌වීමට යහපාලන රජයේ කිසිදු නියෝජිතයකු සිටියේ නැත. එහෙත් පාකිස්‌තානය රාජ්‍ය නොවන සංවිධාන තුනක්‌ ලවා ඉන්දීය හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන ලද අවස්‌ථාවේ ජීනීවාහි ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලය ක්‍ෂණයකින් ක්‍රියාත්මක විය. ඒ ඉන්දු කාශ්මීරයේ කාශ්මීර බෙදුම්වාදීන් සිදුකළ ත්‍රස්‌තවාදී ක්‍රියා ඇතුළත් පත්‍රිකා මානව හිමිකම් කවුන්සිලය තුළ බෙදාහැරීමයි.
එහෙත් කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීහු ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිතා කළ බවටත් විශාල පිරිසක්‌ අතුරුදන් කළ බවට සහ උතුරේ හමුදා ආධිපත්‍යය ගෙන යන බවටත් විශාල සමූලඝාතනයක්‌ සිදුකළ බවටත් සාවද්‍ය චෝදනා නඟද්දී ඊට ප්‍රතිචාර දැක්‌වීමට ජිනීවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිම නිලධාරියකු පැමිණ සිටියේ නැත.

Saturday, July 14, 2018

මාසෙකට ලක්‍ෂයට වඩා හොයන හිගන්නන්ගෙනුත් බදු ගන්නවා..- මංගල

රුපියල් ලක්‍ෂයකට වැඩි ආදායමක් ලබන හිගන්නෙකුගෙන් වුවද ආදායම් බදු අය කරන්නේ යයි මංගල සමරවීර මුදල් හා ජනමාධ්‍ය අැමතිවරයා පවසයි.
65,000ක් මාසයකට ආදායම් ලබන්නන්ගෙන් මීට පෙර බදු අය කලද නව ක‍්‍රමය යටතේ ආදායම් බදු අය කරන්නේ 100,000ට වඩා මාසික ආදායම් ඇති පුද්ගලයන්ගෙන් බවත් ඇමතිවරයා සදහන් කරයි.

2015 ඡන්දය පෙනී පෙනී ඩොලර් මිලියන 3.7 ක් චෙක්පත් මහින්දගේ සමිපතමයන්ට බෙදා දිලා.. මහින්දට කඩේ ගිය චීවර ධාරියෙකුට ඩොලර් 38,000ක්...!!!

චීනය සහ මහින්ද රාජපක්ෂ අතර ඉතා සමීප සබඳතාවයක් පැවැති අතර එයට හොදම සාධකය වන්නේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙහි(Standard Chartered)ගිණුම් හරහා ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර දින 10 ක් පුරා ඩොලර් මිලියන 3.7 ක් චෙක්පත් මහින්දගේ සමිපතමයන්ට බෙදා දිමයි.
 චීන සමාගමක් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 7කට අධික මුදලක් යොදවා ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස්(New York Times) පුවත් පත අනාවරණය කර තිබේ.
හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ඉදිවු හම්බන්තොට වරාය 99 අවුරුදු බදු මුදලකට මිලදි ගැනිම චීන බලය ව්‍යාප්ත කිරිමේ මෙහෙයුමේ ප්‍රබල සන්ධිස්ථානයක් බව සදහන් කරන නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත ඉදිරියේදි ආසියානු යුධ මෙහෙයුම් සදහා චිනය හම්බන්තොට වරාය යොදවා ගැනිමට මෙහෙයුම් දියත් කරමින් සිටින බවට ඉන්දීය රජය පව සැක පලකර තිබේන බවයි.
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සදහා ලබාදුන් පලමු ණය මුදල වු ඩොලර් මිලියන 307ක මුදල චීනයේ එක්සීම් බැංකුව (Exim Bank of China)හරහා වන අතර එම ණය මුදල ලබා ගැනිම සදහා චීන රජය ඉදිරිපත් කල ප්‍රබලම කොන්දේසියටද රාජපක්ෂල අවනත වි තිබේන බව එම වාර්තාව පෙන්ව දෙන අතර ඒ අනුව අදාළ ණය මුදල නිදහස් කිරිම සදහා චයිනා හාබර් සමාගමට (China Harbour Engineering Compan) කොන්ත්‍රාත්තුව ලබාදිමට රාජපක්ෂලා කටයුතු කර තිබේ.

