ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, May 10, 2018

 විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) ගහන ඩබල් ගේම් මෙන්න… කප්පම් ගන්න නාලිකා වසා දමමින් අධිකරණ තින්දු වලට පයින් ගැසු හැටි
2013 වසරේදි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා TRCSL නිලධාරින් එම නාලිකාවේ විකාශන කටයුතු අත් හිටුවීමට තීරණය කරනු ලැබුවේ TRN සමාගම TRCSL හි අවසරයකින් තොරව සැටසයිට් චන්ද්‍රිකා මගින් විකාශන කටයුතු කරන බවට චෝදනා කරමිනි.
Television and Radio Network ( TRN ) සමාගම විසින් ඩිජිටල් රූපවාහිනි සේවයක් ආරම්භ කිරීමට විරෝධය දක්වමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ගෙන ගිය කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමය හේතුවෙන් ලංකාව පුරා ඩිජිටල් රූපවාහිනි සේවය ව්‍යාප්ත කරමින් මිලියන 06 කට වඩා අධික නිවෙස් ප්‍රමාණයක් වෙත එම සේවය ලබා දීමේ හැකියාව සහ 200 අධික අධ්‍යාපනික වැඩසටහන් රූපවාහිනි නාලිකා 75 ඔස්සේ බෙදා හරිමින් ගම් මට්ටමේ අධ්‍යාපන හැකියාව දියුණු කිරීමට හැකියාව තිබුණු අවස්ථාවද මගහැරි ගිය ගොස් ඇති බව මේ වනවිට අනාවරනය වි තිබේ.

Television and Radio Network ( TRN ) සමාගමවිසින් ඩිජිටල් රූපවාහිනි සේවයක් ආරම්භ කිරීමට විරෝධය දක්වමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර තිබු පෙත්සම අග්‍රවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා.
මෙම Television and Radio Network ( TRN ) සමගම 2000 වසරේ සිට ලංකාවේ ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක් වන ටිවි ලංකා නාලිකාව මෙහෙයවන අතර එම නාලිකාව ලංකාව හා ලෝකය ආවරණය කරමින් විකාශය වන්නකි.
2013 වසරේදි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා TRCSL නිලධාරින් එම නාලිකාවේ විකාශන කටයුතු අත් හිටුවීමට තීරණය කරනු ලැබුවේ TRN සමාගම TRCSL හි අවසරයකින් තොරව සැටසයිට් චන්ද්‍රිකා මගින් විකාශන කටයුතු කරන බවට චෝදනා කරමිනි.
TRCSLනිලධාරින් හා CID නිලධාරින් එක්ව සිදුකළ මෙම බලහත්කාරි ලෙස විකාශය අත්හිටුවේමේදි TRN සමාගම විසින් ආරම්භ කොට තිබු H.264 / H.265 / HEVC පදනම් කරගත් එන්කෝඩ් පද්ධතියක් සහිත DVB-T2 ඩිජිටල් විකාශන තාක්ෂණ පද්ද්ධතියේ ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබුණ අධි තාක්ෂණික උපකරණ බොහොමයකට හානි සිදු විය. එම අධි තාක්ෂණික පද්ධතිය සමග TRN සමාගමට රූපවාහිනි නාලිකා 200ක් විකාශය කිරීමට හැකියාව පැවති අතර ආසියාවේ එවැනි තාක්ෂණික මෙහෙයුමක් දියත් කෙරුණේ පළමුවාතාවට ද වේ.
මෙම නඩුව 2012 කොළඹ මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ එම රූපවාහිනි ආයතනය ඒ ආකාරයෙන්ම නැවත ප්‍රතිස්ථාපනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් නියෝග කර ඇති අතර TRCSL විසින් ඉදිරිපත් කළ අභියාචනයද නිශ්ප්‍රභ කොට තිබේ.
TRCSL විසින් TRN සමාගමේ මෙහෙයුම් අත්හිටුවීමට සමාන්තරව TRN හි ගුවන් විදුලි සංඛ්‍යාත ද 2012 සිට අත්හිටවීමට කටයුතු කොට ඇත. එසේම 2013 වසරේදි ගුවන් විදුලි සංඛ්‍යාත බලපත්‍ර දිර්ඝ කිරීමට TRN සමාගම කළ ඉල්ලීමද TRCSL විසින් ප්‍රතිකේෂ්ප කර ඇත.
TRCSL විසින් ගත් මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව TRN සමාගම අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ අතර TRCSL විසින් සිය බලය අතික්‍රමණය කරමින් කටයුතු කරන බව එමගින් දක්වා ඇත. එසේම ලංකාව තුළ ඩිජිටල් රූපවාහිනි නාලිකාවන් පවත්වා ගෙන යාම අවශ්‍ය සියළු බලපත්‍ර TRN සතුවන බවත් එම අභියාචනය අගින් පෙන්වා දී තිබුණි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් කුමාරම් මොලගොඩ ඇතුළු ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදු කළ දීර්ඝ නඩු විභාගයකින් පසුව TRN සමාගමට පක්ෂව නඩු තින්දුව ලබා දීමට අධිකරණය කටයුතු කළ අතර TRCSL හි විරෝධතා නිෂ්ප්‍රභ කොට ඇත.
The counsel Mr. ManojBandara assisted by Ms. LakshanaPerera of SudathPerera Associate represented TRN at the Court of Appeal while Mr. Ali Sabry, PC appeared for TRCSL who opted for private bar instead of the Attorney General. That was in December 2016.
අභියාචනාධිකරණයේ තීන්දුවට අභියෝග කරමින් TRCSL විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් S.C. (SPL) L.A. Application no. 11/2017 නඩු අංකය යටතේ ඉදිරිපත් කරනු ලැබිය. පසුගිය අප්‍රේල් 4 වෙනිදා අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල එම අභියාචනය ප්‍රතිකේෂ්ප කරන ලදි.
ත්‍රිෂයා වේරගොඩ TRN වෙනුවෙන් ඉදිරිපත් වූ අතර ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා TRCSL වෙනුවෙන් පෙනි සිටියා. නඩු විභාගයේදි TRN හි කළමනාකරණ අධ්‍යක්ෂක B.A C අබේවර්ධන පවසා සිටියේ TRSCL එලෙස තම නාලිකාවේ විකාශ කටයුතු බලහත්කාරයෙන් නැවැත්වීම සිදු නොකරන්නට අද වන විට TRN හට ලංකාව පුරා ඩිජිටල් රූපවාහිනි සේවය ව්‍යාප්ත කරමින් මිලියන 06 කට වඩා අධික නිවෙස් ප්‍රමාණයක් වෙත එම සේවය ලබා දීමේ හැකියාව පැවතුණු බවයි . එසේම සැළසුම් කොට තිබු 200 අධික අධ්‍යාපනික වැඩසටහන් රූපවාහිනි නාලිකා 75 ඔස්සේ බෙදා හරිමින් ගම් මට්ටමේ අධ්‍යාපන හැකියාව දියුණු කිරීමට හැකියාව තිබුණු බවත් ඔහු සඳහන් කර සිටියා

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.