ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 24, 2018

වැඩබලන මහේස්ත්‍රාත් ළමා රැඳවුම් කඳවුරේ ළමයින් 25 කට අතවර කරලා...!!!

‘අනේ බුදු රත්තරං මහත්තයෝ, කකුල් දෙක අල්ලලා වඳිනන්ම්. මගේ දු මට දෙන්න’’ ....!!!


එසේ පැමිණි සැණින් ‘සෝමසිරි මුතුමාල’ තමන් ඇඳ ගෙන සිටි ඇඳුම් ගලවා දමා ක්ෂණිකව එම දියණිය නිදා සිටි ඇඳ මතට කඩා වැදී ඇයගේ ඇඳුම් ගලවමින් හා යට ඇඳුම් ඉවත් කරමින් ඇයව දුෂණය කිරීමට උත්සාහ කර ඇත. ඉන් ගැලවීම සඳහා එම දියණිය කෑ කෝ ගසමින් තමන්ට පුළුවන් ආකාරයට ඔහුගෙන් බේරීම උදෙසා ඔහුව විකමින්, හූරමින් දැගලීමට පටන් ගෙන ඇත් එය එතරම් සාර්ථක වී නැත. එම හඬ ඇසී ආධාර උකාරයට ඇයට කිසිවකුත් පැමිණ ද නැත.
 ළමා රැඳවුම් කඳවුරු පවත්වාගෙන යමින් රටේ අනාගත දරු සම්පත බිලිගන්නා නරුමයන් ගැන අප ඔනෑතරම් අසා තිබේ. නමුත් මේ රටේ නීතිය රකින්නට පෙනී සිටින ඇතැම් පුද්ගලයන් තමන්ගේ වරප්‍රසාදවලට මුවාවි කරමින් අපචාර පිළිබඳව සමාජයට අනාවරණය වන්නේ ඉතා සුලු වශයෙනි ඒවා ගැනද රටේ ජනතාවට දැන ගන්නේ සුලු වශයෙනි.

මේ මොනරාගල දිස්ත‍්‍රික් ලේකම් පත්මා වර්ණකුලසූරියගේ ස්වාමිපුරුෂයා වන තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් වීරවිල ළමා කඳවුරේ ප‍්‍රධාන පරිපාලක නීතීඥ පියරත්න බණ්ඩාර නැමති තිරිසන් මිනිහා පිළිබදව කරන පුලුල් අනාවරණයකි.
විවිධ අග හිඟකම් හා පීඩනයන් මැද ජීවත් වීම යනු දුකකි. වේදනාවකි. එහෙත් එය දෝතින් දරාගෙන ජීවිතය ජය ගැනීමට උත්සාහ කළ ඇය ඩිල ද මාලා. 1975 ඔක්තෝබර් මස 28 වැනි දින මාතර ප‍්‍රදේශයේ උපන් ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි. ඇයගේ ස්වාමි පුරුෂයා 1971 ජුලි මස 06 වැනිදා උපන් චානක ප‍්‍රියන්ත ය. ඔවුන්ට ජීවත්වීමට හරි හමන් රස්සාවක් තිබුණේ නැත. කුලී වැඩ කරමින් බොහොම අමාරුවෙන් ජීවිතය ගැට ගසා ගැනිණි. ජීවත් වීමට ස්ථිර නිවසක් තිබුණේ ද නැත. තැනක් නොතැනක් නොමැතිව තැන් තැන්වල ජීවිතය ගත කළ ඔවුහු ඊළඟට පැමිණියේ කතරගමට ය.
කතරගම පූජාභූමිය යනු නිතර දෙවේලේ මිනිසුන් ගැවසෙන ජනාකීර්ණ නගරයකි. දිවයිනේ නොයෙක් ප‍්‍රදේශවලින් වැඳ පුදා ගැනීම උදෙසා කතරගම දේවාලවලට පැමිණෙන ජනතාව අතිවිශාලය. ඒ හෙයින් කතරගම පූජා භූමිය හිඟන්නන්ගෙන් ද ශුද්ධ භූමියක් වී ඇත. එහි හිඟා කන පිරිස ද ඉතා විශාල ය. සමහර පිරිස් නැති බැරිකමට කීයක් හෝ සොයා ගැනීම උදෙසා සිඟමන් යදිති. තවත් සමහරු හිඟා කෑම සිය ජීවන වාත්තිය කර ගෙන ඇත. එමගින් කෝටිපතියන් බවට පත් වූ හිඟන්නන් ද බොහෝ විට ඇත.
ඒ හිඟා කෑමට ඩිලූ ද මාලා හා ඔහුගේ ස්වාමියා ඇතුළු දරු පිරිස ද එක් විය. ඔවුහු දිවා ? නොතකා කතරගම පූජා භූමියේ සැරිසරන ජනතාවගෙන් හිඟමන් යදිමින් වීදියේ ජීවත් වන්නට වූහ. එමගින් ඔවුන්ට සිය ජීවිතය සරි කර ගන්නට සැලකිය යුතු මුදලක් උපයා ගැනීමට ද හැකියාව ලැබිණි. දරුවන් දෙදෙනෙකු ද සමග වීදියේ හිඟමන් යදිමින් සිටි ඩිලූ ද මාලාට දයාරත්න නමැති අයකු මුණ ගැසිණි. ඔහු ඇය ගැන කම්පාට පත් වී ඇයට සහ පවුලේ අයට ගෙයක් දොරක් හදාගෙන ජීවත් වීම උදෙසා ඔහුට අයත් ඉඩම් කැබැල්ලක් ලබා දුනි.
ඒ කතරගම, ගලහිටිය, ඇලකන්ඩිය පාරේ ස්ථානයකි. ඩිලූ ද මාලා සිය ස්වාමි පුරුෂයා වූ ජානක ප්‍රියන්ත සමග එකතු වී එහි කටුමැටි ගසා පොල් අතු සෙවිලි කර කුඩාවට නිවසක් සාදා පදිංචි වූහ. ගෙයක් දොරක් නැතිව තැන තැන ඇවිදිමින් සිටි ඔවුන්ට එය රජ මාළිගාවක් විය. ‘පිදුරු සෙවි කළ පැල්පතේ ඇති සාමෙ නැති මහ මන්දිරේ’ කීවා සේ එහි කුලී වැඩ හා හේන් ගොවිතැන් කරමින් ඉතාමත් සතුටින් හා සාමදානයෙන් ඔවුහු ජීවත් වූහ.
එහෙත් ඒ සතුට හා සාමය පැවැතියේ ඉතා කෙටි කාලයකි. කාලයාගේ ඇවෑමෙන් එම ඉඩම ලබා දුන් ‘දයාරත්න’ හා ඩිලූ ද මාලා අතර අනියම් ප්‍රේම සබඳතාවක් ගොඩනැගිණි. එය දැන ගත් සිය ස්වාමි පුරුෂයා වූ ජානක ප‍්‍රියන්ත හා ඇය අතර නිතර දෙවේලේ ගැටුම් හා උනුසුම් වාග් ප‍්‍රහාර සිදු විය. එම තත්ත්වය දිගු කලක් පැවැතිණි. එම සබඳතාව නවතා දමන ලෙස ස්වාමි පුරුෂයා ඇයට බල කර සිටිය ද එය එසේ සිදු වූයේ නැත. ඔවුන් දෙදෙනාගේ සබඳතාව එන්න එන්නම වැඩි දියුණු විය.
එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ ඩිලූ ද මාලා හා චානක ප‍්‍රියන්ත අතර දරුණු ආරවුලක් හට ගෙන ඉන් පසු ජානක ප‍්‍රියන්ත සිය බිරිඳ හා දරුවන් අතහැර නිවසින් පිට වී යාම ය. ඔහු ගියා ගියාමය. ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් අද වන තුරුත් නැත. බිරිඳ ඔහු සෙවීමට එතරම් උත්සාහ ගත්තේ ද නැත. ගිය එකා ඔහේ ඕනෑම දිහාවක ගියා සේ සිතා ඇය එතැන් සිට තමන්ට ජීවත් වීම උදෙසා නිවසක් සාදා ගැනීමට ඉඩම් කැබැල්ලක් දුන් දයාරත්න සමග පවුල් ජීවිතය ගත කරන්නට වූවා ය.
ඔවුන් දෙදෙනා එතැන් සිට සිය ජීවිතය ගත කරමින් සිටින විට ආසන්න ස්ථානයක පිහිටි ‘රෝහිත’ නැමැත්තාගේ ඉඩමේ හදිසි ගිනි ගැනීමක් සිදුවී ඇත. එය සිදු කර ඇත්තේ ‘චමින්ද අල්විස් සහ ජාගොඩ රාළහාමි’ යනුවෙන් හඳුන්වන පුද්ගලයන් දෙදෙනෙක් බවට සැක මතු වී ඇත. පුද්ගලික අමනාපයක් මත සිදු වූ මෙම ගිනි තැබීම ගැන ඔවුන්ට එරෙහිව පැවැති පරීක්ෂණයක දි ඩිලූ ද මාලා සාක්ෂියක් ලබා දී ඇත.
ඉන් උරණ වූ ඔවුහු ඩිලූ ද මාලාට එරෙහිව විවිධ කටකතා සමාජය තුළ පතුරුවා හරින්නට වූහ. ඉන් කියැවුණේ ඩිලූ ද මාලාගේ වැඩිමල් දියණියව ‘දයාරත්න’ නමැත්තා විසින් ලිංගික අපචාර වැඩට යොදා ගන්නා බව ය. මෙය ටික දිනකින් ලැව් ගින්නක් සේ හතර වටේ පැතිරී ගියේ ය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මෙම සිදුවීම සිවිල් ආරක්ෂක නිලධාරියකු හා පොලිස් නිලධාරියකු සිවිල් ආරක්ෂක කමිටු රැුස්වීමේ දී කතා බහට ලක් කෙරිණි.
එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මේ සම්බන්ධයෙන් ඩිලූ ද මාලාගේ දියණිය පිළිබඳ ප‍්‍රචාරය වන මෙම ලිංගික අපචාර සිද්ධිය පිළිබඳව පොලිස් පරීක්ෂණයක් පැවැත්විණි. එම පරීක්ෂණයේ දී එම දියණිය ප‍්‍රකාශ කර ඇත්තේ තමන්ට කිසිම දිනක දයාරත්න නමැති තම මවගේ අනියම් ස්වාමි පුරුෂයාගෙන් එවැනි සිදුවීමක් සිදු වී නැති බවය. මෙය අමූලික බොරුවක් බව ද ඇය ප‍්‍රකාශ කර ඇත.
එහෙත් මෙම ගම පුරා පමණක් නොව එම දියණිය අධ්‍යාපනය ලැබූ සෙල්ලකතරගම මහා විද්‍යාලය තුළ ද ප‍්‍රබල ලෙස පැතිරිණි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පාසලේ ළමුන් ඇයට උසුළු විසුළු කරමින් උපහාසයට හා අපහාසයට ලක් කරන්නට වූහ. මේ නිසා ඊට මුහුණ දීමට නොහැකි වූ නිසා එම දැරිය පාසල් යාමට ද අකමැති විය. අවසානයේ ඇයගේ අධ්‍යාපන කටයුතු ද ඉන් ඇණහිටිනි.
මේ නිසා ඩිලූ ද මාලා හා සිය දියණිය පමණක් නොව ඔවුන්ගේ පවුල් ජීවිතය ද බරපතල අවමානයකට ලක් විය. ඒ හෙයින් මේ තත්ත්වයට එරෙහිව කිසියම් පියවරක් ගැනීම උදෙසා නීතිමය උපදෙස් පැතීමට ඩිලූ ද මාලා හා ඇයගේ දියණිය වන සඳුනි තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත‍්‍රාත් පියරත්න බණ්ඩාර හමුවීම සඳහා ගොස් ඇත. ඔහු මොණරාගල දිස්ත‍්‍රික් ලේකම් පද්මා වර්ණකුලසූරියගේ ස්වාමි පුරුෂයා ය. ඔවුහු පදිංචි වී සිටින්නේ තිස්සමහාරාම, තිස්ස වැව, ‘හසරැලි’ නිවසේ ය.
එවිට නීතීඥ පියරත්න බණ්ඩාර ඩිලූ ද මාලාගේ හා දියණියගේ සිද්ධියට අදාළ සියලූ විස්තර ලබා ගෙන ඇත. ඒ සමඟම ඇය ප‍්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම හරහා තම පවුලට සිදු වී ඇති අපහාසයට එරෙහිව අධිකරණයේ නඩුවක් පවරා එම ව්‍යාජ ප‍්‍රකාශයන් සිදු කළ පුද්ගලයන්ට එරෙහිව පියවර ගත හැකිද යන්නය. නමුත් මෙම අවස්ථාවේ නීතීඥ පියරත්න බණ්ඩාර යෝජනා කර ඇත්තේ නඩු කටයුතු කිරීම පසෙක තබා එම දියණියව ඇති දැඩි කරමින් රැක බලා ගැනීම සඳහා තමන්ට බාර දෙන ලෙසය.
නමුත් එයට ඩිලූ ද මාලා එතරම් කැමති වී නැත. එම දියණිය ද එයට අකමැත්ත ප‍්‍රකාශ කර ඇ. එහෙත් පියරත්න බණ්ඩාර නීතීඥවරයා ඒ කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා දැඩි ප‍්‍රයත්නයක නියැලෙමින් එම දියණිය තමන් වෙත ලබා ගැනීම සඳහා උත්සාහ කර ඇත. විවිධ බලපෑම් ද කර ඇත. ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ තමන්ට මෙම ළමයාව බාර දුනහොත් ඇයගේ අධ්‍යාපන කටයුතු හොඳට සාර්ථකව කර ගෙන යාම උදෙසා අවශ්‍ය වැඩ කටයුතු සලසා දෙන බවය.
මේ අනුව, පියරත්න බණ්ඩාරගේ දැඩි ප‍්‍රයත්නය මත එම දැරිය අවසානයේ ඔහුට බාර දීමට සිදු වී ඇත. ඉන් තම දියණියට සුගතියක් වන්නේ නම් එය තමන්ට ලොකු සහනයක් බව ඩිලූ ද මාලා ම සිතන්නට ඇත. එහෙත්, තමන් මේ සිදු කළේ නරියන්ට කුකුල්ලූ බාර දුන්නා හා සමාන දෙයක් බවට එම අවස්ථාවේ ඇයට කිසිදු වැටහීමක් ඇති වී නැත. ඒ අනුව, පියරත්න බණ්ඩාර නීතීඥවරයා එම දැරියව බලෙන් මෙන් සිය භාරයට ගෙන ඔහු විසින් පවත්වාගෙන යන වීරවිල ළමා රැඳවුම් කඳවුරකට රැගෙන ගොස් එහි නවතා ඇත.
පියරත්න බණ්ඩාරගේ අනාථාගාර සෙල්ලම 
මෙම ළමා කඳවුර ලියාපදිංචි එකකි. එනම්, අනාථාගාර ආඥා පනත යටතේ එය ස්ථාපිත කර ඇත. 1946 අංක 45 දරණව පනත මගින් සංශෝධිත 1941 අංක 22 දරන අනාථාගාර පනත ප‍්‍රතිපාදන මගින් වීරවිල ළමා නිවාස අනාථාගාරය ලියාපදිංචි කර ඇත. මෙහි කිසියම් ළමයෙක් එහි පරිපාලනයේ පුද්ගලික අවශ්‍යතාව මත රඳවා තබා ගැනීමට හෝ කිසියම් පවුලකින් ලබා ගෙන එහි තබා ගැනීම සපුරා තහනම් ය.
