ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, June 1, 2018

රජයට කෝටි ගණන් පාඩු කරන මහා කේබල් ටී.වී වංචාව… ජාතික ආරක්ෂාව අනතුරේ …. අයිතිකරු කොටියෙක්‌… !!!

TRC ලොක්කන් අල්ලස් වලින් නලවන දුෂ්ෂ්‍යන්දන්ගේ වැඩ මෙන්න ....!!!
එම පිරිස අතර TRCවෙනුවෙන් විමර්ශන කටයුතු කරන රහස් පොලිසියේ නිලධාරින්ද සිටින බව අපි විශ්වාසයෙන් සදහන් කල හැකි අතර එම විමර්ශන කටයුතු කරන කණ්ඩායමේ පොලිස් නිලධාරින් 6 දෙනෙකු සිටින අතර ඔවුන් ඉතාම අන්ත දූෂිත නිලධාරින් බවයි අපට වාර්තා වන්නේ.
 හිටපු එල්ටීටීඊ නායකයෙකු වූ පොට්ටු අම්මාන්ගේ ඥාති සහෝදරයෙක් වන දුෂ්ෂ්‍යන්දන් විසින් යාපනයේ US හෝටලය නමින් හෝටලයක් පවත්වා ගෙන යන අතරම නීතිවිරෝධී කටයුතු රැසක ඔහු යෙදෙන බව අප අවස්ථා ගණනාවකදිම අනාවරනය කළා.
ඒ සියලුම නීතිවිරෝධී කටයුතු වෙනුවෙන් SIS රහස් ඔත්තු සේවයේ ලොක්කා, පොලිස්පති ඇතුළු පොලිස් ලොක්කන් සදහා මසකට ලක්ෂ ගණනින් අල්ලස් මුදලක් ඔහු විසින් ලබා දෙන බවත් අපි අනාවරණය කළා.
මේ අතර රටෙ ජාතික ආරක්ෂාවට මරු පහරක් එල්ල කරමින් විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාව හෙවත් TRC ලොක්කන් සදහා කප්පම් ලබාදෙමින් ක්‍රියාත්මක කරමින් සිටින නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් කිහිපයක්ම දුෂ්ෂ්‍යන්දන් විසින් යාපනයේ පවත්වාගෙන යන බවට අප පසුගියදා අනාවරනය කළා.
එසේම මෙම නිතිවිරෝධි ආකාරයෙ කේබල් රූපවාහිනි ව්‍යාපාරයක් යාපනය දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන බවත් එය නමින් US කේබල් නම් වන බවත් අපට වාර්තා වුණා. ඔහු මේ වෙනුවෙන් අදාළ බලපත්‍ර TRC යෙන් හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ලබා ගෙන නොමැති බවත් වාර්තා වෙනවා.

දුෂ්ෂ්‍යන්දන් මෙම නීති විරෝධි කේබල් ව්‍යාපාරය පසුගිය රජය සමයේ සිට පවත්වා ගෙන යන අතර ගිය ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්ද හේතුවෙන් එයට ආරක්ෂාව සපයා තිබේ. මෙයට හේතුව වන්නේ ඩග්ලස් දේවානන්දගේ සහෝදරයා දුෂ්ෂ්‍යන්දන්ගේ ව්‍යාපාරය සගයෙක් බවට පත් වීමයි. නමුත් වර්තමාන යහපාලන ආණ්ඩුවේ නපුංසක ක්‍රියාපිළිවෙළ නිසා දුෂ්ෂ්‍යන්දන් අද වන විට කුඩු, ගංජා හා අනවසර වැලි ගොඩ දැමීම වැනි ව්‍යාපාර දක්වා තම ව්‍යාපාර ජාලය පුළුල් කොට ගෙන තිබෙනවා.
