සුනිල්
ධර්මසේන, හතළිස් පස් වසරක සංගීත දිවියේ ආවර්ජනයට ඔහු සැරසේ. ඇතැම් විට
මේ නම ඇසූ පමණින් මොහු කවුරුන්ද යන වග මතකයට නොනැඟෙනු ඇත. එහෙත් ඔහු විසින්
නිර්මාණය කරන ලද ගීත සංගීත රසකාමී ඕනෑම පුද්ගලයකුගේ හදවත් තුළ නොමැකෙන
අයුරින් සනිටුහන් වී ඇති වග නම් කිව යුතුමය.
1973 දී කස පුපුරණ
හඬින් ආරම්භ වී සීත කඳුරටේ. පිනිබර සීත යාමේ, මේ මල් යායේ, නිහඬ කල්පනා,
සාගර තරංගා මල් මන්දහාසින්ය කිවේ, පෙම්වන්තයින් සේ සිනාසී, ඉස්සර දවසේ,
පමණක් නොව ආරොන්ගෙ මල්ලි බාරොන් සහ පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා
වැනි ගීත වලද සංගීත නිර්මාණ ශිල්පියා ඔහුය.
'සුනිල සර' නමින්
සංගීත ප්‍රසංගයකින් හතළිස් පස් වසරක සංගීත දිවිය ආවර්ජනය කරන්නට සූදානම්
වන මොහොතක 'දිවයින සිනමා කලා' අතිරේකය හරහා අපි ඔහු මුණගැසුනෙමු.
'සුනිල සර' ප්‍රසංගය පැවැත්වෙන්නේ කොහේද, කවදාද?
කොළඹ බිෂොප් ශ්‍රවණාගාරයේ තමයි මේ ප්‍රසංගය තියෙන්නේ. හරියටම 16 වැනිදා
හවස 6.30 ට. ආරාධනා කරනවා සංගීත රසකාමී හැමෝටම මේ ප්‍රසංගය බලන්න එන්න
කියලා.
ඇයි මෙවැනි ප්‍රසංගයක් සූදානම් කළේ?
ඇත්තටම
මේක මගේ අදහසක් නෙමෙයි. මගේ පුතයි දුවයි දෙන්න තමයි කිව්වේ අපි මෙහෙම
දෙයක් කරමු, තාත්තගේ සින්දු ඇහුවට තාත්තා ගැන කවුරුත් දන්නේ හරි අඩුවෙන්, ඒ
නිසා අපි මෙහෙම ප්‍රසංගයක් කරමු කියලා යෝජනා කළේ ඒ දෙන්නා තමයි.
ප්‍රසංගයට සභාගිවන ශිල්පීන් කවුද?
ප්‍රියා සූරියසේන, ජගත් වික්‍රමසිංහ, එඩ්වඩ් ජයකොඩි, කීර්ති පැස්කුවෙල්,
උරේෂා රවිහාරි, චින්තා, සන්දීපනී. සංගීතය මගේ ට්‍රෑංගල් සංගීත කණ්ඩායම.
මේ ඔබ වෙනුවෙන් කරන මුල්ම ප්රසංගයද?
නැහැ. මීට අවුරුදු 10 කට විතර කලින් ප්‍රසංගයක් කළා. ගායන ශිල්පීන් 40 දෙනෙක් සහභාගි කරගෙන.
ඇයි මේ ප්‍රසංගයට ගායන ශිල්පීන් අඩු ප්‍රමාණයක් සහභාගි කරගන්නේ?
ඒක මෙහෙමයි. යම්කිසි ගායන ශිල්පියෙකුට රසිකයින් කැමතිනම් ඔවුන් ප්‍රසංගයට
එන්නේ එම ගායකයාගේ ගීත වැඩිපුර අහන්න. ගායන ශිල්පීන් වැඩි වුණාම ගායනා
කරන්න වෙන්නේ එක ගීතයක් පමණයි. මොකද වෙලාව සීමිත නිසා. එතකොට අර රසිකයින්ට
අසාධාරණයක් වෙනවා නොදැනුවත්වම. ඒ නිසයි මේ ප්‍රසංගයට අඩු ගායන ශිල්පීන්
ප්‍රමාණයක් යොදා ගත්තේ.
ඔබ මේ වෙද්දී ගීත කොපමණ ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙනවද?
1973 මගේ පළවැනි ගීතය "කස පුපුරණ හඬ" ඉඳන් මේ වෙනකන් 1000 කට නම් වැඩි මිසක් අඩු නැහැ.
කොහොමද ඔබ සංගීත ක්ෂේත්රයට එන්නේ.
