ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, June 19, 2018

ඥානසාර හිමියන්ගේ සිවුරු ඉවත් කරන්න බන්ධනාගාර නිලධාරීන්ට කිසිදු අයිතියක්‌ නෑ

සිරිගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් සතර පාරාජිකා වරදක්‌ සිදුකර නැති හෙයින් උන්වහන්සේගේ සිවුර ගලවා ඉවත් කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට කිසිදු අයිතියක්‌ නැතැයි දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ (17 වැනිදා)  සඳහන් කළහ.
සිරගත කිරීමකදී භික්‍ෂුන් වහන්සේ නමකගේ භික්‍ෂුත්වය අහිමිවී නොයන බවත් එසේ වීමටනම් සතර පාරාජිකා වරදකට ලක්‌ව එය සංඝාධිකරණයකින් ඔප්පු කර තිබිය යුතු බවත් සෝභිත හිමියෝ පෙන්වා දුන්හ.

එසේ නොවන්නේ නම් ඕනෑම භික්‍ෂුවකට සිවුර දමා සිටීමේ අයිතිය ඇතැයිද කියා සිටි ඕමල්පේ සෝභිත හිමියෝ කසාවතට ඇති ගෞරවය සෑම අංශයක්‌ම දැනගත යුතු යෑයිද අවධාරණය කළේ.
රෝම ලන්දේසි නීතිය බුද්ධාගම, බෞද්ධ සිරිත් විරිත්, දේශීය හා සිංහල සම්ප්‍රදායන් නොහඳුනන බවටත් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ චෝදනා කළහ.

එහෙයින් මහානායක හිමිවරුන් මැදිහත්ව රටේ නායකයන්ට අවවාද අනුශාසනා ලබාදී මෙම රෝම ලන්දේසි නීතිය රටට ගැලපෙන ලෙස වෙනස්‌ කිරීමට වහා කටයුතු කළයුතු බවත් උන්වහන්සේ පැවසූහ.

මිනිසකු මැරීම, රහතන්වහන්සේ නමක්‌ නොවී තමන් රහතන් වහන්සේ නමක්‌ ලෙස පෙනී සිටීම, බරපතළ සොරකම් කිරීම සහ මෛථුන සේවනය, සතර පාරාජිකා වරදවල් වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.