සියලු නෛතික තත්ත්වයන් නොසලකා හරිමින් බොරැල්ල තරුණ බෞද්ධ සංගම් ශාලාව
හා සුසමයවර්ධන විදුහල ඉදිරිපිට මෙන්ම කොටා පාරේ පිහිටි ජාත්‍යන්තර පාසලක්
ආසන්නයේ අනවසර රාත්‍රි සමාජ ශාලා දෙකක් ආරම්භ කර තිබේ.
ඓතිහාසික වටිනාකමක් ඇති බොරැල්ල ශාන්ත අන්තෝනි දේවස්ථානයද මේ ආසන්නයේම පිහිටා ඇත.
මේ අනවසර රාත්‍රි සමාජ ශාලා දෙකම පිහිටා තිබෙන්නේ බොරැල්ල පොලිසියට අතේ
දුරින් වුවද මේ දක්වා බොරැල්ල පොලිසිය හෝ සුරාබදු අංශ ඒවාට එරෙහිව කිසිදු
ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ඒ අවට පිරිස් සඳහන් කරති.
රාත්‍රි නවයේ පමණ සිට අලුයම දක්වාත් නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි
කරමින් රාත්‍රි සමාජ ශාලා ලෙස මේවා පවත්වාගෙන ගියද ඒ තුළ වැඩි වශයෙන්ම
සිදුවන්නේ මහා පරිමාණ ගණිකා ජාවාරමක් බවද ඔවුහු පෙන්වා දෙති.
බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මෙම රාත්‍රි සමාජ ශාලා දෙක පවත්වාගෙන
ගියද ඒවා පවත්වාගෙන යන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකුගේ නමින්
තිබෙන බලපත්‍ර දෙකක් යටතේ බවට ජාවාරම්කරුවන් ප්‍රචාරයක් දියත් කර ඇතැයිද
වාර්තා වේ.
බොරැල්ල තරුණ බෞද්ධ සංගම් ශාලාවටත් සුසමය වර්ධන විදුහලට හා ශාන්ත
අන්තෝනි දේවස්ථානයටත් ආසන්නයේ මෙසේ අනවසර රාත්‍රි සමාජ ශාලා දෙකක්
පවත්වාගෙන යමින් රටේ නීතියටත් සංස්කෘතියටත් සමච්චල් කර ජාවාරම්කරුවන්
ගණිකා ජාවාරමක් පවත්වාගෙන යද්දී අදාළ බලධාරීන් මුනිවත රකින්නේ යහපාලනය
අනුව දැයි මේ පිළිබඳ අදහස් දක්වන පිරිස් රජයෙන් විමසා සිටිති.
සමන් ගමගේ
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Wednesday, May 9, 2018
බොරැල්ලේ තරුණ බෞද්ධ සංගම් ශාලාව ඉදිරිපිට රාත්‍රි සමාජ ශාලා දෙකක් අරඹයි ...!!!
2018-05-09T22:40:00+02:00
lankanews
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...