සිරසට එරෙහිව රාජපක්ෂලා බර අවි යොදවයි… සියයට 3න් ඇරබු පහරදිම,කබ්රාල්ලා අතට ගනී….!!!

මහින්දගේ 3% කථාවට වඩා භයානක පනිවිඩයක් මෙහි අඩංගු විය. එනම් මහින්දගේ කථාව අපහාසයක් උපහාසයක් හෝ සිරස නැරඹීම පිලිබද ප්‍රශ්නයක් නොව,'' ඉවසුවා ඇති සිරසට පහර දියව් '' යන නියෝගය මහින්දගේම අත්සනික් පාක්ෂිකයන් වෙත මුදා හැරීමකි .
 රාජපක්ෂලාගේ චීන ඩීල් පිලිබදව නිව්යෝර්ක් ටයිම්ස් බෝමබය පුපුරා ගියේ නොසිතූ මොහොතකය. එහි බලපෑම හිතුවාට වඩා වැඩි විය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත රාජපක්ෂ විරෝධීන්ට හොද කෙවිටක් වූවා පමනක් නොව රජපක්ෂ බත් බැලයන්ගේ මුඛ පූට්‍ටු කලේය .නිව්යෝර්ක් සටහන රාජපක්ෂ කදවුරේ පාවෙන පාක්ෂිකයින් අතරමං කර දැමීමට සමත් විය. අතර මං වුනු පාක්ෂිකයන් සහ ජනතා අවධානය වාසි දායක ලෙස හැසිරවීමට හදිසි දේශපාලන තීන්දු තීරණ ගනනාවක් ගැනීමට මහින්දට සිදුවිය. නෙලුම් මාවතේ පෙන්වූ බැසිල්- ගෝටා අපි තරහ නෑ චිත්‍රපටිය මින් පලමු වැන්න විය. 16යේ කල්ලිය වද්දාගැනීම දෙවැන්න විය. කුනු කානු යයි චෝදන ලැබූ 16 කල්ලිය කුනු ගංගාව සමග එක් වූයේය.
නිව්යෝක් ටයිම්ස් ප්‍රහාරය හේතුවෙන් රාජපක්ෂලාට ඇදිවතේම මලපහ වූයේය. සිරිත් පරිදි රාජපක්ෂලාගේ කුනු රෙදි සේදීම දිනිත් ජයවීර සහ රෙනෝ සිල්වා බාරගත්තේය.නිව්යෝර්ක් පුවතට ප්‍රචාරණයක් දෙන දේශීය මාධ්‍ය ආයතනයන් සහ පුද්ගලයන් ගැන සෙවීමට කන්ඩායම් යෙදෙව්වේය. ඕනෑම ආයතනයක පරපෝෂිතයන් ඇත්තේය. සිරසේ සිටින රාජපක්ෂගේ දූතයන් පෞද්ගලික වාසි අපේක්ෂාවෙන් ඇතුලත තොරතුරු පිටතට ලබා දුන්නේය . නමුත් දෙරණ සහ හිරු රාජපක්ෂලාගේ අසූචි අදින විට සිරස නාලිකාව සත්‍යයෙන් සත්‍යය ගලපා කථා කල බව පැහැදිලිවම පෙනෙන්නට තිබිනි . සිරස කලේ රාජපක්ෂලා චීනය සමග කල අතයට ගනුදෙනු සරල සිංහලෙන් ජනගත කිරීමය . නිව්යෝර්ක් ටයිම්ස් පුවත පිලිබදව සිරස ගෙනගිය වාර්තාකරනය මරාවේශ රාජපක්ෂ පෙරමුණේ දැඩි උදහසට ලක්විය . සිරසට එරෙහිව පලමු වෙඩිල්ල තැබුවේ මහින්ද රාජපක්ෂ විසින්මය.

වසරකට තුන්සිය වතාවක් සිංගප්පූරුවට …!!! ගුවන් සමාගම ගිලදැමු මහින්දගේ පෙරියදොරේ මස්සිනා…!!!