යම් දරුවෙකු කිසියම් පවුලකින් ලබා ගන්නේ නම් ඒ සඳහා පළාත් ළමා ආරක්ෂක කොමසාරිස් මගින් අවසර ලැබිය යුතු ය. අනෙක් කරුණ නම් අධිකරණ නියෝග මත මෙවැනි ළමා කඳවුරුවල ළමයින් තබා ගැනීමේ හැකියාව ඇත. එහෙත්, මේ කිසිදු අවසරයකින් තොරව තිස්සමහාරාම වැඩබලන මහේස්ත‍්‍රාත් නීතීඥ පියරත්න බණ්ඩාර විසින් ඩිලූ ද මාලාගේ 15 හැවිරදි දියණියව ලබා ගෙන තමන් විසින් පවත්වාගෙන යන වීරවිල ළමා කඳවුරේ බලහත්කාරයෙන් තබා ගෙන ඇත.
නමුත් ඇයගේ පාසල් අධ්‍යාපනය තිස්සපුර කණිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් කර ඇත. එහි අධ්‍යාපන කටයුතු සිදු කරමින් එම දැරිය කාලය ගත කර ඇත. මේ ඉන්නා අතරතුර එම දැරිය බැලීම සඳහා යම් යම් අවස්ථාවල මව වන ඩිලූ ද මාලා ද පැමිණ ඇත. නමුත් ඇයව ළමා නිවාසයේ ඇතුළට ගෙන නැත. ගේට්ටුව ළඟ දියණිය හා කෙටි වේලාවක් කතා කර පිට වී යාමට සිදු වී ඇත. එම කතා කරන අතරතුර ද ඔවුන් කතා බහ කරන්නේ කුමක් ද යන්න බැලීම සඳහා ළමා නිවාසය මගින් ඔත්තුකරුවකු ද යොමා කර ඇත.
එබැවින් වැඩි වේලාවක් අනවශ්‍ය දේවල් කතා කිරීමට නොව අවශ්‍ය දෙයක්වත් කතා කිරීමට මවට හා දියණියට හැකියාව ලැබී නැත. ටික දිනක් යන විට පාසල ළඟට පැමිණීම ද ළමා නිවාසයේ පරිපාලනය විසින් එම මවට ඉඩ ලබා දී නැත. මේ නිසා එම මව බරපතල මානසික පීඩනයකට ලක් වී ඇත. මොන වැරදි අඩුපාඩුකම් හා ප‍්‍රශ්න තිබුණ ද තමන්ගේ දරුවාට තමන්ට වටින්නේ ය. උණ හපුළුවාට ද තමන්ගේ පැටියා මැණිකකි’. එබැවින් ඩිලූ ද මාලාට ද තම දියණිය මැණිකකි. ඇයට සතියකට එක් වරක්වත් බැලීමට පැමිණ කතා කිරීමට නොහැකි වුවහොත් එය ඇයට ඉවසා දරා ගෙන සිටීමට අපහසු ය. එවැනි ස්වභාවයක් තුළ ළමා නිවාසය පරිපාලනය විසින් ඇයට සිය දියණිය හමු වී කතා බහ කිරීමට තිබූ අවස්ථාව අහුරා දමා ඇත.
ඉන් දැඩි පීඩනයකට පත් ඇය ඊළඟට සිදු කර ඇත්තේ දරුවා පාසල් ගොස් ආපසු එන විට මහ මග හමු වී කතා බහ කිරීම ය. ළමා නිවාසයේ සිට තිස්සපුර විදුහලට කිලෝමීටර් දෙකක් මණ ඇත. පාසලට උදේ හවා එම දියණිය ගමනාගමනයේ යෙදෙන්නේ පයින් ය. එය ප‍්‍රයෝජනයට ගත් මව ඇය පාසලේ සිට ළමා නිවාසය ආසන්නයට පැමිණෙන තුරු කතා බහ කරමින් පැමිණෙති. එම සෑම අවස්ථාවකම එම දියණිය මවට ප‍්‍රකාශ කර ඇත්තේ තවදුරටත් මෙම කඳවුරේ තමන්ට සිටීමට අපහසු බව ය. එම නිසා ගෙදර රැගෙන යන ලෙස ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව, ඩිලූ ද මාලා මව වීරවිල ළමා කඳවුරේ ප‍්‍රධාන පරිපාලක නීතීඥ පියරත්න බණ්ඩාර හමු වී තම දරුවාට නිවසට රැගෙන යාම සඳහා ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත. එහෙත් ඔහු එය දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කර තිබේ. එපමණක් නොව, දියණිය පාසල් ඇරී එන විට මව පාසල ආසන්නයට ගොස් ඇය සමග කතා කරන බවට පියරත්න බණ්ඩාරට තොරතුරු වාර්තා වී ඇත. එයින් කුපිත වී ඇති ඔහු අවස්ථා කිහිපයක දී ම එම දියණියට දරුණු ලෙස පහර දී ඇත. එමගින් ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මව සමග තිබෙන සම්බන්ධතාව අතහරින ලෙස ය. ඇයව හමු නොවන ලෙස ය. කතා නොකරන ලෙසය. එහෙත්, තමන්ගේ ආදරණීය අම්මා සමග කතා කිරීමට නොහැකිව සිටීමට දියණියකට හැකි ද? එසේත් නැත්නම් දරු දුක දන්නා මවකට සිය ආදරණීය දියණිය දැක බලා ගෙන මොහොතක්වත් කතා කිරීමට නොහැකිව සිටිය හැකිද? මොන තහංචි දැම්මා ඒවා සියල්ල කඩා බිඳගෙන දරු දුක හා මව් සෙනෙහස එකට එක වනවා නොඅනුමාන ය.
මෙම තත්ත්වය අවබෝධ කර ගැනීමට මොනරාගල දිස්ත‍්‍රික් ලේකම් පද්මා වර්ණකුලසූරියගේ ස්වාමි පුරුෂයා වන තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත‍්‍රාත් හා වීරවිල ළමා නිවාසයේ ප‍්‍රධාන පරිපාලක නීතීඥ පියරත්න බණ්ඩාරට නොහැකි වීම ඔහුගේ තිබෙන තිරිසන්කම මනාව පෙන්වීමක් වනවාට සැක නැත. ඔහු මොන තරම් අසික්ෂිත ලෙස මෙහි කටයුතු කළා ද කිවහොත් ඉන් පසුව දියණියට හා මවට කිසිදු හමුවීමකට හෝ කතා බහ කිරීමකට ඉඩ ලබා දී නැත.
එම දියණියව පාසල් යාමේ දී හා ආපසු පැමිණිමේ දී දැඩි ලෙස විමසිලිමත්ව සිටීමට ඔත්තුකරුවන් ද පත්කර තිබී ඇත. මේ ස්වභාවය තුළ සිය මව දැකීමට නොහැකි වීමෙන් සමහර අවස්ථාවල දියණිය දැඩි මානසික පීඩනයට ලක් වී අසනීප තත්ත්වයට ද පත් වී ඇත. දිනක් එලෙස අසනීප වී එම දැරිය ළමා නිවාසයේ කාමරයක් තුළ නිදා ගෙන සිට ඇත. එසේ සිටින විට කාමරයේ දොර ඇරගෙන තිස්සමහාරාම යෝධකණ්ඩිය ප‍්‍රදේශයේ පදිංචි ‘‘සෝමසිරි මුතුමාල’’ නමැත්තා කාමරයට ප‍්‍රවිශ්ඨ වී ඇත. ඔහු නීතීඥ පියරත්න බණ්ඩාරගේ රියදුරා ය.
