නමුත් සිංහල සොල්දාදුවන් සිය ගණනින් දිවි පිදූ මුල්ලිවයික්කාල් බිමේදීම ප්රභාකරන් සැමරීම සඳහා උත්සව සංවිධානය කර ඇත. මෙය සිදුකෙරෙන්නේ උතුරු පළාත් සභාවේ වියදමින් බව සැලය. රජයේ බදු මුදලින්ම ලංකා රාජ්‍යයට බරපතළම හානියක් කළ ත්‍රස්තයා සැමරීම සිදුවන්නේ නම් එයින් හැඟෙන්නේ කවරක්ද? ජාතිය නිග්‍රහයට ලක්වන බව නොවේද? මෙවර ප්රභාකරන් වෙනුවෙන් පහන් දල්වා ලබන වසරේ ප්රභාකරන්ගේ පිළිම තනා පූජා පැවැත්වුවද නිහඬව සිටින්නට සිදුවේද? යාපනය විශ්වවිද්‍යාලයේ පසුගිය වසරේදී කොටි සැමරුම් පැවැත්විණි. එසේම සමහර පාසල්වලද කොටි සැමරුම් සංවිධානය කර තිබිණි. මේවාට බාධා කරන කිසිවෙක් නැත. එහෙත් පාසල් සිසුන්ද කොටි සැමරුම්වලට යොමුවීම අතිශය භයානක නොවේද? බලහත්කාරයෙන් දරුවන් යුද්ධයට බඳවා ගත් ත්‍රස්ත නායකයා මෙලෙස රජයේ විද්‍යාල තුළ සැමරීමට ඉඩදීම කෙතරම් සදාචාර සම්පන්නද?
කොටි හිතවාදීත්වය තවදුරටත් ප්‍රකට කරමින් දෙමළ ජනයා අතර සිය ජනප්‍රියතාවය රැක ගැනීමේ උත්සාහයක උතුරු මහ ඇමැතිවරයා නිරත වේ. එම නිසාම ප්රභාකරන් සැමරීමට ඔහු මූලික වී ඇත. අනෙක් වාර්තාවේ දෙමළ සන්ධානයෙන් මහ ඇමැති අපේක්ෂකත්වය නොලැබෙන නිසා නව සංවිධානයක් බිහිකර ගැනීමට හිටපු විනිසුරුවරයාට අත්‍යවශ්‍ය වී ඇත. එනිසා ඔහු කොටි සැමරුම් හරහා ජාතිවාදී බලවේග තමා වෙතට අද්දවා ගැනීමේ උත්සාහයක නිරත වෙයි. නමුත් මේ ත්‍රස්ත සැමරුම් හමුවේ යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන් තවදුරටත් නිහඬව බලා සිටීම යුක්ති සහගතද? එය රණවිරුවන්ට කරන බලවත් නිග්රහයකි.