මේ අය රාත්‍රී සාදය අවසන් වී තම තමන්ගේ කාමර වලට ඇතුල්වුනේ ශ්‍රී ලංකන් සුරුපිනියන් තුරුළු කරගෙන වන අතර ශ්‍රී ලංකන් සභාපති නිශාන්ත වික්‍රමසිංහ  පෙරියදොරේයි කාමරයට ඇතුල්වුනේ වයස 18ක නුපුහුණු ගුවන් සේවිකාවක් සහ පුහුණු ගුවන් සේවිකාවක් සමගයි.රාත්‍රී නිශාන්ත වික්‍රමසිංහගේ ලිංගික සාදයට විමල් මෙන් ව්‍යාග්‍රයා භාවිතා කර තිබේ.
 ශිරන්ති වික්‍රමසිංහගේ සහෝදරයකු වන,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු සභාපති,තේ වත්තක පීඩී (පෙරියදොරේ) හෙවත් නිශාන්ත වික්‍රමසිංහගේ අම්තුම තාලේ ජනතා මුදල් වලට කෙලවිමක් මෙ වන විට අනාවරණය වි තිබේ. ඒ අනුව තවදුරටත් රාජපක්ෂලා යනු තවදුරටත් කම්බම කම්බ හොරු තහවුරු වි තිබේ.

Friday, July 13, 2018

රිෂාඩ්ගේ දිවුරුම් ප්‍රකාශය බොරු; ඒකට දඬුවම් කරන්න - පැමිණිලිකාර නීතිඥ නාගානන්දගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්‌

රජයේ රක්‌ෂිත කැලෑ පෙදෙසක්‌ වන විලච්චිකුලම්හි හෙක්‌ටයාර් 2018 භූමි ප්‍රමාණයක්‌ එළ පෙහෙළි කර පදිංචි නිවාස හා ගොඩනැඟිලි ඉදිකිරීමට එරෙහිව කර්මාන්ත සහ වාණිජ ඇමැති රිෂාඩ් බදුර්දීන්ට පවරා ඇති නඩුවට උත්තර බඳිමින් ඔහු උසාවියට ගොනු කර ඇති දිවුරුම් ප්‍රකාශයෙන් අසත්‍ය ප්‍රකාශ කීපයක්‌ කර ඇති බැවින් එම වරදට ඔහුට නිසි දඬුවමක්‌ නියම කරන්නැයි ඉල්ලා එම නඩුවේ පැමිණිලිකරු වන නීතිඥ නාගානන්ද වීරක්‌කොඩි  (12 වැනිදා) අභියාචනාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළේය.
රජයේ රක්‌ෂිත කැලෑව පිහිටි මෙම පෙදෙසේ මුස්‌ලිම් ජනතාව විශාල පිරිසක්‌ පදිංචිව සිටි බවත් එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්‌තවාදය පැවති දිනවල ඔවුන් පදිංචිය අතහැර වෙනත් ප්‍රදේශවලට පලා ගිය බවත් එම නිවාස ඉදිකළේ අවතැන්ව සිටින ජනතාවගේ පදිංචිය සඳහා බවත් ඇමැති බදුර්දීන්  අභියාචනාධිකරණයට ගොනු කළ දිවුරුම් පෙත්සමේ සඳහන් කර ඇත.
නීතිඥ වීරක්‌කොඩි සිය පෙත්සමෙන් කියා සිටින්නේ ඇමැති බදුර්දින්  දිවුරුම් පෙත්සමෙන් කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක්‌ බවයි.

Tuesday, July 10, 2018

කුප්‍රකට අබේවර්ධන ඊළාම් වැඩසටහන් TV Lanka හරහා විකාශය කරයි…!!!

මේ ගණුදෙනු දෙකම පසුපස රාජපක්ෂලා සිටින බව මේ වනවිට තහවුරු වි තිබේන අතර ර්ණවාහිනීය සහ ETI මුල්‍ය ආයතන රැසක් ‘ලයිකා මොබයිල්’ ගනුදෙනු වෙනුවෙන් කුප්‍රකට ගෝඨා වාදියෙකු වන දෙරණ නාලිකාවේ හිමිකරු දිලිත් ජයවීර සිටින බව මේ වනවිට අනාවරණය වි ඇති අතර ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් බලාපොරොත්තු වන්න.
එල්ටීටීඊ සංවිධානයට අයත්ව යුරෝපයේ තිබු දුරකතන සමාගමක් වන Lebara Mobile සමාගම ඩොලර් බිලියන 5ක මුදලකට ස්විස්ටර්ලන්ත සමාගමකට විකුණා දමා උතුරට පැමිණී කන්දයියා බාස්කරන් නැමත්තා මේ වනවිට උතුරේ සිට ක්‍රියාත්මක වන රූපවාහිනි නාලිකා මිලදී ගැනිමේ මෙහෙයුම දියත් කර තිබේන බව අප පසුගියදා අනාවරණය කළා.

