දැනට සක්‍රීයව ඇති නිරිතදිග මෝසම හේතුවෙන් අධික වැසි ඇතිවීමේ අවදානමක්
පවතින බැවින් කළුතර දිස්ත්‍රික්කයේ ගංගා සහ කඳු ආශ්‍රිතව ජීවත්වන ජනතාවට
අවධානයෙන් සිටින ලෙස කළුතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ කර්නල්
ප්‍රසාද් ජයසිංහ පවසයි.
මේ වන විට දිවයින පුරා අධික වැසි
සහිත අයහපත් කාලගුණ තත්ත්වයක් ඇතිවී ඇති අතර එම තත්ත්වය කළුතර
දිස්ත්‍රික්කයටද බලපෑ හැකිවේ. මේ වන විට දිස්ත්‍රික්කය පුරා මඳ අඳුරු
ස්වභාවයක් පවතී. දැනට පවතින වර්ෂාව ඉදිරියේදී වැඩිවුවහොත් ජල ගැලීම් සහ
නාය යැමේ තත්ත්වයක් ඇතිවිය හැකි නිසා මින් පෙර නාය යැමේ අවදානමට ලක්වූ සහ
ජල ගැලීම්වලට ලක්වූ ප්‍රදේශවල ජනතාව විශේෂයෙන් අවධානයෙන් සිටින ලෙසත්
දැනුම් දී තිබේ.
පසුගිය 18 වැනිදා කළුතර කුඩා හීනටියන්ගල
මරික්කාර් මාවතේ පැති බැම්මක් කඩා වැටීමෙන් නිවාස කිහිපයකට හානි සිදුවී
ඇති අතර එම ස්ථානය අවට පදිංචිව සිටි පවුල් 9 ක සාමාජිකයන් 42 දෙනකු එම
ස්ථානයෙන් ඉවත් කළ බවද එම පිරිස තම ඥතීන්ගේ සහ හිතවතුන්ගේ නිවෙස්වල මේ වන
විට සිටින බවද, ඉදිරියේ ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීමට
කළුතර දිස්ත්‍රික් ලේකම් යූ. ඩී. සී. ජයලාල් ගේ ප්‍රධානත්වයෙන් කළුතර
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව අවශ්‍ය පියවර ගෙන ඇති බවද, කළුතර
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව අවශ්‍ය පියවර ගෙන ඇති බවද කළුතර ආපදා
කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ කර්නල් ප්‍රසාද් ජයසිංහ වැඩිදුරටත්
පැවසීය. මේ අතර පවතින කාලගුණය හේතුවෙන් මතුගම, අගලවත්ත, බුලත්සිංහල හා
පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී
තිබේ.
ඊයේ උදැසන සිට මෙම ප්‍රදේශවලට වර්ෂාව ඇදහැලුණු අතර ඒ හේතුවෙන් අගලවත්ත
කුඩලිගම මාර්ගය, කලවැල්ලාව - වරකාගොඩ මාර්ගය, මතුගම - යටදොළ හරහා අළුත්ගම
මාර්ගය, ජලයෙන් යටවී තිබුණි. ඊයේ පස්වරුව වන විට යටදොළ හරහා අළුත්ගම
මාර්ගයේ කීරන්තිඩිය ප්‍රදේශය යටවීම හේතුවෙන් යාන වාහන ගමනා ගමනයට බාධා එල්ල
විය. මෙම වර්ෂාව හේතුවෙන් මෙතෙක් අක්‍රිය මට්ටමේ පැවැති කුඩා ජල මාර්ග
සක්‍රීය වී ඒ හරහා විශාල ජල ධාරාවන් ප්‍රධාන ඇළ, දොළ, ගංගා වෙත ඇදී ඒම
හේතුවෙන් එම ගංගාවන් පිටාර මට්ටමට පැමිණ තිබුණි.
නිතරම ගංවතුර තර්ජනයට ලක්වන වෙයන්ගල්ල, කුඩලිගම ඇතුළු ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබුණි.
මේ අතර පෙරේදා (19 දා) සිට සිංහරාජ වනාන්තරය ආශ්රිත කුකුලේගම ජල විදුලි
බලාගාර කලාපයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා කුකුලේගඟ ජල විදුලි බලාගාරයේ
එක් සොරොව්වක් විවෘත කර තිබේ.
තත්පරයට ඝන මීටර් 25 ක ජල ධාරිතාවක් ජලාශයෙන් පහළ ප්‍රදේශයට මුදාහැරෙන අතර මෝල්කාව, පරගොඩ පහත් බිම් යටවෙමින් පවතී.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, May 21, 2018
කළුතර මාර්ග රැසක් වතුරෙන් යටවේ කුකුලේගඟ බලාගාරයේ සොරොව්වක් අරී ..!!!
Posted by
lankanews
at
May 21, 2018
Labels: bad weather, colombo floods, flood, flood disaster, galle floods, lankanews, rathnapura floods, srilanka flood disaster
කළුතර මාර්ග රැසක් වතුරෙන් යටවේ කුකුලේගඟ බලාගාරයේ සොරොව්වක් අරී ..!!!
2018-05-21T11:47:00+02:00
lankanews
bad weather|colombo floods|flood|flood disaster|galle floods|lankanews|rathnapura floods|srilanka flood disaster|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...