ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 27, 2018

දෙමළිය වන උයන කෑලි කෑලි කඩලා නසා වනසාම දමන දේශපාලන තක්කඩි...!!!

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වැල්ලවාය අඩවියේ වන්දම-දෙමළිය යෝජිත රක්ෂිතයෙන් ප්‍රදේශයේ ජනතාවට කුඹුරු ඉඩම් බෙදාදීම සඳහා ඉඩම් හෙක්ටයාර 102ක ප්‍රමාණයක් නිදහස් කරන ලෙස වන සංරක්ෂණ නිලධාරීන්ට දේශපාලනික බලපෑම් එල්ලවෙමින් තිබෙන පුවතක තතු මෙසේය. එහි සැබෑ තතු විමසීම මෙහි අරමුණය.


හෙක්ටයාර 2,200ක් පමණ වන මෙම වන්දම දෙමළිය කැලයෙන් ඉඩම් හෙක්ටයාර 1,127.52ක් පමණ හම්බන්තොට වරාය සංවර්ධන වැඩසටහන යටතේ කර්මාන්තපුරයක් සඳහා වෙන්කර තිබියදී හා තවත් ඉඩම් හෙක්ටයාර 400ක් විදේශීය කෙසෙල් සමාගමකට හා දේශීය සමාගමකට අඹ වගා කිරීමට වෙන්කර තිබුණේය. එයින් ඉතිරිව පවත්නා කැලෑ ඉඩම්වලින් තවත් හෙක්ටයාර 102ක් නැවත මෙකී දේශපාලන බලවතුන්ගේ පිරිසකට 'කුඹුරු ඉඩම්' ලෙස නිදහස් කරන්නැයි වන සංරක්ෂණ නිලධාරීන්ට දිගින් දිගටම සිදු කරන බලපෑම බරපතළ බව පරිසර සංවිධාන රැසක් චෝදනා කරන්නේය.

"වන්දම-දෙමළිය" කියන මේ හුදෙකලා කැලෑවේ තමයි ප්‍රදේශයේ වන අලි බහුලවම ගැවසෙන්නේ. ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ ඉඳලා හඳපානාගල වැවට යන එන වන අලින්ගේ අලිමංකඩ වැටිලත් තියෙන්නේ මේ කියන වන්දම දෙමළිය කැලෑව ඇතුළෙන්. මේ හේතුව නිසා උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ කිරිඳිඔය ගංගා ද්‍රෝනි සංවර්ධන වැඩසටහන යටතේ සකස් කරපු පරිසර තක්සේරු බලපෑම් වාර්තාව මඟිනුත් ඡ්ධ්ඒ 2013-09-27 දින මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කරලා තියෙන පරිසර අනුමත අංක 2.1 ඡ්ධ්ඒ දරන කොන්දේසියට අනුවත් ඉල්ලීම් කර තිබෙන්නේ මෙම දෙමළිය-වන්දම කැලය වන අලි කළමනාකරණ රක්ෂිතයක් හෝ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර සංරක්ෂණයට පියවර ගන්න කියලායි. මෙහෙම තියෙද්දීත් චීන සමාගමකට මේ කැලයෙන් ඉඩම් අක්කර 1,127.52ක් දීලා තියෙනවා. ඒ බව 2018-01-19 දා වැල්ලවාය අඩවි වන නිලධාරිවරයා මොනරාගල දිසා වන නිලධාරිවරයාට යවා ඇති ලියුමෙන් තහවුරු කෙරෙනවා. අනික ඩෝල් සමාගමයි, නෙල්නා කියන සමාගමයි මේ ප්‍රදේශයේ ඉඩම හෙක්ටයාර 400ක් අල්ලාගෙන ඉන්නවා කියලා කියන්නේ අපි නෙවෙයි වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාමයි. ඉතින් මේ විදියට දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවන්ට ඉඩම් බෙදන්න මේ කැලෙන් තවත් ඉඩම් හෙක්ටයාර් 102ක් දුන්නොත් මේ කැලේ ඉන්න වන අලි කොහේටද යන්නේ. මේ මෝඩ වැඩේ කළොත් හඳපානාගල, වැල්ලවාය අවට තියෙන අලි මිනිස් ගැටුම කීප ගුණයකින් වැඩි වෙන්න පුළුවන්" යැයි මොනරාගල සොබා පදනමේ රාජා විදානපතිරණ මහතා පෙන්වා දෙයි.
