ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 24, 2018

මෛත්‍රී ජනපති උතුරේ ජනතාවට අප්‍රිය කරන අන්ගජන්ගේ ඩබල් ගේම්…!!!

පෙට්‍රල් ෂෙඩ් දෙකකින් 50% ගහන ප්‍රේමජයන්තගේ අමුතුම ගැහිලි…!!!  මෛත්‍රීට කෙලවන්න හැදු සුසිල්ගේ කුමන්ත්‍රණය...!!!

අන්ගජන් සහ ඔහුගේ තාත්තලා,මාමලා,බෑණලා සිදු කරන ඩබල් ගේම් මේ වනවිට ජනාධිපතිවරයා හට මාට්ටු වී හමාරය ඒනිසා මොහු සම්බන්ධයෙන් තව දුරටත් කල් නොමරා තීන්දුවක් ගැනිම ජනාධිපතිවරයා සතු කාර්යයකි.
 රී ලංකා නිදහස් පක්ෂ යාපනය දිස්ත්‍රික් සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන් පක්ෂයි තුලම සිටිමින් පක්ෂයට කෙලවිම සදහා කුමන්ත්‍රණයක යෙදි සිටින බව දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් උතුරු පළාතෙන් පත්වුණු අන්ගජන් තමන්ගේ පිය වන රාමනාදන් නැමැත්තා මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරිමටද කටයුතු කල අතර පළාත් පාලන මැතිවරණය අවසන් විමත් සමග ඇතිවු දේශපාලන අර්බුදය හමුවේ මෛත්‍රී පාර්ශ්වයේ මන්ත්‍රීවරු 12 දෙනෙක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට කැමැත්ත පලකර සිටි අතර  අන්ගජන්ද එම 12 දෙනා අතර සිටි අයෙකු බව අනාවරණය වි තිබේ.

කෙසේවෙතත් මේ දක්වා අන්ගජන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහය දක්වන අතරතුර පසුගියදා  කැබිනට් සංශෝධන ක්‍රියාවලිය ආරම්භ වනවාත් සමඟ රාමනාදන් මෙවර ඡන්දයට ඉදිරිපත් වූ සියළු අපේක්ෂකයින් කැදවා, ඔවුන්ට දිවා භෝජනය ලබා දී, ලිපියකට අත්සන් ගැනීමට උත්සාහ දරා තිබේ.
පසුව එම ලිපිය එතැන සිටි අපේක්ෂකයින් විසින් කියවා බැලිමේදි එම් ලිපිය අග්‍රාමාත්‍යවරයාට ආමන්ත්‍රණය කර ලියා තිබිම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර අදාළ ලිපිය හරහා අන්ගජන් අමාත්‍ය ධුරයක් ඉල්ලා ඇති අතර එම අමාත්‍යධුරය  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වයෙන් අමාත්‍යධූරයක් ලබාදෙන ලෙසද එහි සදහන් කර තිබේ.
එහිදී දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වි ඇති අතර  එතැන සිටි බහුතරයක් අපේක්ෂකයින් පවසා ඇත්තේ  අපේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මිසක් රනිල් වික්‍රමසිංහ නොවන බවත් ඒනිසා අමාත්‍යධූරය ඉල්ලා සිටිය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් මිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් නොවන බවයි.
ශ්‍රිලනිප මන්ත්‍රී යු.එන්.පි අගමැතිගෙන් ඇමතිකම් ඉල්ලිම 
මෙලෙස අමාත්‍යධූරය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට බලපෑ හේතුව වි ඇත්තේ පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලත් සමඟ එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ බහුතරයෙන් ආණ්ඩුවක් පිහිටු වීමට කටයුතු කරමින් සිටි අතර ඒ සදහා අවශ්‍ය ඉතිරි මන්ත්‍රීවරුන් ප්‍රමාණය ශ්‍රීලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පාර්ශවයෙන් ලබා ගැනීමට ඔවුන් උත්සාහ දැරුවා.
