සමහර දේශපාලකයන්ට රාජ උෂ්ණය වැදුනම
තමන් කවුද කියලවත් මතක නෑ. ත්‍රස්ත යුද සමයේදී කැබිතිගොල්ලෑවේ බස්
බෝම්බයෙන් 66 ක් අමු අමුවේ මරා දැමීම.
අරංතලාවේදී 26 ක් සංඝරත්නය ඝාතනය කිරීම, දළදා මාලිගාවට බෝම්බ ගැසීම, සිරිමා බෝ සමිඳු ඉදිරියේ පෙහෙවස් සමාදන්ව සිටි 124 ක් දෙනා මරාදැමීම, දියතිත්තවැවට වස දැමීම මෙවැනි අනත්ත අපරාධ කළ ප්රභාකරන් වර්තමාන දේශපාලකයන්ට මහත්මයා වෙලා ජනාධිපති යුද්ද කරල රට බේරල දුන්නායින් පස්සේ එදා හැංගිලා හිටපු මිනිස්සු අද රජවෙලා. ඒකනෙ මේ අයට ප්රභාකරන් මහත්තයා වෙලා තියෙන්නේ. කතාවක් තියෙනවා නරියා රජවුණත් උගේ නරි හඬින් මිදෙන්න බෑ කියල. දැන් සමහර අයට වෙලා තියෙන්නෙත් ඒකයි. අනුරාධපුර සාම විහාරාධිපති උතුරු මැද ප්‍රධාන අධිකරණ සංඝනායක මහවිලච්චියේ විමල හිමියෝ සාමවිහාරයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසූහ.
සමහර අයට ජාතියත් ජම්මයක් නෑ. ඔවුන්ගේ අක්මුල් සිඳිලා ඕපපාතික වෙලා. අම්මා, අප්පා, ජාතිය, ආගම, භාෂාව, දේශය අඳුරන්නෙ නෑ. රජ ඔටුන්න ඔළුවට දමා ගත්තම ඇත්ත නැත්ත පේන්නෙ නෑ.
අද මේ රටේ ස්වාභාවික ධර්මය විකෘතිවෙලා තියෙන්නේ. පාලකයන් කරගෙන යන දේශෙද්‍රdaහී ජාති ෙද්‍රdaහී වැඩ නිසයි. පාලකයා ධර්මිෂ්ට වුණාම රට සෞභාග්‍යවත් වෙනවා. පාලකයා අධර්මිෂ්ඨ වුණාම රට පිරිහෙනවා. අද රටට සිද්ධ වෙලා තියෙන්නෙ ඒකයි. විමල නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.
එප්පාවල - රත්න බී. ඒකනායක