අර්ජුන් ඇලෝසියස් විසින් මුදල් දී ඇත්තේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට පමණක් නොවන බව ජවිපෙ පළාත් සභා මන්ත්රී වසන්ත සමරසිංහ පවසයි.
අර්ජුන් ඇලෝසියස් විසින් ඒකාබද්ද විපක්ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට දුරකථන ඇමතුම් 800කට වඩා ලබාගෙන ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
කොළඹදී පැවති සම්මන්ත්රණයක් අමතමින් ඔහු ඒ බව කියා සිටියේය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හම්බන්තොට වරාය ගැන කතා කරන තරමට ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 ගැන කතා නොකරන බවත් ඉන් වටහා ගත හැක්කේ ඒකාබද්දයට ඇලෝසියස් සලකා ඇති අන්දම බවත් ඔහු එහිදී වැඩි දුරටත් කීය.