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුබුදුවැව ග්‍රාම නිලධාරි වසමේ දෙමළිය වනය මැද කඩවර වැව ඉදිකර ඇත්තේ 2006 වසරේදීය. ඒ එවකට ඉඩම්, කෘෂිකර්ම, වාරිමාර්ග හා සත්ත්ව නිෂ්පාදන අමාත්‍යාංශය විසිනි. මෙම කඩවර වැව බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති අතර එම වැව යටතේ සංවර්ධනය කිරීමට අපේක්ෂා කර ඇති ඉඩම් පිහිටා ඇත්තේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළය.
2006 වසරේදී මෙම කඩවර වැව ඉදිකිරීමෙන් පසු කුඹුරු හා ගොඩ ඉඩම් සංවර්ධනය සඳහා දෙමළිය වන්දම කැලයෙන් ඉඩම් හෙක්ටයාර 102,296ක ප්‍රමාණයක ඉඩම් කෘෂිකර්ම වාරිමාර්ග හා සත්ත්ව නිෂ්පාදන අමාත්‍යාංශයේ එවකට ලේකම්වරයාගේ ඉල්ලීම මත වන සංරක්ෂණ ජනරාල්ගේ අංක පී.එම්./03/02/14/49 හා 2009-06-01 දිනැති ලිපිය මඟින් අන්තර් අමාත්‍යාංශ තීරණයක් මත වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත නිදහස් කර තිබිණි. ඒ අනුව එම නිදහස් කළ භූමිය සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් 2006 වසරේදී ර්ර්ණී/එඹ්ඹ්/2006/449 දරන අනුලේඛනය සකස් කර ගොඩ හා මඩ ඉඩම් ඇතුළත් වන කට්ටි සැලැස්මක්ද සකස් කර තිබුණද මෙම ඉඩම් පවරා ගැනීමට එවක සිටි වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්වරයා කටයුතු කර නොතිබිණි.
මේ හේතුව නිසාවෙන් 2015 වසරේදී මෙම කුඹුරු ඉඩම් සඳහා වෙන්කළ භූමියද ඇතුළත් වන පරිදි වන්දම-දෙමළිය යෝජිත රක්ෂිතය සඳහා මැනුම්කර ගල් දමා වෙන් කරගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
"2006 අවුරුද්දේ තිබුණ තත්ත්වය නෙවෙයි දැන් මේ ප්‍රදේශයේ තියෙන්නේ. අපිට කැලෑ ඉඩම්වලින් හෙක්ටයාර් 1127.52ක් වරාය සංවර්ධන වැඩසටහන යටතේ කර්මාන්තපුරයකට වෙන් කරලා තියෙනවා. තවත් හෙක්ටයාර 400ක් පමණ තවත් සමාගම් දෙකක් අල්ලාගෙන තියෙනවා. අපි ඔවුන් නෙරපන්න මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඉතින් මේ තත්ත්වයන් යටතේ තවත් කැලෑ ඉඩම් හෙක්ටයාර් 102ක් නිදහස් කරන එක ප්‍රශ්නයක් තමයි. නමුත් රජයේ සංවර්ධන යෝජනා ක්‍රමවලට අපට මේ ඉඩම් අකැමැත්තෙන් වුණත් නිදහස් කරන්න වෙලා තියෙනවා." වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැල්ලවාය අඩවි වන නිලධාරි ජගත් සිරිසේන මහතා පවසයි.
වැල්ලවාය වන අඩවියේ ඇති හුදෙකලා රක්ෂිත තුළ වන අලි 200-250ක් පමණ ජීවත් වෙන්නේ වන්දම-දෙමළිය කැලෑව තුළ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැල්ලවාය වන පාලන ඒකකයේ අඩවි වනජිවී නිලධාරි ඊ.එල්. නිශාන්ත මහතා පෙන්වා දෙයි.