පියරත්නගේ හයිය ගත් සෝමසිරි මුතුමාලගේ අමන වැඩ…
එසේ පැමිණි සැණින් ‘සෝමසිරි මුතුමාල’ තමන් ඇඳ ගෙන සිටි ඇඳුම් ගලවා දමා ක්ෂණිකව එම දියණිය නිදා සිටි ඇඳ මතට කඩා වැදී ඇයගේ ඇඳුම් ගලවමින් හා යට ඇඳුම් ඉවත් කරමින් ඇයව දුෂණය කිරීමට උත්සාහ කර ඇත. ඉන් ගැලවීම සඳහා එම දියණිය කෑ කෝ ගසමින් තමන්ට පුළුවන් ආකාරයට ඔහුගෙන් බේරීම උදෙසා ඔහුව විකමින්, හූරමින් දැගලීමට පටන් ගෙන ඇත් එය එතරම් සාර්ථක වී නැත. එම හඬ ඇසී ආධාර උකාරයට ඇයට කිසිවකුත් පැමිණ ද නැත.
ඉන් උපරිම ප‍්‍රයෝජන ගත් සෝමසිිරි මුතුමාලගේ ප‍්‍රයත්නයට සාර්ථක වී ඇත. ඔහු කිසිදු බියක් සැකක්, හිරිකිතයකින් තොරව එම දැරියව බලහත්කාරයෙන් දුෂණය කර ස්වල්ප මොහොතකට පසු ඉන් පිට වී ගොස් ඇත. එලෙස යන විට ඔහු දැරියට අනතුරු අඟවමින් මෙම සිද්ධිය කිසිවකුටත් නොකියන ලෙසත් එසේ වුවහොත් වැඩ වරදින බවටත් තර්ජනය කර ඇත. එමගින් එම දැරිය දැඩි ලෙස භීතියට පත් වී තිබේ. මේ ආකාරයට ඉන් පසුව අවස්ථා කිහිපයකදී ම සෝමසිරි මුතුමාල ඇයව ළමා නිවාසයේ විවිධ තැන්වල දී බලහත්කාරයෙන් හිර කර තබා දුෂණය කර ඇත.
මෙම පුද්ගලයාගෙන් බේරීම උදෙසා ඇය අවස්ථා කිහිපයකම සාර්ථක වී නැත. අවසානයේ බැරිම තැන ඇය මේ බව ළමා නිවාසයේ පාලිකාවක් වූ ‘සීතා අබේවික‍්‍රමට’ පවසා ඇත. එවිට ඇය ප‍්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම කාටවත් නොකියන ලෙසය. දිනක් මෙම සිදුවීම එම දැරිය නීතීඥ පියරත්න බණ්ඩාරට ප‍්‍රකාශ කර ඇත. ඉන් උරණ වී ඇති ඔහු එම දියණියටම බැණ වැදී පහර දී ඇත. නිවැරදි ආකාරයට නම් සිදු විය යුතුව තිබුණේ එම ක‍්‍රියාව සිදු කළ සෝමසිරි මුතුමාලට එරෙහිව කටයුතු කිරීමට ය. එහෙත් ඒ වෙනුවට එම දියණියට සිදු වී ඇත්තේ තමන් එම පැමිණිල්ල පියරත්න බණ්ඩාරට කිරීම නිසා ඔහුගෙන් ඇයටම බැනුම් අසා ගැනීමට ය.
මෙම ස්වභාවය තුළ දිනක් පියරත්න බණ්ඩාර එම දැරියට අමානුෂික ලෙස පහර දී ඇත. එම පහරදීම්වලින් එක් අතක් බරපතළ ලෙස තුවාල වී ලේ ගැලීමට ද පටන් ගෙන ඇත. එහෙත් ඇයට ඒ වෙනුවෙන් ප‍්‍රතිකාරයක්වත් ලබා දී නැත. එතරම් අමානුෂික තත්ත්වයක් ඒ තුළ තිබී ඇත. මේ අතර දැරියව බැලීමට නොහැකි වීමෙන් දැඩි කම්පනයට පත්ව සිටි ඇයගේ මව වූ ඩිලූ ද මාලා දැඩි ප‍්‍රයත්නයක නියැලූණේ කෙසේ හෝ දියණිය ළමා නිවාසයෙන් මුදා ගැනීමට ය.
නමුත් ඇයට මේ ආකාරයේ අතවරයන් හා අමානුෂික පහරදීම් සිදු වන බවට මව දැන සිට නැත. ඇය මවට ප‍්‍රකාශ කර ඇත්තේ ළමා නිවාසයේ සිටීමට අපහසු බව පමණි. අනෙක් සියලූ සිදුවීම් මවගෙනුත් ඇය සඟවා ඇත්තේ ඒවා දැන ගතහොත් මවට එය උහුලා ගත නොහැකිව පපුව පැලී මිය යාමට ද ඉඩ තිබූ බැවිණි. සියලූ දුක් වේදනා හා අතවරයන් විඳ දරා ගනිමින් ඇය දැඩි උත්සාහයක නියැලූනේ ළමා කඳවුරෙන් එළියට යාමට ය. මව උත්සාහ කළේ ඇය කෙසේ හෝ යළිත් තමන් ළඟට ගැනීමට ය.
‘අනේ බුදු රත්තරං මහත්තයෝ, කකුල් දෙක අල්ලලා වඳිනන්ම්. මගේ දු මට දෙන්න’’
ළමා නිවාසයේ කෑම බීමවලට වඩා තම කටු මැටි ගෙපොළේ පොල් සම්බෝලයි බත් ටිකයි ඊට වඩා වටිනා බව ඇයගේ අදහස වූවා ය. එබැවින් දිනක් ඩිලූ ද මාලා මව නීතීඥ පියරත්න ණ්ඩාර හමුවීම සඳහා ඔහු පදිංචි තිස්සමහාරාම, තිස්සවැව පිහිටි ‘හසරැලි’ නිවසට ගොස් ඇත. එහි දී ඇය ප‍්‍රකාශ කර ඇත්තේ තම දියණිය කෙසේ හෝ තමන්ට ලබා දෙන ලෙස ය. ‘අනේ බුදු රත්තරං මහත්තයෝ, කකුල් දෙක අල්ලලා වඳිනන්ම්. මගේ දු මට දෙන්න’’ යනුවෙන් ඇය පියරත්න බණ්ඩාරගේ දෙපා මුල වැඳ වැටෙමින් ඉල්ලා සිටියා ය. එහෙත් එය ගණනකට ගත්තේ ඔහු නොවේ. ඉන් උරණ වූ ඔහු ඇයට බැන වැදී පන්නා ගත්තේ ය.
ඉන් පසුව ඇය දැඩි ලෙස උරණ වී නීතීඥ පියරත්න බණ්ඩාර පදිංචි තිස්සමහාරාම නිවස ඉදිරිපිට සිය අනෙක් දරුවා සමග උපවාසයක් ආරම්භ කර ඇත. ඇය ප‍්‍රකාශ කර ඇත්තේ තමන්ගේ දරුවාව දෙන තුරු එම ස්ථානයෙන් නොයන බවය. ඊළඟට ඉන් උරණ වූ ළමා නිවාසයේ ප‍්‍රධාන පාලක නීතීඥ පියරත්න බණ්ඩාර පොල් පිත්තක් රැගෙන විත් ඩිලූ ද මාලාට හොඳට ම පහර දී ඇත. අවසානයේ ඉන් බේරී ඇත්තේ දිව ගොස් ය. ඉන් දැඩි ලෙස තුවාල වී ඇති ඇය කතරගම රෝහලට ඇතුළත් වී ප‍්‍රතිකාර ලබා ගෙන ඇත.