එහි ප්‍රතිඵලයක් ලෙස මෛත්‍රී පාර්ශ්වයේ මන්ත්‍රීවරු 12 දෙනෙක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට කැමැත්තෙන් සිටි අතර  ඉන් එක් අයෙකු  අන්ගජන් විමත්  මෙම ඉල්ලිමට හේතු වී තිබේ.
අගේ ඉදන් කන කන අන්ගජන්
පහුගිය මැතිවරණ සමයේ දී අන්ගජන් වෙත විවිධාකාර වූ චෝදනා එල්ල වි තිබුනා.විශේෂයෙන් උතුරේ අග්‍රාණ්ඩුකාරවරයා වූ රෙජිනෝල්ඩ් කුරේ මහතා විවිධ අවස්ථාවලදී අන්ගජන්ගේ දේශපාලන භාවිතය පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තොරතුරු සැලකර තිබේ.
යාපනය දිස්ත්‍රික්කයෙන් මැතිවරණය සඳහා නාමයෝජනා සකස් කිරීමේදී , එම නාමයෝජනා ලබාදීම උදෙසා එම අපේක්ෂකයන්ගේ විවිධ අඩුපාඩු සදහන් කරමින් අවලාද නැගිම.අන්ගජන් මන්ත්‍රීවරයාගෙන් රැකියා බලාපොරොත්තුවෙන් පැමිණි පිරිස් ඇතුළත් කර නාම යෝජනා සකස් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන්ද අන්ගජන්ට චොදනා එල්ල වි තිබේ.
මේ අතර පාසලක පැවති උත්සව අවස්ථාවේදී උතුරු පළාත් අමාත්‍යවරයෙකු පාසලක් තුල කල   සිංහ කොඩිය එසවීමට අකමැත්ත පළ කිරිම පිළිබඳව පුවත එසැනින් නාමල් රාජපක්ෂගේ මාධ්‍ය බලකාය විසින් ප්‍රචාරය කරනු ලැබු අතර ඒ පිළිබඳව බුද්ධි අංශ පවා විමර්ශන ආරම්භ කර තිබුනේ ඒ තරම් වේගයෙන් අදාල පුවත නාමල්ගෙ මාධ්‍ය බලකායට ලැබුන ආකාරය පිළිබඳවය.
මන්ද සිදුවීම සිදුවී විනාඩි 5කටත් වඩා අඩු කාලකින් එම මාධ්‍ය හරහා ප්‍රචාරය වුණා. විමල් වීරවංශ දේශපාලන රැළිවලදී ඉතා ශීඝ්‍ර ලෙස එය භාවිතා කළ අතර එය යලිත් උතුරේ ජනතාව දෙස දකුණේ ජනය සැකයෙන් බැලිමට මුලික හේතුවක් බවටද පත්විය.
අන්ගජන් රාමනාදන්,නාමල් රාජපක්ෂ,සුසිල් ප්‍රේමජයන්ත ..
අන්ගජන් රාමනාදන්ගේ මාමා හෙවත්  රාජන් සතුව පෙට්‍රල් ෂෙඩ් 4ක් ඇති අතර පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ  එවකට ඛණිජතෙල් අමාත්‍යවරයාව සිටි සුසිල් ප්‍රේමජයන්ත විසින් එම පෙට්‍රල් ෂෙඩ් 4 සදහා බලපත්‍ර ලබාදිමට කටයුතු කර තිබේ.
අදටත් එම පෙට්‍රල් ෂෙඩ් 4න් දෙකකම ආදායමෙන් 50%ක් අදටත් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාට යන බව  වාර්තාකරු විසින් අනාවරණය කර සිටියා.(ඊට අදාළ සාක්ෂි අප සතුව තිබේ.)