"මේ කැලෑව තුළ වන අලි 40-50 රංචු අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම ලුණුගම්වෙහෙර වනෝද්‍යානයේ ඉ¼දලා අවට කැලෑ ප්‍රදේශවලට සංක්‍රමණය වන වන අලින්ගේ සංක්‍රමණ මාර්ගය වැටිලා තියෙන්නෙත් මේ කැලෑව තුළිනුයි. ඒ නිසා මේ කැලෑවත් කැඩුණොත් මේ පැත්තේ අලි-මිනිස් ගැටුම උග්‍රවන එක පාලනය කරන්න බැරි වෙයි.
අලි-මිනිස් ගැටුම හේතුවෙන් වැල්ලවාය, හඳපානාගල වන්දම-දෙමළිය අලුත්වෙල ඇතුල් ප්‍රදේශයේ ගම්මාන තිහකට වැඩි ප්‍රමාණයක් වසර ගණනාවක සිට පීඩාවට පත්ව සිටිති. මේ හේතු කොටගෙන වන අලි මෙන්ම මිනිස් ජීවිත ගණනාවක්ද අහිමි වී තිබේ. දේපළ හා සිදුව ඇති වන හානි ප්‍රමාණය අතිශය විශාලයි. නමුත් මෙතෙක් මෙම ගැටුම විසඳීමට කිසිම ආණ්ඩුවක් පියවර ගෙන නැති බව වැල්ලවාය අවට ගම්මානවල ජනතාව චෝදනා කරති.
හඳපානාගල වෙල්ලස්ස ගොවි කාන්තා සංවිධානයේ ලේකම් කේ.ජී. සෝමලතා මෙනෙවිය කියන්නේ මෙවැනි කතාවකි
අපි උපන් දා පටන් මේ පොළොවේ ජීවත් වෙච්ච අය. පැල්වත්ත සීනි සමාගම ප්‍රදේශයේ අක්කර 84,000ක් අත්පත් කරගෙන එළි පෙහෙළි කරන තෙක් අපට වන අලියන්ගෙන් කරදරයක් තිබුණේ නැහැ. නමුත් දැන් පැල්වත්ත ඇරුණු කොට තවත් බහුජාතික සමාගම් දෙකකුත් මේ කැලෑවේ ඉඩම් අල්ලාගෙන විදුලි වැටවල් ගහගෙන වෙන් කරගෙන ඉන්නවා.
තවත් අක්කර 5,000ක් චීන සමාගමකට මේ කැලෑවෙන් දෙන්න රජය සූදානම් වෙනවා. දැන් මේ වෙනකොට වැල්ලවායේ ඉඳලා තණමල්විල දක්වා වන ගම්මානවල මිනිස්සු ජීවත්වෙන්නේ මරබියෙන්. හඳපානාගල වැල්ලවාය තෙලල්ලු කිව්වම දැරියක් විවාහ කරගන්නත් සමහර තරුණයන් බයයි. මේ වන අලි ප්‍රශ්නය නිසාම උදේ පාන්දර මිනිස්සු වැඩට යන්නෙත් දරුවෝ ඉස්කෝලේ යන්නෙත් පුදුම බයකින්. මේ තත්ත්වයක් යටතේ වන්දම දෙමළිය කැලයෙන් තවත් ඉඩම් සංවර්ධන කටයුතු කියලා නිදහස් කළොත් අපිට වෙන්නේ මේ ගෙවල් ‍ෙදාරවල් අතහැරලා යන්න. අලියන්ට කැලේ අහිමි වෙනකොට ගම්වදින එක පුදුමයක් නෙවෙයි.
අප මේ ගැටලුව සම්බන්ධ විමසීමට වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් දයානන්ද රත්නායක මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කීපයකදීම උත්සාහ කළද එය අසාර්ථක විය. නමුත් නම කීමට මැළි වූ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියකු පැවැසුවේ 2017-09-27 දින වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ මැදිහත්වීමෙන් පැවැති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීගත් තීරණයක් මත මෙම වන්දම දෙමළිය කැලයෙන් හෙක්ටයාර 102ක භූමි ප්‍රමාණය පවරාගෙන කුඹුරු ඉඩම් ලෙස ගොවියන් අතර බෙදා දීමට තීරණය කළ බවයි.
මොනරාගල-සංජීව බණ්ඩාර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.