මෙම සිදුවීම් පිළිබඳව ඇය පොලීසියට පැමිණිලි කර ඇතත් ඒවා එතරම් සාර්ථක වී නැත. නීතීඥ පියරත්න බණ්ඩාර යනු වීරවිල ළමා කඳවුරේ ප‍්‍රධාන පරිපාලක පමණක් නොව තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත‍්‍රා්ත්වරයා ය. මොනරාගල දිස්ත‍්‍රික් ලේකම් පත්මා වර්ණකුලසූරියගේ ස්වාමිපුරුෂයා ය. එතරම් මහ බලයක් රාජ්‍ය මට්ටමින්, නීතිමය ස්වභාවයෙන් හා දේශපාලනභාවයෙන් ඇති නිසා පියරත්න බණ්ඩාරට හෝ ඔහුගේ පවුලේ අයට එරෙහිව කටයුතු කිරීමට පොලීසිය ද කිසියම් මැලිකමක් දක්වනු ඇත. ඉන් උපරිම ඵල ප‍්‍රයෝජන නෙලා ගෙන එමෙම තිරිසන් මිනිහා තමන්ට කළ නොහැක්කක් නැත යන සංකල්පයේ සිට කටයුතු කිරීම නිසා ඩිලූ ද මාලා ද දැඩි අසරණ තත්ත්වයට පත් වී ඇත.
නමුත් ඩිලූ ද මාලා ද සිය ප‍්‍රයත්නය අතහැර දමා නැත. සියල්ලට වඩා දරු කැක්කුම ඇයට මහ මෙරක් මෙන් ලොකුය. එම නිසා දරුවාව තමන් වෙත ලබා ගැනීමේ ප‍්‍රයත්නක ඇය තව තවත් ළං විය. ඊළඟට ඇය කළේ තමන්ගේ දරුවාව බලහත්කාරයෙන් නීතීඥ පියරත්න රඳවා සිටින බවට තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිලි කිරීම ය. ඒ අනුව ඔහු මෙම පැමිණිල්ල පිළිබඳව සොයා බලන ලෙස තංගල්ල ළමා හා කාන්තා කාර්යාංශයට බාර දී ඇත.
එහි ප‍්‍රතිඵලයක් වශයෙන් වීරවිල පිහිටි මෙම ළමා නිවාසය පිළිබඳව පරීක්ෂා කිරීමේ දී එහි ගැහැණු ළමුන් 21 ක් සහ පිරිමි ළමුන් හතර දෙනෙක් ඇතුළුව ළමුන් 25 දෙනෙකු රඳවා තිබෙන බවට කරුණු අනාවරණය විය. එම සෑම දරුවකුම බාල වයස්කාර ළමුන් ය. ඔවුන් නිවාසය තුළ අමානුෂික පහරදීම් හා වධ බන්ධනයන්වලට ලක් වන බව කරුණු අනාවරණය විය. මෙහි බොහෝ විට ඇත්තේ දෙමාපියෝ නැති දරුවෝ දෙමාපියන් අතහැර ගිය දරුවෝ හා විවිධ පවුල් ප‍්‍රශ්න හේතු කොට ගෙන අසරණභාවයට ලක් වූ අහිංසක අසරණ දරුවන් ය. ළමා නිවාසයක යුතුකම වගකීම හා ප‍්‍රධාන කාර්යභාරය වන්නේ එම අසරණ දරුවන් රැක බලා ගනිමින් ඔවුන්ට අනාගත සුබසිද්ධිය උදෙසා නිවැරදි ආකාරයට සමාජයට යොමු කිරීම ය.
එහෙත්, මෙම ළමා කඳවුර තුළ එවැනි තත්ත්වයක් තිබූ තවත් පෙනෙන්නට නැත. දුරුෂ පැතුම්, 12 හැවිරිදි වියේ පසු වූ දරුවෙකි. ඔහු ළමා නිවාසයේ සිට තිස්සපුර කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබති. ඔහුගේ පියා 2004 දෙසැම්බර් මස 24 වැනි දින ඇති වූ අවාසනාවන්ත සුනාමි රළ පහරට හසු වී මිය ගොස් ඇත. එතැන් සිට එම දරුවා හදා වඩා ගැනීමට මවට විශාල ප‍්‍රශ්නයක් වී ඇත. එබැවින් ඇය මෙම දරුවාව මෙම ළමා නිවාසයට බාර දී විදේශ ගත වී ඇත. ඇය මාතර තිහගොඩ පහළ විටියල පදිංචි ප‍්‍රියානි එෙ`ඞ්රගෙ ය. මවගෙන් වියුක්ත වී දරුවා එම ළමා නිවාසය තුළ ඇති දැඩි වුව ද ඒ තුළ ඔහු මුහුණ පෑවේ ඉතාමත් කණගාටුදායක සිදුවීම්වලට ය.
‘‘තව බත් ටිකක් මට දෙන්න. මට බඩගිනියි’’… ‘බත් නොවේ තොට දෙන්නේ ගුටි’’
එනම්, එම ළමා නිවාසයේ ප‍්‍රධාන පරිපාලනක නීතීඥ පියරත්න බණ්ඩාර එම දරුවාගෙන් විවිධ වැඩ ගැනීමට පටන් ගෙන ඇත. ඒවා නිසි ලෙස ඉටු කිරීමට අපහසු වූ විට ඔහුට පේර කෝටුවලින් දිග හරහට පහර දී ඇත. ඒවා විඳ දරා ගත නොහැකිව ඇඬූ වාර අන්නතය. අප‍්‍රමාණය. බොහෝ දිනවල ඔහුට ප‍්‍රමාණවත් පරිදි කෑමට බත් ලබා දෙන්නේ නැත. ලබා දෙන්නේ ඉතාමත් අඩුවෙනි. එවිට එම දරුවා ‘‘තව බත් ටිකක් මට දෙන්න. මට බඩගිනියි’’ යනුවෙන් ප‍්‍රකාශ කළ විට ‘බත් නොවේ තොට දෙන්නේ ගුටි’’ යනුවෙන් බත් මදි කියූ දරුවාට ඇඟිලිවලට පහර දී ඇත. ඉන් ඇඟිලි තුවාල වී දින ගණන් වේදනා විඳ ඇත. මෙය මොන තරම් තිරිසන් තත්ත්වයක් ද? කුඩා දරුවෙක් බත් ටිකක් මදි වී ආපසු ඉල්ලූ විට එය ලබා දීම යහපත් ළමා නිවාසයක පමණක් නොව වැඩිහිටියෙකුගේ යුතුකම, වගකීම හා මානුෂික ගුණාංගය වන්නේ ය. එහෙත් එම දරුවා බත් ටිකක් ඉල්ලා හඬ අවදි කළ විට ඔහුට පහර දීම මොන තරම් අමානුෂික ගුණාංගය වන්නේ ය. එහෙත් එම දරුවා බත් ටිකක් ඉල්ලා හඬ අවදි කළ විට ඔහුට පහර දීම මොන තරම් අමානුෂික ක‍්‍රියාවක් ද යන්න පැහැදිලි වනවා ඇත.