TRCයේ හදිසි මෙහෙයුමෙන් පසුව ඔවුන් මෙම දුෂ්ෂ්‍යන්දන්ට එරෙහිව යාපනය අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන අතර එහිදි දුෂ්ෂ්‍යන්දන් වෙනුවෙන් පෙනි සිටින්නේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු අති උග්‍ර එල්ටීටීඊවාදි නීතිඥවරුන් පිරිසකි. ගජේන්ද්‍රන් කුමාර් පොන්නම්බලම්ට ද්‍රවිඩ සන්ධානයට එරෙහිව කටයුතු කරන්න මුදල් ලබා දෙන්නේ දෙමළ ඩයස්පෝරාවේ මැදියවන් (DCC) පාර්ශවය බව අපි මීට පෙරත් අනාවරණය කළා. එම මුදල් ගජේන්ද්‍රන්ට ලබා දීම සඳහා සම්බන්ධීකරණ කටයුතු කරන්නේ මෙම දුෂ්ෂ්‍යන්තන් නම් පුද්ගලයා බව අපට වාර්තා වෙනවා. එය තහවුරු කිරීමට හොඳම සාධකය වන්නේ ගජේන්ද්‍රන් ඇතුළු නීතිඥ පිරිස දුෂ්ෂ්‍යන්දන් වෙනුවෙන් පෙනි සිටීමයි. එසේම මෙම නීතිඥ පිරිස අධිකරණයට පවසා ඇත්තේ දුෂ්ෂ්‍යන්දන් වෙත VGR බලපත්‍රය ඇති බවයි.
එසේම කේබල් බලපත්‍රය වෙනුවෙන් අයදුම්පත් යොමු කර ඇති බවත් ඔවුන් අධිකරණයට පෙන්වා දෙනවා. දුෂ්ෂ්‍යන්දන්ගේ නීතිඥවරුන්ගේ විරෝධතා හමුවේ TRC හි නිලධාරින් මුනිවත රැකීම පිළිබඳව අපිට විශාල සැකයක් එල්ල වන්නේ දැනටම මෙම නීති විරෝධි කේබල් ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය උදව් ලබා දීම වෙනුවෙන් TRC නිලධාරින් විශාල කප්පම් මුදලක් මාස් පත දුෂ්ෂ්‍යන්දන්ගෙන් ලබා ගන්නා බවට අපට වාර්තා වන බැවිනි.
ඒ අතරම එම පිරිස අතර TRCවෙනුවෙන් විමර්ශන කටයුතු කරන රහස් පොලිසියේ නිලධාරින්ද සිටින බව අපි විශ්වාසයෙන් සදහන් කල හැකි අතර එම විමර්ශන කටයුතු කරන කණ්ඩායමේ පොලිස් නිලධාරින් 6 දෙනෙකු සිටින අතර ඔවුන් ඉතාම අන්ත දූෂිත නිලධාරින් බවයි අපට වාර්තා වන්නේ. එයින් සොයිසා නැමැති පොලිස් නිලධාරිය ප්‍රධාන වන බවත් වාර්තා වනවා. ඔහු විසින් මාස් පතා ඉතා විශාල ප්‍රමාණයේ කප්පම් මුදලක් මෙම කේබල් හා රූපවාහිනි ව්‍යාපාර වෙනුවෙන් ලබා ගන්නා බවයි වාර්තා වන්නේ. එම ගණුදෙනු පිළිබඳව සවිස්තරාත්මක විස්තර ද ඉදිරියේදි එළි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ඒ අනුව TRCයේ හදිසි වැටලීම වෙනුවෙන් වන අධිකරණය නියෝගය ලැබීමට නියමිත ව තිබෙනවා.
ඒ සමගම යාපනයේ සිට අපට වාර්තා වන තොරතුරු අනුව මෙම වැටලීම සිදු වන අවස්ථාවේද මෙම US කේබල් සේවය අක්‍රිය වී ඇති අතර ඒ හරහා මෙම වැටලීම සම්බන්ධයෙන් එම රූපවාහිනි සේවයට තොරතුරු ලැබුනේද යන සැකය මතු වෙනවා. ඒසේනම් මෙම පූර්ව දැනුම්දීම සිදු වූයේ TRCයේ සිටින දූෂිත නිලධාරින් නිසා බව තහවුරු වි තිබේ.