පාසල් යන කාලෙම සංගීතයට නැඹුරුවක් තිබ්බා. මගේ අම්මා සර්පිනා වාදනය
කරනවා. අම්මගේ පවුලේ අයත් සංගීතයට නැඹුරුවක් තිබුණා. ඒ ආභාෂය තමයි ලැබුණේ
මං හිතන්නේ.
අනතුරුව ඔබ කැලිප්සෝ සංගීත කණ්ඩායමකට බැඳෙනවා.
ඔව්. ඒ 'රියෝ ලොස්ට් ස්වර් නේඩර්ස්' කියල කලුතර සංගීත කණ්ඩායමක්.
ඒක තමයි ආරම්භය. පසු කාලීනව වික්ටර් රත්නායකගේ ගෙදරදී දවසක් මට ජයතිස්ස
හෙට්ටිආරච්චි මුණ ගැහෙනවා. ඒ අනුව සත්සර කියන බෑන්ඩ් එකකට සම්බන්ධ වුණා. ඒ
අතර 'ට්‍රෑංගල්' කියලා මගේ සංගීත කණ්ඩායමත් තිබුණා.
එම යුගයේදී 'ට්‍රෑංගල්' ශිල්පීන් කවුද?
සරත් ද අල්විස්, මයිකල් පෙරේරා, නෙරංජලා සරෝජනී, උපේJද්‍ර ප්‍රනාන්දු, මොහාන් සමරකෝන්, තිලක් සමරකෝන්.
ඇයි සංගීත කණ්ඩායම් කලාවෙන් ඉවත් වුණේ
දැන් ඉතින් ලැබෙන වෙලාව අඩුයි. මම සංගීත පන්ති කරනවා. හැබැයි සංගීතයෙන් ඈත් වෙලා නැහැ. දැනටත් මගේ සංගීත කණ්ඩායමක් තියෙනවා.
නවක ගායන ශිල්පීන් සහ ගීත පිළිබඳ ඔබ මොකද හිතන්නේ?
රුවන් හෙට්ටිආරච්චි, රොමේෂ් සුගතපාල, ඉන්දික ලියනගේ, භාතිය සන්තුෂ් වගේ
හොඳ නිර්මාණ කරන ගායකයෝ අද ඉන්නවා. ඒ අතර මෙලෝ වැදගැම්මකට නැති නිර්මාණ කරන
අයත් ඉන්නවා.
ගායන ශිල්පියා විතරක් ජනප්‍රිය වී සංගීත නිර්මාණ ශිල්පියා ජනප්‍රිය නොවෙන්නේ ඇයි?
ඒකට හේතුව මම හිතන්නේ ගුවන් විදුලි නාලිකා. එහි නිවේදකයන් කවදාවත් අපේ
නම් කියන්නේ නැහැ. හින්දි ගීත ප්‍රචාරය කරද්දී නම් එම ගීතයේ ගායකයා, රචකයා,
සංගීත ශිල්පියා විතරක් නෙමෙයි චිත්‍රපටයේ රඟපාන නළුවා ගැනත් කියනවා. ඒත්
සිංහල ගීත ප්‍රචාරය කරද්දී මොකුත් කියන්නේ නැහැ. ඒකයි හේතුව.
චිත්‍රපට සඳහා සංගීත නිර්මාණයකට ඉඩ ලැබිලා නැතිද?
එක් චිත්‍රපටයකට මම සංගීත නිර්මාණය කළා. හැබැයි තවම ඒ චිත්‍රපටය තිරගත වුණේ නැහැ.
ඔබ සම්මානලාභී සංගීත ශිල්පියෙක්ද?
නැහැ. කවදාවත් මට සම්මාන ලැබිලා නැහැ. ඉල්ලලා සම්මාන ගන්නත් මට වුවමනා නැහැ.
ඔබ නිර්මාණ කරන්නේ සල්ලි බලාගෙනමද?
නැහැ. එහෙම සල්ලි හම්බ කළා නම් මම අද ඉන්නෙ මෙතන නෙමෙයි. මම ගොඩක් ගායක
ගායිකාවන් බිහි කරලා තියෙනවා. හැකියාවක් ඇති අයෙක් ඉන්නවා නම් මම අතින්
වියදම් කරලා හරි උදව් කරනවා.
කසුන් රණවීර
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, June 19, 2018
ගුවන් විදුලි නිවේදකයන් කවදාවත් අපේ නම් කියන්නේ නෑ... - ප්‍රවීණ සංගීතඥ සුනිල් ධර්මසේන
2018-06-19T00:13:00+02:00
lankanews
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