හම්බන්තොට, මෛත‍්‍රීගම පදිංචිව සිටි කේ. ප‍්‍රියන්ති විවාහ වී සිටියේ ගාමිණී වලදුරගේ සමග ය. ඔවුන්ට ඩබ්. බී. ලක්ෂ්මි හා දිස්නි යනුවෙන් දරුවන් දෙදෙනෙකි. ප‍්‍රියන්ති යනු මීට පෙර විවාහ වී දරුවන් දෙදෙනෙකු සිටින මවකි. ඇය දරුවන් දෙදෙනාව ළමා නිවාසයට බාර දී පවුලේ ආර්ථික ප‍්‍රශ්න හේතු කොට ගෙන විදේශ රැකියාවකට ගොස් ඇත. මේ හේතු කොට ගෙන ලක්ෂ්මි හා ද්සිනිට අධ්‍යාපන කටයුතු කරමින් ….. ගෙවීමට සිදු වී ඇත්තේ …….. ළමා කඳවුරේ ය. එහි සිටිය දී ඔවුන්ට ඉඩම ශුද්ධ කිරීමට, මල් පැළවලට වතුර දැමීමට, තණකොළ ගැලවීමට ඇතුළු වැඩ රාජකාරි බොහොමයක් ළමා නිවාසයේ පරිපාලක නීතීඥ පියරත්න බණ්ඩාර පවරා ඇත. සමහර දිවලට මෙම වැඩ නිසි පරිදි සිදු නොකර තිබූ විට ඔවුන්ට කෝටුවලින් දරුණු ලෙස පහර දී ඇත. ඒවාට අත් ඉදිමී දින ගණනක් වේදනා විඳිමින් පසු වී ඇත.
දිනක් මල් පැළවලට වතුර නොදැමීම නිසා උරණ වූ නීතීඥ පියරත්න බණ්ඩාර එම දරුවන් දෙදෙනාව අමානුෂික වධ බන්ධනවලට ලක් කර ඇත. එනම්, මල් පැල ළඟ සිට වතුර ටැප් එක තිබෙන ස්ථානය දක්වා දණ ගාගෙන ගොස් වතුර ගෙන ආපසු ටැප් එක ළඟ සිට මල් පැල දක්වා දණ ගාගෙන වතුර ගෙනැවිත් දැමීමට අණ කර එසේ කරවා ඇත. එවිට ඔවුන්ගේ දණ පොල්කටු බරපතළ ලෙස සීරී තුවාල වී ඇත.
නීතීඥ පියරත්න බණ්ඩාරගේ සහගහන අපරාධ
තවත් දිනක ළමා නිවාසයේ ස්ථානයක තිබූ තණකොළ තොගයක් ගලවා එළි පෙහෙළිකරන ලෙස එම දරුවන්ට පියරත්න බණ්ඩාර නියෝග කර ඇත. එහෙත්, එය ඔවුන්ට කිරීමට අපහසු වී ඇත. එවිට ඉන් උරණ වූ පියරත්න බණ්ඩාර එම ස්ථානයේ තණකොළ පැළ කීයක් තිබෙනවාද යන්න වෙන වෙනම ගණන් කර කියන ලෙස එම දරුවන් දෙදෙනාට අන කර ඇත. එවිට එහි තණ කොළ පැළ 67 ක් තිබී ඇත. ඒ අනුව නීතීඥ පියරත්න බණ්ඩාර කෝටුවක් රැගෙන විත් එම දරුවන් දෙදෙනාට මාරුවෙන් මාරුවට කෝටු පාරවල් 67 ක් පහර දී ඇත. ඉන් අත් පාට ඉදිමී එම දරුවන් දෙදෙනා බරපතල අසාධ්‍ය තත්ත්වයට පත් වී ඇතත් කිසිදු ප‍්‍රතිකාරයක් ලබා දී නැත. මේ මොන තරම් සහගහන අපරාධ ද?
දෙමාපියන් අතර ඇති වන යම් යම් ප‍්‍රශ්න හේතු කොට ගෙන දරුවන්ව මොන තරම් අසරණ තත්ත්වයට පත් වෙනවා ද? කතරගම පෙරගිරිගම පදිංචිව සිටි සුනිල් ජයවර්ධන හා පී. ධම්මිකාගේ පවුලට ද අත් වූයේ කියා නිම කළ නොහැකි විපතකි. ධම්මිකා රණවීර අත්තනායක යනුවෙන් හඳුන්වන පුද්ගලයකු සමග පේ‍්‍රම සබඳතාවක් පවත්වා ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පවුලේ ඇති වූ ගැටුමක් හේතු කොට ගෙන ඇයගේ නීත්‍යනුකූල ස්වාමි පුරුෂයා වන සුනිල් ජයවර්ධන ඇයව අතහැර දමා ගොස් ඇත.
මේත් සමග ඔවුන්ගේ දරුවන් දෙදෙනා ද දැඩි අසරණ තත්ත්වයට පත් වී ඇත්තේ පවුලේ ඇති වූ මෙම අනපේක්ෂිත ස්වභාවය හේතු කොට ගෙනය. සුනිල් ජයවර්ධන ඇයව අතහැර යාමත් සමග ඇය සිදු කළේ රණවීර අත්තනායක සමග පවුල්කෑම ය. ඔවුන්ගේ ගැහැණු දරුවා වූ සඳමාලිව තිස්සමහාරාම බේරළිහෙළ පදිංචි මිත්තනියට බාර දී ඇත්තේ හදා වඩා ගැනීම උසො ය. නමුත් එහිදී ද සිදු වී ඇත්තේ බලවත් විපතකි.
එනම් මිත්තනියගේ අනියම් ස්වාමි පුරුෂයා අතින් එම දැරිය අතවරයට ලක් වී ඇත. අවසානයේ මෙය පොලීසිය දක්වා දුර දිග යන සිදුවීමක් බවට පත් වී තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් එම දැරිය වීරවිල ළමා නිවාසයට බාර දීමට ඇයගේ ආච්චි අම්මා කෙනෙකුට සිදු වී ඇත. එම ළමා නිවාසයේ සිටිය දී නීතීඥ පියරත්න බණ්ඩාර විසින් ඇයට ද ඉතාමත් අමානුෂික ලෙස පහර දී ඇත. පියරත්න බණ්ඩාර විසින් ඇයට ළමා නිවාසයේ රාජකාරියක් බාර දී ඇත. එනම්, ළමා නිවාසයේ ළමයින් බුදුන් වඳින විට යම් වැරැද්දක් සිදු කළහොත් එය එම මොහොතේ ම දුරකථන මගින් තමන්ට දැනුම් දෙන ලෙස පියරත්න බණ්ඩාර ඇයට නියෝග කර ඇත.
නමුත් ඇය එවැනි දේවල් කිරීමට ගොස් නැත. ළමා නිවාසයේ කිසියම් ළමයෙක් බුදුන් වඳින විට යම් වැරැද්දක් සිදු කළහොත් එය පියරත්න බණ්ඩාරට දැනුම් දුනහොත් තමන් සමග එම ළමයින් අමනාප වේ යැයි එම දැරිය උපකල්පනය කර ඇත. එම නිසා එවැනි දේවල් කිරීමට ඇය මැලි වී තිබේ. ඉන් උරණ වූ පියරත්න බණ්ඩාර ඇයගේ දකුණු අතට කෝටුවකින් දරුණු ලෙස පහරදීම හේතු කොට ගෙන අත පැලී ලේ ගලා ගොස් ඇත. ඉන් තුවාල තුනක් සිදු වී ඇත. එයින් නොනැවතුණු පියරත්න බණ්ඩාර ළමා නිවාසයේ භූමියේ එක් කෙළවරක බොරළු අතුරා ඇති ප‍්‍රදේශයක ඇයට දණ ගාගෙන යන ලෙස නියෝග කර ඇත. ඉන් බියට පත් ඇය ඊට අවනත වී බොරළු ගොඬේ දණ ගාගෙන යාම නිසා කකුල් හොඳටම තුවාල වී ඇත. ඒවාට කිසිදු ප‍්‍රතිකාරයක් ද ලබා දී නැත. ළමා නිවාසයේ පාලකව පියරත්න බණ්ඩාර ළමයින්ට සලකා ඇති ආකාරය ඉතාමත් අගේ ය.