ඒත් සමගම මෙම හදිසි වැටලීමත් සමඟම මසකට විශාල මුදලක් ගෙවා දුෂ්ෂ්‍යන්තන්ගේ රූපවාහිනි සේවය ලබා ගත් යාපනයේ ජනතාව මෙම රූපවාහිනි සේවය නැරඹීමට බිය වී සිටීම නිසා US කේබල් සේවය යම් බිඳවැටීමකට ලක් වී ඇති බවත් අපට වාර්තා වෙනවා. ඔවුන් දැනටමත් එම කේබල් සේවයේන් ඉවත් වී වෙනත් කේබල් රුපවාහිනි සේවාවන් වෙත යොමු වීමට පටන් ගෙන ඇත. අද උදෑසනදි යාපනයේදි රාජේන්ද්‍රන් නම් මාධ්‍යවේදීයාට පහර දීම සිදුවන්නේ මෙවන් වාතාවරණයක් යටතේය. මෙම මාධ්‍යවේදීයා පසුගිය කාලය පුරාවටම විවිධ අවස්ථාවදි මෙම නීති විරෝධි කේබල් සේවය පිළිබඳව ජනතාව දැනුවත් කොට ඇති අතරම ඔහු සේවය කරන පුවත්පතේ හිමිකරු තවත් කේබල් රූපවාහිනි ආයතනයක හිමිකරුවෙකුද වෙනවා. එසේම එම කේබල් රූපවාහිනි හා පුවත්පත් හිමිකරුටද විශාල දේශපාලන සම්බන්ධතා ඇති බවත් වාර්තා වෙනවා. එසේම පසුගිය පළාත් පාලන මැතිවරණයේදි එම පුවත්පත් හිමිකරුවා විසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජනාධිපති වෙනුවෙන් යාපනය දිස්ත්‍රික් මැතිවරණ ප්‍රධානියා ලෙසද කටයුතු කොට ඇති බවත් වාර්තා වෙනවා.
රජයට කෝටි ගණන් පාඩු ගේන මහා කේබල් ටී.වී වංචාව… අයිතිකරු කොටියෙක්‌…
පහත දැක්වෙන්නේ දිවයින ඉරිදා පුවත් පතට රුවන් ජයවර්ධන ලියු සටහනකි…
කේබල් මගින් රූපවාහිනි නාලිකා විකාශන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යැම කලක පටන් මෙරට තුළ ක්‍රියාත්මක වන අතර එය වඩාත් බහුලව දකින්නට ලැබෙන්නේ උතුර නැගෙනහිර දෙපළාතේ සහ කොළඹ නගරය කේන්ද්‍ර කොටගෙනය. ඒ අනුව ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ මේ හරහා විවිධ රූපවාහිනි නාලිකා නරඹන්නේය. බහුල ලෙස ඉන්දියාවේ විකාශනය කරනු ලබන විවිධ රූපවාහිනි නාලිකා මෙරට තුළදී නැරඹීමේ හැකියාව කේබල් රූපවාහිනි නාලිකා ඇති නිවෙස්‌ හිමියන්ට හැකි වීම හේතුවෙන් මෙරට ද්‍රවිඩ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක්‌ තම විනෝදාස්‌වාදය පිණිස කේබල් රූපවාහිනි සේවාව ලබා ගැනිමට වැඩි නැඹුරුවක්‌ දක්‌වන්නේය.
මෙරට කේබල් රූපවාහිනි විකාශන මධ්‍යස්‌ථානයක්‌ ඇරඹීමේදී අනුගමනය කළ යුතු නිති රීති පද්ධතියක්‌ පවතී. ඒ අනුව කේබල් රූපවාහිනි සේවාවක්‌ ආරම්භ කිරීම පිණිස එම ව්‍යාපාරය පළමුව සමාගම් මැඳුරේ ව්‍යාපාරයක්‌ ලෙස ලියාපදිංචි කළ යුතුව ඇත. ඉන් අනතුරුව 1982 අංක 06 දරන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථා පනතේ 31 වන වගන්තිය යටතේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා විසින් 2010/09/03 වන දින නිකුත් කරන ලද අංක 1669/15 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රයට අනුව බලපත්‍රයක්‌ ලබා ගත යුතුය.
එම ක්‍රියා පටිපාටිය එතෙකින් නතර වන්නේ නැත. අදාළ බලපත්‍රය ලබා ගැනිමට පෙර ආපසු නොගෙවන පදනම මත රුපියල් 100,000/ ක මුදලක්‌ අයදුම්කරු විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ගෙවීම් කළ යුතු අතර ඉන් අනතුරුව අදාළ අවසර පත්‍රය ලබා දීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අත්සන ඊට ඇතුළත් කළ යුතුය.
ඉන් අනතුරුව අදාළ බලපත්‍රය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර 1991 අංක 25 දරන එම කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය අනුව 2006 මාර්තු මස 10 වන දිනැති අංක 1435/20 දරන ගැසට්‌ නිවේදනයට අනුව බලපත්‍රය ලබාගත යුතු අතර අදාළ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඊට අත්සන් තැබිය යුතුය. මෙම බලපත්‍රය ලබා ගන්නා තැනැත්තා විසින් රුපියල් 5,000,000/- ක මුදලක්‌ද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව වෙත ගෙවිය යුතුව ඇත.