Monday, July 9, 2018

TCR කප්පම්කරුවෝ අලුත් සෙල්ලමක…. නීතිවිරෝධී කේබල් නාලිකා ඩයස්පොරාවේ Lebara සමාගමට පවරා දිමේ සුදානමක්...!!!

නීතිවිරෝධී කේබල් නාලිකා පවත්වාගෙන යන්නන් හදුනා ගනිමින් ඔහුන්ගේ විකාශයන් නතර කර දැමිම සහ ඔහුන්ට එරෙහිව නඩු පැවැරිම වෙනුවට කප්පම් ගනිමින් නීතිවිරෝධී කේබල් නාලිකා සියල්ලම Lebara සමාගමේ පරිපලනය යටතට පත්කිරිම මුලික අරමුණ වි තිබේ.
 දිගින් දිගටම උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාත්මක නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් සම්බන්ධයෙන්  කල අනාවරණයන්ගෙන් පසුව විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාවේ කප්පම්කරුවෝ භූමි
තෙල් ගැවුනු ගැරඩියන් මෙන් කලබලයට පත්ව අමුතුම පන්නයේ ගේමක් ගැසිමට සුදානම් වෙමින් සිටින බව  විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාත්මක නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් පිළිබඳව කප්පම් ගනිමින් සොය බැලිමක් නොකිරිම සම්බන්ධයෙන් ඉහලින් ලැබෙන බලපෑම් හමුවේ නීතිවිරෝධී කේබල් නාලිකා සියල්ලම නීතිගත කිරිමේ බලය එක පුද්ගලයකු හරහ ක්‍රියාත්මක කිරිමට කොමිෂන් සභාවේ කප්පම්කරුවෝ කටයුතු කරමින් සිටි.

Lebara,Lyca කොටි ඩයස්පොරාවේ ඊළාම්වාදින් සංහිඳියාවට පයින් ගසයි… !!!

තිලිපන්,කිට්ටු,මහවිරු සැමරුම් උතුරේ එකඡන්දයෙන් දිනයි …!!!
. අදාළ යෝජනාවන් දෙමළ ජාතික මහජන පෙරමුණේ නාගරික මන්ත්‍රි මනිවන්නන් විසින් ඉදිරිපත් කර ඇති අතර අදාළ යෝජනා සම්බන්ධයෙන් ඡන්දය විමසීමේදී ඡන්ද විමසිමකින් තොරව අදාළ යෝජනා සභාවේදී ඒකමතිකව සම්මත කර ඇත.


 යාපනය නගර සභාවේ ද්‍රවිධ ජාතික සන්ධානය මන්ත්‍රීවරුන් සමග එක්ව ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ ඩගල්ස් දේවානන්දගේ ඊ.පී.ඩී.පි පාර්ශවය දකුණේ ජනයා කුපිත කරමින් යලිත් සන්නද්ධ අරගලයක් සදහා රට කැදවාගෙන යෑමට කැස කවමින් සිටින බව උතුරේ  ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරනය කළා.
දකුණේ ජනතාවට සංහිදියාව ගැන පාඩම් කියා දෙන ද්‍රවිධ ජාතික සන්ධානය පසුගියදා තමන්ට බලය හිමි යාපනය මහ නගර සභාවේ සභා වාරය තුලදී ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ ඊලාම් රාජ්‍යක් ඉල්ලා සිටින දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානයේ නායක වී.රුද්‍රකුමාරන්ගේ සහචරයෙකු වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් දකුන කුපීත කරන යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර ඇති අතර නගර සභාව තුල පාලක බලය හොබවන TNA සහ දකුණේ යුධ විරෝධින් මෙන්ම ඊළාම් විරෝධීන් ලෙස පෙනී සිටින EPDP පක්ෂයද ඇතුලුව සියලුම දෙනා එම යෝජනා එකඡන්දයෙන් සම්මත කර තිබේ.

බැසිල්ගේ බිරිද පුෂ්පාගෙ ගිණුමට එක්කෝටි අනූ ලක්ෂය ගෙවු චෙක්පත .....!!!

පදනම් පෙන්වා ජනතා මුදල්වලට කෙලවු රාජපක්ෂලාගේ ගදගහන වැඩ......!!!