මෙම ළමා නිවාසයේ සිටින 12 හැවිරිදි දැරියක වූ හසිනි දිල්හාරාට දිනක් පියරත්න බණ්ඩාර පහර දී ඇත්තේ බත් කන විට බත් ඇට කිහිපයක් බිම වැටීම නිසා ය. එම පහරදීම් ඉවසා දරා ගත නොහැකිව ඇය වේදනාවෙන් හඬා වැළපී ඇත. තමන්ට ගෙදර යාමට අවශ්‍ය බවත් අම්මා, තාත්තා ඕනෑ බවත් කියමින් එම කුඩා දියණිය හඬා වැළපුන ද පියරත්න බණ්ඩාර ඒ කිසිවක් ගණන් නොගෙන ඇයට පහර දී ඇත. ඊට පසු ඇයට මල් පැළ 12 කට වතුර දැමීමට අණ කර ඇත. එය නොකිරීම හේතු කොට ගෙන ද පේර කෝටුවකින් ඇයට පහරදීම නිසා තුවාල සිදු වී ඇත. මේ අශෝභනකම් මැද දිනක් ඇය බැලීම සඳහා අම්මා සහ ආච්චි ළමා නිවාසයට පැමිණ ඇත. එහෙත්, ඔවුන් දෙදෙනාට ළමා නිවාසයේ ගේට්ටුවෙන් ඇතුළට ගෙන නැත. මේ නිසා එම දරුවාට අම්මා සහ ආච්චි සමග නිසි ලෙස කතා බහ කරමින් කටයුතු කිරීමට හැකියාව ලැබී නැත. යම් හෙයකින් එවැනි හැකියාවක් ලැබුණේ නම් තමන්ට ළමා නිවාසයේ පාලක නීතීඥ පියරත්න බණ්ඩාර දෙන වධ වේදනා පිළිබඳව ප‍්‍රකාශ කිරීමට සූදානම් වී සිටියා ය. එමගින් ඇය උත්සාහ කර ඇත්තේ එම කඳවුර තුළ වධ වේදනා විඳගෙන තවදුරටත් සිටීමට අපහසු නිසා අම්මා සහ ආච්චි මාර්ගයෙන් ගෙදර යාමට ය. එහෙත් එය සාර්ථක වී නැත.
නිමේෂා සාරංගි හා රෂ්මි යන සහෝදරයෝ දෙදෙනා මෙම ළමා නිවාසයට පැමිණ ඇත්තේ 2005 වර්ෂයේ දී ය.
ඔවුන්ව බැලීම සඳහා මුල් කාලයේ දී මව යම් යම් අවස්ථාවල පැමිණ ඇතත් ඊට පසු පැමිණ නැත. ඉන් අනතුරුව මව පිළිබඳව කිසිදු තොරතුරක් දැන ගන්නට ද ලැබී නැත. එවැනි ස්වභාවයක් තු නිමේෂා හා රෂ්මි ඉතාමත් දුකෙන් එම ළමා කඳවුර තුළ ගත කර ඇත. ඔවුන් දෙදෙනා ද පියරත්න බණ්ඩාරගේ අමානුෂික වධ බන්ධනවලට ලක් වී තිබේ.
දිනක් නිමේෂාගේ මල්ලී වූ රෂ්මි බුදුන් වඳින විට එය නිසි ලෙස සිදු නොකළේ යැයි පියරත්න බණ්ඩාර ඔහුට හොඳටම පහර දී ඇත. ඉන් බේරීම උදෙසා එම දරුවා ළමා නිවාසය වටේ අඬමින් දුව ගොස් ඇත. එහෙත් ඔහු පසුපස එළවා ගෙන යමින් මෙම පහරදීම් සිදු කර ඇත. නිමේෂා සාරංගිට මෙම ළමා නිවාසය තුළ රාජකාරියක් ද පවරා ඇත. එනම්, ළමා නිවාසයේ ළමයින් කරන වැරදි පිළිබඳව පොතක ලිවිය යුතු ය. ඒවා පසුව පියරත්න බණ්ඩාරට පෙන්විය යුතු ය. එසේ නොකළ නිසා අවස්ථා කිහිපයකදී ම පියරත්න බණ්ඩාර නිමේෂා සාරංගිව දණ ගස්වා පහර දී ඇත. සමහර දිනවලට එම පොත ඔළුව උඩ තබා ගෙන වත්ත වටේ ඇවිදීමට සලස්වා ඇත. මේවා මහා අමානුෂික දඬුවම් ක‍්‍රමය, තිරිසනෙකුටවත් නොසලකන ආකාරයෙන් මෙම දරුවන්ට පියරත්න බණ්ඩාර සලකා ඇති බව මින් පෙනේ.
මෙම ළමා නිවාසයේ කාලය ගත කළ කුෂාන් ධනන්ජය දෙමාපිය දෙදෙනාම නැති අසරණයෙකි. ඔහුව කුඩා කලම පියා විසින් මෙම ළමා නිවාසයට බාර දී ඇත. ඒ බාර දුන්නාට පසු පියා කිසිදු දිනක ඔහුව බැලීමට පැමිණ නැත. මව ජීවිතයට දැක නැත. එතරම් කුඩා දරුවෙකු වූ ඔහු එම ළමා නිවාසයේ ඇති දැඩි වෙමින් නිවාසයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි ත්සස්පුර කණිෂ්ඨ විiාලයට උදේ හවා අධ්‍යාපන කටයුතු කිරීමට පයින්ම ගමන් කරයි.
මෙම දරුවා ද නීතීඥ පියරත්න බණ්ඩාරගේ විවිධ අමානුෂික පහරදීම්වලට ලක් වී ඇත. එම පහරදීම්වලින් තුවාල වූ අවස්ථා අනන්ත ය. පියරත්න බණ්ඩාර පමණක් නොව, ඔහු වෙනත් ළමුන්ට කියා ද පහරදීම් සිදු කර ඇත. ටොකු අන්නවා ඇත. එවැනි සිදුවීම්වලින් තුවාල වූ පසුව ළමා නිවාසයේ පාලිකාව එම තුවාලවලට ප‍්‍රතිකාර වෙනුවට කහ කුඩු දමා ඇත. අසරණ දරුවන්ට පහර දී තුවාල වූ පසු කරන ප‍්‍රතිකාර ඉතාම අගේ ය. මේවා මනුෂ්‍ය සමාජයටවත් නොගැළපෙන දේවල් ය.
සචිනි තාරුකා මෙම ළමා නිවාසය තුළ අක්කා සහ නංගී සමගින් ජීවත් වනු ඇත. ඇය සිය පියා දැක නැත. එතරම්ම කුඩා කාලයේ ඔවුන් මෙම ළමා නිවාසයට පැමිණ තිබේ. එම දැරියගෙන් ළමා නිවාසයේ පියරත්න බණ්ඩා බරපතළ ලෙස විවිධ වැඩ රාජකාරි කර ගනු ඇත. දිනක් වත්තේ වැඩ කර එහි තිබූ කුණු ගොඩකට ගිනි තබන ලෙස මුරකරු වන සෝමසිරි නමැත්තා ප‍්‍රකාශ කර ඇත. එවිට ඇය එය සිදු කර තිබේ. ඒ හේතු කොට ගෙන ඒ අසල තිබූ ඉටි රෙද්දකට ගිනි ඇවිලී ගොස් ඇත. ඉන් උරණ වී ඇති නීතීඥ පියරත්න බණ්ඩාර එම දැරියට අමානුෂික ලෙස පහර දී ඇත.