කේබල් මගින් රූපවාහිනි නාලිකා විකාශනය කරනු ලබන ආයතන ඉහත සඳහන් නියමයන් හා කොන්දේසි අනුගමනය කරමින් තම සේවාව පාරිභෝගිකයා වෙත සැපයිය යුතු අතර මෙරට තුළ දැනට ඇත්තේ මේ ආකාරයෙන් ක්‍රියාත්මක කේබල් රූපවාහිනි නාලිකා සංඛ්‍යාව අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ප්‍රමාණයක්‌ය.
රටක්‌ තුළ යම් ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යැමේදී අනුගමනය කළ යුතු නිතිරීති පද්ධතියක්‌ පවතින අතර කුමන හෝ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යැමේදී එම නිතිරීතිවලට යටත්ව ඒවා පවත්වාගෙන යැම සාමාන්‍ය තත්ත්වයක්‌ය. ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීම පිණිස මේ දිනවල රටේ ප්‍රධාන ජනමාධ්‍ය මගින් දැන්වීමක්‌ පවා පළකරනු ලබන්නේය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්‌ව පළකරනු ලබන එම දැන්වීම මගින් බදු වගකීමක්‌ නොව සමාජ යුතුකමක්‌ය.” යනුවෙන් රටේ ජනතාව දැනුවත් කරමින් පවතින වටපිටාවක එම නියමයට පිටුපාමින් සහ රටේ නිතිය උල්ලංඝනය කරමින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරද බොහෝය.
මෙතැන් සිට හෙළිදරව් කරනු ලබන්නේ මෙරට තුළ පිහිටි කේබල් රූපවාහිනි නාලිකා කීපය අතරින් මහා බදු මුදල් වංචාවක්‌ සිදු කරමින් තවදුරටත් පවත්වාගෙන යනු ලබන එක්‌ කේබල් රූපවාහිනි නාලිකාවක්‌ පිළිබඳව “ඇත්ත” කථාවක්‌ය.
කේබල් රූපවාහිනි නාලිකාවක්‌ පවත්වාගෙන යැමේදී අනුගමනය කළ යුතු නිතිරීති හා ක්‍රියාපටිපාටිය ඉහතින් සඳහන් කළෙමු. මෙම හෙළිදරව්වට අදාළ කේබල් රූපවාහිනි සේවාව එම නියමයන්ට යටත්ව සිය විකාශනය ආරම්භ කරන අතර එය මහා පරිමාණ බදු මුදල් වංචා හා තවත් වංචනික බොහෝ දේ සිදු කරනු ලබන ව්‍යාපාරයක්‌ බවට පත්ව ඇත්තේ සිය විකාශන සේවාව ආරම්භ කොට කලක්‌ ගතවීමත් සමගය.
හෙළිදරව් වෙමින් පවතින තොරතුරුවලට අනුව මෙහි හිමිකාරීත්වය උසුලනු ලබන්නේ කොටි හිතවාදියෙකු වන ද්‍රවිඩ ජාතික පුද්ගලයෙක්‌ය. මේ වන විට මෙම විකාශන ආයතනය විසින් විසුරුවා හරින කේබල් රූපවාහිනි නාලිකාව නරඹන පිරිස දෙලක්‍ෂ පනස්‌ දහසකට ආසන්න වන අතර අදාළ ආයතනය ඒ සඳහා රජයට විශාල බදු මුදලක්‌ ගෙවිය යුතුය. එහෙත් වංචනික ලෙස සංඛ්‍යා ලේඛන සකසමින් තම පාරිභෝගික පිරිස දහසකට නොවැඩි බව පවසමින් බරපතල බදු වංචාවක්‌ සිදු කරමින් යන අදාළ ආයතනය නීත්‍යනුකූල නොවන අයුරින් විදුලි සංදේශ උපකරණ ආනයනය කොට ක්‍රියාත්මක කිරීම නිසි අවසරයකින් තොරව විකාශන මධ්‍යස්‌ථාන (ශාඛා) පිහිටුවීම ආදී අකටයුතුකම් රාශියක්‌ද දිගින් දිගටම සිදු කරමින් ඇත.
