අද සෙනසුරාදා නිසා ඔක්කොම ගෙදරය. අවුරුදු උත්සවේ පින්තූර බලන අක්කාගේ ඇස්, කට, දිව පමනක් නොව බෙල්ලද වැනෙන හැටියෙන්ම, බලන පිංතූර කොයිතරම් රසද කියා මට හිතා ගතහැක. "මේ අම්මේ අවුරුදු කුමාරි. ආකර්ශා අක්කි. ලස්සන කොන්ඩේ හරි හැඩයි." අම්මා සමග මාත් කිට්ටුවුනා කියමුකෝ.. තව පිංතූර ගොඩක් තිබුනා. ඒවා අල්ලලවත් නෑ. "මෙන්න අක්කේ මේ ඉන්නේ ගම හරහා දින්න අපේ ඉස්කෝලේ සුගත් අයියා. මම මෙයාට කතා කරලත් තියෙනවා. මේ අක්කෙ" මං කිව්වට කෝ මෙයාට කිසි ගානක් නෑ.
"අවුරුදු කුමාරිට
ගොඩාක් තෑගි, සල්ලි එහෙම ලැබුනා. ලක්ෂ ගණනින්. ෆොටෝස්ම කොච්චර කියලා
ගන්නවද. පත්තරේට පිංතූර වැටෙනව. ඉතිං අඩු ගානේ ටීවී එකේ ඇඩ් එකකට හරි
ගිහින් ජනප්රිය වෙලා ඊට පස්සේ එක රැයෙන් කලා ලොවේ තරුවක් වෙනවා" අක්කා
කියවන්නේ මහලොකු අම්මණ්ඩි කෙනෙක් වගේය.
"එහෙනම් ගම හරහා දුවලා දින්න සුගත් අයියටත් ගොඩාක් තෑගි සල්ලි හම්බ වෙන්න ඇති නේද.. කි.මි. ගාණක් කට්ට අව්වේ දිව්වනේ" මමත් හොට දැම්මෙමි.
සියල්ල නිහඩව බලා සිටි අම්මා කටහඩ අවදි කලාය. " ඔය කොලුවගෙ අම්මා නං මට කිව්වේ රැ. 10,000/= ක් කවරෙක දාලා දීලා තිබුනා කියලයි"
එතකොට ඉස්ටේජ් එකේ එහාට මෙහාට කොණ්ඩෙ කඩන් ඇවිද්දට ලක්ෂයයි , කි.මී. ගාණක් කට්ට කාගෙන දුවලා දිනපු එකාට ඒකෙන් දහයෙන් පංගුවයි.. එහෙම වුනේ කොහොමද..
හපොයි.. මේ ලොකු මිනිස්සු කරන සමහර දෙවල් මට නං තේරෙන්නේ නෑ.. ඔව් මම තාම පහේ පංතියෙනෙ... එක්කො උන් ගණන් දන්නෙ නෑ .. නැත්තන් ඉලක්කම් දන්නෙ නෑ... කව්ද දන්නේ සමහරවිට කලින් සල්ලි දීලා පස්සෙ අවුරුදු කුමාරිව ගම හරහා දුවවයිද කියලා..
වික්ශිප්ත වූ මනිසින් යුතුව මම සරුංගලේ ඉතුරු වැඩ ටික කරගන්න ඉස්තෝප්පුට ගොඩ වුනෙමි....
ජූලී හසාංජලී සෙනෙවිරත්න