මෙම ළමා නිවාසයේ වැඩිපුර වාසය කරන්නේ සිංහල හා දෙමළ දරුවන් ය. ඔවුන්ගෙන් එකම පවුලේ දරුවන් තිදෙනෙකු සිටී. ඒ සීදේවි, සාරදා හා සෙල්වරාජ් උමේෂ් ය. ඔවුන්ගේ මව වේළුවෙල්ලිඅම්මා ය. පියා කරුණාසිංහ ය. මවගේ දෙවැනි පුරුෂයා නාගලිංගම් සෙල්වරාජ් ය. එනම්, ඔවුන්ගේ මව පුරුෂයන් දදෛනෙක් සමග ජීවිතය ගත කරනු ඇත. ඒ වෙනුවෙන් ඔවුන්ට දරුවන් පස් දෙනෙකි. දෙමාපියන්ට සමාජය පිළිබඳ කිසිම අවබෝධයක් නැත. අධ්‍යාපනික වශයෙන් ද ඔවුන් අන්තිම දුර්වල ය. පියා දැඩි ලෙස බීමට ඇබ්බැහි වී සිටින අයෙකි.
මේ තත්ත්වයන් හේතු කොට පවුලේ ආරවුල් හා ආර්ථික ප‍්‍රශ්න ද කෙළවරක් නැත. ඒ නිසා දිනක් මෙම දරුවන්ගේ මව වූ වේළුවෙල්ලිඅම්මා සිය දිවි නසා ගෙන ඇත. එයෙින් එම දරුවන්ගෙන් තිදෙනෙකු වූ සීදේවි, සාරදා හා උමේෂ් යන අය රැකවරණය පතා වීරවිල ළමා නිවාසයට බාර දී තිබේ. ඔවුන්ට උප්පැන්නයක්වත් නැත. එම දරුවන් තිදෙනාගෙන් ළමා නිවාස පාලකයෝ නිතරම ගෙවත්තේ විවිධ වැඩ කර ගෙන ඇත. ඒවා නිසි ලෙස සිදු නොවීම හා අතපසුවීම් සිදු වූ විට පේර කෝටුවලින් පිටට හා අතපයවලට දිග හරහට පහරදීමට පියරත්න බණ්ඩාර පියවර ගෙන ඇත. එම පහරදීම්වලින් තැලී ඉදිමී තුවාල වීම නිසා සමහර දිනවලට පාසල් යාමට ද නොහැකි වී ඇත.
එලෙස පහරදීම්වලින් තුවාල වූ විට ප‍්‍රතිකාර සඳහා ඒවාට සිද්ධාලේප ගල්වා ඇත. කිසියම් තුවාලයක් වූ විට එයට සිද්ධාලේප ගෑ පසු වේදනාව තවත් වැඩි වනු ඇත. මෙම දරුවන්ට එවැනි අමානුෂික තත්ත්වයන්වලට මුහුණ පෑමට සිදු වනු ඇත. මෙම තත්ත්වයන් ඉවසා දරා ගැනීමට අපහසු වූ විට ඔවුන් අවස්ථා කිහිපයකම ළමා කඳවුරෙන් පැන යාමට ද සූදානම් වී ඇත. දිනක් පියා ඔවුන්ව බැලීමට පැමිණි පසු ඔහු සමග යාමට උත්සාහ කර ඇතත් එයට ද ඉඩ ලබා දී නැත. පියා පැමිණි දිනවලට ඔහු සමග දරුවන් කතා කරන්නේ මොනවාද යන්න අසාගෙන සිටීමට මුරකරුවකු ද යොදා ගෙන ඇත.
ඉන් ළමා නිවාසයේ පාලක නීතීඥ පියරත්න බණ්ඩාර උත්සාහ කර ඇත්තේ එහි සිදු වන අමානුෂික වධ බන්ධන හා තොරතුරු එම දරුවෝ පවුලේ ඥාතීන් මාර්ගයෙන් පිටස්තර සමාජයට දැන ගැනීමට ඉඩ සලසනවාද යන්න සොයා බැලීම ය. එමගින් හැෙඟන්නේ මෙම නීතීඥවරයා නීතිය දැන දැනම දරුවන්ට පහර දෙමින් කරන අමානුෂික ක‍්‍රියාවලිය වරදක් බව දන්නා බැවින්ව එය පිටස්තර සමාජයට යාම වැළැක්වීමට උත්සාහ කිරීමකි.
මොහු නීතීඥවරයෙකි. එම නිසා ඔහුට නීතිය පිළිබඳව හොඳ අවබෝධයක් ඇතැයි විශ්වාස කළ හැක. එබැවින් ළමයින්ව බලහත්කාරයෙන් රඳවා ගැනීම හා ඔවුන්ට පහර දී අමානුෂික වධ බන්ධනවලට ලක් කිරීම ඉතාමත් තිරිසන් ක‍්‍රියාවකි. එක් පැත්තකින් මොහු ළමයින්ට කරන ලද අතවරයකි. කිසිදු ළමයකුට පහරදීමට හෝ අමානුෂික වධ බන්ධණයට ලක් කිරීම නීතියට අනුව බරපතල අපරාධමය වරදකි. අතවරයකි. මෙවැනි තිරිසන් ක‍්‍රියා සිදු කිරීමට හැකියාව ඇත්තේ තිරිසනෙකුට මිස සැබෑ මානව හිතවාදියකු නොවේ.
එබැවින් මෙම තිරිසන් මිනිසා කර ඇති අමානුෂික ක‍්‍රියාවලට එරෙහිව නීතිමය බලධාරීන් ඉක්මන් පියවරක් ගත යුතු ය. මෙවැනි අසමජ්ජාති ක‍්‍රියා සිදු කරමින් මොහු තවදුරටත් තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයකු හෝ නීතීඥවරයකු ලෙස කටයුතු කරන්නේ නම් ඒ තුළ ද ඇත්තේ නීතිය අපහරණය කිරීමකි. අධිකරණයක් යනු වැරදිකරුවන්ට දඬුවම් කරන හා එවැනි චෝදනා ඇති පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කර අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම ය.
එවැනි අධිකරණයක මෙවැනිම නීති විරෝධි හා අමානුෂික තිරිසන් වැඩ කරන නීතීඥවරයකු සිටී නම්, ඒ තුළම නීතියේ පාරිශුද්ධභාවයට අත් වන්නේ බරපතල කැළලකි. එබැවින් මෙම අමානුෂික ක‍්‍රියාව සිදු කර ඇති මොනරාගල දිස්ත‍්‍රික් ලේකම් පද්මා වර්ණකුලසූරියගේ ස්වාමි පුරුෂයා වන නීතීඥ පියරත්න බණ්ඩාරට එරෙහිව ඉක්මනින් ම ප‍්‍රමාද නොකර නීතිය ඉෂ්ඨ කළ යුතු ය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන නිතර ප‍්‍රකාශ කරන්නේ අනාගත දු දරුවන්ගේ යහපැවැත්ම උදෙසා කටයුතු කරන බවය.
එය නිවැරදි නම්, අහිංසක දරුවන් 25 දෙනකු වීරවිල ළමා කඳවුරේ රඳවාගෙන ඔවුන්ට අමානුෂික ලෙස වධ බන්ධනවයන්වලට පත් කර තවත් ළමයින්ව දුෂණය කර සිදු කර ඇති මේ මහා විනාශයට වගකිව යුතු පියරත්න බණ්ඩාර ඇතුළු අයට එරෙහිව ඉක්මන් පියවරක් නොගත්තොත් ඉන් පෙන්නුම් කෙරෙන්නේ ජනාධිපතිවරයාගේ ද පසුගාමී ස්වභාවයයි. එබැවින් මේ තිරිසන් මිනිසාට එරෙහිව ඉක්මනින් කටයුතු කළ යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.