 වරාය අධිකාරියේ මුදල් අධ්‍යක්ෂවරයාගෙන් විගණනය මේ සම්බන්ධව විමසීමේදී සහ CICT සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ නිලධාරියාගෙන් විමසීමේදී ද ඉහත සංවිධානයට මුදල් ලබාදී ඇති බව තහවුරු කර තිබේ. එය ගෙවීම වරාය ඉදිකිරීම් පිරිවැයක් ලෙස ගිණුම් ගතකර ඇති බවද තහවුරු කර ඇත.
 අප බැසිලා  ගැන අපමණ දේ හෙළිකර තිබුණි ,බැසිලා  යනු පට්ටම හොරෙකි, සාටක සුනකයා යන ආදරබර වචනයෙන් අප ඌ  බෞතිස්ම කලේ එහෙයිනි .ඩොලර් මිලියන ගණනක් වටින දේපොළ ඇති ඇමෙරිකානු පුරවැසියෙකි .ඌ මේ රටට නැවත ආවේ නැවත යමක් කමක් පොදි  ගසාගෙන ඌ ගේ රටට යාමටය .බැසිලා  යනු  මේ රටේ කාලකණ්නි දේශපාලුවෙකු  වන අතර තවත් වල්   පරයෙකි ,පාහරයෙකි ,මේ කරළියේ රඟ දෙන්නේ ඌ ගේ ගෑණි උපයා  සපයාගෙන උන්ගේ රටට මාරු වූ අයුරු නොව ඒවා උපයා සපයා ගෙන තිබු අයුරුය ,ඒ ගැන උන්ට ලැජ්ජාවක් නැත .අපේ එවුන්ට වගේ වගක් නැත .නැවත පොහොට්ටුවක් අටවාගෙන නැවත රටට කෙළ  කරවා රජ පරම්පරාව රජ කරවා  නැවත ජනතා මුදල් ගසා කා  ඇමෙරිකාවට යාමට සාටක සුනකයා  සැදී  පැහැදී සිටිති.

අතිවිශේෂ හෙලිදරව්ව - චීන පෝට්සිටි සමාගමෙන් සිරස මාධ්‍ය ජාලය මුදල් අරගෙන

සිරසේ ලොක්කා ප්‍රභාකරන් මෙන් රහසිගත ජීවිතයක් ගත කරන රටේ සාරය උරා බොන කල්ලතෝනි ජාවාරම් කාරයෙකි. මොහුගේ සම්පූර්න කථා වස්තුව ලියුවහොත් එය වැඩිහිටියන්ට පමනයි ලේබලයෙන් ඉදිරිපත් කල යුතුව ඇත. එහෙයින් මේ කථාව ස්වයං වාරණයකට ලක් කර ඇති බව පාඨකයන්ට දැනුම් දිය යුතුව ඇත. සිරස මාධ්‍ය භාවිතය ගුජුප්සාජනකය. පවුල් සංස්ථාව කඩා බිද දමමින් සංකර ඉන්දිය මොඩලයක්  බිහිකිරීමේ සාහසික ගමනක මොවුන් නියුතුය.  සිය මාධ්‍ය ජාලය හරහා හීන දහම් වලට ආවඩමින් සැබෑ  බෞද්ධ ධර්මය යටපත්  කරනේය. මෙම  සාහසික වැඩ පිලිවෙල මෙහෙයවනුයේ මල නොතලා රොන් ගන්නා සේය. වකුගඩු රෝගය හරහා ලංකාවේ දහස් ගනනක් මිනිසුන් මරා දැමූ තවත් දහස් ගනනක් රෝගී කල ග්ලයිෆෝසෙට් එකාධිකාරයේ අයිතිකරුවන් සිරස සමාගමය  .බිලියන 24 ක් හෙවත් කෝටි 2400 ක් ගෙවා පරණ රුසියානු නැවක් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුවට පි‍ටුපස සිටින සොර කල්ලියද මොවුන්ය. රුසියානු යුධ නැව් ජාවාරමට විරුද්ධ වීම නිසා  ලංකාවට පහළ වූ දක්ෂතම නාවික හමුදාපතිවරයෙක්  වූ ට්‍රැවිස් සින්නයියා මාස 3න් ගෙදර යැවීම පි‍ටුපස සිටියේද මොවුන්ය. නෙලුම් කුලුන සාදා නිමකල පසු ප්‍රකෝටි ගනනක් වටිනා ගුවන් විදුලි සංඛ්‍යාත රැසක් මොවුන් විසින් සොරා කෑවේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.