එපමණක් නොවේ රාජන් නැමැත්තා රිෂාඩ් බදූදීන් සතු ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමකද කොටස් කරුවෙක් වන අතර ඔහු  මෑතකදී  ගුවන් විදුලි නාලිකාවක් පවා ආරම්භ කර තිබේ.
එම ගුවන් විදුලි නාලිකාවේ කොළඹ ගලදාරී හෝටලයේ පැවති එහි සමාරම්භක උත්සවය සදහා  මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ආරාධනා කර තිබුණී.ජනාධිපතිවරයා උත්සවයට සහභාගි වීමට කාරයෙන් බැස පැමිණෙනවාත් සමගම ඔහුගේ ආරක්ෂකයින් පවසා සිටියේ උත්සව ශාලාවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් පැමිණ සිටින බවයි.
මෙය දැනගත් ජනාධිපතිවරයා දැඩි කෝපයට මෙන්ම වික්ෂිප්තභාවයට පත්ව උත්සවයට සහභාගි නොවී නැවත කාරයට නැග ජනාධිපති මන්දිරයට ගොස් තිබේ.
ඒ අනුව නාමල්ලා,අන්ගජන්ලා අතර සබඳතාවය පහසුවෙන් වටහා ගත් හැකි අතර  එදා කොඩිය එසවීම ප්‍රතිකේෂ්ප කිරීමට අදාළ සිද්ධිය නාමල් දැනගත්තේ කෙසේද යන කාරණාවද තහවුරු වි තිබේ.
උතුරේ ජනපතිගේ ප්‍රසාදය බිලි දෙන  ඩබල් ගේම් 
අන්ගජන් සහ ඔහුගේ තාත්තලා,මාමලා,බෑණලා සිදු කරන ඩබල් ගේම් මේ වනවිට ජනාධිපතිවරයා හට මාට්ටු වී හමාරය ඒනිසා මොහු සම්බන්ධයෙන් තව දුරටත් කල් නොමරා තීන්දුවක් ගැනිම ජනාධිපතිවරයා සතු කාර්යයකි.
2015 පාර්ලිමේන්තු මැතිවරණයට වඩා මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද විශාල ප්‍රමාණයක් මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා ගැනිමට හැකිවිය.ඒ අනුව උතුරේ  ජනතාවගේ සිත් සතන් තුළ ශක්තිමත් ස්ථාවරයක් ගොඩනගන්නට හැකියාව මෛත්‍රී ජනපතිට තිබුනද  මේ ආකරයේ ඩිල් කාරයන් හේතුවෙන්  පවා අහිමි වී යනු නිසැකය.
මෛත්‍රීට කෙලවන්න හැදු සුසිල්ගේ කුමන්ත්‍රණය!
මේ අතර සුසිල් ප්‍රේමජයන්තලා උත්සහ කළේ මහින්ද රාජපක්ෂලා එක්ක එකතුවෙලා තමා දේශපාලන වශයෙන් විනාශ කිරීමට යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  තමාට ඉතා සමීප පිරිසක් සමග පවසා තිබෙන බව වාර්තාවේ.
සුසිල් ප්‍රේම ජයන්ත ඇතුළු පිරිසක් මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ගෙන ගිය එම කුමන්ත්‍රණය තමාට හෙළිදරව් වූයේ පසුව යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දී තිබේ.
ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසන්නේ ඔහු මේ කුමන්ත්‍රණයට ඉඩ දී බලා ගෙන සිට ඇත්තේ අභ්‍යන්තරයේ සිටින සැබෑ දේශපාලන සතුරන් හඳුනා ගැනීම සඳහා බවය.
මේ අතර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ පරාජය සම්බන්ධයෙන් මේ වන විට සුසිල් ප්‍රේමජයන්තට ඍජුව චෝදනා එල්ල වෙමින් පවතින අතර ඊට හේතු වී තිබෙන්නේ එම මැතිවරණයේ සියලු මෙහෙයුම් කටයුතු ඔහුගේ ප්‍රධානත්වයෙන් සිදුවීමය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.