ඒ අනුව අදාළ සමාගම මගින් සිය විකාශන කටයුතු සිදු කරනු ලබන හලාවත, මන්නාරම ත්‍රිකුණාමලය, මුලතිව්, මඩකලපුව ඇතුළු තවත් ප්‍රදේශ කීපයක තම විකාශන මධ්‍යස්‌ථාන ස්‌ථාපිත කොට ඇත. එවැනි මධ්‍යස්‌ථාන පිහිටුවීමේදී අදාළ ආයතනය විසින් බලපත්‍ර නිතිරීති උල්ලංඝනය කර ඇති බවට චෝදනා නඟමින් වෙනත් පාර්ශවයක්‌ විසින් නිතිය හමුවට ගොස්‌ ඇතත් ඒ පිළිබඳව මේ වන තෙක්‌ විදුලි සංදේශ නියාමන කොමිසම මගින් සාධාරණ පරීක්‍ෂණයක්‌ පවත්වා නොමැත. එපමණක්‌ නොව විකාශන මධ්‍යස්‌ථානවල ස්‌ථාපිත කර ඇති විදුලි සංදේශ උපකරණ නිසි බලපත්‍රයක්‌ යටතේ ආනයනය කළ හෝ මිලට ගත් උපකරණ බවට සනාථ කිරීමට පවා අදාළ ආයතනය අපොහොසත් වී ඇත.
මේ සම්බන්ධව කේබල් රූපවාහිනි නාලිකා හිමි වෙනත් ආයතන පවසා සිටින්නේ එවැනි තත්ත්වයක්‌ තුළ අදාළ ආයතනය විසින් ඉදිරියේදී තම විකාශන කටයුතු පවත්වාගෙන යැම පිණිස බලපත්‍ර අලුත් කිරීමේ වෑයමක නිරතව සිටින බවත් එවැනි තත්ත්වයක්‌ තුළ නියමිත බදු මුදල් ගෙවමින් සහ නීත්‍යනුකූල අයුරින් පවත්වාගෙන යනු ලබන තම ව්‍යාපාර කටයුතුවලට බලවත් අසාධාරණයක්‌ සිදු වෙමින් පවතින බවත්ය. තම ආයතන විසින් උපයන ආදායම මත 44% බදු මුදල් රජයට ගෙවමින් නිවැරදි ආකාරයෙන් කටයුතු කරමින් සිටියදී එක්‌ ආයතනයක්‌ පමණක්‌ එම නියමයන් උල්ලංඝනය කිරීම මුළුමනින්ම රජය නොමඟ යෑවීමක්‌ බව පෙන්වා දෙන ඔවුහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවය.
මෙවැනි තත්ත්වයක්‌ තුළ දිගින් දිගටම විදුලි සංදේශ නියාමන කොමිසම නොමඟ යවමින් කටයුතු කර ඇති අදාළ ආයතනය ඉදිරි වර්ෂ පහ සඳහා තම බලපත්‍රය අලුත් කර ගැනිම පිණිස මේ වන විටද කටයුතු කරමින් සිටින අතර අනෙකුත් කේබල් රූපවාහිනි විකාශන ආයතන පෙන්වා දෙන්නේ යම් හෙයකින් එය සාර්ථක වුවහොත් ඒ හරහා රජයට අතිවිශාල බදු වංචාවක්‌ කළ ආයතනයකට එය තව දුරටත් පවත්වාගෙන යැම පිණිස රජය විසින්ම යම් අනුබලයක්‌ සැපයීමක්‌ ලෙසින්ය.
රාජ්‍ය ආයතන හා නිලධාරීන් එක්‌ව එවැනි දේ සඳහා දිගින් දිගටම අනුබල දීම නොකළ යුත්තක්‌ බවත් මෙවැනි ආයතන පවත්වාගෙන යැමේදී ජනාධිපතිවරයාගේ පවා නිසි අවසරය ලබා ගත යුතු බවත් පෙන්වා දෙන ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත හෝ මේ පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක්‌ සිදු කළ යුතු බවය. මේ පිළිබඳව අද වන විට අපරාධ පරීක්‍ෂණ කණ්‌ඩායම් විසින් පවා තොරතුරු රාශියක්‌ හෙළි කරගෙන ඇති බැවින් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා එම තොරතුරුද ඉවහල් කරගත හැකි බව ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක්‌ තුළ පවතින මතයක්‌ වී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.